මහානාමසුත්තං
6. 1. 1. 10.
6. 1. 1. 10.
[මහානාමසුත්තං]
[මහානාම සූත්‍රය]
10. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
10. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්ථු පුරාසන්නයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
”යො සො භන්තෙ අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො කතමෙන විහාරෙන බහුලං විහරතී”ති.
වහන්ස, “යම් අරීසවුයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) දැනගත් ශික්ෂාත්රය ශාසන ඇතියේ වේ නම්, හෙ කවර විහාරයෙකින් බහුල කොට වාස කෙරේ දැ?”යි.
යො සො මහානාම අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො ඉමිනා විහාරෙන බහුලං විහරති:
මහානාමයෙනි, යම් ආර්ය්යශ්රාවකයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) විඥාත ශාසන ඇතියේ වේ නම්, හෙ මෙ විහාරයෙන් බහුල කොට වාස කරන්නේ ය:
(1) ඉධ මහානාම අරියසාවකො තථාගතං අනුස්සරති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති. සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො බුද්ධානුස්සතිං භාවෙති.
(1) මහානාමයෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙ කරුණෙන් ඒ භාග්‍යවත්හු අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගත්හ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍ය සාරථීහ. දේවමනුෂ්‍යයනට ශාස්තෘහ. චතුස්සත්‍ය ප්රතිබුද්ධයහ. භගවත්හ”යි තථාගතයන් අනුස්මරණ කෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් අනුස්මරණ කෙරේද, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය තථාගතයන් ඇරැබැ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්ත්ථගත (අටුවාකථා නිසා උපන්) ප්රීතිප්රමෝද්ය ලබන්නේ ය. පාළිධර්මය පිළිබඳ ප්‍රීතිප්‍රාමෝද්‍යය ලබන්නේ ය. පාළ්යර්ත්ථකථා නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්රීතිමනස්කයාහට නාමකාය හා කරජකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය ඒකාග්ර වෙයි. මහානාමයෙනි, මේ අරීසවු රාග ද්වේෂ මෝහ විසින් විෂමගත ප්‍රජාව කෙරෙහි සමප්‍රාප්ත ව වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජාව කෙරෙහි නිදුක්ව වෙසේ යයි ද, විදර්ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට සපැමිණියේ බුද්ධානුස්මෘති කර්මස්ථානය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(2) පුන චපරං මහානාම අරියසාවකො ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”තී. යස්මිං මහානාම සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති ධම්මං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති. සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො ධම්මානුස්සතිං භාවෙති.
(2) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපශ්ය විධියට නිසි ය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි එළවා දතයුතු”ය යි ධර්මය සිහි කෙරෙයි. මහානාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යම් කලෙක ධර්මය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ධර්මය ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. පෙළදම් හා අරුත් නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට (පඤ්චවිධ) ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිතැතියහුගේ (උභය) කායය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුඛය විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට යෙයි. මහානාමයෙනි, මේ අරීසවු (රාග ද්වේෂ මෝහයෙන්) විෂමත්වයට ගිය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි සමත්වයට පැමිණියේ වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජායෙහි නිදුක් වූයේ වෙසේ යයි ද, විදර්ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට පැමිණියේ ධර්මානුස්මෘතිය වඩන්නේ ය යි ද කියනු ලැබේ.
(3) පුන චපරං මහානාම අරියසාවකො සඞ්ඝං අනුස්සරති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො, පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති සඞ්ඝං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො සඞ්ඝානුස්සතිං භාවෙති.
(3) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ න්‍යායප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සාමීචිප්‍රතිපන්න ය. යම් ඒ සතර පුරුෂ යුග්ම කෙනෙක්, අෂ්ටාර්ය්ය පුරුෂ පුද්ගල කෙනෙක් වෙත් නම්, භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුනාර්හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්ෂිණාර්හ වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ”ය යි සඟුන් සිහිකෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහිකෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇත්තහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්යාබාධප්රජායෙහි අව්‍යාබාධ ඇතිව වාස කෙරේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(4) පුන චපරං මහානාම අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති: අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. යස්මිං මහානාම සමයෙ අරියසාවකො සීලං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති සීලං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො සීලානුස්සතිං භාවෙති.
(4) තවද මහානාමයෙනි, අරීසවු අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණාදාසත්වයෙන් නිදහස් වූ විඥ ප්රශස්ත වූ තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් පරාමෘෂ්ට නො වූ සමාධියට හිතව වැටෙන තමාගේ ශීලයන් සිහිකරයි. මහානාමයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා ශීලය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ශීලය ඇරැබ ඍජුගත මැ වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සංහිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට වැටෙයි. මහානාමයෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වාසය කෙරේ ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
(5) පුන චපරං මහානාම අරියසාවකො අත්තනො චාගං අනුස්සරති: “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසාමි මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතොති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො චාගං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති චාගං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො චාගානුස්සතිං භාවෙති.
(5) තවද මහානාමයෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙක, යම්බඳු මම මාත්සර්‍ය්‍ය මලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගත මල මාත්සර්‍ය්‍ය සිතින්, වුහුටු වත්හි බැලුම් නැතියෙම්, පවිත්‍ර අත් ඇතියෙම්, දීමෙහි ඇලුනෙම්, යැදුමට නිස්සෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම්, ගෙහි වෙසෙමි. (එය) මට ඒකාන්තයෙන් සුලබ්ධය”යි තමාගේ ත්‍යාගය සිහි කරයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ සිත ත්‍යාගය ඇරැඹ ඍජුගත ම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්තය ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සන්හිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ත්‍යාගානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(6) පුන චපරං මහානාම අරියසාවකො දෙවතානුස්සතිං භාවෙති: “සන්ති දෙවා චාතුම්මහාරාජිකා, සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිත වසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තදුත්තරිං. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපෙන චාගෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපො චාගො සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී”ති. යස්මිං මහානාම, සමයෙ අරියසාවකො අත්තනො ච තාසංච දෙවතානං සද්ධංච සීලං ච සුතං ච චාගංච පඤ්ඤං ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තා දෙවතා ආරබ්භ උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො දෙවතානුස්සතිං භාවෙති.
(6) තවද මහානාමයෙනි, අරීසවු “සිවුමහරද වැසි දෙවියෝ ඇත. තවුතිසා වැසි දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිර්මාණරතී දෙවියෝ ඇත. පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්වාගත එ දෙවියෝ එහි මින් සැවගොස් උපන්හු නම්, මටද එබඳු ශ්‍රද්ධා ඇත. යම්බඳු ශීලයෙකින් සමන්වාගත ඒ දෙවියෝ මේ අත්බැවින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ශීලය විද්‍යමාන වෙයි. යම්බඳු ශ්‍රැතයෙකින් සමන්වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රැතයෙක් ඇත. යම්බඳු ත්‍යාගයකින් සමන්වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ත්‍යාගය ඇත. යම්බඳු ප්‍රඥායෙකින් සමන්වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥාව ඇතැ”යි දේවතානුස්මෘතිය වඩන්නේ ය. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තමා ගේ ද ඒ දෙවියන් ගේ ද ශ්රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහිකෙරේ නම්, එ කල්හි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. දේවතානුස්මෘතිය ඇරැබ එසමයෙහි ඔහුගේ සිත ඍජුගතම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්රාවකයා අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ දේවතානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
යො සො මහානාම අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො ඉමිනා විහාරෙන බහුලං විහරතී’ති.
මහානාමයෙනි, යම්බඳු ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් ආගත ආර්‍ය්‍යඵල ඇතියේ විඥාත ශාසන ඇතියේ වේ නම්, හේ මේ විහාරයෙන් බහුල කොට වාස කෙරේ යයි.
මහානාම සූත්‍රය දසවැනි යි.
ආහුනෙය්යවග්ගො පඨමො.
ප්‍රථම ආහුනෙය්‍ය වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
ද්වෙ ආහුනෙය්යා ඉන්ද්රියබලා තයො ආජානීයා අනුත්තරියං අනුස්සතා මහානාමෙන තෙ දසාති.
ආහුනෙය්‍ය සූත්‍ර දෙකය, ඉන්ද්රිය සූත්‍රය, බල සූත්‍රය, ආජානීය සූත්‍ර තුණය, අනුත්තරිය සූත්‍රය, අනුස්සති සූත්‍රය, මහානාම සූත්‍රය සමග ඒ සූත්‍ර දශයෙකි.