යෙදුමෙන් කියවන්න

කුසලසුත‍්තං

6. 1. 2. 7.

6. 1. 2. 7.

[කුසලසුත‍්තං]

[කුසල සූත්‍රය]

17. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

17. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල්හි පිළිසලනින් නැඟී සිටිසේක් උපස්ථානශාලාව කරා එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි හුන්හ.

ආයස‍්මාපි ඛො සාරිපුත‍්තො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. ආයස‍්මාපි ඛො මහාමොග‍්ගල‍්ලානො -පෙ- ආයස‍්මාපි ඛො මහාකස‍්සපො -පෙ- ආයස‍්මාපි ඛො මහාකච‍්චායනො -පෙ- ආයස‍්මාපි ඛො මහාකොට‍්ඨිතො -පෙ- ආයස‍්මාපි ඛො මහාචුන්‍දො -පෙ- ආයස‍්මාපි ඛො මහාකප‍්පිනො -පෙ- ආයස‍්මාපි ඛො අනුරුද‍්ධො -පෙ- ආයස‍්මාපි ඛො රෙවතො -පෙ- ආයස‍්මාපි ඛො ආනන්‍දො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසංකමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි.

ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිටියාහු උවටන්හල කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්ව හුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද ... ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ... ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ... ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟි සිටියාහු උවටන්හල් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ.

අථ ඛො භගවා බහුදෙව රත‍්තිං නිසජ‍්ජාය වීතිනාමෙත්‍වා උට‍්ඨායාසනා විහාරං පාවිසි. තෙපි ඛො ආයස‍්මන‍්තො අචිරපක‍්කන‍්තස‍්ස භගවතො උට‍්ඨායාසනා යථාවිහාරං අගමංසු.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝකල් නිෂද්‍යායෙන් ගෙවා හුනස්නෙන් නැඟී විහාරයට පිවිස වදාළහ. එ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝකල් වත්ම හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට වැඩියහ.

යෙ පන තත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා ආධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙ යාව සුරියුග‍්ගමනා කාකච‍්ඡමානා සුපිංසු. අද‍්දසා ඛො භගවා දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන තෙ භික‍්ඛූ යාව සුරියුග‍්ගමනා කාකච‍්ඡමානෙ සුපන‍්තෙ. දිස‍්වා යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා තෙ භික‍්ඛූ ආමන‍්තෙසි:

එහි පැවිදිවූ නොබෝකල් ඇති මෙ ධර්‍මවිනයට අධුනාගත වූ යම් නවක භික්‍ෂුහු වූහු නම්, ඔහු සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් නිදිගත්හ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස් ඉක්ම පවත්නා විශුද්ධ වූ දිව්‍ය චක්‍ෂුසින් සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් හෝනා එ මහණුන් දුටු සේක. දැක වදාරා උපස්ථාන ශාලාව වෙත එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ එ මහණුන් අමතා වදාළසේක:

කහං නු ඛො භික‍්ඛවෙ සාරිපුත‍්තො, කහං මහාමොග‍්ගල‍්ලානො, කහං මහාකස‍්සපො, කහං මහා කච‍්චායනො, කහං මහාකොට‍්ඨිතො, කහං මහාචුන්‍දො, කහං මහාකප‍්පිනො, කහං අනුරුද‍්ධො, කහං රෙවතො, කහං ආනන්‍දො, කහං නු ඛො තෙ භික‍්ඛවෙ ථෙරා සාවකා ගතාති?

මහණෙනි, සැරියුත්හු කොහි ද? මහමුගලන්හු කොහි ද? මහකසුබුහු කොහි ද? මහකසයින්හු කොහි ද? මහාකොට්ඨිතයෝ කොහි ද? මහාචුන්‍දයෝ කොහි ද? මහාකප්පිනයෝ කොහි ද? අනුරුද්ධයෝ කොහි ද? රේවතයෝ කොහි ද? ආනන්‍දයෝ කොහි ද? මහණෙනි, එ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂුහු කොහි ගියාහු දැ?යි.

තෙපි ඛො භන‍්තෙ ආයස‍්මන‍්තො අචිරපක‍්කන‍්තස‍්ස භගවතො උට‍්ඨායාසනා යථාවිහාරං අගමංසූති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩී නොබෝකල් වත්ම එ ආයුෂ්මත්හු ද හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට ගියහයි.

කෙන නො තුම‍්හෙ භික‍්ඛවෙ ථෙරා භික‍්ඛූ ගතා’ති නවා යාව සුරියස‍්සුග‍්ගමනා කාකච‍්ඡමානා සුපථ.

මහණෙනි, කවරහෙයෙකින් “ස්ථවිර භික්‍ෂුහු ගියහ”යි නවක වන තෙපි කස්මින් සූර්‍ය්‍යොද්ගමය තෙක් හෝනහු ද?

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ අපි නු තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා “රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරන‍්තො යාවජීවං රජ‍්ජං කාරෙන‍්තො ජනපදස‍්ස වා පියො මනාපො”ති.

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිම, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරණුයේ යව්දිව් රජකරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය, යන තෙල තොප විසින් දක්නා ලද ද? නැතහොත් අසන ලද දැ?යි

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

සාධු භික‍්ඛවෙ, මයා පි ඛො එතං භික‍්ඛවෙ නෙව දිට‍්ඨං න සුතං “රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරන‍්තො යාවජීවං රජ‍්ජං කාරෙන‍්තො ජනපදස‍්ස වා පියො මනාපො”ති.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු ‘මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජෙක් කැමැති තාක් යහන් සුවයෙහි පහස්වුවයෙහි නිදිසුවයෙහි යෙදී වෙසෙමින් යව්දිව් රජය කරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය’ යන තෙල නො මැ දක්නා ලදි. නො අසන ලදි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ අපිනු තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා “රට‍්ඨිකො -පෙ- පෙත‍්තනිකො -පෙ- සෙනාපතිකො -පෙ- ගාමගාමණිකො -පෙ- පූගගාමණිකො යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරන‍්තො යාවජීවං පූගගාමණිකත‍්තං කාරෙන‍්තො පූගස‍්ස වා පියො මනාපො?”ති.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? කිම, තොප විසින් ‘රැටියෙක් වේව’යි ... පියාසතු දායාද්‍ය ඇතියෙක් වේවයි ... සෙන්පතියෙක් වේවයි ... ග්‍රාම භොජකයෙක් වේවයි ... ගණදෙටුයෙක් වේවයි කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරමින් යව්දිව් පූගනායකත්‍වය කරන්නේ පූගයහට (ගණයාහට) ප්‍රිය මනාප වේය යන තෙල දක්නා ලද හෝ අසන ලද දැයි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නැත් මැයි.

සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ නෙව දිට‍්ඨං න සුතං “[-පෙ-] පූගගාමණිකො යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරන‍්තො යාවජීවං පූගගාමණිකත‍්තං කාරෙන‍්තො පූගස‍්ස වා පියො මනාපො”ති.

මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු (පෙ) පූග ග්‍රාමණිකයෙක් කැමැතිතාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදි සුවයෙහි යෙදී වෙසෙනුයේ යව්දිව් පූගග්‍රාමණිකත්‍වය හෝ කරන්නේය, පූගයට හෝ ප්‍රිය මනාප වන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ අපිනු තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා “සමණො වා බ්‍රාහ‍්මණො වා යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරො භොජනෙ අමත‍්තඤ‍්ඤූ ජාගරියං අනනුයුත‍්තො අවිපස‍්සකො කුසලානං ධම‍්මානං පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනනුයුත‍්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තො?”ති.

මහණෙනි, එ කවරැයි හඟිවු ද? තොප විසින් ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, නිද්‍රාසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනේ කුශල ධර්‍මයන් නො සොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි (රෑ පෙරයම - පැසුළුයම) බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනානුයෝගයෙහි නොයෙදුනේ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරන්නේය’යි දක්නා ලද හෝ අසන ලද දැ?යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල කරුණ නැත් මැයි.

සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ නෙව දිට‍්ඨං න සුතං “සමණො වා බ්‍රාහ‍්මණො වා යාවදත්‍ථං සෙය්‍යසුඛං ඵස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරො භොජනෙ අමත‍්තඤ‍්ඤූ ජාගරියං අනනුයුත‍්තො අවිපස‍්සකො කුසලානං ධම‍්මානං පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනනුයුත‍්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තො”ති.

මහණෙනි, මැනැවැ, මහණෙනි, මාවිසිනුදු ‘මහණෙක් වේවයි බමුණෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නොයෙදුනේ කුශලධර්‍මයන් නොසොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩුමෙහි නොයෙදුනේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: “ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භවිස‍්සාම භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තා විපස‍්සකා කුසලානං ධම‍්මානං පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනුයුත‍්තා විහරිස‍්සාමා”ති.

මහණෙනි, එකරුණින් මෙහි ලා “ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ, භෝජනයෙහි මාත්‍රඥ වම්හ, ජාගර්‍ය්‍යායෙහි අනුයුක්ත වම්හ, කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ, පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝධිපාක්‍ෂික ධර්‍මයන් වැඩුමෙහි යෙදුනමෝ වසම්හ”යි මෙසේ හික්මිය යුතුයි.

එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.