3. අනුත්තරිය වග්ගො අට්ඨකථා
3. අනුත්තරිය වර්ගය
1-2. සාමගාමක සුත්තාදිවණ්ණනා
1-2. සාමගාමක ආදි සූත්‍ර වර්ණනා
තතියස්ස පඨමෙ සාමගාමකෙති සාමකානං උස්සන්නත්තා එවංලද්ධනාමෙ ගාමකෙ. පොක්ඛරණියායන්ති පොක්ඛරණියානාමකෙ විහාරෙ. අභික්කන්තාය රත්තියාති රත්තියා පඨමයාමං අතික්කම්ම මජ්ඣිමයාමෙ සම්පත්තෙ. අභික්කන්තවණ්ණාති අභික්කන්තඅතිමනාපවණ්ණා. කෙවලකප්පන්ති සකලකප්පං. පොක්ඛරණියං ඔභාසෙත්වාති පොක්ඛරණියානාමකං මහාවිහාරං අත්තනො ඔභාසෙන ඵරිත්වා. සමනුඤ්ඤොති සමානඅනුඤ්ඤො සමානචිත්තො. දොවචස්සතාති දුබ්බචභාවො. පාපමිත්තතාති ලාමකමිත්තතා. ඉමස්මිං සුත්තෙ පරිහානියධම්මාව කථිතා. දුතියෙ අපරිහානියධම්මා ලොකුත්තරමිස්සකා කථිතා.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සාමගාමකෙ යනු සාමකයන් වැඩි බැවින් මෙන්ම එසේ ලබන ලද නම් ඇති ගමෙහියි, පොක්ඛරණියායං යනු පොක්ඛරණියා නමැති විහාරයෙහියි, අභික්කන්තාය රත්තියා යනු රාත්‍රියෙහි පළමු යම ඉක්ම ඇඳුම් යම පැමිණි කල්හියි, අභික්කන්තවණ්ණා යනු ඉතා සිත්ගන්නා බෙහෙවින් සිත්කලු වූයි, කෙවලකප්පං යනු මුළුල්ලම, සම්පූර්ණයෙන්ම යනුයි, පොක්ඛරණියං ඔභාසෙත්වා යනු පොක්ඛරණියා නම් වූ මහාවිහාරය තමන්ගේ ආලෝකයෙන් පතුරුවායි, සමනුඤ්ඤො යනු සමසේ අනුදත්තේ, සමාන සිත් ඇත්තේයි, දොවචස්සතා යනු දුර්වච (නපුරු වචන ඇති) බවයි, පාපමිත්තතා යනු පවිටු මිතුරන් ඇති බවයි, මේ සූත්‍රයෙහි පිරිහීමට පත්කරන ධර්මයෝම කියන ලදහ. දෙවැන්නෙහි පිරිහීම ඇති නොකරන ධර්මයෝ ලෝකෝත්තර මිශ්‍රකව කියන ලදහ.
3. භය සුත්තවණ්ණනා
3. භය සූත්‍ර වර්ණනාව
තතියෙ කාමරාගරත්තායන්ති කාමරාගරත්තො අයං. ඡන්දරාගවිනිබද්ධොති ඡන්දරාගෙන විනිබද්ධො. භයාති චිත්තුත්රාසභයා. පඞ්කාති කිලෙසපඞ්කතො. සඞ්ගො පඞ්කො ච උභයන්ති සඞ්ගො ච පඞ්කො ච ඉදම්පි උභයං. එතෙ කාමා පවුච්චන්ති, යත්ථ සත්තො පුථුජ්ජනොති යස්මිං සඞ්ගෙ ච පඞ්කෙ ච පුථුජ්ජනො සත්තො ලග්ගො ලග්ගිතො පලිබුද්ධො. උපාදානෙති චතුබ්බිධෙ උපාදානෙ. ජාතිමරණසම්භවෙති ජාතියා ච මරණස්ස ච සම්භවෙ පච්චයභූතෙ. අනුපාදා විමුච්චන්තීති අනුපාදියිත්වා විමුච්චන්ති. ජාතිමරණසඞ්ඛයෙති ජාතිමරණානං සඞ්ඛයසඞ්ඛාතෙ නිබ්බානෙ, නිබ්බානාරම්මණාය විමුත්තියා විමුච්චන්තීති අත්ථො. ඉමස්මිං ඨානෙ විවට්ටෙත්වා අරහත්තමෙව පත්තො එස භික්ඛු. ඉදානි තං ඛීණාසවං ථොමෙන්තො තෙ ඛෙමප්පත්තාතිආදිමාහ. තත්ථ ඛෙමප්පත්තාති ඛෙමභාවං පත්තා. සුඛිනොති ලොකුත්තරසුඛෙන සුඛිතා. දිට්ඨධම්මාභිනිබ්බුතාති අබ්භන්තරෙ කිලෙසාභාවෙන දිට්ඨධම්මෙයෙව අභිනිබ්බුතා. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථෙත්වා ගාථාසු වට්ටවිවටං කථිතං.
තෙවැන්නෙහි කාමරාගරත්තායං යනු මෙතෙම කාමරාගයෙන් රත්වූයේයි, ඡන්දරාග විනිබද්ධො යනු ඡන්දරාගයෙන් බැඳුනේයි, භයා යනු සිත තැතිගන්වන බියෙනි, පඞ්කා යනු කෙලෙස් මඩෙනි, සඞ්ගො පඞ්කො ච උභයං යනු ඇලීම, මඩ යන මේ දෙකයි, එතෙ කාමා පවුච්චන්ති යත්ථ සත්තො පුථුජ්ජනො යනු යම් ඇල්මෙක්හිද මඩෙහි ද පෘථග්ජනයා ඇළුණේ ලැගුනේ කෙලෙසුනේයි, උපාදානෙ යනු සිවුවැදෑරුම් දැඩිසේ ගැනීමෙහියි, ජාතිමරණසම්භවෙ යනු ඉපදීම ද මරණය ද හටගන්වන්නා වූ, හේතුවූයි, අනුපාදා විමුච්චන්ති යනු අල්වා නොගෙන මිදෙත්, ජාතිමරණසඞ්ඛයෙ යනු ජාති මරණයන්ගේ ක්ෂයවීම් සංඛ්‍යාත නිවනෙහියි, නිවන අරමුණු කොට ඇති විමුක්තියෙන් මිදෙත්යයි අරුත්ය. මේ ස්ථානයෙහි මේ භික්ෂුව කෙලෙස් වනසා රහත් බවටම පැමිණියේය, දැන් ඒ ක්ෂීණාශ්රවයාට ගුණ වණමින් “තෙ ඛෙමප්පත්තා” යනාදිය කීවේය. එහි ඛෙමප්පත්තා යනු නිර්භය බවට පැමිණියෝයි, සුඛිනො යනු ලොවුතුරා සුවයෙන් සුවපත් වූවෝයි, දිට්ඨධම්මාභිනිබ්බුතා යනු ඇතුළත කෙලෙසුන් නැති බැවින් ඉහාත්මයෙහිම නිවනට පත්වූවාහුයි, මේ සූත්‍රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
4. හිමවන්ත සුත්තවණ්ණනා
4. හිමවන්ත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පදාලෙය්යාති භින්දෙය්ය. ඡවායාති ලාමිකාය. සමාධිස්ස සමාපත්තිකුසලො හොතීති ආහාරසප්පායඋතුසප්පායානි පරිග්ගහෙත්වා සමාධිං සමාපජ්ජිතුං කුසලො හොති ඡෙකො සමත්ථො පටිබලො. සමාධිස්ස ඨිතිකුසලොති සමාධිස්ස ඨිතියං කුසලො, සමාධිං ඨපෙතුං සක්කොතීති අත්ථො. සමාධිස්ස වුට්ඨානකුසලොති සමාධිස්ස වුට්ඨානෙ කුසලො, යථාපරිච්ඡෙදෙන වුට්ඨාතුං සක්කොතීති අත්ථො. සමාධිස්ස කල්ලිතකුසලොති සමාධිස්ස කල්ලතාය කුසලො, සමාධිචිත්තං හාසෙතුං කල්ලං කාතුං සක්කොතීති අත්ථො. සමාධිස්ස ගොචරකුසලොති සමාධිස්ස අසප්පායෙ අනුපකාරකෙ ධම්මෙ වජ්ජෙත්වා සප්පායෙ උපකාරකෙ සෙවන්තොපි, “අයං සමාධිනිමිත්තාරම්මණො අයං ලක්ඛණාරම්මණො”ති ජානන්තොපි සමාධිස්ස ගොචරකුසලො නාම හොති. සමාධිස්ස අභිනීහාරකුසලොති උපරිඋපරිසමාපත්තිසමාපජ්ජනත්ථාය පඨමජ්ඣානාදිසමාධිං අභිනීහරිතුං සක්කොන්තො සමාධිස්ස අභිනීහාරකුසලො නාම හොති. සො පඨමජ්ඣානා වුට්ඨාය දුතියං සමාපජ්ජති, දුතියජ්ඣානා…පෙ… තතියජ්ඣානා වුට්ඨාය චතුත්ථං සමාපජ්ජතීති.
සිවුවැන්නෙහි පදාලෙය්ය යනු බිඳින්නේය, ඡවාය යනු ලාමකවූයි. සමාධිස්ස සමාපත්තිකුසලො හොති යනු ගැලපෙන ආහාර, ගැලපෙන ඍතුන් විමසා සමාධියට සමවදින්නට ද වූයේ වෙයි, දක්ෂ වූයේ සමත්වූයේ ප්‍රතිබල වූයේයි, සමාධිස්ස ඨිතිකුසලො යනු සමාධිය පවත්වා ගැනීමෙහි දක්ෂවූයේයි, සමාධිය තබා ගැනීමට හැක්කේයයි අරුත්ය, සමාධිස්ස වුට්ඨානකුසලො යනු සමාධියෙන් නැගිටීමෙහි දක්ෂවූයේයි, පිරිසිඳීමට අනුව නැඟිටීමට හැක්කේයි අරුත්ය, සමාධිස්ස කල්ලිතකුසලො යනු සමාධියේ මනෝඥබවෙහි දක්ෂ වූයේයි, සමාධි සිත බබළවන්නට මනහර කරන්නට හැක්කේයි අරුත්ය, සමාධිස්ස ගොචරකුසලො යනු සමාධියට නොගැලපෙන උපකාර නොවන ධර්මයන් හැර ගැලපෙන උපකාරක ධර්මයන් ඇසුරු කරන්නා ද මේ සමාධි නිමිත්තාරම්මණය, මේ ලක්ෂණාරම්මණයයි දන්නා ද සමාධිස්ස ගොචරකුසලො නම් වෙයි, සමාධිස්ස අභිනීහාරකුසලො යනු මතුමත්තෙහි සමවත්වලට සමවැදීම සඳහා ප්‍රථම ධ්යනාදී සමාධිය යොමුකිරීමට හැකිවන්නා සමාධිස්ස අභිනීහාරකුසලො නමි, හෙතෙම ප්‍රථම ධ්‍යනයෙන් නැඟිට ද්විතීය ධ්‍යානයට සමවදියි, ද්විතීය ධ්‍යානයෙන් - පෙ- තෘතීය ධ්‍යානයෙන් නැඟිට චතුර්ථ ධ්‍යනයට සමවදියි.
5. අනුස්සතිට්ඨාන සුත්තවණ්ණනා
5. අනුස්සතිට්ඨාන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අනුස්සතිට්ඨානානීති අනුස්සතිකාරණානි. ඉතිපි සො භගවාතිආදීනි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.123 ආදයො) විත්ථාරිතානෙව. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වාති ඉදං බුද්ධානුස්සතිකම්මට්ඨානං ආරම්මණං කරිත්වා. විසුජ්ඣන්තීති පරමවිසුද්ධිං නිබ්බානං පාපුණන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙව. ඉමස්මිං පන සුත්තෙ ඡ අනුස්සතිට්ඨානානි මිස්සකානි කථිතානීති වෙදිතබ්බානි.
පස්වැන්නෙහි අනුස්සතිට්ඨානාති යනු අනුස්සතිකාරණයෝයි, “ඉතිපි සො භගවා” යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දාහුය. ඉදම්පි ඛො භික්ඛවේ ආරම්මණං කරිත්වා යන මෙය බුද්ධානුස්සති කමටහන අරමුණු කොටයි, විසුජ්ඣන්ති යනු පරම විසුද්ධිය වූ නිවනට පමුණුවත්, සෙස්ස හැම තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය. මේ සූත්‍රයෙහි අනුස්සති කාරණයෝ මිශ්‍රකව කියන ලද්දාහුයි දතයුතුය.
6. මහාකච්චාන සුත්තවණ්ණනා
6. මහා කච්චාන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සම්බාධෙති පඤ්චකාමගුණසම්බාධෙ. ඔකාසාධිගමොති එත්ථ ඔකාසා වුච්චන්ති ඡ අනුස්සතිට්ඨානානි, තෙසං අධිගමො. විසුද්ධියාති විසුජ්ඣනත්ථාය. සොකපරිදෙවානං සමතික්කමායාති සොකානඤ්ච පරිදෙවානඤ්ච සමතික්කමත්ථාය. අත්ථඞ්ගමායාති අත්ථං ගමනත්ථාය. ඤායස්ස අධිගමායාති සහවිපස්සනකස්ස මග්ගස්ස අධිගමනත්ථාය. නිබ්බානස්ස සච්ඡිකිරියායාති අපච්චයපරිනිබ්බානස්ස පච්චක්ඛකිරියත්ථාය.
සවැන්නෙහි සම්බාධෙ යනු පස්කම් ගුණ නැමති බාධාවෙහියි, ඔකාසාධිගමො යනු මෙහි අනුස්සති කරුණු සය ඔකාසයයි කියනු ලැබේ, ඔවුන් අවබෝධ කිරීමයි, විසුද්ධියා යනු පිරිසුදු වීම සඳහායි, සොකපරිද්දවානං සමතික්කමාය යනු ශෝකයන්ගේත් වැලපීම්වලත් ඉක්මවීම සඳහායි, අත්ථගමාය යනු අස්තයට යාම සඳහායි, ඤායස්ස අධිගමාය යනු විදර්ශනාව සහිත මාර්ගය අවබෝධ කිරීම සඳහායි, නිබ්බානස්ස සච්ඡිකිරියාය යනු ප්‍රත්‍යය රහිත නිර්වාණය පසක් කරනු සඳහායි,
සබ්බසොති සබ්බාකාරෙන. ආකාසසමෙනාති අලග්ගනට්ඨෙන චෙව අපලිබුද්ධට්ඨෙන ච ආකාසසදිසෙන. විපුලෙනාති න පරිත්තකෙන. මහග්ගතෙනාති මහන්තභාවං ගතෙන, මහන්තෙහි වා අරියසාවකෙහි ගතෙන, පටිපන්නෙනාති අත්ථො. අප්පමාණෙනාති ඵරණඅප්පමාණතාය අප්පමාණෙන. අවෙරෙනාති අකුසලවෙරපුග්ගලවෙරරහිතෙන. අබ්යාපජ්ඣෙනාති කොධදුක්ඛවජ්ජිතෙන. සබ්බමෙතං බුද්ධානුස්සතිචිත්තමෙව සන්ධාය වුත්තං. පරතොපි එසෙව නයො. විසුද්ධිධම්මාති විසුජ්ඣනසභාවා. ඉමස්මිම්පි සුත්තෙ ඡ අනුස්සතිට්ඨානානි මිස්සකානෙව කථිතානීති.
සබ්බසො යනු සර්වප්රකාරයෙනි, ආකාස්සමෙන යනු නොලැගීම් අරුතින් මෙන්ම බාධාරහිත යන අරුතින් ද අහස සමාන වූයෙනි, විපුලෙන යනු අල්ප නොවුවෙනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි හෝ මහත් වූ ආර්ය ශ්‍රාවකයන් විසින් ගිය, අවබෝධ කළ දෙයිනි යන අරුත්ය, අප්පමාණෙන යනු පැතිරීම අපමණ බැවින් අප්‍රමාණ වූ දෙයිනි, අවෙරෙන යනු අකුශල වෛර පුද්ගල වෛර රහිත දෙයිනි, අව්යාපජ්ඣෙන යනු ක්‍රෝධ දුක අත්හළ දෙයිනි, මේ සියල්ලම බුද්ධානුස්සති සිත සඳහාම කියන ලදි, අන්තැන්හි ද මේ ක්‍රමයමයි. විසුද්ධිධම්මා යනු පිරිසුදු වීම් ස්වභාවයෝයි, මේ සූත්‍රයෙහි ද අනුස්සති කරුණු සය මිශ්‍රකවම කියන ලදි.
7. පඨමසමය සුත්තවණ්ණනා
7. පඨමසමය සූත්‍ර වර්ණනාව
සත්තමෙ මනොභාවනීයස්සාති එත්ථ මනං භාවෙති වඩ්ඪෙතීති මනොභාවනීයො. දස්සනායාති දස්සනත්ථං. නිස්සරණන්ති නිග්ගමනං වූපසමනං. ධම්මං දෙසෙතීති කාමරාගප්පජහනත්ථාය අසුභකම්මට්ඨානං කථෙති. දුතියවාරාදීසු බ්යාපාදප්පහානාය මෙත්තාකම්මට්ඨානං, ථිනමිද්ධප්පහානාය ථිනමිද්ධවිනොදනකම්මට්ඨානං, ආලොකසඤ්ඤං වා වීරියාරම්භවත්ථුආදීනං වා අඤ්ඤතරං, උද්ධච්චකුක්කුච්චප්පහානාය සමථකම්මට්ඨානං, විචිකිච්ඡාපහානාය තිණ්ණං රතනානං ගුණකථං කථෙන්තො ධම්මං දෙසෙතීති වෙදිතබ්බො. ආගම්මාති ආරබ්භ. මනසිකරොතොති ආරම්මණවසෙන චිත්තෙ කරොන්තස්ස. අනන්තරා ආසවානං ඛයො හොතීති අනන්තරායෙන ආසවානං ඛයො හොති.
සත්වැන්නෙහි මනොභාවනියස්ස යනු මෙහි මනස වඩයි යන්නෙන් මනොභාවනියො නමි, දස්සනාය යනු දැකීම සඳහායි, නිස්සරණං යනු නික්මීමයි, සංසිඳීමයි, ධම්මං දෙසෙති යනු කාමරාගය දුරුකරනු සඳහා අසුභ කර්මස්ථානය කියයි, දෙවෙනි වාරාදියෙහි ද ව්‍යාපාදය දුරුකරනු සඳහා මෛත්‍රී කර්මස්ථානය ද ථිනමිද්ධය දුරු කරනු සඳහා ථිනමිද්ධය දුරුකරන කර්මස්ථානය ද ආලෝක සංඥාව හෝ වීර්යය පටන් ගැනීමේ වස්තු අතුරෙන් යමක් හෝ ද උද්ධච්චකුක්කුච්චය දුරුකරනු සඳහා සමථ කර්මස්ථානය ද විචිකිච්ඡාව දුරුකරනු සඳහා තෙරුවනෙහි ගුණකථාව ද කියන්නේ දම් දෙසයි යි කිවයුතුය, ආගම්ම යනු අරභයායි, මනසිකරොතො යනු අරමුණු වශයෙන් සිතෙහි කරන්නහුගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු අතරක් නැතිවම ආශ්‍රව ක්ෂය වෙයි.
8. දුතියසමය සුත්තවණ්ණනා
8. දුතිය සමය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ මණ්ඩලමාළෙති භොජනසාලාය. චාරිත්තකිලමථොති පිණ්ඩපාතචරියාය උප්පන්නකිලමථො. භත්තකිලමථොති භත්තදරථො. විහාරපච්ඡායායන්ති විහාරපච්චන්තෙ ඡායාය. යදෙවස්ස දිවා සමාධිනිමිත්තං මනසිකතං හොතීති යං එව තස්ස තතො පුරිමදිවසභාගෙ සමථනිමිත්තං චිත්තෙ කතං හොති. තදෙවස්ස තස්මිං සමයෙ සමුදාචරතීති තංයෙව එතස්ස තස්මිං සමයෙ දිවාවිහාරෙ නිසින්නස්ස මනොද්වාරෙ සඤ්චරති. ඔජට්ඨායීති ඔජාය ඨිතො පතිට්ඨිතො. ඵාසුකස්ස හොතීති ඵාසුකං අස්ස හොති. සම්මුඛාති කථෙන්තස්ස සම්මුඛට්ඨානෙ. සුතන්ති සොතෙන සුතං. පටිග්ගහිතන්ති චිත්තෙන පටිග්ගහිතං.
අටවැන්නෙහි මණ්ඩලමාලෙ යන බොජුන් හලෙහියි, චාරිත්තකිලමථො යනු පිඬු හැසිරීමෙන් උපන් වෙහෙසයි, භත්තකිලමථො යනු බත් මතයයි, විහාරපච්ඡායායං යනු විහාර අන්තයෙහි වූ සෙවනෙහියි, යදෙවස්ස දිවා සමාධිනිමිත්තං මනසිකතං හොති යනු මොහු ඊට කලින් දිනයෙහි යම් සමථ නිමිත්තක් මෙනෙහි කළේද තදෙවස්ස තස්මිං සමයෙ සමුදාචරති යනු එයම එකල දිවා විහරණයෙහි හුන්නාවූ මොහුගේ මනෝද්වාරයෙහි හැසිරෙයි, ඔජට්ඨායි යනු ඔජසෙහි සිටියේ, පිහිටියේයි: ඵාසුස්ස හොති යනු ඔහුට පහසුවක් වෙයි, සම්මුඛො යනු කියන්නාගේ ඉදිරියෙහියි. සුතං යනු කණෙන් අසන ලදි, පටිග්ගහිතං යනු සිතෙන් පිළිගන්නා ලදි.
9. උදායි සුත්තවණ්ණනා
9. උදායී සූත්‍ර වර්ණනාව
නවමෙ උදායින්ති ලාළුදායිත්ථෙරං. සුණොමහං, ආවුසොති, ආවුසො, නාහං බධිරො, සුණාමි භගවතො වචනං, පඤ්හං පන උපපරික්ඛාමීති. අධිචිත්තන්ති සමාධිවිපස්සනාචිත්තං. ඉදං, භන්තෙ, අනුස්සතිට්ඨානන්ති ඉදං ඣානත්තයසඞ්ඛාතං අනුස්සතිකාරණං. දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තතීති ඉමස්මිංයෙව අත්තභාවෙ සුඛවිහාරත්ථාය පවත්තති. ආලොකසඤ්ඤන්ති ආලොකනිමිත්තෙ උප්පන්නසඤ්ඤං. දිවා සඤ්ඤං අධිට්ඨාතීති දිවාති සඤ්ඤං ඨපෙති. යථා දිවා තථා රත්තින්ති යථානෙන දිවා ආලොකසඤ්ඤා මනසිකතා, රත්තිම්පි තථෙව තං මනසි කරොති. යථා රත්තිං තථා දිවාති යථා වානෙන රත්තිං ආලොකසඤ්ඤා මනසිකතා, දිවාපි තං තථෙව මනසි කරොති. විවටෙනාති පාකටෙන. අපරියොනද්ධෙනාති නීවරණෙහි අනොනද්ධෙන. සප්පභාසං චිත්තං භාවෙතීති දිබ්බචක්ඛුඤාණත්ථාය සහොභාසකං චිත්තං බ්රූහෙති වඩ්ඪෙති. යං පන “ආලොකසඤ්ඤං මනසි කරොතී”ති වුත්තං, තං ථිනමිද්ධවිනොදනාලොකසඤ්ඤං සන්ධාය වුත්තං, න දිබ්බචක්ඛුඤාණාලොකන්ති වෙදිතබ්බං. ඤාණදස්සනප්පටිලාභායාති දිබ්බචක්ඛුසඞ්ඛාතස්ස ඤාණදස්සනස්ස පටිලාභාය.
නවවැන්නේ, උදායිං යනු උදායි තෙරුන්ය, සුණාමහං ආවුසො යනු ඇවැත්නි, මම බිහිරෙක් නොවෙමි, භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසමි, ප්‍රශ්නයක් ගැන සිතමි, අධිචිත්තං යනු සමාධි විදර්ශනා සිතයි, ඉදං භන්තෙ අනුස්සතිඨානං යනු මෙය ධ්‍යාන තුන නැමැති අනුස්සති කාරණයයි, දිට්ඨධම්මසුඛ විහාරාය සංවත්තති යනු මේ ආත්මභාවයෙහිම සැප විහරණය සඳහා පවතියි, ආලොකසඤ්ඤං යනු ආලොක නිමිත්තෙහි උපන් සංඥාවයි, දිවා සඤ්ඤං අධිට්ඨාති යනු දහවලැයි හැඟීමක් තබයි, යථා දිවා තථා රත්තිං යනු යම්සේ ඔහු විසින් දහවල ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද රැයෙහි ද එසේම මෙනෙහි කරයි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔහු විසින් රාත්‍රියෙහි ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද දහවල්හි ද එය එසේම කරයි, විවටෙන යනු ප්‍රකට වූ දෙයිනි, අපරියොනද්ධෙන යනු නීවරණයන්ගෙන් නොවැසුනෙනි, සප්පභාසං චිත්තං භාවෙති යනු දිවැස් නැණ සඳහා බැබලීම් සහිත සිත වඩයි, දියුණු කරයි යි කියන ලදි. එය ථිනමිද්ධය දුරුකරන ආලෝක සංඥාව සඳහා කියන ලදි, දිබ්බචක්ඛුඤාණාලෝකය නොවේයයි දතයුතුය, ඤාණදස්සනපටිලාභාය යනු දිවස් නැණ නමැති ඥානදර්ශනය ලැබීම සඳහාය,
ඉමමෙව කායන්තිආදීසු යං වත්තබ්බං සියා, තං සබ්බං සබ්බාකාරෙන විත්ථාරතො විසුද්ධිමග්ගෙ කායගතාසතිකම්මට්ඨානෙ වුත්තං. කාමරාගප්පහානායාති පඤ්චකාමගුණිකස්ස රාගස්ස පහානත්ථාය. සෙය්යථාපි පස්සෙය්යාති යථා පස්සෙය්ය. සරීරන්ති මතසරීරං. සිවථිකාය ඡඩ්ඩිතන්ති සුසානෙ අපවිද්ධං. එකාහං මතස්ස අස්සාති එකාහමතං. ද්වීහං මතස්ස අස්සාති ද්වීහමතං. තීහං මතස්ස අස්සාති තීහමතං. භස්තා විය වායුනා උද්ධං ජීවිතපරියාදානා යථානුක්කමං සමුග්ගතෙන සූනභාවෙන ධුමාතත්තා උද්ධුමාතං, උද්ධුමාතමෙව උද්ධුමාතකං. පටිකූලත්තා වා කුච්ඡිතං උද්ධුමාතන්ති උද්ධුමාතකං. විනීලං වුච්චති විපරිභින්නවණ්ණං, විනීලමෙව විනීලකං. පටිකූලත්තා වා කුච්ඡිතං විනීලන්ති විනීලකං. මංසුස්සදට්ඨානෙසු රත්තවණ්ණස්ස පුබ්බසන්නිචයට්ඨානෙසු සෙතවණ්ණස්ස යෙභුය්යෙන ච නීලවණ්ණස්ස නීලට්ඨානෙ නීලසාටකපාරුතස්සෙව ඡවසරීරස්සෙතං අධිවචනං. පරිභින්නට්ඨානෙහි නවහි වා වණමුඛෙහි විස්සන්දමානං පුබ්බං විපුබ්බං, විපුබ්බමෙව විපුබ්බකං. පටිකූලත්තා වා කුච්ඡිතං විපුබ්බන්ති විපුබ්බකං. විපුබ්බකං ජාතං තථාභාවං ගතන්ති විපුබ්බකජාතං.
ඉමමෙවකායං යනාදියෙහි යමක් කිවයුතු වේද ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි කායගතාසති කමටහනෙහි දී කියන ලදි. කාමරාගපහානාය යනු පඤ්චකාමගුණික වූ රාගය දුරුකිරීම සඳහායි, සෙය්යථාපි පස්සෙය්ය යනු යම්සේ දක්නේද යනුයි, සරීරං යනු මළසිරුරුයි, සීවථිකාය ඡඩ්ඪිතං යනු සොහොනෙහි අත්හළයි, මැරුණු මොහුට එක්දිනයක්නුයි එකාහමතං නමි, මළ මොහුට දින දෙකකැයි ද්වීහමතං නමි, මළ මොහුට දින තුනකැයි තීහමතං නමි. පසුම්බියක් මෙන් වායුවෙන් පිම්ඹුණු, ජීවිතාවසානයෙහි සිට පිළිවෙලින් මතුවුණු ඉදිමුණු බවින් පිළිබුණු බැවින් පිම්ඹුණු දෙයම උද්ධුමාතක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ ඉදිමීම ඇත්තේනුයි හෝ උද්ධුමාතක නමි, සිඳී බිඳීගිය පැහැය විනීලක යයි කියනු ලැබේ. ඒ විනීලයම විනීලක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ විනීලයක් ඇත්තේනුයි හෝ විනීලකං නමි, මස් වැඩි තන්හි රත්පැහැය ඇති පෙර රැස්ව තිබු තැන්හි සුදු පැහැය ඇති නිල් පැහැය ඇති තැන්හි බෙහෙවින් නිල් පැහැය ඇති නිල් සළුවක් පොරවන ලද්දක් වැනි වූ මළමිනියට මෙය පර්‍ය්‍යාය නාමයකි, නවවිධවූ බිඳුණු තැන්වලින් හෝ වණමුඛයන්ගෙන් වැගිරෙන සුළුවූ සැරව ඇත්තේනුයි විපුබ්බක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ සැරව ඇත්තේනුයි හෝ විපුබ්බක නමි, සැරව බවට ගියේනුයි විපුබ්බකජාතං නමි,
සො ඉමමෙව කායන්ති සො භික්ඛු ඉමං අත්තනො කායං තෙන කායෙන සද්ධිං ඤාණෙන උපසංහරති උපනෙති. කථං? අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතොති. ඉදං වුත්තං හොති – ආයු උස්මා විඤ්ඤාණන්ති ඉමෙසං තිණ්ණං ධම්මානං අත්ථිතාය අයං කායො ඨානගමනාදිඛමො හොති, ඉමෙසං පන විගමා අයම්පි එවංධම්මො එවංපූතිකසභාවොයෙවාති. එවංභාවීති එවමෙවං උද්ධුමාතාදිභෙදො භවිස්සති. එවං අනතීතොති එවං උද්ධුමාතාදිභාවං අනතික්කන්තො.
සො ඉමමෙව කායං යනු ඒ භික්ෂුව මේ තමන්ගේ සිරුර යනුයි, ඒ කය සමඟ ඥානයෙන් හකුළුවයි, ඉදිරිපත් කරයි, කෙසේද? අයම්පි ඛො කායො එවං ධම්මො එවංභාවි එතං අනතීතො යනු මෙය කියන ලද්දේ වෙයි: ආයුෂ, උෂ්ණය හා විඥානය යන මේ ධර්මතුන ඇති බැවින් මේ සිරුර සිටීම යාම ආදියෙහි හැකියාව ඇත්තේ වෙයි, මේවා ඉවත්වීමෙන් මෙය එවං ධම්මො යනු පිළිකුල් ස්වභාවය ඇත්තේමය, එවං භාවි යනු මෙසේම උද්ධුමාතාදී භේදය වන්නේය, එතං අනතීතො යනු මේ උද්ධුමාතාදී ස්වභාවය නොයික්මවන ලද්දේය,
ඛජ්ජමානන්ති උදරාදීසු නිසීදිත්වා උදරමංසඔට්ඨමංසඅක්ඛිකමංසාදීනි ලුඤ්චිත්වා ලුඤ්චිත්වා ඛාදියමානං. සමංසලොහිතන්ති සෙසාවසෙසමංසලොහිතයුත්තං. නිම්මංසලොහිතමක්ඛිතන්ති මංසෙ ඛීණෙපි ලොහිතං න සුස්සති, තං සන්ධාය වුත්තං – “නිම්මංසලොහිතමක්ඛිත”න්ති. අඤ්ඤෙනාති අඤ්ඤෙන දිසාභාගෙන. හත්ථට්ඨිකන්ති චතුසට්ඨිභෙදම්පි හත්ථට්ඨිකං පාටියෙක්කං පාටියෙක්කං විප්පකිණ්ණං. පාදට්ඨිකාදීසුපි එසෙව නයො. තෙරොවස්සිකානීති අතික්කන්තසංවච්ඡරානි. පූතීනීති අබ්භොකාසෙ ඨිතානි වාතාතපවුට්ඨිසම්ඵස්සෙන තෙරොවස්සිකානෙව පූතීනි හොන්ති, අන්තොභූමිගතානි පන චිරතරං තිට්ඨන්ති. චුණ්ණකජාතානීති චුණ්ණවිචුණ්ණං හුත්වා විප්පකිණ්ණානි. සබ්බත්ථ සො ඉමමෙවාති වුත්තනයෙන ඛජ්ජමානාදීනං වසෙන යොජනා කාතබ්බා. අස්මිමානසමුග්ඝාතායාති අස්මීති පවත්තස්ස නවවිධස්ස මානස්ස සමුග්ඝාතත්ථාය. අනෙකධාතුපටිවෙධායාති අනෙකධාතූනං පටිවිජ්ඣනත්ථාය. සතොව අභික්කමතීති ගච්ඡන්තො සතිපඤ්ඤාහි සමන්නාගතොව ගච්ඡති. සතොව පටික්කමතීති පටිනිවත්තන්තොපි සතිපඤ්ඤාහි සමන්නාගතොව නිවත්තති. සෙසපදෙසුපි එසෙව නයො. සතිසම්පජඤ්ඤායාති සතියා ච ඤාණස්ස ච අත්ථාය. ඉති ඉමස්මිං සුත්තෙ සතිඤාණානි මිස්සකානි කථිතානීති.
ඛජ්ජමානං යනු උදරය ආදී තැන්හි හිඳ උදරමාංශය, ඔෂ්ට (තොල්) මාංශය, අක්ෂි මාංශය ආදිය උගුලමින් කනු ලබන්නාවූයි, සමංසලොහිතං යනු ඉතිරි මස්ලෙයින් යුක්තවූයි, නිම්මංසලොහිතං යනු ඉතිරි මස්ලෙයින් යුක්තවූයි, නිම්මංසලොහිත මක්ඛිතං යනු මස් ක්ෂය වූ කල්හි ද ලේ නොවියලෙයි, ඒ සඳහා “ලොහිතමක්ඛිතං”යි කියන ලදි, අඤ්ඤෙන වෙනත් දිශාවකින්ය, හත්ථට්ඨිකං යනු සිවුසැට වැදෑරුම්වූ ද අත් ඇට වෙන්වෙන්ව විසුරුණේයි, පා ඇට ආදියෙහි ද මේ ක්‍රමයමයි, තෙරොවස්සිකානි යනු ඉක්මණු අවුරුදු ඇත්තේය, පුතීනි යනු එළිමහනෙහි පැවති, සුළඟ අව්වැසි පැහැසීමෙන් ඉක්මුණු අවුරුදු ඇත්තේම පුතීනි නම් වෙයි, පොළව තුළට ගිය ඒවා බොහෝ කලක් පවතියි, චුණ්ණකජාතානි යනු සුණු සුණු බවට පත්ව විසුරුණාවූයි, හැම තන්හි එම භික්ෂුව “ඉමමෙව” යනුවෙන් කියන ලද ක්‍රමයෙන් කනු ලබනාදීන්ගේ වශයෙන් යෙදීම කළයුතුය. අස්මිමානසමුග්ඝාතාය යනු වෙමැයි පැවති නවවිධ මානය වැනසීම සඳහායි, අනෙකධාතුපටිවෙධාය යනු නොයෙක් ධාතූන් අවබෝධ කිරීම සඳහායි, සතොච අභික්කමති යනු යන්නේ සිහිනුවණින් යුතුවම යයි, සතො පටික්කමති යනු ආපසු හැරී එන්නේද සිහිනුවණින් යුතුව හැරී එයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, සතිසම්පජඤ්ඤාය යනු සිහිය ද නුවණ ද සඳහායි. මෙසේ මේ සූත්‍රයෙහි සිහිනුවණ මිශ්‍රකව කියන ලදි.
10. අනුත්තරිය සුත්තවණ්ණනා
10. අනුත්තරිය සූත්‍ර වර්ණනාව
දසමෙ උච්චාවචන්ති යං කිඤ්චි මහන්තඛුද්දකං, උච්චනීචං වා. හීනන්ති නිහීනං. ගම්මන්ති ගාමවාසිකානං දස්සනං. පොථුජ්ජනිකන්ති පුථුජ්ජනානං සන්තකං. අනරියන්ති න අරියං න උත්තමං න පරිසුද්ධං. අනත්ථසංහිතන්ති න අත්ථසන්නිස්සිතං. න නිබ්බිදායාති න වට්ටෙ නිබ්බින්දනත්ථාය. න විරාගායාති න රාගාදීනං විරජ්ජනත්ථාය. න නිරොධායාති න රාගාදීනං අප්පවත්තිනිරොධාය. න උපසමායාති න රාගාදීනං වූපසමනත්ථාය. න අභිඤ්ඤායාති න අභිජානනත්ථාය. න සම්බොධායාති න සම්බොධිසඞ්ඛාතස්ස චතුමග්ගඤාණස්ස පටිවිජ්ඣනත්ථාය. න නිබ්බානායාති න නිබ්බානස්ස සච්ඡිකිරියාය.
දසවැන්නෙහි උච්චාවචං යනු ලොකු කුඩා යම් කිසිවකි, උස්පහත් දෙයක් හෝ ද වේ. හීනං යනු පහත් යනුයි, ගම්මං යනු ගම්වැසියන්ගේ දැක්මයි, පොථුජ්ජනිකං යනු පෘථග්ජනයන්ට අයත්වූයි, අනරියං යනු ආර්ය්යයි නොවූයේයි, උතුම් නොවූයේ පිරිසුදු නොවූයේයි, අතත්ථසංහිතං යනු අර්ත්ථය ඇසුරු නොවූයි, න නිබ්බිදාය යනු සසරෙහි කළකිරීම සඳහා නොවේ, න විරාගාය යනු රාගාදින්ගේ පැවැත්ම සඳහා නොවේ, න නිරොධාය යනු රාගාදීන්ගේ නොපැවැත්ම විනාශවීම සඳහාය, න උපසමාය යනු රාගාදීන් සංසිඳීම සඳහා නොවේ, න අභිඤ්ඤාය යනු මනාව දැනීම සඳහා නොවේ, න සම්බොධාය යනු සම්බොධි සංඛ්‍යාත වූ සිවුමග නුවණ අවබෝධ කිරීම සඳහා නොවේ, න නිබ්බානාය යනු නිවන පසක් කිරීම සඳහා නොවේ.
නිවිට්ඨසද්ධොති පතිට්ඨිතසද්ධො. නිවිට්ඨපෙමොති පතිට්ඨිතපෙමො. එකන්තගතොති එකන්තං ගතො, අචලප්පත්තොති අත්ථො. අභිප්පසන්නොති අතිවිය පසන්නො. එතදානුත්තරියන්ති එතං අනුත්තරං. හත්ථිස්මිම්පි සික්ඛතීති හත්ථිනිමිත්තං සික්ඛිතබ්බං හත්ථිසිප්පං සික්ඛති. සෙසපදෙසුපි එසෙව නයො. උච්චාවචන්ති මහන්තඛුද්දකං සිප්පං සික්ඛති.
නිවිට්ඨසද්ධො යනු පිහිටි සැදැහැ ඇත්තේයි, නිවිට්ඨපෙමො යනු පිහිටි ප්‍රේමය ඇත්තේයි, එකන්තිගතො යනු ඒකාන්තයෙන් ගියේයි, නොසැලෙන සැදැහැ ඇත්තේ යන අරුත්ය, අභිප්පසන්නො යනු බෙහෙවින් පැහැදුනේයි, එතදානුත්තරියං යනු මෙය අනුත්තරය, හත්ථිසමිම්පි සික්ඛති යනු හස්ති නිමිත්ත, උගතයුතු හස්ති ශිල්පය උගනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, උච්චාවචං යනු ලොකකුඩා ශිල්ප උගනියි.
උපට්ඨිතා පාරිචරියෙති පාරිචරියාය පච්චුපට්ඨිතා. භාවයන්ති අනුස්සතින්ති අනුත්තරං අනුස්සතිං භාවෙන්ති. විවෙකප්පටිසංයුත්තන්ති නිබ්බානනිස්සිතං කත්වා. ඛෙමන්ති නිරුපද්දවං. අමතගාමිනන්ති නිබ්බානගාමිනං, අරියමග්ගං භාවෙන්තීති අත්ථො. අප්පමාදෙ පමොදිතාති සතියා අවිප්පවාසසඞ්ඛාතෙ අප්පමාදෙ ආමොදිතා පමොදිතා. නිපකාති නෙපක්කෙන සමන්නාගතා. සීලසංවුතාති සීලෙන සංවුතා පිහිතා. තෙ වෙ කාලෙන පච්චෙන්තීති තෙ වෙ යුත්තප්පයුත්තකාලෙ ජානන්ති. යත්ථ දුක්ඛං නිරුජ්ඣතීති යස්මිං ඨානෙ සකලං වට්ටදුක්ඛං නිරුජ්ඣති, තං අමතං මහානිබ්බානං තෙ භික්ඛූ ජානන්තීති. ඉමස්මිං සුත්තෙ ඡ අනුත්තරියානි මිස්සකානි කථිතානීති.
උපට්ඨිතා පාරිචරියෙ යනු සේවාවෙහි එළඹ සිටියේය, භාවයන්ති අනුස්සතිං යනු අනුත්තර වූ අනුස්සතිය වඩත්. විවෙකපටිසංයුත්තං යනු නිවන ඇසුරු කොටයි, ඛෙමං යනු උවදුරු නැති වූයි, අමතගාමිනං යනු නිර්වාණගාමී ආර්යමාර්ගය වඩත්යැයි අරුත්ය, අප්පමාදෙ පමාදිතා යුතු සිහියෙන් නොතොරවීම් සංඛ්‍යාත අප්‍රමාදයෙහි සතුටුවූවෝයි, ප්‍රමුදිත වූවෝයි, නිපකා යනු නුවණින් යුක්ත වූවෝයි, සීලසංවුතා ශීලයෙන් සංවරවූවාහුයි, වසන ලද්දාහුයි, තෙ වෙ කාලෙන පච්චෙන්ති යනු ඔවුහු සුදුසු කාලයෙහි දනිත්, යත්ථ දුක්ඛං නිරුජ්ඣති යනු යම් තැනක සියලු සසර දුක නැතිවේද ඒ අමෘත වූ මහා නිර්වාණය ඒ භික්ෂුහු දනිති, මේ සූත්‍රයෙහි අනුත්තරිය සය මිශ්‍රකව කියන ලදි.
අනුත්තරියවග්ගො තතියො.
තෙවැනි වර්ගයයි