යෙදුමෙන් කියවන්න

1. පඨම සාරාණීයසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පඨම සාරාණීයසුත‍්තවණ‍්ණනා

1. පඨමසාරණීය සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ සාරණීයාති සරිතබ‍්බයුත‍්තකා. මෙත‍්තං කායකම‍්මන‍්ති මෙත‍්තෙන චිත‍්තෙන කාතබ‍්බං කායකම‍්මං. වචීකම‍්මමනොකම‍්මෙසුපි එසෙව නයො. ඉමානි ච පන භික‍්ඛූනං වසෙන ආගතානි, ගිහීසුපි ලබ‍්භන‍්ති. භික‍්ඛූනඤ‍්හි මෙත‍්තෙන චිත‍්තෙන ආභිසමාචාරිකධම‍්මපූරණං මෙත‍්තං කායකම‍්මං නාම. ගිහීනං චෙතියවන්‍දනත්‍ථාය බොධිවන්‍දනත්‍ථාය සඞ‍්ඝනිමන‍්තනත්‍ථාය ගමනං, ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨෙ භික‍්ඛූ දිස‍්වා පච‍්චුග‍්ගමනං, පත‍්තපටිග‍්ගහණං, ආසනපඤ‍්ඤාපනං, අනුගමනන‍්ති එවමාදිකං මෙත‍්තං කායකම‍්මං නාම.

දෙවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි සාරාණීයා යනු සිහි කළයුතුදැයි, මෙත්තං කායකම්මං යනු මෙත් සිතින් කළයුතු කායකර්‍මයයි, වාග්කර්‍ම මනො කර්‍මයන්හි ද මෙසේමය, මේවා භික්ෂූන්ට වශයෙන් ආයේයි, ගිහියන් කෙරෙහි ද ලැබෙයි, භික්‍ෂූන්ට වනාහි මෙත් සිතින් ආභිසමාචාරික ධර්‍මය සපිරීම මෛත්‍රීකායකර්‍මය නමි, ගිහියන්ට සෑවැදීම සඳහා, බෝධිය වැදීම සඳහා සංඝයාට ඇරයුම් කිරීම සඳහා යාම, ගමට පිඬු පිණිස වැඩි භික්ෂුව දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, අසුන් පැනවීම, අනුගමනය කිරීම යන මේ ආදිය මෛත්‍රීකායකර්‍මය නමි,

භික‍්ඛූනං මෙත‍්තෙන චිත‍්තෙන ආචාරපණ‍්ණත‍්තිසික‍්ඛාපනං, කම‍්මට‍්ඨානකථනං, ධම‍්මදෙසනා, තෙපිටකම‍්පි බුද‍්ධවචනං මෙත‍්තං වචීකම‍්මං නාම. ගිහීනං “චෙතියවන්‍දනාය ගච‍්ඡාම, බොධිවන්‍දනාය ගච‍්ඡාම, ධම‍්මස‍්සවනං කරිස‍්සාම, දීපමාලාපුප‍්ඵපූජං කරිස‍්සාම, තීණි සුචරිතානි සමාදාය වත‍්තිස‍්සාම, සලාකභත‍්තාදීනි දස‍්සාම, වස‍්සාවාසිකං දස‍්සාම, අජ‍්ජ සඞ‍්ඝස‍්ස චත‍්තාරො පච‍්චයෙ දස‍්සාම, සඞ‍්ඝං නිමන‍්තෙත්‍වා ඛාදනීයාදීනි සංවිදහථ, ආසනානි පඤ‍්ඤාපෙථ, පානීයං උපට‍්ඨාපෙථ, සඞ‍්ඝං පච‍්චුග‍්ගන‍්ත්‍වා ආනෙථ, පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා උස‍්සාහජාතා වෙය්‍යාවච‍්චං කරොථා”තිආදිවචනකාලෙ මෙත‍්තං වචීකම‍්මං නාම.

භික්ෂූන්ට මෛත්‍රී සිතින් වත්පණත්හි හික්මවීම කමටහන් කීම, දම් දෙසුම ත්‍රිපිටක බුද්ධ ධර්‍මය මෛත්‍රි වාග් කර්‍මය නමි, ගිහියන්ට චෛත්‍ය වැඳීමට යමු බෝධි වන්දනාවට යමු, ධර්‍මය අසමු පහන්වැට මල්පිරීම් කරන්නෙමු. තුන් සුචරිතය පිළිගෙන පවතින්නෙමු ලහබත් ආදිය දෙන්නෙමු වැසි සළුව දෙන්නෙමු. අද සංඝයාට සිවුපසය දෙන්නෙමු. සංඝයා නිමන්ත්‍රණය කොට කෑ යුතු දෙය පිළියෙල කරවු, අසුන් පනවවු, පැන් එළවවු, සංඝයා පෙරගමන් ගොස් කැඳවවු, පැනවූ අසුන්හි හිඳවවු. කැමැත්ත ඇතිව උත්සාහවත්ව වතාවත් කරවු ආදී වචන කියන කාලයෙහි මෛත්‍රීවාග් කර්‍මය නමි,

භික‍්ඛූනං පාතොව උට‍්ඨාය සරීරපටිජග‍්ගනං චෙතියඞ‍්ගණවත‍්තාදීනි ච කත්‍වා විවිත‍්තාසනෙ නිසීදිත්‍වා “ඉමස‍්මිං විහාරෙ භික‍්ඛූ සුඛී හොන‍්තු අවෙරා අබ්‍යාපජ‍්ඣා”ති චින‍්තනං මෙත‍්තං මනොකම‍්මං නාම. ගිහීනං “අය්‍යා සුඛී හොන‍්තු අවෙරා අබ්‍යාපජ‍්ඣා”ති චින‍්තනං මෙත‍්තං මනොකම‍්මං නාම.

භික්‍ෂූන්ට, උදයෙන්ම නැඟිට සිරුර පිළිදැගුම් සෑමළු හැමදීම් ආදිය ද කොට විවෙක අසුනක හිඳ මේ වෙහෙරෙහි භික්ෂූහු සුවපත් වෙත්වා වෛර නැත්තෝ ක්‍රෝධ නැත්තෝ වෙත්වායි සිතීම මෛත්‍රි මනොකර්‍මය නමි, ගිහියන්ට ආර්‍ය්‍යයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වායි සිතීම මෛත්‍රි මනොකර්‍මය නමි,

ආවි චෙව රහො චාති සම‍්මුඛා ච පරම‍්මුඛා ච. තත්‍ථ නවකානං චීවරකම‍්මාදීසු සහායභාවගමනං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම, ථෙරානං පන පාදධොවනදානාදිභෙදං සබ‍්බම‍්පි සාමීචිකම‍්මං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. උභයෙහිපි දුන‍්නික‍්ඛිත‍්තානං දාරුභණ‍්ඩාදීනං තෙසු අවඤ‍්ඤං අකත්‍වා අත‍්තනා දුන‍්නික‍්ඛිත‍්තානං විය පටිසාමනං පරම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. “දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරො”ති එවං පග‍්ගය‍්හ වචනං සම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම. විහාරෙ අසන‍්තං පන පටිපුච‍්ඡන‍්තස‍්ස “කහං අම‍්හාකං දෙවත්‍ථෙරො, කහං අම‍්හාකං තිස‍්සත්‍ථෙරො, කදා නු ඛො ආගමිස‍්සතී”ති එවං මමායනවචනං පරම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම. මෙත‍්තාසිනෙහසිනිද‍්ධානි පන නයනානි උම‍්මීලෙත්‍වා පසන‍්නෙන මුඛෙන ඔලොකනං සම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම. “දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරො අරොගො හොතු අප‍්පාබාධො”ති සමන‍්නාහරණං පරම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම.

ආචි චෙව රහො ච යනු ඉදිරියෙහි හා (නැති තැන) පසුපසෙහියි, එහි නවකයන්ට චීවරකර්‍මාදියෙහි සහාය බවට යාම ඉදියෙහි (සම්මුඛා) කායකර්‍මය නමි, තෙරවරුන්ට, පාදෙවීම් පවන් සැලීම් ආදී භේද ඇති සියලු (පිළිසරදර කටයුතු) සාමීචිකර්‍මය සම්මුඛා කායකර්‍මය නමි, නවක ස්ථවිර යන දෙපාර්ශවය විසින්ම නොමනාසේ තැබූ දැව බඩු ආදිය (එසේ කළ) ඔවුනට අවඥා නොකොට තමන් තමන් නොමනා ලෙස තැබූ දෙය මෙන් පිළිවෙලට මනාව තැබීම පරාඞ්මුඛ මෛත්‍රි කායකර්‍මය නමි, දෙවතෙරණුවෝ, තිස්ස තෙරණුවෝයි මෙසේ ආදර වචනය සම්මුඛයෙහි මෛත්‍රී වාග් කර්‍මය නම් විහාරයෙහි නොවන්නකු ගැන අසන්නහුට, අපගේ දෙවතෙරණුවෝ කොහිද? අපගේ තිස්ස තෙරණුවෝ කොහිද කවදා නම්, එන්නෙහුදැයි මෙසේ හිතවත් වචනකීම පරාඞ්මුඛයෙහි මෛත්‍රී වාග්කර්‍මය නමි, මෙත් සෙනහසින් සිනිඳු වූ ඇස් හැර පහන් වූ මුවින් බැලීම සම්මුඛයෙහි මෛත්‍රී මනොකර්‍මය නමි, දෙවතෙරණුවෝ තිස්ස තෙරණුවෝ නීරෝගී වෙත්වා ක්‍රෛධ නැත්තෝ වෙත්වායි පැතීම පරාඞ්මුඛයෙහි මෛත්‍රී මනොකර්‍මය නමි.

ලාභාති චීවරාදයො ලද‍්ධපච‍්චයා. ධම‍්මිකාති කුහනාදිභෙදං මිච‍්ඡාජීවං වජ‍්ජෙත්‍වා ධම‍්මෙන සමෙන භික‍්ඛාචරියවත‍්තෙන උප‍්පන‍්නා. අන‍්තමසො පත‍්තපරියාපන‍්නමත‍්තම‍්පීති පච‍්ඡිමකොටියා පත‍්තපරියාපන‍්නං පත‍්තස‍්ස අන‍්තොගතං ද‍්වත‍්තිකටච‍්ඡුභික‍්ඛාමත‍්තම‍්පි. අප‍්පටිවිභත‍්තභොගීති එත්‍ථ ද‍්වෙ පටිවිභත‍්තානි නාම ආමිසපටිවිභත‍්තං පන පුග‍්ගලපටිවිභත‍්තඤ‍්ච. තත්‍ථ “එත‍්තකං දස‍්සාමි, එත‍්තකං න දස‍්සාමී”ති එවං චිත‍්තෙන පටිවිභජනං ආමිසපටිවිභත‍්තං නාම. “අසුකස‍්ස දස‍්සාමි, අසුකස‍්ස න දස‍්සාමී”ති එවං චිත‍්තෙන විභජනං පන පුග‍්ගලපටිවිභත‍්තං නාම. තදුභයම‍්පි අකත්‍වා යො අප‍්පටිවිභත‍්තං භුඤ‍්ජති, අයං අප‍්පටිවිභත‍්තභොගී නාම. සීලවන‍්තෙහි සබ්‍රහ‍්මචාරීහි සාධාරණභොගීති එත්‍ථ සාධාරණභොගිනො ඉදං ලක‍්ඛණං – යං යං පණීතං ලභති, තං තං නෙව ලාභෙනලාභං-නිජිගීසනතාමුඛෙන ගිහීනං දෙති, න අත‍්තනා පරිභුඤ‍්ජති, පටිග‍්ගණ‍්හන‍්තො ච “සඞ‍්ඝෙන සාධාරණං හොතූ”ති ගහෙත්‍වා ඝණ‍්ටිං පහරිත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං සඞ‍්ඝසන‍්තකං විය පස‍්සති.

ලාභා යනු සිවුරු ආදී ලබන ලද පුත්‍රයෝයි, ධම්මිකා යනු කුහකවීම ආදී භෙද ඇති වැරදි ජීවිකාව අතහැර දැහැමින් සෙමෙන් පිඬු හැසිරීමේ වතින් උපන් දෙයයි, අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි යනු යටත් පිරිසෙයින් පාත්‍රයෙහි පැවති පාත්‍රයට ඇතුළත් වූ හැඳි දෙකක් තුනක් පමණ වූ භික්‍ෂාව වුවද යනුයි, අප්පටිවිභත්තභොගී යනු මෙහි මෙපමණක් දෙමි, මෙපමණක් නොදෙමියි මෙසේ සිතින් බෙදීම නමි, අසුවලාට දෙමි අසුවලාට නොදෙමියි මෙසේ සිතින් බෙදීම පුද්ගල බෙදීම නමි, ඒ දෙකම නොකොට යමෙක් නොබෙදනලද දෙය වළඳයි ද මෙතෙම අප්පටිවිභත්තභොගී නම්වෙයි, සීලවන්තෙහි සබ්‍රහ්මචාරීහි සාධාරණභොගී මෙහි සාධාරණභොගීන්ගේ මේ ලක්ෂණයයි. ප්‍රණීත වූ යම් යම් දෙයක් ලබයිද ඒ ඒ දෙය ලාභයෙන් ලාභය වැඩිපුර බලාපොරොත්තුවෙන් ගිහියන්ට නොදෙයිද තමා නොබුදියි පිළිගන්නේ සංඝයාට සාධාරණයක් වේවායි ගෙන ගෙඩිය ගසා වැළදියයුතු දෙය සංඝසන්තක වුවක් ලෙස සිතයි.

ඉමං පන සාරණීයධම‍්මං කො පූරෙති, කො න පූරෙති? දුස‍්සීලො තාව න පූරෙති. න හි තස‍්ස සන‍්තකං සීලවන‍්තා ගණ‍්හන‍්ති. පරිසුද‍්ධසීලො පන වත‍්තං අඛණ‍්ඩෙන‍්තො පූරෙති. තත්‍රිදං වත‍්තං – යො හි ඔදිස‍්සකං කත්‍වා මාතු වා පිතු වා ආචරියුපජ‍්ඣායාදීනං වා දෙති, සො දාතබ‍්බං දෙති. සාරණීයධම‍්මො පනස‍්ස න හොති, පලිබොධජග‍්ගනං නාම හොති. සාරණීයධම‍්මො හි මුත‍්තපලිබොධස‍්ස වට‍්ටති. තෙන පන ඔදිස‍්සකං දෙන‍්තෙන ගිලානගිලානුපට‍්ඨාකආගන‍්තුකගමිකානඤ‍්චෙව නවපබ‍්බජිතස‍්ස ච සඞ‍්ඝාටිපත‍්තග‍්ගහණං අජානන‍්තස‍්ස දාතබ‍්බං. එතෙසං දත්‍වා අවසෙසං ථෙරාසනතො පට‍්ඨාය ථොකං ථොකං අදත්‍වා යො යත‍්තකං ගණ‍්හාති, තස‍්ස තත‍්තකං දාතබ‍්බං. අවසිට‍්ඨෙ අසති පුන පිණ‍්ඩාය චරිත්‍වා ථෙරාසනතො පට‍්ඨාය යං යං පණීතං, තං තං දත්‍වා සෙසං භුඤ‍්ජිතබ‍්බං. “සීලවන‍්තෙහී”ති වචනතො දුස‍්සීලස‍්ස අදාතුම‍්පි වට‍්ටති.

මේ සාරාණීය ධර්‍මය කවරෙක් පුරයි ද? කවරෙක් නොපුරයි ද? දුසිල් තැනැත්තේ නොපුරයි, ඔහු සිතූ දෙය සිල්වත්හු නොගනිත්. පිරිසිදු සිල් ඇත්තේ වත කඩ නොකරමින් පුරයි, එහි මේ වතයි. යමෙක් විශේෂ කොට මවට හෝ පියාට හෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යය ආදීන්ට හෝ දෙයිද හෙතෙම දියයුතු දෙයක් දේවා (එහෙත්) ඔහුට සාරාණීය ධර්‍මය නොවෙයි, (එය) බාධක උවදුරු රැකබලා ගැනීම නම් වෙයි, සාරාණිය ධර්‍මය වනාහි පළිබෝධවලින් මිදුනහුට වටියි, විශේෂ කොට දෙන ඔහු විසින් ගිලනුන්ට ගිලානුපස්ථායකයන්ට ආගන්තුකයන්ට ගමිකයන්ට ද අලුත පැවිදි වූවහුට ද සඟළ සිවුර පාත්‍රය ගැනීම නොදන්නහුට හෝ දියයුතුයි, මොවුනට දී ඉතිරිය තෙරුන්ගේ අසුනෙහි සිට ටික ටික නොදී යමෙක් යම් පමණක් ගනියි ද ඔහුට එපමණ දිය යුතුය. ඉතිරියක් නොමැති කල්හි යළි පිඬු හැසිර තෙරුන්ගේ අසුනෙහි සිට යමක් යමක් ප්‍රණීත වේද ඒ ඒ දෙය දී වැළඳිය යුතුය. සීලවන්තෙහි යන වචනයෙන් දුසිලාට නොදීමට ද වටියි,

අයං පන සාරණීයධම‍්මො සුසික‍්ඛිතාය පරිසාය සුපූරො හොති, සුසික‍්ඛිතාය හි පරිසාය යො අඤ‍්ඤතො ලභති, සො න ගණ‍්හාති. අඤ‍්ඤතො අලභන‍්තොපි පමාණයුත‍්තමෙව ගණ‍්හති, න අතිරෙකං. අයං පන සාරණීයධම‍්මො එවං පුනප‍්පුනං පිණ‍්ඩාය චරිත්‍වා ලද‍්ධං ලද‍්ධං දෙන‍්තස‍්සාපි ද‍්වාදසහි වස‍්සෙහි පූරෙති, න තතො ඔරං. සචෙ හි ද‍්වාදසමෙ වස‍්සෙ සාරණීයධම‍්මපූරකො පිණ‍්ඩපාතපූරං පත‍්තං ආසනසාලායං ඨපෙත්‍වා න‍්හායිතුං ගච‍්ඡති, සඞ‍්ඝත්‍ථෙරො ච “කස‍්සෙසො පත‍්තො”ති වත්‍වා “සාරණීයධම‍්මපූරකස‍්සා”ති වුත‍්තෙ “ආහරථ න”න‍්ති සබ‍්බං පිණ‍්ඩපාතං විචාරෙත්‍වාව භුඤ‍්ජිත්‍වා රිත‍්තපත‍්තං ඨපෙති. අථ ඛො සො භික‍්ඛු රිත‍්තපත‍්තං දිස‍්වා “මය‍්හං අසෙසෙත්‍වාව පරිභුඤ‍්ජිංසූ”ති දොමනස‍්සං උප‍්පාදෙති, සාරණීයධම‍්මො භිජ‍්ජති, පුන ද‍්වාදස වස‍්සානි පූරෙතබ‍්බො හොති. තිත්‍ථියපරිවාසසදිසො හෙස, සකිං ඛණ‍්ඩෙ ජාතෙ පුන පූරෙතබ‍්බොව. යො පන “ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ පත‍්තගතං අනාපුච‍්ඡාව සබ්‍රහ‍්මචාරී පරිභුඤ‍්ජන‍්තී”ති සොමනස‍්සං ජනෙති, තස‍්ස පුණ‍්ණො නාම හොති.

මේ සාරණීය ධර්‍මය මනාව හික්මුණු පිරිසෙහි මනාව පිරෙයි, මනාව හික්මුණු පිරිසෙහි යමෙක් අනුන්ගෙන් ලබයි ද හෙතෙම නොගනියි. අනුන්ගෙන් නොලබන්නේද සුදුසු ප්‍රමාණයම ගනියි, වැඩිපුර නොවේ, මේ සාරාණීය ධර්‍මය මෙසේ නැවත නැවත පිඬු හැසිර ලද ලද දෙය දෙන්නාට ද දොළොස් වසකින් පිරෙයි, ඊට කලින් නොවේ. ඉදින් දොළොස්වෙනි වසරෙහි සාරණීය ධර්‍මය පුරන්නා පිණ්ඩපාතයෙන් පිරුණු පාත්‍රය අසුන්හලෙහි තබා නෑමට යයි ද සංඝස්ථවිරයන් වහන්සේ මෙය කාගේ පාත්‍රය ද සාරාණීය ධර්‍ම පුරන්නාගේයි කී කල්හි (සංඝයා අතරත) යවාම වළඳා ද හිස් පාත්‍රය තබයි ද ඉක්බිති දොම්නස උපදවයි නම් සාරාණීය ධර්‍මය බිඳෙයි, යළි දොළොස් වසරක් නැවත පිරිය යුතුයි, යමෙක් වනාහි මට ලාභයකි, මෙය මට මනා ලැබීමකි, මගේ මේ පාත්‍රයෙහි වූ දෙය නොඅසාම සබ්‍රහ්මචාරීහු පරිභොග කරත්යයි සොම්නස දනවයි ද ඔහුට වත පිරුනේ නම් වෙයි,

එවං පූරිතසාරණීයධම‍්මස‍්ස පන නෙව ඉස‍්සා න මච‍්ඡරියං හොති, මනුස‍්සානං පියො හොති, අමනුස‍්සානං පියො හොති, සුලභපච‍්චයො. පත‍්තගතමස‍්ස දිය්‍යමානම‍්පි න ඛීයති, භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං ලභති, භයෙ වා ඡාතකෙ වා පත‍්තෙ දෙවතා උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්ති.

මෙසේ පුරනාලද සාරාණීය ධර්‍මය ඇත්තාට ඊර්‍ෂ්‍යාවක් නොවේ මාත්සර්‍ය්‍යයක් නොවේ, මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, ප්‍රත්‍යය සුලභ වෙයි, ඔහුගේ පුත්‍රයෙහි වූ දෙය දෙනු ලබන්නේ ද නොගෙවෙයි, භාණ්ඩ බෙදිය යුතු තන්හි උසම භාණ්ඩය ලබයි, බියෙහි දී හෝ සාගතයේ දී හෝ පාත්‍රයෙහි දෙවියෝ උත්සුක බවට පත් වෙති.

තත්‍රිමානි වත්‍ථූනි – සෙනගිරිවාසී තිස‍්සත්‍ථෙරො කිර මහාගිරිගාමං උපනිස‍්සාය වසති, පඤ‍්ඤාස මහාථෙරා නාගදීපං චෙතියවන්‍දනත්‍ථාය ගච‍්ඡන‍්තා ගිරිගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා කිඤ‍්චි අලද‍්ධා නික‍්ඛමිංසු. ථෙරො පවිසන‍්තො තෙ දිස‍්වා පුච‍්ඡි – “ලද‍්ධං, භන‍්තෙ”ති? විචරිම‍්හා, ආවුසොති. සො අලද‍්ධභාවං ඤත්‍වා ආහ – “භන‍්තෙ, යාවාහං ආගච‍්ඡාමි, තාව ඉධෙව හොථා”ති. මයං, ආවුසො, පඤ‍්ඤාස ජනා පත‍්තතෙමනමත‍්තම‍්පි න ලභිම‍්හාති. භන‍්තෙ, නෙවාසිකා නාම පටිබලා හොන‍්ති, අලභන‍්තාපි භික‍්ඛාචාරමග‍්ගසභාගං ජානන‍්තීති. ථෙරා ආගමෙසුං. ථෙරො ගාමං පාවිසි. ධුරගෙහෙයෙව මහාඋපාසිකා ඛීරභත‍්තං සජ‍්ජෙත්‍වා ථෙරං ඔලොකයමානා ඨිතා ථෙරස‍්ස ද‍්වාරං සම‍්පත‍්තස‍්සෙව පත‍්තං පූරෙත්‍වා අදාසි. සො තං ආදාය ථෙරානං සන‍්තිකං ගන‍්ත්‍වා “ගණ‍්හථ, භන‍්තෙ”ති සඞ‍්ඝත්‍ථෙරං ආහ. ථෙරො “අම‍්හෙහි එත‍්තකෙහි කිඤ‍්චි න ලද‍්ධං, අයං සීඝමෙව ගහෙත්‍වා ආගතො, කිං නු ඛො”ති සෙසානං මුඛං ඔලොකෙසි. ථෙරො ඔලොකනාකාරෙනෙව ඤත්‍වා, “භන‍්තෙ, ධම‍්මෙන සමෙන ලද‍්ධො, නික‍්කුක‍්කුච‍්චා ගණ‍්හථා”ති ආදිතො පට‍්ඨාය සබ‍්බෙසං යාවදත්‍ථං දත්‍වා අත‍්තනාපි යාවදත්‍ථං භුඤ‍්ජි.

එහිලා මේ කථා වස්තූහුයි - ලෝණගිරි වැසි තිස්ස තෙරණුවෝ මහ කිරිගම ඇසුරුකොට වෙසෙති. මහ තෙරවරු පණස් දෙනෙක් නාගදීප චෛත්‍යය වැඳීම සඳහා යන්නාහු කිරිගමෙහි පිඬු හැසිර කිසිවක් නොලැබ නික්මුණාහුය. තෙරණුවෝ (ගමට) පිවිස්සෙමින් ඒ තෙරවරුන් දැක ස්වාමීනි, ලැබිණිදැයි ඇසූහ. “ඇවැත්නි හැසුරුණෙමු” උන්වහන්සේලා කීහ. තෙරණුවෝ නොලද බව දැන ස්වාමීනි, මා එන තෙක් මෙහි වැඩසිටිනු මැනවැයි කීහ. “ඇවැත්නි අපි පණස් දෙනෙක් පාත්‍රය තෙමෙන පමණක්වත් නොලදිම්හ.” “ස්වාමීනි, නේවාසිකයෝ නම් ප්‍රතිබලවෙත්. නොලබන්නාහුද පිඬු හැසිරෙන සියලු මාර්‍ගය දනිති.” තෙරණුවෝ කීහ. උන්වහන්සේලා අපේක්ෂාවෙන් සිටියහ. තෙරණුවෝ ගමට පිවිසියහ. සමීපයෙහිම උවැසිය කිරිබතක් පිළියෙල කොට තෙරුන් බලාපොරොත්තු වෙමින් සිටියා තෙරුන් දොරටුවට පැමිණි කෙණෙහිම පාත්‍රය පුරවා දුන්නාය. හෙතෙම එය රැගෙන තෙරවරුන්ගේ සමීපයට ගොස් “ගනු මැනව ස්වාමීනි”යි සංඝස්ථවිරයන්ට පිළිගැන්වීය. එම තෙරණුවෝ මෙපමණවූ අප විසින් කිසිවක් නොලබන ලදි. මෙතෙම ඉක්මණින්ම රැගෙන ආවේදැයි සෙසු අයගේ මුව දෙස බැලූහ. තෙරණුවෝ බලන අයුරෙන්ම දැන, ස්වාමීනි, දැහැමින් සෙමෙන් ලබන ලද පිණ්ඩපාතය කුකුස් නැතිව ගනු මැනවැයි (පවසා) මුල පටන් සියල්ලන්ට ඇති පමණ දී තමන් විසින් ද ඇති පමණ වැළඳුහ.

අථ නං භත‍්තකිච‍්චාවසානෙ ථෙරා පුච‍්ඡිංසු – “කදා, ආවුසො, ලොකුත‍්තරධම‍්මං පටිවිජ‍්ඣී”ති? නත්‍ථි මෙ, භන‍්තෙ, ලොකුත‍්තරධම‍්මොති. ඣානලාභීසි, ආවුසොති. එතම‍්පි, භන‍්තෙ, නත්‍ථීති? නනු, ආවුසො, පාටිහාරියන‍්ති. සාරණීයධම‍්මො මෙ, භන‍්තෙ, පූරිතො, තස‍්ස මෙ පූරිතකාලතො පට‍්ඨාය සචෙපි භික‍්ඛුසතසහස‍්සං හොති, පත‍්තගතං න ඛීයතීති. සාධු සාධු, සප‍්පුරිස, අනුච‍්ඡවිකමිදං තුය‍්හන‍්ති. ඉදං තාව පත‍්තගතං න ඛීයතීති එත්‍ථ වත්‍ථු.

ඉක්බිති බත්කිස අවසන්හි තෙරවරු උන්වහන්සේගෙන් “ඇවැත්නි, කවදානම් ලොවුතුරු දහම අවබෝධ කළේදැ”යි ඇසූහ. “ස්වාමීනි, මට ලොවුතුරු දහමක් නැත.” “ඇවැත්නි, ධ්‍යානලාභියෙක් වූයෙහිද?” “එයද නැත ස්වාමීනි”, “ඇවැත්නි ප්‍රාතිහාර්‍ය්‍යයක් නොවේ”ද? “ස්වාමිනි, මවිසින් සාරාණීය ධර්‍මය පුරනලදි. එය පුරන කාලයේ සිට ඉදින් භික්ෂුහු ලක්ෂයක් වෙත්ද පාත්‍රයෙහි වූ දෙය නොගෙවෙයි (අවසන් නොවෙයි)”. “මැනවි, මැනවි සත්පුරුෂය, එය ඔබට සුදුසු දෙයකි”. ඒ තෙරවරු කීහ. පාත්‍රයෙහි වූ දෙය අවසන් නොවේ යන්නට මෙය කථා වස්තුවයි.

අයමෙව පන ථෙරො චෙතියපබ‍්බතෙ ගිරිභණ‍්ඩමහාපූජාය දානට‍්ඨානං ගන‍්ත්‍වා “ඉමස‍්මිං දානෙ කිං වරභණ‍්ඩ”න‍්ති පුච‍්ඡි. ද‍්වෙ සාටකා, භන‍්තෙති. එතෙ මය‍්හං පාපුණිස‍්සන‍්තීති? තං සුත්‍වා අමච‍්චො රඤ‍්ඤො ආරොචෙසි – “එකො දහරො එවං වදතී”ති. “දහරස‍්ස එවං චිත‍්තං, මහාථෙරානං පන සුඛුමසාටකා වට‍්ටන‍්තී”ති වත්‍වා “මහාථෙරානං දස‍්සාමී”ති ඨපෙසි. තස‍්ස භික‍්ඛුසඞ‍්ඝෙ පටිපාටියා ඨිතෙ දෙන‍්තස‍්ස මත්‍ථකෙ ඨපිතාපි තෙ සාටකා හත්‍ථං නාරොහන‍්ති, අඤ‍්ඤෙව ආරොහන‍්ති. දහරස‍්ස දානකාලෙ පන හත්‍ථං ආරුළ‍්හා. සො තස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා අමච‍්චස‍්ස මුඛං ඔලොකෙත්‍වා දහරං නිසීදාපෙත්‍වා දානං දත්‍වා සඞ‍්ඝං විස‍්සජ‍්ජෙත්‍වා දහරස‍්ස සන‍්තිකෙ නිසීදිත්‍වා “කදා, භන‍්තෙ, ඉමං ධම‍්මං පටිවිජ‍්ඣිත්‍ථා”ති ආහ. සො පරියායෙනපි අසන‍්තං අවදන‍්තො “නත්‍ථි මය‍්හං, මහාරාජ, ලොකුත‍්තරධම‍්මො”ති ආහ. නනු, භන‍්තෙ, පුබ‍්බෙව අවචුත්‍ථාති. ආම, මහාරාජ, සාරණීයධම‍්මපූරකො අහං, තස‍්ස මෙ ධම‍්මස‍්ස පූරිතකාලතො පට‍්ඨාය භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං පාපුණාතීති. “සාධු සාධු, භන‍්තෙ, අනුච‍්ඡවිකමිදං තුම‍්හාක”න‍්ති වත්‍වා පක‍්කාමි. ඉදං භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං පාපුණාතීති එත්‍ථ වත්‍ථු.

මේ තෙරණුවෝම සිතුල් පව්වෙහි ගිරිභණ්ඩ මහා පූජාවෙහි දන්දෙන තැනට ගොස් මේ දානයෙහි උතුම්ම භාණ්ඩය කුමක්දැයි ඇසූහ. “ස්වාමීනි සළු දෙකකැ”යි (මිනිස්සු) කීහ. මේවා මට පැමිණෙතියි තෙරණුවෝ කීහ. එය අසා ඇමති තෙමේ එක් කුඩා භික්ෂුවක් මෙසේ කියතියි රජුට සැළ කළේය. “දහරයකුගේ මේ සිතුවිල්ලකි. සියුම් සළු මහ තෙරවරුනට වටියි” පවසා තෙරවරුන්ට දෙන්නෙමැයි තැබුවේය. බික්සඟන පිළිවෙලින් සිටි කල්හි දෙන ඔහුගේ හිස මතුයෙහි තැබුවාවූද ඒ සළු අතට නැඟී නොඑයි. අනික් ඒවාම නැඟී එයි. දහර භික්ෂුවට දෙන කල්හි අතට නැගිණ. හෙතෙම ඒ දහර භික්ෂුවගේ අතෙහි තබා ඇමතියාගේ මුහුණ බලා දහර භික්ෂුව වඩා හිඳුවා දන් දී සංඝයා යවා දහරයා සමීපයෙහි හිඳ “ස්වාමීනි කවදා මෙම ධර්‍මය අවබෝධ කෙළෙහිදැ”යි ඇසීය. හෙතෙම පර්‍ය්‍යායයෙන් (වෙනත් ලෙසකින්) වුව ද නොවූ දෙයක් නොකියන්නේ මහරජ මට ලොවුතුරු දහමක් නැතැයි කීවේය. “ස්වාමීනි, එය පෙරදීම කීවාහු නොවේද?” ‘එසේය මහරජ, මම සාරාණීය ධර්‍මය පුරන්නෙක්මි, මට මේ ධර්‍මය පිරූ කාලයේ පටන් බෙදෙන තන්හිදී උසස්ම භාණ්ඩය පැමිණෙයි”. මැනවි, මැනවි, ස්වාමීනි, මෙය නුඹවහන්සේට සුදුසු දෙයකැයි කියා රජතෙමේ ගියේය. මෙය බෙදන තන්හි දී අග්‍රභාණ්ඩය පැමිණේය යන මෙහි කථාවස්තුවයි.

බ්‍රාහ‍්මණතිස‍්සභයෙ පන භාතරගාමවාසිනො නාගත්‍ථෙරියා අනාරොචෙත්‍වාව පලායිංසු. ථෙරී පච‍්චූසසමයෙ “අතිවිය අප‍්පනිග‍්ඝොසො ගාමො, උපධාරෙථ තාවා”ති දහරභික‍්ඛුනියො ආහ. තා ගන‍්ත්‍වා සබ‍්බෙසං ගතභාවං ඤත්‍වා ආගම‍්ම ථෙරියා ආරොචෙසුං. සා සුත්‍වා “මා තුම‍්හෙ තෙසං ගතභාවං චින‍්තයිත්‍ථ, අත‍්තනො උද‍්දෙසපරිපුච‍්ඡායොනිසොමනසිකාරෙසුයෙව යොගං කරොථා”ති වත්‍වා භික‍්ඛාචාරවෙලායං පාරුපිත්‍වා අත‍්තද‍්වාදසමා ගාමද‍්වාරෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ අට‍්ඨාසි. රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා ද‍්වාදසන‍්නම‍්පි භික‍්ඛුනීනං පිණ‍්ඩපාතං දත්‍වා, “අය්‍යෙ, අඤ‍්ඤත්‍ථ මා ගච‍්ඡථ, නිච‍්චං ඉධෙව ආගච‍්ඡෙය්‍යාථා”ති ආහ. ථෙරියා පන කනිට‍්ඨභාතා නාගත්‍ථෙරො නාම අත්‍ථි. සො “මහන‍්තං භයං, න සක‍්කා යාපෙතුං, පරතීරං ගමිස‍්සාමී”ති අත‍්තද‍්වාදසමොව අත‍්තනො වසනට‍්ඨානා නික‍්ඛන‍්තො “ථෙරිං දිස‍්වා ගමිස‍්සාමී”ති භාතරගාමං ආගතො. ථෙරී “ථෙරා ආගතා”ති සුත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා “කිං අය්‍යා”ති පුච‍්ඡි. සො තං පවත‍්තිං ආරොචෙසි. සා “අජ‍්ජ එකදිවසං විහාරෙව වසිත්‍වා ස‍්වෙ ගමිස‍්සථා”ති ආහ. ථෙරා විහාරං අගමිංසු.

බ්‍රාහ්මණතිය බියෙහිදී භාතර ගම්වැසියෝ නාග තෙරණියට නොදන්වාම පලා ගියහ. තෙරණිය උදෑසන කල්හි ගම බෙහෙවින් නිහඬය. සලකා බලවුයි කුඩා භික්ෂුණීන්ට කීවාය. ඔවුහු ගොස් සියල්ලන් ගිය බව දැන අවුත් තෙරණියට සැලකළාහුය. ඕතොමෝ එය අසා නුඹලා ඔවුන් ගිය බව නොසිතවු, තමන්ගේ උදෙසීම් පිළිවිසීම් නුවණින් මෙනෙහි කිරීමෙහිම උත්සාහ කරමුයි පවසා පිඬුහැසිරෙන වේලෙහි පෙරව තමා දොළොස්වැන්නිය කොට ඇත්තී නුගගස මුලෙහි සිටියාය. ගසෙහි අධිගෘහීත දේවතාවා භික්ෂුණින් දොළොස් දෙනාටම පිණ්ඩපාතය දී ආර්‍ය්‍යාවරුනි, අන් තැනකට නොයනු මැනව, නිතර මෙහිම එනු මැනවැය කීවේය. තෙරණියට වනාහි කණිටු සොයුරු වූ නාග නම් තෙර කෙනෙක් සිටිති, හෙතෙම “මහත් බියෙකි, යැපීමට නොහැක, පරතෙරට යමැ”යි තමා දොළොස්වැනි කොට ඇත්තේ තමා වසන තැනින් නික්මෙමින් තෙරණිය දැක යන්නෙමැයි භාතරගමට පැමිණියේය. තෙරණිය තෙරවරුන් පැමිණියහයි අසා ඔවුන් සමීපයට ගොස් ආර්‍ය්‍යවරුනි, කිමෙක්දැයි ඇසුවාය. ඒ තෙරණුවෝ එපුවත සැළකළාහුය. ඕතොමෝ අද එක් දිනක් විහාරයෙහිම වැස හෙට යනු මැනවැයි කීවාය. තෙරවරු විහාරයට වැඩියාහුය.

ථෙරී පුනදිවසෙ රුක‍්ඛමූලෙ පිණ‍්ඩාය චරිත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා “ඉමං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජථා”ති ආහ. ථෙරො “වට‍්ටිස‍්සති ථෙරී”ති වත්‍වා තුණ‍්හී අට‍්ඨාසි. ධම‍්මිකො, තාත, පිණ‍්ඩපාතො, කුක‍්කුච‍්චං අකත්‍වා පරිභුඤ‍්ජථාති. වට‍්ටිස‍්සති ථෙරීති? සා පත‍්තං ගහෙත්‍වා ආකාසෙ ඛිපි, පත‍්තො ආකාසෙ අට‍්ඨාසි. ථෙරො “සත‍්තතාලමත‍්තෙ ඨිතම‍්පි භික‍්ඛුනීභත‍්තමෙව ථෙරී”ති වත්‍වා “භයං නාම සබ‍්බකාලං න හොති, භයෙ වූපසන‍්තෙ අරියවංසං කථයමානො, ‘භො පිණ‍්ඩපාතික, භික‍්ඛුනීභත‍්තං භුඤ‍්ජිත්‍වා වීතිනාමයිත්‍ථා’ති චිත‍්තෙන අනුවදියමානො සන්‍ථම‍්භිතුං න සක‍්ඛිස‍්සාමි, අප‍්පමත‍්තා හොථ ථෙරියො”ති මග‍්ගං පටිපජ‍්ජි.

තෙරණිය දෙවැනි දිනයෙහි ගසමුලට පිඬු පිණිස ගොස් තෙරුන් වෙත එළඹ මේ පිණ්ඩපාතය වළඳනු මැනවයි කීවාය. තෙරණුවෝ “තෙරණිය, වටින්නේය”යි කියා නිශ්ශබ්ද වූහ. “ස්වාමීනි, පිණ්ඩපාතය ධාර්මිකය කුකුසක් නොකොට වළඳනු මැනවැ”යි ඇය කීවාය. “තෙරණිය, වටින්නේ”යි (තෙරණුවෝ කීහ.) ඕතොමෝ පාත්‍රය ගෙන අහසට දැමුවාය. පාත්‍රය අහසෙහි සිටියේය. තෙරුන් වහන්සේ, “තෙරණිය, තල්ගස් සතක් උස පමණෙහි තිබුනත් භික්ෂුණීන්ගේ බතමයි පවසා බිය නම් හැම කල්හි නොවෙයි, බිය සංසිඳුනු කල්හි අරියවංශයන් කියමින් පින්වත් පිණ්ඩපාතිකය, භික්ෂුණීන්ගේ බත වළඳා කල්යවහිදැයි (තමාටම) සිතෙන් කියාගනිමින් පමාවීමට නොහැකිවන්නෙමි. තෙරණීහු අප්‍රමාද වහුයි පවසා මගට පිළිපන්හ.

රුක‍්ඛදෙවතාපි “සචෙ ථෙරො ථෙරියා හත්‍ථතො පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිස‍්සති, න තං නිවත‍්තෙස‍්සාමි. සචෙ න පරිභුඤ‍්ජිස‍්සති, නිවත‍්තෙස‍්සාමී”ති චින‍්තයමානා ඨත්‍වා ථෙරස‍්ස ගමනං දිස‍්වා රුක‍්ඛා ඔරුය‍්හ “පත‍්තං, භන‍්තෙ, දෙථා”ති වත්‍වා පත‍්තං ගහෙත්‍වා ථෙරං රුක‍්ඛමූලංයෙව ආනෙත්‍වා ආසනං පඤ‍්ඤාපෙත්‍වා පිණ‍්ඩපාතං දත්‍වා කතභත‍්තකිච‍්චං පටිඤ‍්ඤං කාරෙත්‍වා ද‍්වාදස භික‍්ඛුනියො ද‍්වාදස ච භික‍්ඛූ සත‍්ත වස‍්සානි උපට‍්ඨහි. ඉදං දෙවතා උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්තීති එත්‍ථ වත්‍ථු. තත්‍ර හි ථෙරී සාරණීයධම‍්මපූරිකා අහොසි.

වෘක්‍ෂ දෙවතාවා ද ඉදින් තෙරණුවෝ තෙරණියගේ අතින් පිණ්ඩපාතය වළඳත් ද උන්වහන්සේ නොනවත්වමි, ඉදින් නොවළඳන්නහු නම් නවත්වන්නෙමැයි සිතමින් සිට තෙරුන්ගේ ගමන දැක ගසින් බැස ස්වාමීනි පාත්‍රය දෙන්නැයි පවසා පාත්‍රය ගෙන තෙරුන් ගස මුලටම පමුණුවා අසුනක් පනවා පිණ්ඩපාතය දී කළබත් කිස ඇති තෙරුන් පිළිණගෙන දොළොස් භික්ෂුණීන්ට ද දොළොස් භික්ෂුන්ට ද සත්වසක් උපස්ථාන කළේය. මෙය දෙවියෝ උනන්දු බවට එළඹෙත් යන මෙහි කථාවස්තුවයි. එහි තෙරණිය සාරාණීය ධර්‍මය පුරන්නී වූවාය.

අඛණ‍්ඩානීතිආදීසු යස‍්ස සත‍්තසු ආපත‍්තික‍්ඛන්‍ධෙසු ආදිම‍්හි වා අන‍්තෙ වා සික‍්ඛාපදං භින‍්නං හොති, තස‍්ස සීලං පරියන‍්තෙ ඡින‍්නසාටකො විය ඛණ‍්ඩං නාම. යස‍්ස පන වෙමජ‍්ඣෙ භින‍්නං, තස‍්ස ඡිද‍්දසාටකො විය ඡිද‍්දං නාම හොති. යස‍්ස පටිපාටියා ද‍්වෙ තීණි භින‍්නානි, තස‍්ස පිට‍්ඨියං වා කුච‍්ඡියං වා උට‍්ඨිතෙන විසභාගවණ‍්ණෙන කාළරත‍්තාදීනං අඤ‍්ඤතරවණ‍්ණා ගාවී විය සබලං නාම හොති. යස‍්ස අන‍්තරන‍්තරා භින‍්නානි, තස‍්ස අන‍්තරන‍්තරා විසභාගබින්‍දුවිචිත්‍රා ගාවී විය කම‍්මාසං නාම හොති. යස‍්ස පන සබ‍්බෙන සබ‍්බං අභින‍්නානි, තස‍්ස තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි නාම හොන‍්ති. තානි පනෙතානි තණ‍්හාදාසබ්‍යතො මොචෙත්‍වා භුජිස‍්සභාවකරණතො භුජිස‍්සානි, බුද‍්ධාදීහි විඤ‍්ඤූහි පසත්‍ථත‍්තා විඤ‍්ඤුප‍්පසත්‍ථානි, තණ‍්හාදිට‍්ඨීහි අපරාමට‍්ඨත‍්තා “ඉදං නාම ත්‍වං ආපන‍්නපුබ‍්බො”ති කෙනචි පරාමට‍්ඨුං අසක‍්කුණෙය්‍යත‍්තා ච අපරාමට‍්ඨානි, උපචාරසමාධිං අප‍්පනාසමාධිං වා සංවත‍්තයන‍්තීති සමාධිසංවත‍්තනිකානීති වුච‍්චන‍්ති.

අඛණ්ඩානි යනාදියෙහි සප්ත ආපත්ති ස්කන්ධයන්හි මුලින් හෝ අගින් හෝ ශික්ෂා පදයක් කැඩුනේ නම් ඔහුගේ ශීලය කෙළවරින් සිඳුණු සළුවක් මෙන් ‘ඛණ්ඩ’ නම් වෙයි. යමෙකුගේ මැදින් බිඳුණේ ද ඔහුගේ සිදුරු සහිත සළුවක් මෙන් ජීද්‍රය නම් වෙයි. යමෙකුගේ පිළිවෙළින් දෙකක් තුනක් සිල්පද බිඳුනේ ද ඔහුගේ සීලය පිටෙහි හෝ කුසෙහි හෝ මතුව සිටි විරුද්ධ වර්‍ණයෙන් කළු-රතු ආදීන් අතුරෙන් එක්තරා වර්‍ණයක් ඇති දෙනකගේ මෙන් සබල (කැලැල්) නම් වෙයි, යමෙකුගේ අතරතුර සිල් බිඳුනේ ද ඔහුගේ ශීලය අතරතුර විරුද්ධ බිංදුවලින් විසිතුරු වූ දෙනකගේ මෙන් කම්මාස (තිත්) නම්වෙයි. යමෙකුගේ වනාහි සියල්ලෙන් සියල්ල නොබිඳුනේද ඔහුගේ ඒ ශීලයෝ නොකැඩුණු නොසිඳුණු නොකැලල් නොතිත් නම් වෙත්. ඒවා තෘෂ්ණාවට දාසබවින් මුදා නිදහස් බව ඇතිකිරීමෙන් නිදහස් වූවෝ නම් වෙති. බුද්ධාදී ප්‍රාඥයන් විසින් පැසසූ බැවින් විඤ්ඤූපසත්‍ථ නම්වෙත්. තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොපැහැසුණු බැවින් ද ඔබ මෙයට පැමිණිවිරූයයි කවරකු විසින් හෝ දොස් පැවරීමට නොහැකි බැවින් ද නොපැහැසුනෝ වෙත්. උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය හෝ පවත්වත්නුයි සමාධිය සඳහා පවතින්නෝයි ද කියනු ලබත්.

සීලසාමඤ‍්ඤගතො විහරතීති තෙසු තෙසු දිසාභාගෙසු විහරන‍්තෙහි භික‍්ඛූහි සද‍්ධිං සමානභාවූපගතසීලො විහරති. සොතාපන‍්නාදීනඤ‍්හි සීලං සමුද‍්දන‍්තරෙපි දෙවලොකෙපි වසන‍්තානං අඤ‍්ඤෙසං සොතාපන‍්නාදීනං සීලෙන සමානමෙව හොති, නත්‍ථි මග‍්ගසීලෙ නානත‍්තං. තං සන්‍ධායෙතං වුත‍්තං.

සීලසාමඤ්ඤගතො විහරති යනු ඒ දිශා භාගයන්හි වසන භික්ෂූන් සමග සමානබවට පැමිණි සිල් ඇත්තේව වසයි. සෝවාන් ආදීන්ගේ වනාහි ශීලය මුහුදින් අතරත වුවද දෙව්ලොව වුවද වසන අනෙක් සෝවාන් ආදීන්ගේ සීලය සමග සමානම වෙයි. මාර්‍ග ශීලයෙහි විවිධ බවක් නැත. ඒ සඳහා මෙය කියන ලදි.

යායං දිට‍්ඨීති මග‍්ගසම‍්පයුත‍්තා සම‍්මාදිට‍්ඨි. අරියාති නිද‍්දොසා. නිය්‍යාතීති නිය්‍යානිකා. තක‍්කරස‍්සාති යො තථාකාරී හොති. දුක‍්ඛක‍්ඛයායාති සබ‍්බදුක‍්ඛක‍්ඛයත්‍ථං. දිට‍්ඨිසාමඤ‍්ඤගතොති සමානදිට‍්ඨිභාවං උපගතො හුත්‍වා විහරතීති.

යායං දිට්ඨි යනු මාර්‍ගය සමග යෙදුනු සම්මාදිට්ඨියයි. අරියා යනු නිදොස් වූවෝයි. නිය්‍යාති යනු විමුක්තිය ගෙන දෙන්නේයි, තක්කරස්ස යනු යමෙක් ඒ ආකාරයෙන් කරන්නේ ද ඔහුයි, දුක්ඛක්ඛයාය යනු සියලු දුක් නැති කරනු සඳහායි, දිට්ඨිසාමඤ්ඤගතො යනු සමාන දෘෂ්ටි ඇතිබවට එළඹුනේ වී වසයි.