යෙදුමෙන් කියවන්න

දුතියාහුනෙය්‍යසුත‍්තං

6. 1. 1. 2.

6. 1. 1. 2.

[දුතියාහුනෙය්‍යසුත‍්තං]

[දුතියාහුනෙය්‍ය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි ඡහි:

2. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:

(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකො’පි හුත්‍වා බහුධා හොති, බහුධා’පි හුත්‍වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ. උදකෙපි අභෙජ‍්ජමානෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමති සෙය්‍යථාපි පක‍්ඛීසකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ‍්ජති. යාව බ්‍රහ‍්මලොකා’පි කායෙන වසං වත‍්තෙති.

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ ඍද්ධි ප්‍රභේද විඳුනේය: පියෙවින් එකක් ව සිට (ශතසහස්‍රාදීන්) බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාරව එකෙක් ම වෙයි. ආවිර්භාව කෙරෙයි. තිරොභාව කෙරෙයි. භිත්තියෙන් පරභාගයට පවුරින් පරභාගයට පර්‍වතයෙන් පරභාගයට අහස්හි සේ නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැඟීම් හා ගැලීම් කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳුනාදියෙහි දු යෙයි. පක්‍ෂිශකුනයකු සෙයින් අහස්හිදු පලගින් යෙයි. ඒසා මහත් ඉදුහ ඇති ඒසා මහත් ආනුභාව ඇති මේ සදහිරුනුදු අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි. පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව ද හිම්කොට කයින් විසිය පවත්වයි.

(2) දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාති දිබ‍්බෙ ච මානුසෙ ච යෙච දූරෙ සන‍්තිකෙ ච.

(2) පරිශුද්ධ වූ මිනිසැස් ඉක්මගිය දිව සෝධයින් දිව්‍යවූත් මානුෂ වූත් දුරැ වූත් හමුයෙහි වූත් යම් ශබ්දකෙනෙක් වෙත් නම්, ඒ උභය ශබ්දයන් අසයි.

(3) පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාති: “සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති, වීතරාගං වා චිත‍්තං -පෙ- සදොසං වා චිත‍්තං -පෙ- වීතදොසං වා චිත‍්තං -පෙ- සමොහං වා චිත‍්තං -පෙ- වීතමොහං වා චිත‍්තං -පෙ- සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- මහග‍්ගතං වා චිත‍්තං -පෙ- අමහග‍්ගතං වා චිත‍්තං -පෙ- සඋත‍්තරං වා චිත‍්තං -පෙ- අනුත‍්තරං වා චිත‍්තං -පෙ- සමාහිතං වා චිත‍්තං -පෙ- අසමාහිතං වා චිත‍්තං -පෙ- විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති.

(3) පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ නානාප්‍රකාරයෙන් දන්නේය: (අෂ්ටවිධ) සරාගචිත්තය හෝ සරාගචිත්තය’යි දන්නේ ය. (අවශේෂකුශලාව්‍යාකෘත) වීතරාග චිත්තය හෝ වීතරාගචිත්ත ය යි දන්නේ ය. (ද්විවිධදෞර්‍මනස්‍යසහගත) සදෝස චිත්තය හෝ ... (චාතුභූමකකුසලාබ්‍යාකත) වීතදෝස චිත්තය හෝ ... (විචිකිච්ඡා උද්ධච්ච සහගත) සමෝහචිත්තය හෝ ... වීතමෝහ වූ හෝ චිත්තය ... (ථින මිද්ධානුගත) සඞ්ඛිත්තචිත්තය හෝ ... (උද්ධච්චානුගත) වික්ඛිත්ත චිත්තය හෝ ... (රූපාවචරාරූපාවචර) මහද්ගතචිත්තය හෝ ... (අවශේෂ) අමහද්ගත චිත්තය හෝ ... (සකලත්‍රෛභූමක) සඋත්තර චිත්තය හෝ ... (ලෝකෝත්තර) අනුත්තර චිත්තය හෝ ... (උපචාරාර්‍පණාප්‍රාප්ත) සමාහිත වූ හෝ චිත්තය ... (එදෙකට නො පත්) අසමාහිත වූ හෝ චිත්තය ... (පඤ්චවිධ විමුක්තියෙන්) විමුක්ත වූ හෝ චිත්තය ... (එයින් විමුක්ත නොවූ) අවිමුක්ත වූ හෝ චිත්තය අවිමුක්ත චිත්ත ය යි දන්නේ ය.

(4) අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙ’පි ජාතියො තිස‍්සො’පි ජාතියො චතස‍්සො’පි ජාතියො පඤ‍්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාලීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො, ජාති සතම‍්පි ජාති සහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ, අනෙකෙපි විවට‍්ටකප‍්පෙ, අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ: ‘අමුත්‍රාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධුපපන‍්නො’ති ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

(4) අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකෙරෙයි. එ කෙසේ ය යත්: එක් දැයකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු දශජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු සතලිස් ජාතියකුදු ජාති පණසකුදු, ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහිකරයි: ‘අසෝ තන්හි මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම්, මෙබඳු සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇති යෙම්’ වීමි. ඒ මම එයින් සැවැ අසෝ තන්හි උපන්මි. එහිදු මෙබඳු නැමැති යෙම්, මෙ බඳු ගොත් ඇති යෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු අහර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳුනාසුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇතියෙම් වීමි. ඒ මම එතැනින් සැවැ මෙහි උපන්මි’යි මෙසේ පැහැසටහන් ඈ විසින් ආකාර සහිත, (නාමගෝත්‍රාදි විසින්) උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය අනුස්මරණය කරයි.

(5) දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ‘ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කාය සුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති’- ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති.

(5) පරිශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ ශෝභනගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි මියයන සත්ත්‍වයන් දක්නේය: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු විපරීත දර්‍ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. ‘මේ භවත් සත්ත්‍වයෝ ද කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටිගත්තාහු සම්‍යග් දෘෂ්ටි කර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට උපත් විසින් පැමිණියාහුය’යි - මෙසේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේ ය.

(6) ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

(6) ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වාස කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති, පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.