යෙදුමෙන් කියවන්න

දුතිය මරණසති සුත‍්තං

6. 1. 2. 10.

6. 1. 2. 10.

[දුතිය මරණසති සුත‍්තං]

[දුතිය මරණසති සූත්‍රය]

20. එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: මරණසති භික‍්ඛවෙ භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.

20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, භාවිත බහුලීකෘත මරණසතිය මහත්ඵල මහානිසංස ඇත්තී අමෘත සඞ්ඛ්‍යාත නිවනට බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී වෙයි.

කථං භාවිතා ච භික‍්ඛවෙ මරණසති කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා?

මහණෙනි, කිසෙයින් මරණසතිය භාවිත වූවා කිසෙයින් බහුලීකෘත වූවා මහත්ඵල මහානිසංස ඇත්තී නිවන් බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී ය යත්:

(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛු දිවසෙ නික‍්ඛන‍්තෙ රත‍්තියා පතිහිතාය ඉති පටිසඤ‍්චික‍්ඛති: “බහුකා ඛො මෙ පච‍්චයා මරණස‍්ස: අහි වා මං ඩසෙය්‍ය, විච‍්ඡිකො වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තෙන මෙ අස‍්ස කාලකිරියා සො මමස‍්ස අන‍්තරායො. උපක‍්ඛලිත්‍වාවාහං පපතෙය්‍යං, භත‍්තං වාපි මෙ භුත‍්තං බ්‍යාපජ‍්ජෙය්‍ය, පිත‍්තං වා මෙ කුප‍්පෙය්‍ය, සෙම‍්හං වා මෙ කුප‍්පෙය්‍ය, සත්‍ථකා වා මෙ වාතා කුප‍්පෙය්‍යුං, තෙන මෙ අස‍්ස කාලකිරියා. සො මමස‍්ස අන‍්තරායො”ති.

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ දවකල් නික්ම යත්ම රැය එළඹෙත් ම මෙසේ නුවණින් සලකයි: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති: සපෙක් හෝ මා ඩස්නේ ය. නුහුසුවෙක් හෝ මා ඩස්නේ ය. පත්වහයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරායෙක් වෙයි. පැකිලැ හෝ මම් හෙනුයෙම් නම්, මා බිදි බත හෝ නො දිරා නම්, මාගේ පිත හෝ කිපේ නම්, මාගේ සෙම හෝ කිපේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එ මට අන්තරායෙක් වේ”යි.

(2) තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: “අත්‍ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා යෙ මෙ අස‍්සු රත‍්තිං කාලං කරොන‍්තස‍්ස අන‍්තරායායා”ති. සචෙ භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “අත්‍ථි මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා යෙ මෙ අස‍්සු රත‍්තිං කාලංකරොන‍්තස‍්ස අන‍්තරායායා”ති, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණිය්‍යාව. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තෙන භික‍්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයා.

(2) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු: “රාත්‍රියෙහි කලුරිය කරණ මා හට අන්තරාය කර වූ මාගේ අප්‍රහීණ වූ අකුශල ධර්‍මයෝ ඇත් දැ?”යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ නුවණින් සළකනුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස වැටෙන මාගේ අප්‍රහීණ අකුශල ධර්‍මයෝ ඇතැයි”, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් සම්පාදන වීර්‍ය්‍යයත් නොහැකිළෙන වැරත් සතියත් සම්පජඤ්ඤයත් කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියේ වේව යි, ගිනි ඇවිළ ගත් හිස ඇතියේ වේව යි, ඒ පිළි හෝ ඒ හිස නිවීම සඳහා ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් උස්සොළ්හියත් අප්‍රතිවානියත් සතියත් සම්ප්‍රජන්‍යයත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හීය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා කටයුතු.

(3) සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “නත්‍ථි මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා යෙ මෙ අස‍්සු රත‍්තිං කාලං කරොන‍්තස‍්ස අන‍්තරායායා”ති, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.

(3) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස පවත්නා අප්‍රහීණ වූ ලාමක අකුශල ධර්‍මයෝ නැතැ”යි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් කුශලධර්‍මයන්හි අහෝරාත්‍රයෙහි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් විසිය යුතුය.

(4) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු රත‍්තියා නික‍්ඛන‍්තාය දිවසෙ පතිහිතෙ ඉති පටි සඤ‍්චික‍්ඛති: “බහුකා මෙ පච‍්චයා මරණස‍්ස: අහි වා මං ඩසෙය්‍ය, විච‍්ඡිකො වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තෙන මෙ අස‍්ස කාලකිරියා, සො මමස‍්ස අන‍්තරායො. උපක‍්ඛිලිත්‍වා වාහං පපතෙය්‍යං භත‍්තං වා මෙ භුත‍්තං බ්‍යාපජ‍්ජෙය්‍ය, පිත‍්තං වා මෙ කුප‍්පෙය්‍ය, සෙම‍්හං වා මෙ කුප‍්පෙය්‍ය, සත්‍ථකා මෙ වාතා කුප‍්පෙය්‍යුං, තෙන මෙ අස‍්ස කාලකිරියා, සො මමස‍්ස අන‍්තරායො”

(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ ඉක්ම යත් ම දවහල් එළඹෙත් ම මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝහ. සර්‍පයෙක් වේව යි මා ඩස්නේ ය. වෘශ්චිකයෙක් වේව යි මා ඩස්නේ ය. ශතපදිකයෙක් වේව යි මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි. මම පැකිල හෝ හෙම් නම්, මා විසින් බිදි බත හෝ නො පස්නේ වේ නම්, මාගේ පිත හෝ කුප්නේ නම්, මාගේ සෙම හෝ කුප්නේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙ”යි.

(5) තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: “අත්‍ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා, යෙ මෙ අස‍්සු දිවා කාලංකරොන‍්තස‍්ස අන‍්තරායායා”ති.

(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.

සචෙ භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “අත්‍ථි මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා, යෙ මෙ අස‍්සු දිවා කාලං කරොන‍්තස‍්ස අන‍්තරායායා”ති, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසඤ‍්ඤෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීය්‍යා. සෙය්‍යථාපි භික‍්ඛවෙ අදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තෙන භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයා.

මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්‍ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.

(6) සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “නත්‍ථි මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීනා යෙ මෙ අස‍්සු දිවා කාලං කරොන‍්තස‍්ස අන‍්තරායායා”ති, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.

(6) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහෝරාත්‍රයෙහි කුශලධර්‍මයන්හි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් වාස කටයුතු.

එවං භාවිතා ඛො භික‍්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.

මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද මරණසති තොමෝ මහත්ඵල මහානිසංස වෙයි. අමතෝගධ වෙයි. අමතපරියොසාන වෙයි.

සාරාණීය වග‍්ගො දුතියො

සාරාණීය වර්‍ගය දෙවැනි යි.

තස‍්සුද‍්දානං

එහි උද්දානය:

ද‍්වෙ සාරාණීය නිස‍්සාරණීයං භද‍්දකං අනුතප‍්පියං නකුලකුසලා මච‍්ඡං ද‍්වෙ ච හොන‍්ති මරණසතිනා දසාති.

සාරාණීයසූත්‍ර දෙකක, නිස්සාරණීයසූත්‍රය, භද්දකසූත්‍රය, අනුතප්පියසූත්‍රය, නකුලසූත්‍රය, කුශලසූත්‍රය, මච්ඡසූත්‍රය, මරණසතිසූත්‍ර දෙක දැයි දසයෙකි.