අනුත්තරිය සුත්තං
6. 1. 3. 10.
6. 1. 3. 10.
[අනුත්තරිය සුත්තං]
[අනුත්තරිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
30. ඡ ඉමානි භික්ඛවෙ අනුත්තරියානි. කතමානි ඡ:
30. මහණෙනි, මෙ අනුත්තරිය (ශ්‍රේෂ්ඨ) ධර්ම සයෙකි. කවර සයෙක යත්:
දස්සනානුත්තරියං සවණානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සතානුත්තරියං.
දස්සනානුත්තරිය, සවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය, අනුස්සතානුත්තරිය යන සය යි.
(1) කතමඤ්ච භික්ඛවෙ දස්සනානුත්තරියං: ඉධ භික්ඛවෙ එකච්චො හත්ථිරතනම්පි දස්සනාය ගච්ඡති, අස්සරතනම්පි දස්සනාය ගච්ඡති, මණිරතනම්පි දස්සනාය ගච්ඡති, උච්චාවචං වා පන දස්සනාය ගච්ඡති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං දස්සනාය ගච්ඡති. අත්ථෙතං භික්ඛවෙ දස්සනං, නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ දස්සනං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ දස්සනානං- සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ දස්සනානුත්තරියං. ඉති දස්සනානුත්තරියං.
(1) මහණෙනි, දස්සනානුත්තරිය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය. අනර්‍ත්‍ථය සඳහා වැටෙයි. නිර්වේදයට නො ද වැටෙයි. විරාගයට නො ද වැටෙයි. නිරෝධයට නො ද වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො ද වැටෙයි. අභිඥානයට නො ද වැටෙයි. සම්බෝධියට නො ද වැටෙයි. නිර්වාණයට නො ද වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, ඒකාන්තයට (අචල ශ්රද්ධාවට) පැමිණියේ, අතිශයින් පහන් වූයේ, තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ දක්නට යේ නම්, මහණෙනි, සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක්දොම්නස දුරලනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින්, පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයන් හෝ දක්නට යන්නේ ය යන තෙල කරුණ දර්ශනයන් අතුරෙන් අනුත්තරිය දර්ශන වේ. මහණෙනි, මෙ දස්සනානුත්තරිය යි කියනු ලැබේ. මෙසෙයින් දර්ශනානුත්තරිය වෙයි.
(2) සවණානුතතරියඤ්ච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො භෙරි සද්දම්පි සවණාය ගච්ඡති, වීණාසද්දම්පි සවණාය ගච්ඡති, ගීතසද්දම්පි සවණාය ගච්ඡති, උච්චාවචං වා පන සවණාය ගච්ඡති. සමණස්ස වා බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස ධම්මසවණාය ගච්ඡති. අත්ථෙතං භික්ඛවෙ සවණං. නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ සවණං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්ම සවණාය සවණාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ සවණානං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්මසවණාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ සවණානුත්තරියං.
(2) සවණානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්මශ්රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය ඇසුරු කෙළේ ය. නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො වැටෙයි. අභිඥානයට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්වාණයට නො වැටෙයි. මහණෙනි, පිහිටි සැදැහැති, පිහිටි ප්‍රේම ඇති, අචලශ්‍රද්ධාවට පත් අභිප්‍රසන්න යමෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ ධර්මය ඇසීමට යේ නම්, මහණෙනි, පිහිටි ශ්‍රද්ධා ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ ධර්මය ඇසීමට යන්නේය යන තෙල කරුණ - සත්ත්ව විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින් ශ්‍රවණයන් අතුරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මේ සවණානුත්තරිය යි කියනු ලැබේ.
ඉති දස්සනානුත්තරියං, ඉති සවණානුත්තරියං.
මෙසේ දස්සනානුත්තරිය වෙයි. මෙසේ සවණානුත්තරිය වෙයි.
(3) ලාභානුත්තරියංච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි ලභති, දාරලාභම්පගි ලභති, ධනලාභම්පි ලභති. උච්චාවචං වා පන ලාභං ලභති. සමණෙ වා පන බ්රාහ්මණෙ වා මිච්ඡදිට්ඨිකෙ මිච්ඡාපටිපන්නෙ සද්ධං පටිලභති. අත්ථෙසො භික්ඛවෙ ලාභො. න සො නත්ථීති වදාමි. සො ච ඛො භික්ඛවෙ ලාභො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, න නිබ්බිදාය -පෙ- න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ ලාභානංසත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ ලාභානුත්තරියං.
(3) ලාභානුත්තරිය කෙසේ වේය යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් පුත්‍රලාභ ද ලබන්නේ ය. දාරලාභ ද ලබන්නේ ය. ධනලාභ ද ලබන්නේ ය. කුදු මහත් ලාභ හෝ ලබන්නේ ය. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු කෙරේ වේවයි බමුණකු කෙරේ වේවයි ශ්‍රද්ධාව ලබන්නේ ය. මහණෙනි, තෙල ලාභය ඇත්මැයි. එ නැතැයි නො කියමි. මහණෙනි, එ ලාභය ද හීන ය. ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථසංහිත ය. නිර්වේදයට නො වැටෙයි ... නිවන් පිණිස නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි හෝ පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචලශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ සැදැහැ ලබන්නේ නම්, තථාගතයන් වහන්සේ කෙරේ වේවයි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි වේවයි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ, යම් මේ සත්ත්ව විශුද්ධිය පිණිස ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක් දොම්නස් දුරලනු පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කරණු පිණිස පවත්නා ශ්‍රද්ධාව ලබන්නේ නම්, තෙල ශ්රද්ධාලාභය ලාභයන් අතුරෙහි අනුත්තරිය වේ ය යි. මහණෙනි, මෙ ලාභානුත්තරිය යි කියනු ලැබේ.
ඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං
මෙසේ දර්ශනානුත්තරිය වෙයි, ශ්‍රවණානුත්තරිය වෙයි, ලාභානුත්තරිය වෙයි.
(4) සික්ඛානුත්තරියං ච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො හත්ථිස්මිම්පි සික්ඛති, අස්සස්මිම්පි සික්ඛති, රථස්මිම්පි සික්ඛති, ධනුස්මිම්පි සික්ඛති, ථරුස්මිම්පි සික්ඛති, උච්චාවචං වා පන සික්ඛති. සමණස්ස වා පන බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස සික්ඛති. අත්ථෙසා භික්ඛවෙ සික්ඛා, නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ සික්ඛා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති, නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ සික්ඛානං- සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති. අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති, නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ සික්ඛානුත්තරියං.
(4) සික්ඛානුත්තරිය කෙසේ වේ යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිශිල්පයෙහි දු හික්මෙයි. අශ්වශිල්පයෙහි දු හික්මෙයි. ධනුශිල්පයෙහි දු හික්මෙයි. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙයි. කුදු මහත් ශිල්පයෙක්හි හෝ හික්මෙයි. මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාප්‍රතිපන්න වූ මහණකු හෝ බමුණකු අනුව හෝ හික්මෙයි. මහණෙනි, තෙල ශික්ෂාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශික්ෂා හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථ සංහිත ය, නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්යපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත වූ ධර්ම විනයෙහි අධිශීලයත් හික්මෙයි ද, අධිචිත්තයත් හික්මෙයි ද, අධිප්‍රඥාවත් හික්මේ ද, (ධර්මයෙහි) පිහිටි සැදැහැ ඇතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, අචල ශ්‍රද්ධා ඇතියේ, අභිප්‍රසන්න වේ ද, මහණෙනි, තථාගතධර්මවිනයෙහි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ අධිශීලය ද හික්මෙයි, අධිචිත්තය ද හික්මෙයි, අධිප්‍රඥා ද හික්මෙයි යන යමක් වේ නම්, සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්වාණයාගේ සාක්ෂාත්කාරය පිණිස පවත්නා තෙල ශික්ෂාව ශික්ෂාවන් අතුරෙන් අනුත්තරිය වේ. මහණෙනි, මෙ සික්ඛානුත්තරිය යි කියනු ලැබේ.
ඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං
මෙසේ දස්සනානුත්තරිය වෙ යි. සවණානුත්තරිය වෙ යි. ලාභානුත්තරිය වෙ යි. සික්ඛානුත්තරිය වෙ යි.
(5) පාරිචරියානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො ඛත්තියම්පි පරිචරති, බ්රාහ්මණම්පි පරිචරති, ගහපතිම්පි පරිචරති, උච්චාවචං වා පන පරිචරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං පරිචරති. අත්ථෙසා භික්ඛවෙ පාරිචරියා. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ පාරිචරියා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය -පෙ- න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ පාරිචරියානං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ පාරිචරියානුත්තරියං.
(5) පාරිචරියානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට මෙහෙ කෙරෙයි. මහණෙනි, තෙල පාරිචරියාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල පාරිචරියාව හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථයට වැටෙයි. නිර්වේදයට නො වැටෙයි ... නිර්වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගතශ්රාවකයකුට හෝ මෙහෙ කෙරේ නම්, මහණෙනි, බැසගත් ශ්‍රද්ධා ඇතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරෙයි යන යමෙක් වේ නම්, එය සත්ත්ව විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්රමයට දුක් දොම්නසුන්ගේ අස්තගමයට න්‍යායයාගේ අධිගමයට නිර්වාණයාගේ සාක්ෂාත්කාරයට හිත වන හෙයින් තෙල පාරිචරියාවන් අතරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මෙ පාරිචරියානුත්තරියයි කියනු ලැබේ.
ඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං.
මෙසේ දස්සනානුත්තරිය වෙයි. සවණානුත්තරිය වෙයි. ලාභානුත්තරිය වෙයි. සික්ඛානුත්තරිය වෙයි. පාරිචරියානුත්තරිය වෙයි.
(6) අනුස්සතානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි අනුස්සරති, දාරලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුස්සරති, උච්චාවචං වා ලාභං පන අනුස්සරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං වා මිච්ඡාපටිපන්නං අනුස්සරති. අත්ථෙසා භික්ඛවෙ අනුස්සති. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ අනුස්සති හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ අනුස්සතීනං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා. තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ අනුස්සතානුත්තරියං. (ඉති අනුස්සතානුත්තරියං.)
(6) අනුස්සතානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් පුත්රලාභය ද සිහිකෙරෙයි, භාර්ය්යාලාභය ද සිහිකෙරෙයි, ධනලාභය ද සිහිකෙරෙයි, කුදුමහත් ලාභයක් හෝ සිහිකෙරෙයි, මිසදිටු ඇති හෝ වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ සිහිකෙරෙයි. මහණෙනි, තෙල අනුස්මෘතිය ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථය ඇසුරු කළ අනුස්මෘතිය නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්යාපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැ ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචල ශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ සිහි කෙරේ නම්, මහණෙනි, සත්ත්ව විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කිරීම පිණිස (පවත්නා හෙයින්), මහණෙනි, පිහිටි සැදැහැ ඇතියේ පිහිටි පෙම් ඇතියේ අචල ශ්රද්ධාවට පැමිණියේ මැනැවින් පහන් වූයේ තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ සිහි කෙරේ ය යන යමෙක් වේ නම්, තෙල අනුස්මෘතීන් අතුරෙහි අනුත්තරිය වේ. මහණෙනි, මේ මෙය අනුස්සතානුත්තරිය යි කියනු ලැබේ. (අනුස්සතානුත්තරිය මෙසේ වෙයි)
ඉමානි ඛො භික්ඛවෙ ඡ අනුත්තරියානී’ති.
මහණෙනි, මේ අනුත්තරිය ධර්ම සය යි.
9. යෙ දස්සනවරං ලද්ධා සවණඤ්ච අනුත්තරං ලාභානුත්තරියං ලද්ධා සික්ඛානුත්තරියෙ රතා,
9. යම් කෙනෙක් අනුත්තරදර්ශනය ද අනුත්තර ශ්‍රවණය ද ලැබ ලාභානුත්තරියට පැමිණ සික්ඛානුත්තරියෙහි ඇලුනාහු -
10. උපට්ඨිතා පාරිචරියෙ භාවයන්ති අනුස්සතිං විවෙකපටිසංයුත්තං ඛෙමං අමතගාමිනිං,
10. පරිචරියායෙහි එළැඹ සිටියාහු විවේකප්රතිසංයුක්ත වූ ක්ෂේම වූ අමෘතය කරා යන සුලු අනුස්මෘතිය වඩත් ද,
11. අප්පමාදෙ පමොදිතා නිපකා සීලසංවුතා තෙ මෙ කාලෙන පච්චෙන්ති යත්ථ දුක්ඛං නිරුජ්ඣතීති.
11. අප්‍රමාදයෙහි ප්‍රමුදිත, නිපක ප්‍රඥායෙන් යුක්ත, ශීලයෙන් සංවෘත වූ ඔහු, යම් තැනෙක්හි දුක නිරුද්ධ වේ නම් ඒකාන්තයෙන් එ නිවණට නිසිකල්හි පැමිණෙති.
අනුත්තරියවග්ගො දුතියො.
තුන්වැනි අනුත්තරිය වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සාවකො අපරිහානියො භයං හිමවානුස්සති කච්චානො ද්වෙ ච සමයා උදායී අනුත්තරියෙනාති.
සාවක සූත්‍රය, අපරිහානිය සූත්‍රය, භය සූත්‍රය, හිමවන්ත සූත්‍රය, අනුස්සතිට්ඨාන සූත්‍රය, කච්චාන සූත්‍රය, පඨමසමය සූත්‍රය, දුතියසමය සූත්‍රය, උදායී සූත්‍රය, අනුත්තරියසූත්රය දැ යි දශයෙකි.