භද්දක සුත‍්තං
6. 1. 2. 4.
6. 1. 2. 4.
[භද‍්දක සුත‍්තං]
[භද්දක සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
14. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි, “ආවුසො භික‍්ඛවො”ති. “ආවුසො”ති, ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:
14. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ “ඇවැත් මහණෙනි”යි මහණුන් ඇමතූහ. “ඇවැත්නි”යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ තෙල කරුණ දෙසූහ:
තථා තථා ආවුසො භික‍්ඛු විහාරං කප‍්පෙති, යථා යථාස‍්ස විහාරං කප‍්පයතො න භද‍්දකං මරණං හොති න භද‍්දිකා කාලකිරියා. කථඤ‍්චාවුසො. භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති. යථා යථාස‍්ස විහාරං කප‍්පයතො න භද‍්දකං මරණං හොති න භද‍්දිකා කාලකිරියා.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඒ මහණහුට භද්‍ර වූ මරණයෙක් නො වේ නම්, භද්‍ර වූ කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ එ එ පරිද්දෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, යම් යම් මැ පරිද්දෙකින් වාස කරණ එ මහණහුට භද්‍ර මරණයෙක් නො වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ ඒ ඒ පරිදියෙන් කෙසේ වෙසේය යත්:
ඉධාවුසො භික‍්ඛු කම‍්මාරාමො හොති කම‍්මරතො කම‍්මාරාමතං අනුයුත‍්තො, භස‍්සාරාමො හොති භස‍්සරතො භස‍්සාරාමතං අනුයුත‍්තො, නිද‍්දා රාමො හොති නිද‍්දාරතො නිද‍්දාරාමතං අනුයුත‍්තො, සඞ‍්ගණිකාරාමො හොති සඞ‍්ගණිකාරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො, සංසග‍්ගාරාමො හොති සංසග‍්ගරතො සංසග‍්ගාරාමතං අනුයුත‍්තො, පපඤ‍්චාරාමො හොති පපඤ‍්චරතො පපඤ‍්චාරාමතං අනුයුත‍්තො.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මනිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි පුන පුනා යෙදුනේ (ග්‍රන්‍ථධුරාදියෙහි නොයෙදුනේ) වෙයි. භාෂ්‍යාරාම (දොඩමලු බවෙහි ඇලුම්) ඇතියේ භාෂ්‍යයෙහි නිරත වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි නැවැත නැවැත යෙදුනේ වෙයි. නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි නිරත වූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. ගණසඞ්ගණිකාරාම වූයේ ගණසඞ්ගණිකායේහි නිරත වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි (පිරිස් පිරිවරා ගැණීමෙහි) අනුයුක්ත වූයේ වෙයි. සංසර්‍ගාරාම (ගිහියන් හා හැනී විසීමෙහි ආසා) ඇතියේ සංසර්‍ගයෙහි නිරත වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. (තණ්හා මාන දිට්ඨි යන) ක්ලේශ ප්‍රපඤ්චාරාම වූයේ ප්‍රපඤ්චයෙහි නිරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි.
එවං ඛො ආවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති, යථා යථා’ස‍්ස විහාරං කප‍්පයතො න භද‍්දකං මරණං හොති න භද‍්දිකා කාලකිරියා. අයං වුච‍්චතාවුසො භික‍්ඛු සක‍්කායාභිරතො න පහාසි සක‍්කායං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට භද්‍ර මරණයෙක් නොවේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නොවේ නම්, මෙලෙසින් මහණ එ එ පරිද්දෙන් වාසය කෙරෙයි. ඇවැත්නි, මෙ මහණ (තෙබුමුවට නමැති) සත්කායයෙහි අභිරත වූයේ මනාහේතුයෙන් වෘත්තදුඃඛයාගේ අන්තකරණය පිණිස සත්කායය නො හළේ යයි කියනු ලැබේ.
තථා තථාවුසො භික‍්ඛු විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො භද‍්දකං මරණං හොති, භද‍්දිකා කාලකිරියා. කථඤ‍්චාවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති, යථා යථාස‍්ස විහාරං කප‍්පයතො භද‍්දකං මරණං හොති භද‍්දිකා කාලකිරියා.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, මහණ එ එ පරිදියෙන් විහාර කරයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් භද්‍ර කාලක්‍රියායෙක් වේ නම් මහණ කෙසේ නම් එ එ පරිදියෙන් වෙසේය යත්:
ඉධාවුසො භික‍්ඛු න කම‍්මාරාමො හොති න කම‍්මරතො න කම‍්මාරාමතං අනුයුත‍්තො, න භස‍්සාරාමො හොති න භස‍්සරතො න භස‍්සාරාමතං අනුයුත‍්තො, න නිද‍්දාරාමො හොති, න නිද‍්දාරතො න නිද‍්දාරාමතං අනුයුත‍්තො, න සඞ‍්ගණිකාරාමො හොති න සඞ‍්ගණිකාරතො න සඞ‍්ගණිකා රාමතං අනුයුත‍්තො, න සංසග‍්ගාරාමො හොති න සංසග‍්ගරතො න සංසග‍්ගාරාමතං අනුයුත‍්තො, න පපඤ‍්චාරාමො හොති න පපඤ‍්චරතො න පපඤ‍්චාරාමතං අනුයුත‍්තො.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම නැතියේ කර්‍මයෙහි නිරත නො වූයේ කර්‍මාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. භාෂ්‍යාරාම නැතියේ භාෂ්‍යරත නො වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. නිද්‍රාරාම නැතියේ නිද්‍රාරත නොවූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. සඞ්ගණිකාරාම නොවූයේ සඞ්ගණිකාරත නො වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. සංසර්‍ගාරාම නො වූයේ සංසර්‍ගරත නො වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්චරත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි.
එවං ඛො ආවුසො භික‍්ඛු තථා තථාස‍්ස විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො භද‍්දකං මරණං හොති භද‍්දිකා කාලකිරියා. අයං වුච‍්චතාවුසො භික‍්ඛු නිබ‍්බානාභිරතො පහාසි සක‍්කායං සම‍්මාදුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.
ඇවැත්නි, මෙසේ මහණ යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහුට භද්‍ර මරණ වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, ඒ ඒ පරිද්දෙන් වාසය කෙරේ. ඇවැත්නි, මෙ මහණ නිර්‍වාණයෙහි අභිරත වූයේ මනා හේතුයෙන් වෘත්ත දුඃඛක්‍ෂය කරණු සඳහා සත්කාය හළේ යයි කියනු ලැබේ.
1. යො පපඤ‍්චමනුයුත‍්තො පපඤ‍්චාභිරතො මගො විරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.
1. නුවණ නැති යමෙක් ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ ප්‍රපඤ්චයෙහි අභිරති ඇතියේ වේ නම්, හේ යෝගක්‍ෂේම නම් අනුත්තර නිර්‍වාණය නො ඇරැයී.
2. යො ච පපඤ‍්චං හිත්‍වාන නිප‍්පපඤ‍්චපදෙ රතො ආරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.
2. යමෙකුගේ ප්‍රපඤ්චය දුරලා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි රැඳුනේ වේ ද, හේ යෝගක්‍ෂේම නම් වූ අනුත්තර නිර්‍වාණය ඇරැයී.