යෙදුමෙන් කියවන්න

මහාකච‍්චාන සුත‍්තං

6. 1. 3. 6.

6. 1. 3. 6.

[මහාකච‍්චාන සුත‍්තං]

[මහා කච්චාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

26. තත්‍ර ඛො ආයස‍්මා මහාකච‍්චානො භික‍්ඛු ආමන‍්තෙසි, ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහා කච‍්චානස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහා කච‍්චානො එතදවොච:

26. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණහු ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරුන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල කීහ.

අච‍්ඡරියං ආවුසො අබ‍්භුතං ආවුසො යාව සුභාසිතං චිදං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්බාධෙ ඔකාසාධිගමො අනුබුද‍්ධො සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය. නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය යදිදං ඡ අනුස‍්සතිට‍්ඨානානි කතමානි ඡ.

ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය ... සුභාෂිතයෙක්මය. සියල්ල දන්නා, සියල්ල දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් අස්තයට යවනු පිණිස, (මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස (පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත) සම්බාධයෙහි (ෂඩ් අනුස්මෘති නම් වූ) අවකාශාධිගමය අවබෝධ කරණ ලදි. කවර සයෙක යත්:

(1) ඉධාවුසො අරියසාවකො තථාගතං අනුස‍්සරති “ඉතිපි සො භගවා [අරහං] -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති, යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො තථාගතං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති, උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති, නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා ‘ගෙධො’ති ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ‍්බසො ආකාසසමෙන චෙතසා විහරති, විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති.

(1) ඇවැත්නි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙකරුණෙනුදු එ භගවත්හු (අර්‍හත්හු) ... දේවමනුෂ්‍යනට ශාස්තෘහ. බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේ සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තථාගතයන් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ නැගී සිටියේ ඍජුගත ම වන්නේ ය. ඇවැත්නි ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරිසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහත් භාවයට ගිය (ස්ඵරණවශයෙන්) අප්‍රමාණ වූ වෛර රහිත වූ (ක්‍රෝධදුඃඛ සඞ්ඛ්‍යාත) ව්‍යාබාධයෙන් තොරවූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇතියාහු වෙත්.

(2) පුන චපරං ආවුසො අරියසාවකො ධම‍්මං අනුස‍්සරති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”තී. යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො ධම‍්මං අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති, උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති, නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ‍්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති.

(2) තවද ඇවැත්නි, යම් කලෙක අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාතය ... විඥයන් විසින් සිය සතන්හි එළවා දතයුතුය”යි ධර්‍මය සිහිකරන්නේ ය. ඇවැත්නි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අවෛර වූ ව්‍යාබාධ (දුක්) රහිත වූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙලෙව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(3) පුන චපරං ආවුසො අරියසාවකො සඞ‍්ඝං අනුස‍්සරති. “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො සඞ‍්ඝං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති, නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරිය සාවකො සබ‍්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති.

(3) තවද ඇවැත්නි, ආර්‍ය්‍ය ශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා සිහිකරයි. ඇවැත්නි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා සිහිකෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එ මැ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (දුක් නැති) චිත්තයෙන් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(4) පුන චපරං ආවුසො අරියසාවකො අත‍්තනො සීලානි අනුස‍්සරති අඛණ‍්ඩානි -පෙ- සමාධි සංවත‍්තනිකානි. යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො අත‍්තනො සීලං අනුස‍්සරති. නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ‍්බසො අකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති.

(4) තවද ඇවැත්නි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් අනුස්මරණය කරයි. ඇවැත්නි, අරීසවු යම් කලෙක තමාගේ ශීලය අනුස්මරණය කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට අධිවචනයෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (නිදුක් වූ) සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(5) පුන චපරං ආවුසො අරියසාවකො අත‍්තනො චාගං අනුස‍්සරති: “ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ -පෙ- යාචයොගො දානසංවිභාග රතො”ති. යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො අත‍්තනො චාගං අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති. න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති. නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා. ‘ගෙධොති’ ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ‍්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති.

(5) තවද ඇවැත්නි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට ඒකාන්තයෙන් මනාලාභයෙකි ... යදනට නිසියෙම්, දානසංවිභාගයෙහි රතයෙමැ”යි තමාගේ ත්‍යාගය සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක අරීසවු තමාගේ ත්‍යාගය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එ කල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(6) පුන චපරං ආවුසො අරියසාවකො දෙවතා අනුස‍්සරති: “සන‍්ති දෙවා චාතුම‍්මහාරාජිකා -පෙ- සන‍්ති දෙවා තතුත‍්තරිං. යථා රූපාය සද‍්ධාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නා, මය‍්හම‍්පි තථාරූපා සද‍්ධා සංවිජ‍්ජති. යථාරූපෙන සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ‍්ඤාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නා, මය‍්හම‍්පි තථාරූපා පඤ‍්ඤා සංවිජ‍්ජතීති. යස‍්මිං ආවුසො සමයෙ අරියසාවකො අත‍්තනො ච තාසඤ‍්ච දෙවතානං සද‍්ධඤ‍්ච සීලඤ‍්ච සුතඤ‍්ච චාගඤ‍්ච පඤ‍්ඤඤ‍්ච අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොස පරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති. නික‍්ඛන‍්තං මුත‍්තං වුට‍්ඨිතං ගෙධම‍්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ‍්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන. ඉදම‍්පි ඛො ආවුසො ආරම‍්මණං කරිත්‍වා එවමිධෙකච‍්චෙ සත‍්තා විසුද‍්ධිධම‍්මා භවන‍්ති

(6) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “චාතුම්මහාරාජික දෙවියෝ ඇත ... ඔවුනට මත්තෙහි දෙවියෝ ද ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම්, මට ද එබඳු ශ්‍රද්ධා විද්‍යමාන ය. යම්බඳු ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු ද, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දේවතාවන් අනුස්මරණ කරයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තමාගේත් එ දෙවියන්ගේත් ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නිෂ්ක්‍රාන්ත වූයේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ චිත්තයෙන් වාසකරයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව් හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

අච‍්ඡරියං ආවුසො අබ‍්භුතං ආවුසො යාවඤ‍්චිදං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්බාධෙ ඔකාසාධිගමො අනුබුද‍්ධො සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය යදිදං ඉමානි ඡ අනුස‍්සති ඨානානීති.

ඇවැත්නි, “ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නසුන් අස්තයට යවනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස, සම්බාධයෙහි අවකාශාධිගමයට කරුණු වන අනුස්මෘති ස්ථාන සය අවබෝධ කරණ ලද ය, යන මෙය ආශ්චර්‍ය්‍යයෙක. ඇවැත්නි, අද්භුතයෙක.