මච්ඡික සුත්තං
6. 1. 2. 8.
6. 1. 2. 8.
[මච්ඡික සුත්තං]
[මච්ඡික සූත්‍රය]
18. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධාන මග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මච්ඡිකං මච්ඡබන්ධං මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානං. දිස්වා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික් සඟුන් සමග කෝශල ජනපදයෙහි සැරිසරණසේක. භාග්‍යවතුන් වහන්සේ අදන්මගට පිළිපන් සේක්, අන්‍යතර ප්‍රදේශයෙක්හි මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්යඝාතකයකු දුටුසේක. දැක වදාරා මාර්ගයෙන් ඉවත්ව එක්තරා වෘක්ෂ මූලයෙක්හි පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩැහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක:
”පස්සථ, නො තුම්හෙ භික්ඛවෙ අමුං මච්ඡිකං මච්ඡබන්ධං මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානන්ති”
මහණෙනි, තෙපි තෙල මසුන් බඳනා, මසුන් මරමරා විකුණන, මත්ස්යඝාතකයා දක්නහු දැ?යි
එවං භන්තෙ.
වහන්ස, එසේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතංවා “මච්ඡිකො මච්ඡබන්ධො මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායීවා යානයායී වා භොග භොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? තොප විසින් මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්යඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියානයෙන් යන සුලුයේ හෝ අශ්වයානයෙන් යන සුලුයේ හෝ රථයෙන් යන සුල්ලේ හෝ යානයෙන් යන සුල්ලේ හෝ භෝගයන් බුදිනා සුල්ලේ හෝ මහත් භෝගස්කන්ධයක් ලැබ වසන්නේ හෝයි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං “මච්ඡිකො මච්ඡබන්ධො මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගීවා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
මහණෙනි, මැනැව, මහණෙනි, මා විසිනුදු මසුන් බඳනා මසුන් මර මරා විකුණනා මත්ස්යඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් ඇතු පිටින් යන සුලුයේ වේවයි, අසුපිටින් යන සුලුයේ වේවයි, රියෙන් යන සුලුයේ වේවයි, යානයෙන් යන සුලුයේ වේවයි, භොග වළඳන සුලුයේ වේවයි, මහත් වූ භොග ස්කන්ධය ලබා වසන්නේ වේවයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො අසන ලදය.
තං කිස්ස හෙතු:
එයට කවර හේතුය යත්:
තෙ හි සො භික්ඛවෙ මච්ඡෙ වජ්ඣෙ වධායොපනීතෙ පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
මහණෙනි, හේ වධයට එළවන ලද එ මසුන් ලාමක වධක චිත්තයෙන් ම නහමයි. එහෙයින් හේ හස්තියායී නො ම වෙයි. අශ්වයායී නො ම වෙයි, රථයායී නො ම වෙයි, නො ම යානයායී වෙයි, නො ම භෝගභෝගී වෙයි, මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ නො වෙයි.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “ගොඝාතකො ගාවො වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්ධය ලබා වෙසෙන්නේ හෝ යයි තොප විසින් දක්නා ලද හෝ අසන ලද දැ? යි.
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නැත් මැයි.
සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං: “ගොඝාතකො ගාවො වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
මහණෙනි, මැනව, මා විසිනුදු ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ හෝ යයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො ම අසන ලදය.
තං කිස්ස හෙතු:
ඒ කවර හෙයින යත්:
තෙ හි සො භික්ඛවෙ ගාවො වජ්ඣෙ වධායොපනීතෙ පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති න අස්සයායී න රථයායී න යානයායී න භොගභොගී න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
මහණෙනි, හෙතෙම වධය පිණිස ගෙණෙන ලද ඒ ගවයන් පවිටු මනසින් නහමයි. එ හෙයින් හේ හස්තියායී හෝ නොවේ. අශ්වයායී හෝ නොවේ. රථයායී හෝ නොවේ. යානයායී හෝ නොවේ. භෝගභෝගී හෝ නොවේ. මහත් භෝගස්කන්ධය හෝ ලබාගෙණ නො වසයි.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “ඔරබ්භිකො -පෙ- සූකරිකො -පෙ- සාකුන්තිකො -පෙ- මාගවිකො මගෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
මහණෙනි, එ කවරැයි හඟිවු ද? මහණෙනි, තොප විසින් “බැටළුවන් මරන්නෙක් ... හූරන් මරන්නෙක් ... ලිහිණි වැද්දෙක් ... මුවන් මරමරා විකුණන මුවවැද්දෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් ඇතුන් පිට යනුයේ හෝ අසුන් පිට යනුයේ හෝ රියෙන් යනුයේ හෝ යානයෙන් යනුයේ හෝ භෝගවළඳ කරනුයේ හෝ මහත් භෝගස්කන්ධය හෝ ලබාගෙණ වසනුයේ දක්නා ලද හෝ අසන ලද හෝ වේ දැ?”යි.
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං: “මාගවිකො මගෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
මහණෙනි, මැනව, මහණෙනි මා විසිනුදු මුවවැද්දෙක් මුවන් මරමරා විකුණමින් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායියෙක් හෝ අශ්වයායියෙක් හෝ රථයායියෙක් හෝ යානයායියෙක් හෝ භෝගභෝගියෙක් හෝ මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ යයි හෝ යන තෙල කරුණ නො ම දක්නා ලද, නො ම අසන ලදැයි.
තං කිස්ස හෙතු:
ඒ කවර හෙයින යත්:
තෙ හි සො භික්ඛවෙ මගෙ වජ්ඣෙ වධායොපනීතෙ පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
මහණෙනි, වධයට එළවන ලද එ මුවන් වධක සිතින් නහමයි. එහෙයින් හේ නො ම හස්තියායී වෙයි, අශ්වයායී නො වෙයි, රථයායී හෝ නො වෙයි, යානයායී හෝ නො වෙයි, භෝගභෝගී හෝ නො වෙයි, මහත් භෝගස්කන්ධය ලබමින් නො වෙසෙයි.
තෙ හි සො භික්ඛවෙ තිරච්ඡානගතෙ පාණෙ වජ්ඣෙ වධායොපනීතෙ පාපකෙන මනසානුපෙක්ඛමානො නෙව හත්ථියායී භවිස්සති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසිස්සති. කො පන වාදො යං මනුස්සභූතං වජ්ඣං වධායොපනීතං පාපකෙන මනසානුපෙක්ඛති. තං හි තස්ස භික්ඛවෙ හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
මහණෙනි, හෙතෙම වධයට එළවන ලද එ තිරිසන්ගිය ප්‍රාණීන් ලමු සිතින් නහමනුයේ නො ම හස්තියායී වෙයි. නො ම අශ්වයායී වෙයි. නො ම රථයායී වෙයි. නො ම යානයායී වෙයි. භෝග-භෝගී නො ම වෙයි. මහත් භෝගස්කන්ධය ලබාගෙණ නො ම වසන්නේ ය. යම් හෙයෙකින් වධයට එළවන ලද මනුෂ්‍යයකු වධක සිතින් බලන්නේ ය යන්න ඇරැබ කවර කථායෙක. මහණෙනි, එය ඔහට දිගු කලක් අහිතයට දුකට වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.