යෙදුමෙන් කියවන්න

පඨමාජානීයසුත‍්තං

6. 1. 1. 5.

6. 1. 1. 5.

[පඨමාජානීයසුත‍්තං]

[පඨමජානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

5. ඡහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි ඡහි:

5. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජ භෝග්‍ය හා වෙයි. ‘රාජාඞ්ගයෙක’ යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං, ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං, වණ‍්ණසම‍්පන‍්නො ච හොති.

මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. වර්‍ණ සම්පන්න (ශරීර වර්‍ණ ඇත්තේ) ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ ද රාජභෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි ඡහි:

මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය … හා ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං, ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං, ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං, ඛමො ධම‍්මානං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. ධර්‍ම සහනු වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.