නිස‍්සාරණීයසුත‍්තං
6. 1. 2. 3.
6. 1. 2. 3.
[නිස‍්සාරණීයසුත‍්තං]
[නිස්සාරණීය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
13. ඡයිමා භික‍්ඛවෙ නිස‍්සාරණීයා ධාතුයො. කතමා ඡ:
13. මහණෙනි, මෙ නිස්සාරණීය ධාතු සයෙකි. කවර සයෙක යත්:
(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය : “මෙත‍්තා හි ඛො මෙ චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ච පන මෙ බ්‍යාපාදො චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො: “මායස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස බ්‍යාපාදො චිත‍්තං පරියාදාය ඨස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, නිස‍්සරණං හෙතං ආවුසො ව්‍යාපාදස‍්ස යදිදං මෙත‍්තාචෙතොවිමුත‍්තී”ති.
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් (ත්‍රීකචතුෂ්ක ධ්‍යානික) මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිත ය. පුන පුනා කරණලදු. යුක්තයානසදෘශ කරණලදු. පිහිට කරණලදු. ඉටනලදු. පුරුදුකරණලදු. මොනොවට ප්‍රගුණ කරණ ලදු. එතෙකුදු වුව ව්‍යාපාදය මාගේ චිත්තය වටාගෙණ සිටුනේය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියැයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කරණු නොමනා ය. ඇවැත්නි, මෛත්‍රී චිත්තවිමුක්ති භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු ව්‍යාපාදය ඔහුගේ සිත මැඩගෙණැ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අවකාශ නැත, මෙ කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙක් වේ නම්, තෙල කරුණ ව්‍යාපාදයාගේ ම නිස්සරණ යි.”
(2) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය: “කරුණා හි ඛො මෙ චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ව පන මෙ විහෙසා චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”තී. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො: “මා ආයස‍්මා එවං අවච. මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං කරුණාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස විහෙසා චිත‍්තං පරියාදාය ඨස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො විහෙසා, යදිදං කරුණා චෙතොවිමුත‍්තී”ති.
(2) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් කරුණා චේතෝ විමුක්තිය වඩනලදු, නැවත නැවත කරණලදු, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවත් මාගේ සිත විහෙසා තෙමෝ වටාගෙණ සිටුනීය”යි මෙසේ කියා නම්, හේ “ඇවැත්නි, නහමක් එසේ කියව”යි මෙසේ කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන කරණු නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො කියන්නාහ. ඇවැත්නි, කරුණාචේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු විහෙසා තොමෝ ඔහුගේ සිත මැඩගෙණ සිටුනීය යන තෙල කරුණ නො වෙයි. අනවකාශ ය. තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ කරුණාචේතෝ විමුත්තියෙක් වේ නම්, තෙල විහෙසාවගේ නිස්සරණය මැ”යි.
(3) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය: “මුදිතා හි ඛො මෙ චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ච පන මෙ අරති චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො, “මා ආයස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං මුදිතාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස අරති චිත‍්තං පරියාදාය ඨස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතා චෙතොවිමුත‍්තී”ති.
(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් මුදිතා චේතෝවිමුත්තිය භාවිත ය, බහුලීකෘත්‍ය ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවුව අරතිය මාගේ චිත්තය වටාගෙණ සිටුනී ය”යි මෙසේ කියා නම්, හේ “නහමක් එසේ කියව”යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන්නාහ. ඇවැත්නි, මුදිතා චේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු අරතිය ඔහුගේ සිත වටා ගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ මුදිතා චේතෝ විමුක්තියෙක් වේ නම් තෙල අරතිහුගේ නිඃසරණය මැ”යි.
(4) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය: “උපෙක‍්ඛා හි ඛො මෙ චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ච පන මෙ රාගො චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො: “මා ආයස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං උපෙක‍්ඛාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස රාගො චිත‍්තං පරියාදාය ඨස‍්සතී‘තී නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො රාගස‍්ස යදිදං උපෙක‍්ඛාචෙතොවිමුත‍්තී”ති.
(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් උපේක්‍ෂා වේතොවිමුක්තිය භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව රාගය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ ය”යි මෙසේ කියා නම්, හේ නහමක් එසේ කියවයි කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත්, නහමක් එසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අබිබවා කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොමනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ. ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්තිය වඩත්ම බහුලකරත්ම යුක්තයානයක් මෙන් කරත්ම පිහිට කරත්ම අධිෂ්ඨිතවත්ම පරිචිතවත්ම මොනොවට ප්‍රගුණ කරත්ම වැලිත් රාගය ඔහුගේ චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම් තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ උපේක්‍ෂා චේතෝවිමුක්තියෙක් වේ නම්, තෙල රාගයාගේ මැ නිඃසරණ වේ ය”යි.
(5) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛූ එවං වදෙය්‍ය. “අනිමිත‍්තා හි ඛො මෙ චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, අථ ච පන මෙ නිමිත‍්තානුසාරී විඤ‍්ඤාණං හොතී”ති. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො: “මා ආයස‍්මා එවං අවච මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨානමෙතං ආවුසො අනවකාසො යං අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය, අථ ච පනස‍්ස නිමිත‍්තානුසාරී විඤ‍්ඤාණං භවිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො සබ‍්බනිමිත‍්තානං යදිදං අනිමිත‍්තා චෙතොවිමුත‍්තී”ති.
(5) මහණෙනි, මෙ සස්නෙහි මහණ “(බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අනිමිත්ත චේතෝවිමුක්තිය මා විසින් භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අධිෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව මාගේ විඥානය (රාගාදි) නිමිත්තානුසාරී ම වේ ය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නොමනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුත්තිය භාවිත වුව බහුලීකෘත වුව වස්තුකෘත වුව අධිෂ්ඨිත වුව පරිචිත වුව සුසමාරබ්ධ වුව, ඔහුගේ විඥානය නිමිත්තානුසාරීම වේ යන යමෙක් වේ නම් තෙල අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ අනිමිත්ත චේතෝවිමුත්තියෙක් වේ නම්, තෙල සර්‍ව නිමිත්තයන්ගේ ම නිඃසරණය වේ ය”යි.
(6) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය: “අස‍්මීති ඛො මෙ විගතං, අයමහමස‍්මීති ච න සමනුපස‍්සාමි, අථ ච පන මෙ විචිකිච‍්ඡාකථං කථාසල‍්ලං චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති. සො මා හෙවන‍්තිස‍්ස වචනීයො: “මා ආයස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අට‍්ඨාන මෙතං ආවුසො අනවකාසො යං අස‍්මීති විගතෙ අයමහමස‍්මීති ච න සමනුපස‍්සතො, අථ ච පනස‍්ස විචිකිච‍්ඡාකථංකථාසල‍්ලං චිත‍්තං පරියාදාය ඨස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. නිස‍්සරණං හෙතං ආවුසො විචිකිච‍්ඡාකථංකථාසල‍්ලස‍්ස යදිදං අස‍්මීතිමානසමුග‍්ඝාතො”ති.
(6) මහණෙනි, මෙ සස්නෙහි මහණ මට ‘මම් වෙමි’ යන මානය දුරුවිය. ‘මෙ මම් වෙමි’ යන්න ද නො දක්මි. එතෙකුදු වුව විචිකිච්ඡා සඞ්ඛ්‍යාත කථංකථාශල්‍යය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ යයි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවත්හට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, ‘මම වෙමි’ යන මානය දුරුවුව ද විචිකිච්ඡා කථංකථාශල්‍යය ‘මෙ මම් වෙමි’ යන්න නොදක්නහුගේ පවා චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල අස්ථාන යි, වන්නට අනවකාශ යි, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, අස්මි යන මාන සමුද්ඝාත (අර්‍හන්මාර්‍ග) ය යන යමක් වේ නම්, තෙල විචිකිච්ඡා කථංකථාශල්‍යයාගේ ම නිඃසරණ ය”යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ නිස‍්සාරණීයා ධාතුයො’ති.
මහණෙනි, මෙ නිස්සාරණීය ධර්‍ම සය යි.