1. ආහුනෙය්යවග්ගො අට්ඨකථා
1. ආහුනෙය්යවර්ගය
1. පඨමාහුනෙය්යසුත්තවණ්ණනා
1. පඨමාහුනෙය්ය සූත්‍ර වර්ණනාව
ඡක්කනිපාතස්ස පඨමෙ ඉධ, භික්ඛවෙ, භික්ඛූති, භික්ඛවෙ, ඉමස්මිං සාසනෙ භික්ඛු. නෙව සුමනො හොති න දුම්මනොති ඉට්ඨාරම්මණෙ රාගසහගතෙන සොමනස්සෙන සුමනො වා අනිට්ඨාරම්මණෙ දොසසහගතෙන දොමනස්සෙන දුම්මනො වා න හොති. උපෙක්ඛකො විහරති සතො සම්පජානොති මජ්ඣත්තාරම්මණෙ අසමපෙක්ඛනෙන අඤ්ඤාණුපෙක්ඛාය උපෙක්ඛකභාවං අනාපජ්ජිත්වා සතො සම්පජානො හුත්වා ආරම්මණෙ මජ්ඣත්තො විහරති. ඉමස්මිං සුත්තෙ ඛීණාසවස්ස සතතවිහාරො කථිතො.
ඡක්ක නිපාතයෙහි පළමු සූත්‍රයෙහි ඉධභික්ඛවෙ භික්ඛු යනු මහණෙනි, මේ සසුනෙහි භික්ෂුවයි, නෙව සුමනො හොති න දුම්මනො යනු ඉටු අරමුණෙහි ඇලීම සමග හටගත් සොම්නසින් සතුටු සිත් ඇත්තේ හෝ අනිටු අරමුණෙහි ද්වෙෂය සමඟ හටගත් දොම්නසින් අසතුටු සිත් ඇත්තේ හෝ නොවෙයි, උපෙඛකො විහරති සතො සම්පජානො යනු මැදහත් අරමුණෙහි අසමව බැලීමෙන් නොදැනීමේ උපේක්ෂාවෙන් උපෙක්ෂක බවට නොපැමිණ සිහිනුවණ ඇත්තේ වී අරමුණෙහි මැදහත්ව වසයි, මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්රවයාගේ නිබඳ විසීම කියන ලදි.
2-4. දුතියාහුනෙය්යසුත්තාදිවණ්ණනා
2-4. දුතියාහුනෙය්ය ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ අනෙකවිහිතං ඉද්ධිවිධන්තිආදීනි විසුද්ධිමග්ගෙ වුත්තානෙව. ආසවානං ඛයා අනාසවන්ති ආසවානං ඛයෙන අනාසවං, න චක්ඛුවිඤ්ඤාණාදීනං විය අභාවෙනාති. ඉමස්මිං සුත්තෙ ඛීණාසවස්ස අභිඤ්ඤා පටිපාටියා කථිතා. තතියචතුත්ථෙසු ඛීණාසවො කථිතො.
දෙවැනි සූත්‍රයෙහි අනෙකවිහිතං ඉද්ධිවිධං යනාදිය විසුද්ධි මග්ගයෙහි දී කියන ලද්දේමය, ආසවනං ඛයා අනාසවං යනු ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව ඇත්තේයි, චක්ෂුර් විඥානාදිය මෙන් අභාවයෙන් නොවේ. මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්රවයාගේ අභිඥා ප්‍රතිපදාව කියන ලදි, තෙවැනි සිවුවැනි සූත්‍රයන්හි ක්ෂීණාශ්රවයාම කියන ලදි.
5-7. පඨමාජානීයසුත්තාදිවණ්ණනා
5-7. පඨමජානීය ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ අඞ්ගෙහීති ගුණඞ්ගෙහි. ඛමොති අධිවාසකො. රූපානන්ති රූපාරම්මණානං. වණ්ණසම්පන්නොති සරීරවණ්ණෙන සම්පන්නො. ඡට්ඨෙ බලසම්පන්නොති කායබලෙන සම්පන්නො. සත්තමෙ ජවසම්පන්නොති පදජවෙන සම්පන්නො.
පස්වැන්නෙහි අඞ්ගෙහි යනු ගුණාඞ්ගයන්ගෙනි, ඛමො යනු ඉවසන්නායි, රූපානං යනු රූපාරම්මණයන්ගේයි, වණ්ණසම්පන්නො යනු ශරීර වර්ණයෙන් යුක්ත වූයේයි, බලසම්පන්නො යනු ශරීර බලයෙන් යුක්තවූයේයි, සත්වැන්නෙහි ජවසම්පන්නො යනු පාදජවයෙන් යුක්තවූයේයි,
8. අනුත්තරියසුත්තවණ්ණනා
8. අනුත්තරිය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අනුත්තරියානීති අඤ්ඤෙන උත්තරිතරෙන රහිතානි නිරුත්තරානි. දස්සනානුත්තරියන්ති රූපදස්සනෙසු අනුත්තරං. එස නයො සබ්බපදෙසු. හත්ථිරතනාදීනඤ්හි දස්සනං න දස්සනානුත්තරියං, නිවිට්ඨසද්ධස්ස පන නිවිට්ඨපෙමවසෙන දසබලස්ස වා භික්ඛුසඞ්ඝස්ස වා කසිණඅසුභනිමිත්තාදීනං වා අඤ්ඤතරස්ස දස්සනං දස්සනානුත්තරියං නාම. ඛත්තියාදීනං ගුණකථාසවනං න සවනානුත්තරියං, නිවිට්ඨසද්ධස්ස පන නිවිට්ඨපෙමවසෙන තිණ්ණං වා රතනානං ගුණකථාසවනං තෙපිටකබුද්ධවචනසවනං වා සවනානුත්තරියං නාම. මණිරතනාදීනං ලාභො න ලාභානුත්තරියං, සත්තවිධඅරියධනලාභො පන ලාභානුත්තරියං නාම. හත්ථිසිප්පාදිසික්ඛනං න සික්ඛානුත්තරියං, සික්ඛාත්තයස්ස පූරණං පන සික්ඛානුත්තරියං නාම. ඛත්තියාදීනං පාරිචරියා න පාරිචරියානුත්තරියං, තිණ්ණං පන රතනානං පාරිචරියා පාරිචරියානුත්තරියං නාම. ඛත්තියාදීනං ගුණානුස්සරණං න අනුස්සතානුත්තරියං, තිණ්ණං පන රතනානං ගුණානුස්සරණං අනුස්සතානුත්තරියං නාම. ඉති ඉමානි ඡ අනුත්තරියානි ලොකියලොකුත්තරානි කථිතානි.
අටවැන්නෙහි අනුත්තරියානි යනු අනෙක් උත්තරීතරවූවකු නැතිවූයි, නිරුත්තරවූයි, දස්සනානුත්තරියං යනු රූප දර්ශනයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයි, සියලු පදයන්හි මේ ක්‍රමයයි, හත්ථිරත්නාදීන්ගේ දර්ශනය දර්ශනානුත්තරිය නොවේ, තහවුරු වූ ශ්‍රද්ධාව ඇත්තාට තහවුරු වූ ප්‍රේම වශයෙන් දශබලයන් වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ කසිණ අශුභ නිමිත්තාදීන් අතුරෙන් යම්කිසිවක් හෝ දැකීම දස්සනානුත්තරිය නමි, කෘත්‍රිය ආදීන්ගේ ගුණකථා ඇසීම සවනානුත්තරිය නොවේ, තහවුරු වූ සැදැහැ ඇත්තාට තහවුරු වූ ප්‍රේම වශයෙන් තෙරුවන ගුණකථා ඇසීම හෝ ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම හෝ සමනානුත්තරිය නමි, මිණිරුවන් ආදිය ලැබීම ලාභානුත්තරිය නොවේ. සත්වැදෑරුම් ආර්‍ය්‍ය ධනය ලැබීම ලාභානුත්තරිය නමි, හත්ථි ශිල්පාදිය ඉගෙනීම සික්ඛානුත්තරිය නොවේ, ත්රිශික්ෂාව සම්පූර්ණ කිරීම සික්ඛානුත්තරිය නමි. ක්ෂත්රියයන්ට සේවය කිරීම පාරිචරියානුත්තරිය නොවේ, තෙරුවනට සේවය කිරීමම පාරිචරියානුත්තරිය වේ, ක්ෂත්රිය ආදීන්ගේ ගුණ සිහිකිරීම අනුස්සතානුත්තරිය නොවේ, තෙරුවන ගුණ සිහිකිරීම අනුස්සතානුත්තරිය නමි. මේ ලෞකික ලෝකෝත්තර වූ අනුත්තරිය සය කියන ලදි.
9. අනුස්සතිට්ඨානසුත්තවණ්ණනා
9. අනුස්සතිට්ඨාන සූත්‍ර වර්ණනාව
නවමෙ බුද්ධානුස්සතීති බුද්ධගුණාරම්මණා සති. සෙසපදෙසුපි එසෙව නයො.
නවවැන්නෙහි බුද්ධානුස්සති යනු බුදු ගුණය අරමුණු කොට ඇති සිහියයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි.
10. මහානාමසුත්තවණ්ණනා
10. මහානාම සූත්‍ර වර්ණනාව
දසමෙ මහානාමොති දසබලස්ස චූළපිතු පුත්තො එකො සක්යරාජා. යෙන භගවා තෙනුපසඞ්කමීති භුත්තපාතරාසො හුත්වා දාසපරිජනපරිවුතො ගන්ධමාලාදීනි ගාහාපෙත්වා යත්ථ සත්ථා, තත්ථ අගමාසි. අරියඵලං අස්ස ආගතන්ති ආගතඵලො. සික්ඛාත්තයසාසනං එතෙන විඤ්ඤාතන්ති විඤ්ඤාතසාසනො. ඉති අයං රාජා “සොතාපන්නස්ස නිස්සයවිහාරං පුච්ඡාමී”ති පුච්ඡන්තො එවමාහ.
දසවැන්නෙහි මහානාමො යනු දශබලයන් වහන්සේගේ සුළුපියාගේ පුත් වූ එක් ශාක්‍ය රජකෙනෙකි, යෙන භගවා තෙනුපසංකමි යනු වැළඳූ උදා ආහාර ඇත්තේ වී දාස පරිජනයන් විසින් පිරිවරණ ලද්දේ ගඳමල් ආදිය ගෙන්වා ගෙන ශාස්තෲන් වහන්සේ යම් තැනකද එතැනට ගියේය. මොහුට ආර්‍ය්‍යඵල පැමිණියේයි ආගතඵලො නමි, මොහු විසින් ශික්ෂාත්රය ශාසනය දන්නා ලදනුයි විඤ්ඤාතසාසනො නමි, මෙසේ මේ රජතෙමේ සෝවාන් වූවහුගේ නිශ්‍රය විහාරය විමසමැයි අසන්නේ මෙසේ කීය.
නෙවස්ස රාගපරියුට්ඨිතන්ති න උප්පජ්ජමානෙන රාගෙන උට්ඨහිත්වා ගහිතං. උජුගතන්ති බුද්ධානුස්සතිකම්මට්ඨානෙ උජුකමෙව ගතං. තථාගතං ආරබ්භාති තථාගතගුණෙ ආරබ්භ. අත්ථවෙදන්ති අට්ඨකථං නිස්සාය උප්පන්නං පීතිපාමොජ්ජං. ධම්මවෙදන්ති පාළිං නිස්සාය උප්පන්නං පීතිපාමොජ්ජං. ධම්මූපසඤ්හිතන්ති පාළිඤ්ච අට්ඨකථඤ්ච නිස්සාය උප්පන්නං. පමුදිතස්සාති දුවිධෙන පාමොජ්ජෙන පමුදිතස්ස. පීති ජායතීති පඤ්චවිධා පීති නිබ්බත්තති. කායො පස්සම්භතීති නාමකායො ච කරජකායො ච දරථපටිප්පස්සද්ධියා පටිප්පස්සම්භති. සුඛන්ති කායිකචෙතසිකසුඛං. සමාධියතීති ආරම්මණෙ සම්මා ඨපිතං හොති. විසමගතාය පජායාති රාගදොසමොහවිසමගතෙසු සත්තෙසු. සමප්පත්තොති සමං උපසමං පත්තො හුත්වා. සබ්යාපජ්ඣායාති සදුක්ඛාය. ධම්මසොතං සමාපන්නොති විපස්සනාසඞ්ඛාතං ධම්මසොතං සමාපන්නො. බුද්ධානුස්සතිං භාවෙතීති බුද්ධානුස්සතිකම්මට්ඨානං බ්රූහෙති වඩ්ඪෙති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. ඉති මහානාමො සොතාපන්නස්ස නිස්සයවිහාරං පුච්ඡි. සත්ථාපිස්ස තමෙව කථෙසි. එවං ඉමස්මිං සුත්තෙ සොතාපන්නොව කථිතොති.
නෙවස්ස රාගපරියුට්ඨිතං යනු උපදිනු ලබන රාගයෙන් නොගන්නා ලදයි, උජුගතං යනු බුද්ධානුස්සති කර්මස්ථානයෙහි සෘජුවම ගියේයි, තථාගතං ආරබ්හ යනු තථාගත ගුණයන් අරභයායි, අත්ථවෙදං යනු අර්ත්ථ කථා ඇසුරුකොට උපන් ප්‍රීති ප්‍රමෝදයයි, ධම්මවෙදං යනු පෙළ නිසා උපන් ප්‍රීති ප්‍රමෝදයයි, ධම්මුපසංහිතං යනු පෙළත් අටුවාවත් නිසා උපන්නාවූයි, පමුදිතස්ස යනු දෙවදෑරුම් ප්‍රීති ප්‍රමෝදයෙන් ප්‍රමුදිත වූවහුටයි, පීති ජායති යනු පස් ආකාර ප්‍රීතිය උපදියි, කායො පස්සම්හති යනු නාමකාය ද භෞතික කාය ද උවදුරු දුරුවීමෙන් සංසිඳෙයි. සුඛං යනු කායික චෛතසික සුවයයි, සමාධියති යනු අරමුණෙහි මනාව තබන ලද්දේ වෙයි, විසමගතාය පජාය යනු රාගදොස මෝහයන්ගෙන් විසමබවට ගිය සත්ත්වයන් කෙරෙහියි, සම්ප්පත්තො යනු සමබවට සංසිඳීමට පැමිණියේ වීයි, සව්යාපජ්ඣාය යනු විදර්ශනා සංඛ්‍යාත වූ ධර්ම ශ්‍රොතයට සැපැමිණියේයි, බුද්ධානුස්සතිං භාවෙති යනු බුද්ධානුස්සති කමටහන වඩයි, දියුණු කරයි, මේ ක්‍රමයෙන් සියල් තැන්හි අර්ත්ථය දතයුතුයි, මෙසේ මහානාම තෙමේ සෝවාන් වූවහුගේ නිශ්‍රය පැවැත්ම විමසීය. ශාස්තෲන් වහන්සේ ද ඔහුට එයම දෙසූ සේක. මෙසේ මේ සූත්‍රයෙහි සෝවාන් තැනැත්තේම කියන ලදි.
ආහුනෙය්යවග්ගො පඨමො.
පළමුවැනි ආහුනෙය්‍ය වර්ගයයි.