යෙදුමෙන් කියවන්න

නකුලපිතුසුත‍්තං

6. 1. 2. 6.

6. 1. 2. 6.

[නකුලපිතුසුත‍්තං]

[නකුලපිතු සූත්‍රය]

16. එකං සමයං භගවා භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන නකුලපිතා ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො නකුලමාතා ගහපතානී නකුලපිතරං ගහපතිං එතදවොච:

16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය සමීපයෙහි භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩ වසන සේක. එ කල්හි නකුල පිතෘ ගෘහපති රෝගී වූයේ හටගත් දුක් ඇතියේ දළ ගිලන්බව ඇතියේ වෙයි. එක්බිති නකුල මාතෘ ගැහැවිදූ නකුල පිතෘගෘහපතිහට තෙල කරුණ සැළකළා ය:

(1) මා ඛො ත්‍වං ගහපති සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස. “න නකුලමාතා ගහපතානී මමච‍්චයෙන සක‍්ඛිස‍්සති දාරකෙ පොසෙතුං ඝරාවාසං සන්‍ථරිතුන‍්ති” න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. කුසලාහං ගහපති කප‍්පාසං කන‍්තිතුං, වෙණිං ඔලිඛිතුං. සක‍්කොමහං ගහපති තවච‍්චයෙන දාරකෙ පොසෙතුං ඝරාවාසං සන්‍ථරිතුං. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා.

(1) ගෘහපතියෙනි, මුඹ සාපේක්‍ෂව (තෘෂ්ණාසහිතව) නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂහට කලුරිය කිරීම දුක් වෙයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය. ගෘහපතියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෙහි දරුවන් පුස්නට ගෘහවාසය පවත්වනුවට නො හැකිවන්නීය” යන මෙබඳු සිතෙක් මුඹට වනු හැකි. ගෘහපතියෙනි, තෙල කරුණ එසෙයින් නො දැක්ක යුතු. ගෘහපතියෙනි, මම කපු කටිනට, එළු ලොම් වෙළු නෙළනට කුසලයෙමි. ගෘහපතියෙනි, මුබගේ ඇවෑමෙන් මම දරුවන් පුස්නට හා ගෘහවාසය පවත්වනුවට පොහොසත්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය.

(2) සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස: “නකුලමාතා ගහපතානී මමච‍්චයෙන අඤ‍්ඤං වරං ගමිස‍්සතී”ති. න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. ත්‍වං චෙව ඛො ගහපති ජානාසි අහං ච, යදා නො සොළස වස‍්සානි ගහට‍්ඨකං බ්‍රහ‍්මචරියං සමාදින‍්නං. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා.

(2) ගැහැවියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෘහපත්නි අන් වරයකු (සැමියකු) වෙත යන්නී ය” මෙ බඳු සිතෙක් මුබට විය හෙන්නේ ය. ගැහැවියෙනි, තෙල එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, යම් කලෙක අප විසින් සොළොස්වසක් ගෘහස්ථක බ්‍රහ්මචර්‍ය්‍යය සමාදන් වන ලද නම් එ බව මුබ ද දන්ව, මම් ද දන්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂකයාගේ කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගරහන ලදු.

(3) සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස: “නකුලමාතා ගහපතානී මමච‍්චයෙන න දස‍්සනකාමා භවිස‍්සති භගවතො, න දස‍්සනකාමා භික‍්ඛුසඞ‍්ඝස‍්සා”ති. න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. අහං හි ගහපති තවච‍්චයෙන දස‍්සනකාමතරා චෙව භවිස‍්සාමි භගවතො, දස‍්සනකාමතරා ච භික‍්ඛුසඞ‍්ඝස‍්ස. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා.

(3) ගෘහපතියෙනි, “නකුලමාතා ගෘහපත්නිය මගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දක්නට, භික්‍ෂු සඞ්ඝයා දක්නට නො කැමැති වේ”ය යි යන මෙ බඳු සිතෙක් මුබට වනු හෙයි. ගෘහපතියෙනි, තෙල මෙසේ නො දැක්කයුතු. මම මුබගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වැඩියක් ම දක්නා කැමැතියෙමි. බික්සඟුන් වැඩියක් ම දකිනු කැමැතියෙමි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂකව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු.

(4) සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස: “න නකුලමාතා ගහපතානී මමච‍්චයෙන සීලෙසු පරිපූරකාරිණී”ති. න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. යාවතා ඛො ගහපති තස‍්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා සීලෙසු පරිපූරකාරිණියො, අහං තාසං අඤ‍්ඤතරා. යස‍්ස ඛො පනස‍්ස කඞ‍්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ, තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡතු. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා.

(4) ගැහැවියෙනි, “නකුලමාතෘගෘහපත්නි මාගේ ඇවෑමෙන් ශීලයෙහි පරිපූරකාරිණී නො වන්නීය” යන මෙ බඳු සිතෙක් තොපට ඇතිවිය හෙයි. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, එ භගවත්හුගේ සුදුවත් හඳනා ගෙහි වසන සිල්හි පරිපූරකාරිණී වූ යම් පමණ ශ්‍රාවිකාවෝ වෙත් නම් මම උන් අතුරෙහි අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම්, එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භේසකලා වන නම් මිගදාවයෙහි වසන සේක. ඒ භගවතුන් කරා ගොස් පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ නහමක් සාපේක්‍ෂව කලුරිය කරව. ගැහැවියෙනි, සාපේක්‍ෂයාගේ කලුරිය දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භගවත්හු විසිනුදු ගර්හිත ය.

(5) සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස: “න නකුලමාතා ගහපතානී ලාභිනී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්සා”ති. න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. යාවතා ඛො ගහපති තස‍්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා ලාභිනියො අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, අහං තාසං අඤ‍්ඤතරා. යස‍්ස ඛො පනස‍්ස කඞ‍්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම‍්මා සම‍්බුද‍්ධො භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡතු. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියා.

(5) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නීය” යන මෙ බඳු සිතෙක් තට විය හෙයි. ගැහැවියෙනි, තෙල කරුණ එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හැඳි අධ්‍යාත්මයෙහි චිත්තශමථය ලබනසුලු යම් පමණ ශ්‍රාවිකාවෝ ඒ භගවත්හට වෙත් නම්, මම උන් අතර අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම් මෙ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භෙසකලාවන නම් මිගදාවයෙහි වෙසෙති. ඒ භගවත්හු කරා එළඹ පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගර්හිත ය.

(6) සියා ඛො පන තෙ ගහපති එවමස‍්ස: “න නකුලමාතා ගහපතානී ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඔගාධප‍්පත‍්තා පතිගාධප‍්පත‍්තා අස‍්සාසප‍්පත‍්තා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරතී”ති. න ඛො පනෙතං ගහපති එවං දට‍්ඨබ‍්බං. යාවතා ඛො ගහපති තස‍්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඔගාධප‍්පත‍්තා පතිගාධප‍්පත‍්තා අස‍්සාසප‍්පත‍්තා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථංකථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරන‍්ති, අහං තාසං අඤ‍්ඤතරා. යස‍්ස ඛො පනස‍්ස කඞ‍්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම‍්මා සම‍්බුද‍්ධො භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡතු. තස‍්මාතිහ ත්‍වං ගහපති මා සාපෙක‍්ඛො කාලමකාසි. දුක‍්ඛා ගහපති සාපෙක‍්ඛස‍්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක‍්ඛස‍්ස කාලකිරියාති.

(6) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියා, ප්‍රතිෂ්ඨාවට පැමිණියා, ආස්වාදයට පැමිණියා, තරණය කළ විචිකිච්ඡා ඇත්තී, ප්‍රහීණ කළ වෙමතිකභාවය ඇත්තී, සොම්නස් සහගිය නුවණට පැමිණියා, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තී නො වසන්නීය” යන මෙබඳු සිතෙක් තට විය හෙන්නේ ය. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම් පමණ සෙදගැමි කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආස්වාදයට පැමිණියාහු සෞමනස්‍යඥානයට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු වෙසෙත් නම්, මම ඔවුන් අතුරෙහි අන්‍යතරයක්මු. යමක් පිළිබැඳි කාඞ්ක්‍ෂායෙක් වේවයි විමතියෙක් වේවයි වේ නම්, මෙ එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩවසනසේක. එ භාග්‍යවතුන් කරා එළඹ පුළුවුස්ව. ගෘහපතියෙනි, එහෙයින් මෙකරුණෙහි ලා මුඹ සාපේක්‍ෂ ව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනු දු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගර්හිතය යි.

අථ ඛො නකුලපිතුනො ගහපතිස‍්ස නකුලමාතාය ගහපතානියා ඉමිනා ඔවාදෙන ඔවදියමානස‍්ස සො ආබාධො ඨානසො පටිප‍්පස‍්සම‍්භි. වුට‍්ඨාහි ච නකුලපිතා ගහපති තම‍්හා ආබාධා, තථා පහීනො ච පන නකුලපිතුනො ගහපතිස‍්ස සො ආබාධො අහොසි.

ඉක්බිති නකුලමාතෘගෘහපත්නිය විසින් මෙ අවවාදයෙන් ඔවදන් කරුණු ලබන නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය ප්‍රත්‍යය විසින් සන්හින. නකුලපිතෘගෘහපති එ රෝගයෙන් නැගී සිටියේ ය. නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහීණ විය.

අථ ඛො නකුලපිතා ගහපති ගිලානා වුට‍්ඨිතො අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා, දණ‍්ඩමොලුබ‍්භ යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො නකුලපිතරං ගහපතිං භගවා එතදවොච:

ඉක්බිති ගිලන් බැවින් නැඟී සිටි නකුලපිතෘගෘහපති ගිලනින් නැඟීසිටි නොබෝකල් ඇතියේ සරයටියෙහි එල්බගෙන බුදුන් කරා එළැඹියේ ය. එළඹ බුදුන් වැඳ එකත්පස්වැ හින. බුදුහු පසෙක හුන් නකුලපිතෘගෘහපතිහට තෙල කරුණ වදාළහ:

ලාභා තෙ ගහපති, සුලද‍්ධං තෙ ගහපති, යස‍්ස තෙ නකුලමාතා ගහපතානී අනුකම‍්පිකා අත්‍ථකාමා ඔවාදිකා අනුසාසිකා.

ගෘහපතිය, තට මනාලාභයෙක. ගෘහපතිය, යම්බඳු තොපට නකුලමාතෘගෘහපත්නිය, අනුකම්පා ඇත්තී අරුත් කැමැත්තී, ඔවා දෙන සුලු වූවා අනුශාසනා කරන්නී වේ ද, ඒ තොපට මනා ලාභයෙක.

යාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා සීලෙසු පරිපූරකාරිණියො, නකුලමාතා ගහපතානී තාසං අඤ‍්ඤතරා. යාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා ලාභිනියො අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, නකුලමාතා ගහපතානී තාසං අඤ‍්ඤතරා. යාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඔගාධප‍්පත‍්තා පතිගාධප‍්පත‍්තා අස‍්සාසප‍්පත‍්තා. තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරන‍්තියො, නකුලමාතා ගහපතානී තාසං අඤ‍්ඤතරා.

ගෘහපතිය, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම්පමණ මාගේ සැවිහු සීලයෙහි පරිපූරකාරිණීහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතරයක. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු අධ්‍යාත්මයෙහි සමාධිකර්‍මස්ථාන ලබන්නාහු වෙත් නම්, නකුල මාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතර වෙයි. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු මෙ ධර්‍මවිනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආශ්වාදයට පැමිණියාහු තරණය කළ විචිකිච්ඡා ඇතියාහු වෙසරද බවට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිතව වසන්නාහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නි ඔවුනතුරෙහි අන්‍යතර වෙයි.

ලාභා තෙ ගහපති, සුලද‍්ධං තෙ ගහපති, යස‍්ස තෙ නකුලමාතා ගහපතානී අනුකම‍්පිකා අත්‍ථකාමා ඔවාදිකා අනුසාසිකාති.

ගෘහපතිය, තොපට ලාභයෙක. ගෘහපතිය යම්බඳු තොපට නකුලමාතෘ ගෘහපත්නීය අනුකම්පා ඇත්තී අර්‍ත්‍ථ කැමැත්තී අවවාද කරන්නී අනුශාසනා කරන්නී වේ ද, තොපට එය මනා ලාභයෙකැයි.