අනුතප‍්පසුත‍්තං
6. 1. 2. 5.
6. 1. 2. 5.
[අනුතප‍්පසුත‍්තං]
[අනුතප්ප සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
15. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි. [-පෙ-] තථා තථා ආවුසො භික‍්ඛු විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනුතප‍්පා හොති.
15. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, යම් යම් වැ පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුශොචනා කටයුතු වේ නම්, මහණ ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
කථඤ‍්චාවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති, යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනුතප‍්පා හොති.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කෙරේ නම්, කෙසේ මහණ ඒ ඒ පරිද්දෙන් වාස කෙරේය යත්:
ඉධාවුසො භික‍්ඛු කම‍්මාරාමො හොති කම‍්මරතො කම‍්මාරාමතං අනුයුත‍්තො, භස‍්සාරාමො හොති -පෙ- නිද‍්දාරාමො හොති -පෙ- සඞ‍්ගණිකාරාමො හොති -පෙ- සංසග‍්ගාරාමො හොති -පෙ- පපඤ‍්චාරාමො හොති පපඤ‍්චරතො පපඤ‍්චාරාමතං අනුයුත‍්තො.
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මයෙහි අභිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි. භාෂ්‍යාරාම ඇතියේ ... වෙයි. නිද්‍රාරාමතා ඇතියේ ... සඞ්ගණිකාරාමතා ඇතියේ ... සංසර්‍ගාරාමතා ඇතියේ ... වෙයි. ප්‍රපඤ්චාරාමතා ඇතියේ ප්‍රපඤ්චරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි ...
එවං ඛො ආවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති, යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනුතප‍්පා හොති. අයං වුච‍්චතාවුසො භික‍්ඛු සක‍්කායාභිරතො න පහාසි සක‍්කායං සම‍්මාදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.
ඇවැත්නි, මහණ මෙ සෙයින් යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කටයුතු වේ නම්, ඒ ඒ පරිදියෙන් විහරණ කරන්නේ ය. ඇවැත්නි, සත්කායයෙහි අභිරත මෙ මහණ මනා හේතුයෙන් වෘත්තදුඃඛයාගේ ක්‍ෂය කිරීම සඳහා සත්කාය ප්‍රහීණ නො කෙළේ ය යි කියනු ලැබේ.
තථා තථා ආවුසො භික‍්ඛු විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනනුතප‍්පා හොති:
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, භික්‍ෂු ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
කථඤ‍්චාවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනනුතප‍්පා හොති:
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, මහණ කෙසෙයින් එ එ පරිද්දෙන් වාස කරන්නේය යත්:
ඉධාවුසො භික‍්ඛු න කම‍්මාරාමො හොති න කම‍්මරතො න කම‍්මාරාමතං අනුයුත‍්තො -පෙ- න භස‍්සාරාමො හොති -පෙ- න නිද‍්දාරාමො හොති -පෙ- න සංගණිකාරාමො හොති -පෙ- න සංසග‍්ගාරාමො හොති -පෙ- න පපඤ‍්චාරාමො හොති න පපඤ‍්චරතො න පපඤ‍්චාරාමතං අනුයුත‍්තො.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාමතා නැතියේ කර්‍මරත නො වූයේ කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙයි ... භාෂ්‍යාරාම නො වෙයි ... නිද්‍රාරාම නො වෙයි ... සඞ්ගණිකාරාම නො වෙයි ... සංසර්‍ගාරාම නො වෙයි ... ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්ච රත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි.
එවං ඛො ආවුසො භික‍්ඛු තථා තථා විහාරං කප‍්පෙති යථා යථාස‍්ස විහාරං කප‍්පයතො කාලකිරියා අනනුතප‍්පා හොති. අයං වුච‍්චතාවුසො භික‍්ඛූ නිබ‍්බානාභිරතො පහාසි සක‍්කායං සම‍්මාදුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.
ඇවැත්නි, යම් යම් අයුරෙකින් වෙසෙන ඔහට කාලක්‍රියාව අනුතාප නො වේ නම්, භික්‍ෂු මෙ සෙයින් එ එ පරිදි වාසය කරන්නේ ය. ඇවැත්නි, නිර්‍වාණයෙහි අභිරත වූ මෙ මහණ මැනැවින් දුඃඛක්‍ෂය කරනු සඳහා සත්කාය ය ප්‍රහීණ කෙළේ යයි කියනු ලැබේ.
3. යො පපඤ‍්චමනුයුත‍්තො පපඤ‍්චාභිරතො මගො විරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.
3. යමෙක් මෘග සදෘශ වූයේ ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ වේ නම්, අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණය වැරැදැ විය.
4. යො ච පපඤ‍්චං හිත්‍වාන නිප‍්පපඤ‍්චපදෙ රතො ආරාධයී සො නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරන‍්ති.
4. යමෙක් ප්‍රපඤ්චය හැරදමා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි ඇලුනේ ද, හේ අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණ පදය ඇරැයී යයි.