යෙදුමෙන් කියවන්න

දුතියාජානීයසුත‍්තං

6. 1. 1. 6.

6. 1. 1. 6.

[දුතියාජානීයසුත‍්තං]

[දුතියජානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

6. ඡහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි ඡහි:

6. මහණෙනි, අඞ්ගසයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං, බලසම‍්පන‍්නො ච හොති.

මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. බල සම්පන්න (කායබල ඇත්තේ) ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙ අඞ්ග සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි ඡහි:

මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්.

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං, ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං. ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං, ඛමො ධම‍්මානං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ධර්‍මයනට ක්‍ෂම වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ යයි.