තතියාජානීයසුත‍්තං
6. 1. 1. 7.
6. 1. 1. 7.
[තතියාජානීයසුත‍්තං]
[තතියජානීය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
7. ඡහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි ඡහි:
7. මහණෙනි, අඞ්ග සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං, ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං, ජවසම‍්පන‍්නො ච හොති.
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානේයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ජවසම්පන්න (පදජව ඇත්තේ) ද වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.
මහණෙනි, මෙ අඞ්ග සයින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
එවමෙව ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි ඡහි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං -පෙ- ඛමො ධම‍්මානං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි … ධර්‍මයනට ක්‍ෂම වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
6. 1. 1. 8.
6. 1. 1. 8.
[අනුත‍්තරියසුත‍්තං]
[අනුත්තරිය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
8. ඡයිමානි භික‍්ඛවෙ අනුත‍්තරියානි. කතමානි ඡ:
8. මහණෙනි, මෙ අනුත්තරයෝ සදෙනකි. කවර සදෙනෙක යත්:
දස‍්සනානුත‍්තරියං, සවණානුත‍්තරියං, ලාභානුත‍්තරියං, සික‍්ඛානුත‍්තරියං, පාරිචරියානුත‍්තරියං, අනුස‍්සතානුත‍්තරියං.
දස්සනානුත්තරය, සවණානුත්තරය, ලාභානුත්තරය, සික්ඛානුත්තරය, පාරිචරියානුත්තරය, අනුස්සතානුත්තරය යි.
ඉමානි ඛො භික‍්ඛවෙ ඡ අනුත‍්තරියානීති.
මහණෙනි, මෙ අනුත්තර ධර්‍ම සදෙන යි.
6. 1. 1. 9.
6. 1. 1. 9.
[අනුස‍්සතිට‍්ඨානසුත‍්තං]
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9. ඡයිමානි භික‍්ඛවෙ අනුස‍්සතිට‍්ඨානානි. කතමානි ඡ:
9. මහණෙනි, අනුස්මෘතිස්ථාන සදෙනෙකි. කවර සදෙනක යත්:
බුද‍්ධානුස‍්සති, ධම‍්මානුස‍්සති, සඞ‍්ඝානුස‍්සති, සීලානුස‍්සති, චාගානුස‍්සති, දෙවතානුස‍්සති.
බුද්ධානුස්මෘති ය, ධර්‍මානුස්මෘති ය, සඞ්ඝානුස්මෘති ය, ශීලානුස්මෘති ය, ත්‍යාගානුස්මෘති ය, දේවතානුස්මෘති ය යි.
ඉමානි ඛො භික‍්ඛවෙ ඡ අනුස‍්සතිට‍්ඨානානී’ති.
මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සදෙන යි.