පඨම මරණසති සුත්තං
6. 1. 2. 9.
6. 1. 2. 9.
[පඨම මරණසති සුත්තං]
[පඨම මරණසති සූත්‍රය]
19. එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
19. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘නාදික’ නම් ගම්හි ගිඤ්ජකාවසථයෙහි (ගඩොලින් කළ පහයෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි එ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණසතින්ති?
මහණෙනි, භාවිත, බහුලීකෘත, මරණසතිය මහත්ඵල මහානිශංස වෙයි, නිවන් පිහිට කොට ඇතියේ වෙයි. අමෘතපර්‍ය්‍යවසාන කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහු නො? යි.
(1) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.”
(1) මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් “වහන්ස, මම මරණසතිය වඩ මැ යි” භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙසිත වෙයි: “මම එක් රෑ දවාලක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක්කල්) භාග්‍යවතුන් වහන්සේගේ (ආර්‍ය්‍ය මාර්ග ප්‍රතිවේධාවහ වූ) ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් ආත්මහිත වූ මහණකිස බෙහෙවක්ම කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙසෙයින් මරණ සති වඩමැ යි.
(2) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
(2) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, මම ද මරණ සති වඩමැ”යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තෝ කිසෙයින් මරණ සති වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙ සිත වෙයි: “මම දවසක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත වූ මහණකිස කරණ ලද වෙයි.” වහන්ස, මෙසෙයින් මම මරණ සතිය වඩමි යි.
(3) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
(3) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
යථා කථම්පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තො කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “යම් පමණ කලෙකින් එක් දවසක් යැපෙන පමණ වළඳම් නම්, ඒකාන්තයෙන් එතෙක් කල් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණලද වේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
(4) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
(4) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි තෙල සැළ කෙළේය.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලැගනිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් එකැතියෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය යි.
(5) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
(5) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තෝ කෙසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මෙ විෂයෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් එක් අහර පිඬක් සපා වළඳම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ කොට ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
(6) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහංපි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
(6) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
ඉධ මය්හං භන්තෙ එවං හොති “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි, පස්සසිත්වා වා අස්සසාමි. භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
වහන්ස, මට මෙ විෂයෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙණ) හෝ ප්‍රශ්වාස (හුස්ම බැහැර) කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ” ය යි. වහන්ස, මම මෙසෙයින් මරණ සතිය වඩමි යි.
එවං වුත්තෙ භගවා තෙ භික්ඛූ එතදවොච:
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුන්ට තෙල වදාළසේක:
(1) යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(1) “මහණෙනි, යම් මහණෙක් ‘මම දව රැයක් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි. මෙසේ මරණසී භවාද,-
(2) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං දිවසං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(2) “මහණෙනි, යම් මහණෙක් ‘මම දහවලක් ජීවත් වනුයෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි මරණ සතිය වඩා ද-
(3) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(3) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළඳම් නම්, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
(4) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(4) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
(1, 2, 3, 4) ‘ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛූ පමත්තා විහරන්ති, දන්ධං මරණ සතිං භාවෙන්ති ආසවානං ඛයාය.
(1, 2, 3, 4) “මහණෙනි, මෙ මහණහු ප්‍රමත්ත ව වසන්නාහ යි ද ආස්රවක්ෂය පිණිස ලැසිව (මන්දව) මරණසී වඩන්නාහ යි ද කියනු ලබත්-
(5) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(5) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් ආලෝපයක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය’යි මෙසේ මරණ සතිය වඩා ද-
(6) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි. පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
(6) “මහණෙනි, යම් මහණෙක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත්වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේය”යි මෙසේ මරණසතිය වඩා ද,-
(5, 6) ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛූ අප්පමත්තා විහරන්ති තික්ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.
(5, 6) මහණෙනි, මෙ භික්ෂුහු අප්‍රමත්තව වාසය කරන්නාහ යි ද, ආස්රවක්ෂය සඳහා තියුණු කොට මරණසතිය වඩන්නා හයි ද කියනු ලබත්.
තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාම, තික්ඛං මරණසතිං භාවෙස්සාම ආසවානං ඛයායාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා “අප්‍රමත්ත ව වසන්නමෝ, ආස්රවක්ෂය පිණිස තියුණු කොට මරණසතිය වඩම්හ”යි මෙසේ හික්මිය යුතු ය යි.