භික්ඛුසුත්තං
[භික්ඛුසුත්තං]
[භික්ඛු සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
1. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
ප්‍රාණවධ කරනුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. අබ්‍රම්සැරි වෙයි. මුසවා කියනුයේ වෙයි. මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ ය. කවර පසෙකින් යත්:
පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්‍රහ්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
ප්‍රාණවධයෙන් වැළකුනේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුනේ වෙයි, අබ්රම්සරින් වැළකුනේ වෙයි, මුසාවාදයෙන් වැළකුනේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ වේ ය යි.
[භික්ඛුනී සුත්තාදීනි]
[භික්ඛුනී සූත්‍රාදිය]
[සාවත්ථිනිදානානි]
[සැවැත්නිදාන යි]
2-7. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී -පෙ- සික්ඛමානා -පෙ- සාමණෙරො -පෙ- සාමණෙරී -පෙ- උපාසකො -පෙ- උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
2-7. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මෙහෙණ ... සික්මන් ... හෙරණ ... හෙරැණි ... උවසු ... උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතිනී හොති, අදින්නාදායිනී හොති, කාමෙසු මිච්ඡාචාරිණී හොති, මුසාවාදිනී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී හොති.
ප්‍රාණවධ කරන්නී වෙයි, අයිනාදන් ගන්නී වෙයි, කාමයෙහි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරන්නී වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වේ.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් ස්වර්ගයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතා පටිවිරතා හොති, අදින්නාදානා පටිවිරතා හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා හොති, මුසාවාදා පටිවිරතා හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා හොති.
ප්‍රාණවධයෙන් වැළකුනී වෙයි, අයිනාදනින් වැළකුනී වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුනී වෙයි, මුසාවායෙන් වැළකුනී වෙයි, මදප්රමාදකාරණ වූ රහමෙරින් වැළකුනී වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ’ති.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත උවැසි ගෙණ වුත් තබන ලද්දක සෙයින් ස්වර්ගයෙහි උපදින්නී වේ යයි.
[ආජීවක සුත්තං]
[ආජීවක සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
8. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආජීවකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
8. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත ආජීවක (අජෙලුමහණ) ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආජීවකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත අජෙලුමහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ යයි.
[නිගණ්ඨසුත්තාදීනි]
[නිගණ්ඨ සූත්‍රාදිය]
[සාවත්ථිනිදානානි]
[සැවැත්නිදාන යි]
9-17. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො නිගණ්ඨො -පෙ- මුණ්ඩසාවකො. -පෙ- ජටිලකො -පෙ- පරිබ්බාජකො -පෙ- මාගන්දිකො -පෙ- තෙදණ්ඩිකො -පෙ- ආරුද්ධකො -පෙ- ගොතමකො -පෙ- දෙවධම්මිකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
9-17. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත නුවට ... නුවටසවු ... දුළුලු … පිරිවැජි … මාගන්දික තීර්ත්ථක ... තෙදණ්ඩික තීර්ත්ථක ... ආරූද්ධක තීර්ත්ථක ... ගෝතමක තීර්ත්ථක ... දේවධම්මික තීර්ත්ථක ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේය. කවර පසෙකින් යත්:
පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්රමාදකාරණ වූ රහමෙර පානය කරනුයේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දෙවධම්මිකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත දේවධම්මික ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය යි. (ආජිවකාදීන්ගේ සිල්පරීමක් නැති බැවින් ස්වර්ගපක්ෂය නො වදාරන ලද)