යෙදුමෙන් කියවන්න

රාගාදිපෙය්‍යාලං

[රාගාදිපෙය්‍යාලං]

[රාගාදිපෙය්‍යාලය]

[සාවත්‍ථිනිදානානි]

[සැවැත්නිදාන යි]

6-850. රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය පඤ‍්චධම‍්මා භාවෙතබ‍්බා කතමෙ පඤ‍්ච:

6-850. මහණෙනි, රාගය (සාමාන්‍ය ලක්‍ෂණ විසින්) දන්නා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:

අසුභසඤ‍්ඤා -පෙ- ඉමෙ පඤ‍්ච ධම‍්මා භාවෙතබ‍්බා’ති.

අශුභසංඥා යැ ... මේ පස් දහම්හු වැඩිය යුත්තාහයි.

දොසස‍්ස -පෙ- මොහස‍්ස -පෙ- කොධස‍්ස -පෙ- උපනාහස‍්ස -පෙ- මක‍්ඛස‍්ස -පෙ- පළාසස‍්ස -පෙ- ඉස‍්සාය -පෙ- මච‍්ඡරියස‍්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්‍යස‍්ස -පෙ- ථම‍්භස‍්ස -පෙ- සාරම‍්භස‍්ස -පෙ- මානස‍්ස -පෙ- අතිමානස‍්ස -පෙ- මදස‍්ස -පෙ- [අභිඤ‍්ඤාය -පෙ-]

ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... බද්ධවෛරයාගේ ... මක්ඛයාගේ ... යුගග්‍රාහයාගේ .. ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ .. ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ (අභිජානනය පිණිස) ...

පමාදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය පඤ‍්චධම‍්මා භාවෙතබ‍්බා කතමෙ පඤ‍්ච:

මහණෙනි, ප්‍රමාදයාගේ අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පඤ්චධර්‍මයෝ ද යත්:

සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.

ශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල යැ, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.

පමාදස‍්ස භික‍්ඛවෙ පටිනිස‍්සග‍්ගාය ඉමෙ පඤ‍්ච ධම‍්මා භාවෙතබ‍්බා’ති.

මහණෙනි, ප්‍රමාදයාගේ දුරැලීම පිණිස මේ පඤ්චධර්‍මයෝ වැඩිය යුත්තාහ’යි.

රාගාදිපෙය්‍යාලං නිට‍්ඨිතං.

රාගාදිපෙය්‍යාලය නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අභිඤ‍්ඤාය පරිඤ‍්ඤාය පරික‍්ඛයාය පහානාය ඛයාය වසෙන ච විරාගනිරොධා චාගඤ‍්ච පටිනිස‍්සග‍්ගො ඉමෙ දසා’ති.

අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරෝධ, චාග, පටිනිස්සග්ග යන මේ දසය අර්‍ත්‍ථපද යි.

තත්‍රිදං වග‍්ගුද‍්දානං:

පඤ්චකනිපාතයෙහි වර්‍ගයන්ගේ මේ අනුපිළිවෙළ ය:

සෙඛබලං බලඤ‍්චෙව පඤ‍්චඞ‍්ගිකඤ‍්ච සුමනං, මුණ‍්ඩනීවරණසඤ‍්ඤා ච යොධාජීවඤ‍්ච අට‍්ඨමං

සේඛබල වර්‍ගය, බල වර්‍ගය, පඤ්චඞ්ගික වර්‍ගය, සුමනා වර්‍ගය, මුණ්ඩරාජ වර්‍ගය, නීවරණ වර්‍ගය, සඤ්ඤා වර්‍ගය, අට වැනි යෝධාජීව වර්‍ගය ද,

ථෙරං කකුධඵාසුකඤ‍්ච අන්‍ධකවින්‍දෙන ද‍්වාදස ගිලානරාජතිකණ‍්ඩං සද‍්ධම‍්මඝාතුපාසකං

ථේර වර්‍ගය, කකුධ වර්‍ගය, ඵාසුවිහාර වර්‍ගය, අන්‍ධකවින්‍ද දොළොස්වන වර්‍ගය, ගිලාන වර්‍ගය, රාජ වර්‍ගය, තිකණ්ඩ වර්‍ගය, සද්ධම්ම වර්‍ගය, ආඝාත වර්‍ගය, උපාසක වර්‍ගය ද,

අරඤ‍්ඤං බ්‍රාහ‍්මණඤ‍්චෙව කිම‍්බිලක‍්කොසකං තථා දීඝචාරාවාසිකඤ‍්ච දුච‍්චරිතූපසම‍්පදන‍්ති.

අරඤ්ඤ වර්‍ගය, බ්‍රාහ්මණ (සෝණ) වර්‍ගය, කිම්බිල වර්‍ගය, අක්කෝසක වර්‍ගය, දීඝචාරික වර්‍ගය, ආවාසික වර්‍ගය , දුච්චරිත වර්‍ගය, උපසම්පදා වර්‍ගය යන මොහු යි.

පඤ‍්චකනිපාතො සමත‍්තො.

පඤ්චකනිපාතය සමාප්ත යි.