යෙදුමෙන් කියවන්න

දුතිය සාරාණීයසුත‍්තං

6. 1. 2. 2.

6. 1. 2. 2.

[දුතිය සාරාණීයසුත‍්තං]

[දුතියසාරණීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

12. ඡයිමෙ භික‍්ඛවෙ ධම‍්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තන‍්ති. කතමෙ ඡ:

12. මහණෙනි, සබ්‍රම්සරුනට ප්‍රිය කරණ ගරු කරණ, සඞ්ග්‍රහ සඳහා අවිවාද සඳහා සමගි බැව් සඳහා ඒකීභාවය සඳහා පවත්නා මේ සාරාණීය ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:

(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරිසු ආවී චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

(1) මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහුගේ මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. සබ්‍රම්සරුන්ට ප්‍රිය කරණ ගරු කරණ, මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍ර පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, ඒකීභාවය පිණිස වැටෙයි.

(2) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො මෙත‍්තං වචීකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති -පෙ-

(2) තවද මහණෙනි, භික්‍ෂුහුගේ මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... එළඹ සිටියේ වෙයි ...

(3) [පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො] මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරිසු ආවී චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

(3) [තවද මහණෙනි, භික්‍ෂුහුගේ] මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, ඒකී භාවය පිණිස වැටෙයි.

(4) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු යෙ තෙ ලාභා ධම‍්මිකා ධම‍්මලද‍්ධා අන‍්තමසො පත‍්තපරියාපන‍්නමත‍්තම‍්පි තථාරූපෙහි ලාභෙහි අප‍්පටිවිභත‍්තභොගී හොති සීලවන‍්තෙහි සබ්‍රහ‍්මචාරීහි සාධාරණභොගී. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වූ ද යම් ඒ ලාභයෝ වෙත් නම්, එබඳු ලාභයෙන් අප්‍රතිවිභක්තභෝගී වෙයි, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ භෝගී වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.

(5) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු යානි තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීසු ආවී චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධියට වැටෙන යම් ඒ ශීලයෝ වෙත් නම් එබඳු මාර්‍ගශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා ශීලසාම්‍යයට ගියේ වසයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහය පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.

(6) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු යායං දිට‍්ඨි අරියා නිය්‍යාණිකා නීයාති තක‍්කරස‍්ස සම‍්මාදුක‍්ඛක‍්ඛාය, තථාරූපාය දිට‍්ඨියා දිට‍්ඨිසාමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීසු ආවී චෙව රහො ච. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම් ඒ ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එය කරණුවහට මනාකොට දුඃඛක්‍ෂය පිණිස යේ නම්, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා දෘෂ්ටිසාම්‍යයට ගියේ වසයි. ප්‍රියකරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍ම සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙත් යයි.