රාගාදිපෙය්යාලසුත්තානි
[රාගාදිපෙය්යාලසුත්තානි]
[රාගාදිපෙය්‍යාලය සූත්‍ර]
[සාවත්ථිනිදානානි]
[සැවැත්නිදාන යි]
1. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
1. මහණෙනි, රාගය (ස්වලක්ෂණ විසින්) දැනීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආදීනවසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
අශුභසංඥා යැ, මරණසංඥා යැ, ආදීනවසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත (නො ඇලීම්) සංඥා යි.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
2. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
2. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
අනිත්‍යසංඥා යැ, අනාත්මසංඥා යැ, මරණසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත සංඥා යි.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
3. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
3. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා.
අනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණසංඥා යැ, විරාගසංඥා යි.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
4. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
4. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං.
ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
5. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
5. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
ශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.