පඨම සාරාණීයසුත්තං
6. 1. 2. 1.
6. 1. 2. 1.
[පඨම සාරාණීයසුත්තං]
[පඨමසාරාණීය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා. කතමෙ ඡ:
11. මහණෙනි, මෙ සාරාණීය (සිහිකටයුතු) ධර්ම සයෙකි. කවර සයෙක යත්:
(1) ඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුප්පට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණහට මෛත්‍රියෙන් යුත් කාය කර්මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්මය ද සාරාණීය වෙයි.
(2) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුප්පට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
(2) තවද මහණෙනි, භික්ෂුහට මෛත්‍රියෙන් යුත් වාක් කර්මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්මය ද සාරාණීය වෙයි.
(3) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
(3) තවද මහණෙනි, භික්ෂුහට මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්මය ද සාරාණීය වෙයි.
(4) පුන චපරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති, සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො.
(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්මයෙන් ලබනලද යටත් පිරිසෙයින් පාත්රපර්ය්යාපන්න (භික්ෂා) මාත්‍ර වූ ද යම්ම ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු සිවුපසලාභයෙන් වෙන වෙන (මෙපමණ දෙමි - මොහුට දෙමි - ආදීන් සිතින්) නො බෙදුවා (සමසේ බෙදා) වළඳන සුලුව, සිල්වත් සබ්‍රම්සරුන් හා සමග සාධාරණ කොට වළඳන සුලුයේ වෙයි. මෙ ද සාරාණීය ධර්මයෙකි.
(5) පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය සඳහා වැටෙන යම්බඳු වූ ශීලයෝ වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් ශීලසාමාන්යයට (ශීලයෙන් සමබවට) ගියේ වාසය කෙරෙයි. මෙ ද සාරාණීය ධර්මයෙකි.
(6) පුන චපරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියා නීය්යාණිකා නීයාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම්ම ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එ වූ පරිදි කරන පුද්ගලයාගේ මොනවට දුඃඛක්ෂයය පිණිස යේ නම්, එ බඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් දෘෂ්ටි සාමාන්‍යයට ගියේ වාස කෙරෙයි. මෙ ධර්මය ද සාරාණීය වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා සාරාණීයාති.
මහණෙනි, මේ සාරාණීයධර්ම සයයි.