යෙදුමෙන් කියවන්න

2. දුතිය සාරාණීයසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. දුතිය සාරාණීයසුත‍්තවණ‍්ණනා

2. දුතියසාරණීය සූත්‍ර වර්ණනාව

දුතියෙ යො තෙ ධම‍්මෙ පූරෙති, තං සබ්‍රහ‍්මචාරීනං පියං කරොන‍්තීති පියකරණා. ගරුං කරොන‍්තීති ගරුකරණා. සඞ‍්ගහායාති සඞ‍්ගණ‍්හනත්‍ථාය. අවිවාදායාති අවිවදනත්‍ථාය. සාමග‍්ගියාති සමග‍්ගභාවත්‍ථාය. එකීභාවායාති එකභාවත්‍ථාය නින‍්නානාකරණාය. සංවත‍්තන‍්තීති වත‍්තන‍්ති පවත‍්තන‍්ති.

දෙවැන්නෙහි යමෙක් ඒ ධර්‍මයන් සපුරයිද ඒ සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය දෙයක් කෙරෙත්නුයි පියකරණා නමි, ගරු කරත්නුයි ගරුකරණා නමි, සඞ්ගහාය යනු සංග්‍රහ කිරීම සඳහායි, අවිවාදාය යනු විවාද නැතිවීම සඳහායි, සාමග්ගියා යනු සමඟි බව සඳහායි, එකීභාවාය යනු එක්බව සඳහායි, නොඑක් බවට පත් කිරීම සඳහායි සංවත්තන්ති යනු වෙත්, පවතිත්.

3. නිස‍්සාරණීයසුත‍්තවණ‍්ණනා

3. නිස්සාරණීය සූත්‍ර වර්ණනාව

තතියෙ නිස‍්සාරණීයා ධාතුයොති නිස‍්සරණධාතුයොව. මෙත‍්තා හි ඛො මෙ චෙතොවිමුත‍්තීති එත්‍ථ පච‍්චනීකධම‍්මෙහි විමුත‍්තත‍්තා තිකචතුක‍්කජ‍්ඣානිකා මෙත‍්තාව මෙත‍්තාචෙතොවිමුත‍්ති නාම. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානසදිසා කතා. වත්‍ථුකතාති පතිට‍්ඨා කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා ආචිතා උපචිතා. සුසමාරද‍්ධාති සුප‍්පගුණකරණෙන සුට‍්ඨු සමාරද‍්ධා. පරියාදාය තිට‍්ඨතීති පරියාදියිත්‍වා ගහෙත්‍වා තිට‍්ඨති. මා හෙවන‍්තිස‍්ස වචනීයොති යස‍්මා අභූතබ්‍යාකරණං බ්‍යාකරොති, තස‍්මා “මා එවං භණී”ති වත‍්තබ‍්බො. යදිදං මෙත‍්තාචෙතොවිමුත‍්තීති යා අයං මෙත‍්තාචෙතොවිමුත‍්ති, ඉදං නිස‍්සරණං බ්‍යාපාදස‍්ස, බ්‍යාපාදතො නිස‍්සටාති අත්‍ථො. යො පන මෙත‍්තාය තිකචතුක‍්කජ‍්ඣානතො වුට‍්ඨිතො සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා තතියමග‍්ගං පත්‍වා “පුන බ්‍යාපාදො නත්‍ථී”ති තතියඵලෙන නිබ‍්බානං පස‍්සති, තස‍්ස චිත‍්තං අච‍්චන‍්තනිස‍්සරණං බ්‍යාපාදස‍්ස. එතෙනුපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

තෙවැන්නෙහි නිස්සාරණියා ධාතුයො යනු නිස්සරණ ධාතුහුමයි (විමුක්තිය ලබාදෙන ශක්තීහුයි). මෙත්තා හි ඛො මෙ චෙතොවිමුත්ති යනු මෙහි විරුද්ධ ධර්‍මයන්ගෙන් මුදුනු බැවින් ත්‍රික චතුෂ්කධ්‍යානික මෛත්‍රියම චෙතොවිමුත්ති නමි. භාවිතා යනු වඩන ලද්දේයි, බහුලීකතා යනු නැවත නැවත කරන ලද්දේයි, යානිකතා යනු යොදුන ලද යානයක් හා සමාන කරන ලද්දේයි, වත්‍ථුකතා යනු පිහිටක් කරන ලද්දේයි, අනුට්ඨිතා යනු අදිටන් කරන ලද්දේයි, පරිචිතා යනු හාත්පසින් රැස්කරන ලද්දේ එකතු කරන ලද්දේයි, සුසුමාරද්ධා යනු මනාව ප්‍රගුණ කිරීමෙන් මනාව අරඹන ලද්දේයි, පරියාදාය තිට්ඨති යනු දැඩිකොට ගෙන සිටියි, මාහෙවන්තිස්ස වචනීයො යනු යම්හෙයකින් නොවූ දෙයක් පිළිබඳ විවරණයක් විවරණය කරයිද එයින් එසේ නොකියවයි කිවයුතුය. යදිදං මෙත්තා චෙතොවිමුත්ති යනු යම් මේ මෛත්‍රි චෙතොවිමුක්තියයි. ඉදං නිස්සරණං ව්‍යාපාදස්ස යනු ව්‍යාපාදයෙන් මිදුණේයි අර්‍ත්‍ථයි, යමෙක් වනාහි මෛත්‍රී තික චතුෂ්ක ධ්‍යානයෙන් නැගී සිටියේ සංස්කාරයන් මනාව දැන තෙවැනි මගට පැමිණ යළි ව්‍යාපාදය නැතැයි තෙවෙන ඵලයෙන් නිවන දකියිද ඔහුගේ සිත ව්‍යාපාදයාගේ අත්‍යන්ත නිස්සරණයයි. මේ ක්‍රමයෙන් සියලු තැන අර්‍ත්‍ථය දතයුතුය.

අනිමිත‍්තාචෙතොවිමුත‍්තීති බලවවිපස‍්සනා. දීඝභාණකා පන අරහත‍්තඵලසමාපත‍්තීති වදන‍්ති. සා හි රාගනිමිත‍්තාදීනඤ‍්චෙව රූපනිමිත‍්තාදීනඤ‍්ච නිච‍්චනිමිත‍්තාදීනඤ‍්ච අභාවා අනිමිත‍්තාති වුත‍්තා. නිමිත‍්තානුසාරීති වුත‍්තප‍්පභෙදං නිමිත‍්තං අනුසරණසභාවං.

අනිමිත්තා චෙතොවිමුත්ති යනු බලවත් විදර්‍ශනාවයි, දීඝභාණකයෝ වනාහි අරහත්ඵල සමාපත්තියයි කියත්. එය රාග රාගනිමිත්තාදීන්ගේ මෙන්ම රූප නිමිත්තාදීන්ගේ ද නිත්‍ය නිමිත්තාදීන්ගේද අභාවයෙන් අනිමිත්තායි කියනු ලැබේ. නිමිත්තානුසාරී යනු කියන ලද ප්‍රභේද ඇති නිමිත්ත අනුව යන ස්වභාවය ඇත්තේයි,

අස‍්මීති අස‍්මිමානො. අයමහමස‍්මීති පඤ‍්චසු ඛන්‍ධෙසු අයං නාම අහං අස‍්මීති. එත‍්තාවතා අරහත‍්තං බ්‍යාකතං හොති. විචිකිච‍්ඡාකථංකථාසල‍්ලන‍්ති විචිකිච‍්ඡාභූතං කථංකථාසල‍්ලං. මා හෙවන‍්තිස‍්ස වචනීයොති සචෙ තෙ පඨමමග‍්ගවජ‍්ඣා විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති, අරහත‍්තබ්‍යාකරණං මිච‍්ඡා හොති, තස‍්මා “මා අභූතං ගණ‍්හී”ති වාරෙතබ‍්බො. අස‍්මීති මානසමුග‍්ඝාතොති අරහත‍්තමග‍්ගො. අරහත‍්තමග‍්ගඵලවසෙන හි නිබ‍්බානෙ දිට‍්ඨෙ පුන අස‍්මිමානො නත්‍ථීති අරහත‍්තමග‍්ගො “අස‍්මීති මානසමුග‍්ඝාතො”ති වුත‍්තො. ඉති ඉමස‍්මිං සුත‍්තෙ අභූතබ්‍යාකරණං නාම කථිතං.

අස්මි යනු අසමිමානයයි, අයමහමස්මි යනු පඤ්චස්කන්ධයන්හි මෙය මම වෙමි යනුයි, මෙපමණකින් රහත් බව විවරණය කරන ලද්දේ වෙයි. විචිකිච්ඡාකථංකථාසල්ලං යනු විචිකිච්ඡා සංඛ්‍යාත සැකය නැමති හුලයි, මාහෙවන්තිස්ස වචනීයො යනු ඉදින් ඔවුනට ප්‍රථම මාර්‍ගය නසන විචිකිච්ඡාව උපදියිද රහත්බව පිළිබඳ වියරණය බොරුවක් වෙයි, නොවූවක් නොකියවයි වැළැක්විය යුතුයි, අස්මිතිමානසමුග්ඝාතො යනු අරහත් මාර්‍ගයයි, අරහත් මාර්‍ගඵල වශයෙන් නිවන දුටුකල යළි අස්මිමානයක් නැතැයි අරහත්මග අස්මිමානසමුග්ඝාත යයි කියනු ලැබේ. මෙසේ මේ සුත්‍රයෙහි අභූත ව්‍යාකරණය නම් වූ දෙය කියන ලදි.

4. භද‍්දක සුත‍්තවණ‍්ණනා

4. භද්දක සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ න භද‍්දකන‍්ති න ලද‍්ධකං. තත්‍ථ යො හි භීතභීතො මරති, තස‍්ස න භද‍්දකං මරණං හොති. යො අපායෙ පටිසන්‍ධිං ගණ‍්හාති, තස‍්ස න භද‍්දිකා කාලකිරියා හොති. කම‍්මාරාමොතිආදීසු ආරමණං ආරාමො, අභිරතීති අත්‍ථො. විහාරකරණාදිම‍්හි නවකම‍්මෙ ආරාමො අස‍්සාති කම‍්මාරාමො. තස‍්මිංයෙව කම‍්මෙ රතොති කම‍්මරතො. තදෙව කම‍්මාරාමතං පුනප‍්පුනං යුත‍්තොති අනුයුත‍්තො. එස නයො සබ‍්බත්‍ථ. එත්‍ථ ච භස‍්සන‍්ති ආලාපසල‍්ලාපො. නිද‍්දාති සොප‍්පං. සඞ‍්ගණිකාති ගණසඞ‍්ගණිකා. සා “එකස‍්ස දුතියො හොති, ද‍්වින‍්නං හොති තතියකො”තිආදිනා නයෙන වෙදිතබ‍්බා. සංසග‍්ගොති දස‍්සනසවනසමුල‍්ලාපසම‍්භොගකායසංසග‍්ගවසෙන පවත‍්තො සංසට‍්ඨභාවො. පපඤ‍්චොති තණ‍්හාදිට‍්ඨිමානවසෙන පවත‍්තො මදනාකාරසණ‍්ඨිතො කිලෙසපපඤ‍්චො. සක‍්කායන‍්ති තෙභූමකවට‍්ටං. සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති හෙතුනා නයෙන සකලවට‍්ටදුක‍්ඛස‍්ස පරිවටුමපරිච‍්ඡෙදකරණත්‍ථං. මගොති මගසදිසො. නිප‍්පපඤ‍්චපදෙති නිබ‍්බානපදෙ. ආරාධයීති පරිපූරයි තං සම‍්පාදෙසීති.

සිවුවැන්නෙහි න භද්දකං යනු නොලැබූ දෙයයි, එහි යමෙක් බියෙන් බියවූයේ මැරෙයි ද ඔහුට සොඳුරු මරණයක් නොවෙයි, යමෙක් අපායෙහි පිළිසිඳ ගනියිද ඔහුට න භද්දිකා කාලකිරියා සොඳුරු මරණයක් නොවෙයි, කම්මාරාමො යනාදියෙහි අරමුණෙහි සතුටුවීම ඇල්ම යන අර්‍ත්‍ථයයි, නවකම්හි ඇල්ම මොහුටනුයි කම්මාරාමො නමි, ඒ කර්‍මයෙහිම ඇලුනේ නිරතවූයේයි කම්මරතො නමි, ඒ කම්මාරාමතාවෙහි නැවත නැවත යෙදුනේයි අනුයුත්තො නමි, සියලු තන්හි මේ ක්‍රමයයි, මෙහි ද භස්සං යනු අල්ලාප සල්ලාපයයි, නිද්දා යනු නින්දයි, සඞ්ගණිකා යනු සමූහයා කෙරෙහි ඇලීසිටීමයි, එය එකෙකුට දෙවැන්නෙක් වෙයි, දෙවැන්නෙකුට ද තෙවැන්නෙක් වෙයි යනාදී ක්‍රමයෙන් දතයුතුය. සංසග්ගො යනු ඇසීම දැකීම දොඩමලු වීම එකටවිසීම කාය සංසර්‍ගය වශයෙන් පැවති එකට වසන ස්වභාවයයි, පපඤ්චො යනු තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් පැවති මත්වන (ප්‍රමාද වන) ආකාරය ඇති ක්ලේශ ප්‍රපඤ්චයයි, සක්කායං යනු ත්‍රෛභූමික සංසාරයයි, සම්මා දුක්ඛස්ස අන්තකිරියාය යනු හේතුවෙන් නයින් සියලු සසරදුක පෙරළීම සිඳදැමීම සඳහා වෙයි, මගො යනු සිවුපාවකු සමාන වූයේයි, නිප්පපඤ්චපදෙ නිවනෙහියි, ආරාධයී යනු සම්පුර්‍ණ කරයි, සම්පාදනය කරයි.

5. අනුතප‍්පසුත‍්තවණ‍්ණනා

5. අනුතප්ප සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අනුතප‍්පාති අනුසොචිතබ‍්බා අනුතාපකාරී. ඉමෙසු ද‍්වීසුපි සුත‍්තෙසු ගාථාසු ච වට‍්ටවිවට‍්ටං කථිතං.

පස්වැන්නෙහි අනුතප්පා යනු පසුතැවිලි වියයුතු, පසුතැවිලි කරවන යනුයි, මේ සූත්‍ර දෙකෙහි ද ගාථාවන්හි ද සසර කියන ලදි.

6. නකුලපිතුසුත‍්තවණ‍්ණනා

6. නකුලපිතු සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ බාළ‍්හගිලානොති අධිමත‍්තගිලානො. එතදවොචාති සාමිකස‍්ස භෙසජ‍්ජං කත්‍වා බ්‍යාධිං වූපසමෙතුං අසක‍්කොන‍්තී ඉදානි සීහනාදං නදිත්‍වා සච‍්චකිරියාය බ්‍යාධිං වූපසමෙතුං සන‍්තිකෙ නිසීදිත්‍වා එතං “මා ඛො ත්‍ව”න‍්තිආදිවචනං අවොච. සාපෙක‍්ඛොති සතණ‍්හො. න නකුලමාතාති එත්‍ථ න-කාරො න සක‍්ඛතීති එවං පරපදෙන යොජෙතබ‍්බො. සන්‍ථරිතුන‍්ති නිච‍්ඡිද‍්දං කාතුං, සණ‍්ඨපෙතුන‍්ති අත්‍ථො. වෙණිං ඔලිඛිතුන‍්ති එළකලොමානි කප‍්පෙත්‍වා විජටෙත්‍වා වෙණිං කාතුං.

සවැන්නෙහි බාළ්හගිලානො යනු දැඩිගිලනායි, එතදවොච යනු හිමියාට බෙහෙත් කොට ව්‍යාධිය සංසිඳවීමට නොහැකි වන්නී දැන් සිංහනාදය කරමින් සත්‍ය ක්‍රියාවෙන් සංසිඳවීමට සමීපයෙහි හිඳ මේ “මා ඛො ත්වං” යනාදී වචනය කීවාය. සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, න නකුලමාතා යනු මෙහි නකාරය න සක්ඛති යි මෙසේ පරපදය සමග යෙදිය යුතුය, සන්ථරිතුං යනු සිදුරු නැති කිරීමට මනාව තැබීමට, පැවැත්වීමට යන අරුත්ය, වෙණිං ඔලිඛිතුං යනු එළුලොම් පිළියෙල කොට ගටා වෙළුවක් කිරීමටයි,

අඤ‍්ඤං ඝරං ගමිස‍්සතීති අඤ‍්ඤං සාමිකං ගණ‍්හිස‍්සති. සොළස වස‍්සානි ගහට‍්ඨකං බ්‍රහ‍්මචරියං සමාචිණ‍්ණන‍්ති ඉතො සොළසවස‍්සමත්‍ථකෙ ගහට‍්ඨබ්‍රහ‍්මචරියවාසො සමාචිණ‍්ණො. දස‍්සනකාමතරාති අතිරෙකෙන දස‍්සනකාමා. ඉමෙහි තීහි අඞ‍්ගෙහි සීහනාදං නදිත්‍වා “ඉමිනා සච‍්චෙන තව සරීරෙ බ්‍යාධි ඵාසු හොතූ”ති සච‍්චකිරියං අකාසි.

අඤ්ඤං වීරං ගමිස්සති යනු වෙනත් සැමියකු ගන්නේය, සොළසවස්සානි ගහට්ඨකං බ්‍රහ්මචරියං සමාදිණ්ණං යනු මෙයින් සොළොස්සකට මත්තෙහි ගෘහස්ථ බ්‍රහ්මචර්‍ය්‍යවාසය සමාදන්වූයේයි, දස්සනකාමතරා යනු වැඩිමනත් වූ දැකීමේ කැමැත්ත ඇත්තෝයි, මේ තුන් අංගයන්ගෙන් සිංහනාදය කොට මේ සත්‍යයෙන් ඔබගේ සිරුරෙහි ව්‍යාධිය පහසුවේවායි සත්‍යක්‍රියා කළාය,

ඉදානි භගවන‍්තං සක‍්ඛිං කත්‍වා අත‍්තනො සීලාදිගුණෙහිපි සච‍්චකිරියං කාතුං සියා ඛො පන තෙතිආදිමාහ. තත්‍ථ පරිපූරකාරිනීති සමත‍්තකාරිනී. චෙතොසමථස‍්සාති සමාධිකම‍්මට‍්ඨානස‍්ස. ඔගාධප‍්පත‍්තාති ඔගාධං අනුප‍්පවෙසං පත‍්තා. පතිගාධප‍්පත‍්තාති පතිගාධං පතිට‍්ඨං පත‍්තා. අස‍්සාසප‍්පත‍්තාති අස‍්සාසං අවස‍්සයං පත‍්තා. වෙසාරජ‍්ජප‍්පත‍්තාති සොමනස‍්සඤාණං පත‍්තා. අපරප‍්පච‍්චයාති පරප‍්පච‍්චයො වුච‍්චති පරසද‍්ධා පරපත‍්තියායනා, තාය විරහිතාති අත්‍ථො. ඉමෙහි තීහි අඞ‍්ගෙහි අත‍්තනො ගුණෙ ආරබ‍්භ සච‍්චකිරියං අකාසි. ගිලානා වුට‍්ඨිතොති ගිලානො හුත්‍වා වුට‍්ඨිතො. යාවතාති යත‍්තිකායො. තාසං අඤ‍්ඤතරාති තාසං අන‍්තරෙ එකා. අනුකම‍්පිකාති හිතානුකම‍්පිකා. ඔවාදිකාති ඔවාදදායිකා. අනුසාසිකාති අනුසිට‍්ඨිදායිකා.

දැන් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍ය කොට තමන්ගේ ශීලාදී ගුණයන්ගෙන් ද සත්‍යක්‍රියා කිරීමට “සියා ඛො පන තෙ” යනාදිය කීවාය, එහි පරිපූරකාරිනී යනු සම්පූර්‍ණ කරන්නීයි, චෙතොසමථස්ස යනු සමාධි කර්‍මස්ථානයටයි, ඔගාධප්පත්තා යනු ස්ථිර තැනකට, අනුප්‍රවේශයකට පත්වූවායි, පතිගාධප්පත්තා යනු ස්ථිර තැනකට, අනුප්‍රවේශයකට පත්වූවායි, පතිගාධප්පත්තා යනු ප්‍රතිගාධයකට ප්‍රතිෂ්ඨාවකට පැමිණියායි, අස්සාසප්පත්තා අස්වැසිල්ලකට පැමිණියායි, වෙසාරජ්ජප්පත්තො යනු සොම්නස් නුවණට පැමිණියායි, අපාරප්පච්චයා යනු අනුන් කෙරෙහි ඇදහිල්ල පරප්පච්ච යයි කියනු ලැබේ. අනුන් ඇදහීම ඇය විසින් දුරු කරන ලද්දේයයි අරුත්ය, මේ අංග තුනෙන් තමන්ගේ ගුණයන් අරභයා සත්‍ය ක්‍රියා කළාය, ගිලානාවුට්ඨිතො යනු ගිලන්වී නැඟී සිටියේයි, යාවතා යනු යම්පමණ වූවෝයි, තාසං අඤ්ඤතරා යනු ඔවුන් අතුරෙහි එක් තැනැත්තියෙකි, අනුකම්පිකා යනු හිතානුකම්පා ඇත්තීයි, ඔවාදිකා යනු අවවාද දෙන්නීයි, අනුසාසිකා යනු අනුශාසනා දෙන්නීයි.

7. කුසලසුත‍්තවණ‍්ණනා

7. කුසල සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පටිසල‍්ලානා වුට‍්ඨිතොති එකීභාවාය ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිතො ඵලසමාපත‍්තිවිහාරතො වුට‍්ඨිතො. යථාවිහාරන‍්ති අත‍්තනො අත‍්තනො වසනවිහාරං. නවාති පබ‍්බජ‍්ජාය නවකා. තෙ පඤ‍්චසතමත‍්තා අහෙසුං. කාකච‍්ඡමානාති කාකසද‍්දං කරොන‍්තා දන‍්තෙ ඛාදන‍්තා. ථෙරාති ථිරභාවං පත‍්තා. තෙන නොති තෙන නු. සෙය්‍යසුඛාදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙව. රට‍්ඨිකොති යො රට‍්ඨං භුඤ‍්ජති. පෙත‍්තණිකොති යො පිතරා භුත‍්තානුභුත‍්තං භුඤ‍්ජති. සෙනාපතිකොති සෙනාය ජෙට‍්ඨකො. ගාමගාමණිකොති ගාමභොජකො. පූගගාමණිකොති ගණජෙට‍්ඨකො. අවිපස‍්සකො කුසලානං ධම‍්මානන‍්ති කුසලානං ධම‍්මානං අනෙසකො අගවෙසකො හුත්‍වා. බොධිපක‍්ඛියානං ධම‍්මානන‍්ති සත‍්තතිංසාය බොධිපක‍්ඛියධම‍්මානං.

සත්වැන්නෙහි පතිසල්ලාණා වුට්ඨිතො යනු හුදෙකලා බවින් ධර්‍මයහි සතුටුවීමෙන්, ඵලසමවත් විසීමෙන් නැඟී සිටියේයි, යථාවිහාරං තම තමන් වසන විහාරයයි, නවා යනු පැවිද්දෙන් නවකයෝයි, ඔවුහු පන්සියයක් පමණ වූවාහුය, කාකච්ඡමානා යනු කාක් හඬ කරන්නාහුයි, දත් (කුරු) කන්නාහුයි, ථෙරා යනු ස්ථිරභාවයට පත්වූවෝයි, තෙන නො යනු එහෙයින් නොවේද? සෙය්‍යසුඛාදිය යට කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමය. රට්ඨිකො යනු රට පරිභොග කරන යමෙකි, පෙත්තණිකො යනු යමෙක් පියා විසින් බුදින ලද දෙය අනුව බුදියිද හෙතෙමේයි, සෙනාපතිකො යනු සෙනාවට දෙටුවූයේයි, ගාමගාමිකො යනු ගාමභොජකයායි, පුග්ගාමණිකො යනු ගණදෙටුවායි, අවිපස්සකො කුසලානං ධම්මානං යනු කුසල් දහම් නොසොයන්නේ සොයා නොබලන්නේවීයි, බොධිපක්ඛියානං ධම්මානං යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන්ගේයි.

8. මච‍්ඡික සුත‍්තවණ‍්ණනා

8. මච්ඡික සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ මච‍්ඡිකන‍්ති මච‍්ඡඝාතකං. හත්‍ථිනා යාතීති හත්‍ථියායී. පරතොපි එසෙව නයො. වජ‍්ඣෙති වධිතබ‍්බෙ. වධායනීතෙති වධාය උපනීතෙ. පාපකෙන මනසාති ලාමකෙන වධකචිත‍්තෙන. පාළියං පන වධායුපනීතෙති ලිඛන‍්ති. මාගවිකොති මිගඝාතකො. කො පන වාදො මනුස‍්සභූතන‍්ති යො මනුස‍්සභූතං පාපකෙන මනසා අනුපෙක‍්ඛති, තස‍්ස සම‍්පත‍්තියා අභාවෙ කිමෙව වත‍්තබ‍්බං. ඉදං පාපකස‍්ස කම‍්මුනො අනිට‍්ඨඵලභාවං දස‍්සෙතුං වුත‍්තං. යෙසං පන තාදිසං කම‍්මං කරොන‍්තානම‍්පි යසපටිලාභො හොති, තෙසං තං අකුසලං නිස‍්සාය කුසලං විපච‍්චතීති වෙදිතබ‍්බං. තෙන පනස‍්ස අකුසලකම‍්මෙන උපහතත‍්තා විපාකො න චිරට‍්ඨිතිකො හොති. ඉමස‍්මිං සුත‍්තෙ අකුසලපක‍්ඛොව කථිතො.

අටවැන්නෙහි මච්ඡිකං යනු මසුන් මරන්නාවූයි, ඇතුපිටින් යනුයි හත්‍ථියායී නමි, අන්‍යවූ දෙය ද මේ ක්‍රමයමයි, වජ්ඣෙ යනු නැසිය යුත්තවුන්ය, වධායොපනීතෙ යනු නැසීම සඳහා එළවන ලද්දේ (සමීපයට යොමුකරන ලද්දේ) යි, පාපකෙන මනසා යනු ලාමක වූ නැසීමේ සිතිනි, පෙළෙහි වනාහි වාධායුන්නීතෙයි ලියත්. මාගවිකො යනු මුවන් නසන්නායි, කො පන වාදො මනුස්සභූතං යනු යමෙක් මිනිසකු පවිටු සිතෙන් බලාපොරොත්තු වෙයිද ඔහුගේ පැමිණීම නැතිවිට කුමක් කියයුතුද? මෙය පවිටුකම් කරන්නාගේ අනිටුපල බව දැක්වීමට කියන ලදි. එබදු කර්‍ම කරන්නා වූ යමකුට ද කීර්ති ප්‍රතිලාභයක් වේද ඔවුනට ඒ අකුශලය නිසා කුසලය විපාක දේ යයි දතයුතුය, අකුශලකර්‍මයෙන් බාධාකළ බැවින් ඔහුගේ විපාකය බොහෝකල් නොපවතී යයි මේ සූත්‍රයෙහි අකුශල පක්ෂය කියන ලදි.

9. පඨම මරණසති සුත‍්තවණ‍්ණනා

9. පඨම මරණසති සූත්‍ර වර්ණනාව

නවමෙ නාතිකෙති එවංනාමකෙ ගාමෙ. ගිඤ‍්ජකාවසථෙති ඉට‍්ඨකාමයෙ පාසාදෙ. අමතොගධාති නිබ‍්බානොගධා, නිබ‍්බානපතිට‍්ඨාති අත්‍ථො. භාවෙථ නොති භාවෙථ නු. මරණස‍්සතින‍්ති මරණස‍්සතිකම‍්මට‍්ඨානං. අහො වතාති පත්‍ථනත්‍ථෙ නිපාතො. බහුං වත මෙ කතං අස‍්සාති තුම‍්හාකං සාසනෙ මම කිච‍්චං බහු කතං අස‍්ස. තදන‍්තරන‍්ති තං අන‍්තරං ඛණං ඔකාසං. අස‍්සසිත්‍වා වා පස‍්සසාමීති එත්‍ථ අස‍්සාසො වුච‍්චති අන‍්තො පවිසනවාතො, පස‍්සාසො බහි නික‍්ඛමනවාතො. ඉති අයං භික‍්ඛු යාව අන‍්තො පවිට‍්ඨවාතො බහි නික‍්ඛමති, බහි නික‍්ඛන‍්තො වාතො අන‍්තො පවිසති, තාව ජීවිතං පත්‍ථෙන‍්තො එවමාහ. දන්‍ධන‍්ති මන්‍දං ගරුකං අසීඝප‍්පවත‍්තං. ආසවානං ඛයායාති අරහත‍්තඵලත්‍ථාය. ඉමස‍්මිං සුත‍්තෙ මරණස‍්සති අරහත‍්තං පාපෙත්‍වා කථිතාති.

නවවැන්නෙහි නාදිකෙ යනු මෙබඳු නම් ඇති ගමෙහියි, ගිඤ්ජකාවසථෙ යනු ගඩොලින් සාදන ලද පහයෙහියි, අමතොගධා යනු නිවන ප්‍රතිෂ්ඨාව කොට නිවන පිහිට කොට ඇත්තේයි, අර්‍ත්‍ථයි, භාවෙථ නො යනු වඩන්නාහු නොවේද? මරණසතිං යනු මරණසති කර්‍මස්ථානයයි, අහොවත යනු ප්‍රාර්‍ත්‍ථනාර්‍ත්‍ථයෙහි නිපාතයකි. බහුවත මෙ කතං අස්ස යනු ඔබවහන්සේගේ සසුනෙහි මගේ කටයුතු බොහෝ කරන ලද්දේ වන්නේය. තදන්තරං යනු ඒ අතර අවස්ථාව අවකාශය යනුයි, අස්සසිත්වා වා පස්සසාමි යනු මෙහි අස්සාස යනු ඇතුළට පිවිසෙන වායුවයි, පස්සාසො යනු පිටතට නික්මෙන වායුවයි, මෙසේ මේ භික්ෂුව ඇතුළට පිවිසි වාතය පිටතට නික්මවයි, පිටට නික්මෙන වාතය ඇතුළට පිවිසුවයි, එතෙක් ජීවිතය පතමින් මෙසේ කීවේය. දන්ධං යනු මඳවූ බර වූ ඉක්මන් පැවතුම් ඇතියි, ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි, මේ සූත්‍රයෙහි මරණ සතිය අරහත්වයට පමුණුවා කියන ලදි.

10. දුතිය මරණසති සුත‍්තවණ‍්ණනා

10. දුතිය මරණසති සූත්‍ර වර්ණනාව

දසමෙ පතිගතායාති පටිපන‍්නාය. ඉති පටිසඤ‍්චික‍්ඛතීති එවං පච‍්චවෙක‍්ඛති. සො මමස‍්ස අන‍්තරායොති එත්‍ථ තිවිධො අන‍්තරායො ජීවිතන‍්තරායො, සමණධම‍්මන‍්තරායො, පුථුජ‍්ජනකාලකිරියං කරොන‍්තස‍්ස සග‍්ගන‍්තරායො චෙව මග‍්ගන‍්තරායො චාති. තං සබ‍්බම‍්පි සන්‍ධායෙවමාහ. බ්‍යාපජ‍්ජෙය්‍යාති අජිණ‍්ණකාදිවසෙන විපජ‍්ජෙය්‍ය. අධිමත‍්තොති බලවා. ඡන්‍දොති කත‍්තුකම්‍යතාඡන්‍දො. වායාමොති පයොගවීරියං. උස‍්සාහොති උස‍්සාපනවීරියං. උස‍්සොළ‍්හීති සම‍්පාදනවීරියං. අප‍්පටිවානීති අනුක‍්කණ‍්ඨනා අප‍්පටිසඞ‍්ඝරණා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දසවැන්නෙහි පතිහිතාය යනු පිළිපන්නාවූයි, ඉති පටිසඤ්චික්ඛති යනු ප්‍රත්‍යවේක්ෂා කරයි, සො මමස්ස අන්තරයො යනු මෙහි ත්‍රිවිධ අන්තරායෙකි, ජීවිතාන්තරාය, ශ්‍රමණධර්‍මාන්තරාය. පෘථග්ජන කාලක්‍රියාව කරන්නහුගේ ස්වර්‍ගාන්තරාය මෙන්ම මාර්‍ගාන්තරාය යනුවෙනි, ඒ සියල්ලම සඳහා කීවේය, ව්‍යාපජ්ජෙය්‍ය යනු අජීර්ණක ආදී වශයෙන් විපතට පත්වන්නේයි, අධිමත්තො යනු බලවත් වූයි, ඡන්දො යනු කරනු කැමති ඡන්දයයි, වායාමො යනු ප්‍රයෝග වීර්යයි, උස්සාහො යනු ඔසවා තබන වීර්යයයි, උස්සොළ්හී යනු සම්පාදන (ඉටුකිරීමේ) වීර්‍ය්‍යයයි, අප්පටිවානි යනු උකටලී නොවීමයි. ඒකාබද්ධ නොවීමයි, සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

සාරණීයවග‍්ගො දුතියො.

දෙවැනි වර්‍ගයයි.