උදායි සුත්තං
6. 1. 3. 9.
6. 1. 3. 9.
[උදායි සුත්තං]
[උදායී සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
29. අථ ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි:
29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් (ලාළු) උදායී තෙරුන් ඇමැතූ සේක:
”කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති එවං වුත්තෙ ආයස්මා උදායි තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි. “කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති. දුතියම්පි ඛො ආයස්මා උදායි තුණ්හී අහොසි. තතියම්පි ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි. “කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති. තතියම්පි ඛො ආයස්මා උදායි තුණ්හී අහොසි.
“උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. දෙවනවට දු ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමැතූ සේක. තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිහඬ වූහ.
අථ ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං උදායිං එතදවොච: “සත්ථා තං ආවුසො උදායි, ආමන්තෙතී”ති. සුණොමහං ආවුසො ආනන්ද, භගවතො.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල කීහ: “ඇවැත් උදායියෙනි, ශාස්තෘහු මුඹ අමතන්නාහ”යි. “ඇවැත් ආනන්දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල අසමි” (ප්රශ්නය ගැණ කල්පනා කරමි) යි.
“ඉධ භන්තෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉදං භන්තෙ අනුස්සතිට්ඨානන්ති.”
“වහන්ස, මෙ සස්නෙහි මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. එ කෙසෙයින යත්: එක් ජාතියකුදු ... ජාති දෙකෙකුදු ... මෙසෙයින් ආකාර සහිත කොට උදෙසීම් සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි. වහන්ස, මෙ වනාහි අනුස්සතිට්ඨානයෙකැ”යි (උදායී තෙරණුවෝ කීහ.)
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “අඤ්ඤාසිං ඛො අහං ආනන්ද, නෙවායං උදායි මොඝපුරිසො අධිචිත්තමනුයුත්තො විහරතී”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දතෙරුන් ඇමතූසේක: “ආනන්දයෙනි, මෙ උදායී මෝඝපුරුෂ තෙම (සමාධි - විදර්ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි නො ම යෙදුනේ වාස කරන්නේ ය”යි මම දැනගත්මි.
කති නු ඛො ආනන්ද, අනුස්සතිට්ඨානානී’ති.
“ආනන්දයෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි.
පඤ්ච භන්තෙ අනුස්සතිට්ඨානානී’ති. කතමානි පඤ්ච:
වහන්ස, අනුස්මෘතිස්ථානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
(1) ඉධ භන්තෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- [පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ-] තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
(1) වහන්ස, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ...) තෘතීයධ්‍යානයට එළඹ වාස කරයි.
ඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවංබහුලීකතං දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
වහන්ස, මෙ (ත්‍රිවිධධ්‍යාන) අනුස්මෘතිස්ථානය මෙසෙයින් වඩන ලදුයේ මෙසෙයින් බහුලකරණ ලදුයේ ඉහාත්මයෙහි සුඛවිහාර පිණිස වැටෙයි.
(2) පුන චපරං භන්තෙ, භික්ඛු ආලොකසඤ්ඤං මනසිකරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති. යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා, ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
(2) තවද වහන්ස, මෙ සස්නෙහි මහණ (ථීනමිද්ධය දුරුකරණ) ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. දවහලැයි සංඥාව තබයි. දවහල් යම් සේ ආලෝක සංඥාව මෙනෙහි කෙරේ නම්, එසෙයින් රාත්‍රිය ද, රාත්‍රිය යම් සේ ආලෝක සංඥා මෙනෙහි කෙරේ නම්, එසේ ම දවහල් ද මෙනෙහි කරයි. මෙසේ විවෘත වූ නීවරණයන්ගෙන් නො වැළඳි සිතින් සප්‍රභාසචිත්තය (දිවැස් නුවණ පිණිස ඕභාස සහිත සිත) වඩයි.
ඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවංබහුලීකතං ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
වහන්ස, මෙ (ආලෝකසංඥා) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩන ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ ඥානදර්ශන ප්‍රතිලාභය (දිවැස් නුවණ ලැබීම) සඳහා වැටෙයි.
(3) පුන චපරං භන්තෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධොකෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨී අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තන්ති.
(3) තවද වහන්ස, මහණ පතුලෙන් උඩ, කේශමස්තකයෙන් යට සිවිය හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් යුත් මෙ මැ (තමන්ගේ මැ) කය ප්රත්යවේක්ෂා කරයි: මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය, දත්, සිවි, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත්, අක්මා, දලබු, බඩදිව, පෙණහලු, අතුණු අතුණුබහන්, උදරයෙහි වූ නො පැසුණු අහර - පැසුණු අහර, පිත්, සෙම්, පූයා, ලෙහෙ, ඩහ, මේදස්, කඳුළු, වුරුණු කෙල, සොටු, හිස්මිදුලු, මූත්‍ර ඇතැ”යි.
ඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං කාමරාගස්ස පහානාය සංවත්තති.
වහන්ස, මෙ (කය) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩනා ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ කාමරාගයාගේ ප්රහාණය පිණිස වැටෙයි.
(4) පුන චපරං භන්තෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතො”ති.
(4) තවද වහන්ස, මහණ සොහොනෙහි දැමූ මළ එක් දිනක් ඇති වේවයි, මළ දෙදිනක් ඇති වේවයි, මළ තෙදිනක් ඇති වේවයි, ඉදිමීගිය, නිල්වන් වූ වෑහෙන පූයා ඇති මළ සිරුරක් යම් පරිදි දක්නේ නම්, හේ (තමාගේ) මෙ මැ කය මෙසෙයින් නුවණින් එළවා බලන්නේ ය: “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය. මෙබඳු වන සුල්ලේ ය. තෙල සැහැවි නො ඉක්ම වී ය”යි.
සෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං සුවානෙහි වා ඛජ්ජමානං සිගාලෙහි වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං, සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො”ති.
සොහොන්හි දමනලද කවුඩන් විසින් හෝ කනු ලබන, උකුස්සන් විසින් හෝ කනු ලබන, ගිජුලිහිණින් විසින් හෝ කනු ලබන, ශුනකයන් විසින් හෝ කනු ලබන, සිවලුන් විසින් හෝ කනු ලබන, විවිධ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මළ සිරුරක් යම් සෙයින් දක්නේ නම්, හේ “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වන සුලු ය, මෙබඳු සැහැවි නො ඉක්මවීය”යි මෙ මැ කය මෙසේ නුවණින් එළවා බලයි.
සෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිසඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං නිම්මංසලොහිතමක්ඛිත්තං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි: අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරට්ඨිකං අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිකණ්ටකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො”ති.
සොහොන්හි දමනලද මස් ලේ සහිත වූ නහරින් සම්බන්ධය ඇති ඇටසැකිලි සිරුරක් ... මස් නැති ලෙයින් වැකුනු නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... පහවගිය මස් ලේ ඇති, නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... එක් දිශායෙක්හි අත් ඇට ය, එක් දිශායෙක්හි පා ඇට ය, එක් දිශායෙක්හි කෙණ්ඩා ඇට ය, එක් දිගෙක කලවා ඇට ය, එක්දිගෙක කටි ඇට ය, එක්දිගෙක පිටිකටු ය, එක්දිගෙක්හි හිස් කබල ය යි, මෙසේ පහ වූ සම්බන්ධය ඇති දිසාවිදිසාවන්හි විසිරැගිය ඇට ඇති මළසිරුරක් යම්සේ දක්නේ නම්, හේ “මෙ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය, මෙබඳු වන සුලුය, මෙබව නො ඉක්මවිය” යි මෙ කය මෙසේ නුවණින් එළවා බලයි.
සෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණුපනිහානි -පෙ- අට්ඨිකානි පුඤ්ජකිතානි. තෙරොවස්සිකානි -පෙ- අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. සො ඉමමෙව කායං එවං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො”ති.
සොහොන්හි දැමූ සක් පැහැසේ සුදු වූ ඇට ඇති සිරුර ... බොහෝ හවුරුදු ඉක්මගිය මුළුදුන් (ගොඩගැසුනු) ඇට ඇති ... දිරාගිය සුණු වූ ඇට ඇති ... යම්සේ දක්නේ නම්, හේ “මේ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වනසුලු ය, මෙබව නො ඉක්මියේ යැ”යි මෙසෙයින් මෙ කය නුවණින් තුලනා කොට බලන්නේ ය.
ඉදම්භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං අස්මිමානසමුග්ඝාතාය සංවත්තති.
වහන්ස, මෙසෙයින් වඩනාලද, මෙසෙයින් බහුලීකෘත මෙ (අශුභ) අනුස්මෘතිස්ථානය අස්මිමාන සමුද්ඝාතය පිණිස වැටේ ය යි.
(5) පුන චපරං භන්තෙ භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
(5) තවද වහන්ස, මහණ සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි.
ඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං. අනෙකධාතු පටිවෙධාය සංවත්තතී.
වහන්ස, මෙසේ වඩන ලද, මෙසේ බහුලීකෘත මෙ (චතුර්ත්ථධ්යාන) අනුස්මෘතිස්ථානය අනේකධාතුප්රතිවේධය සඳහා වැටේ ය යි.
ඉමානි ඛො භන්තෙ පඤ්ච අනුස්සතිට්ඨානානීති.
වහන්ස, මොහු වනාහි පඤ්ච අනුස්මෘතිස්ථානයෝ යි.
සාධු සාධු ආනන්ද, තෙන හි ත්වං ආනන්ද ඉදම්පි ඡට්ඨං අනුස්සතිට්ඨානං ධාරෙහි:
ආනන්දයෙනි, මැනැව, මැනැව, ආනන්දයෙනි, එ සෙයින් ම තෝ මෙ සවන අනුස්මෘතිස්ථානය ද ධරව:
(6) ඉධානන්ද භික්ඛු සතොව අභික්කමති, සතොව පටික්කමති, සතොව තිට්ඨති, සතොව නිසීදති, සතොව සෙය්යං කප්පෙති, සතොව කම්මං අධිට්ඨාති.
(6) ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘති ඇතියේ ම ඉදිරියට යෙයි. ස්මෘති ඇතියේ ම වටාලා එයි. ස්මෘතිමත් ව ම සිටියි. ස්මෘතිමත් ව ම හිඳියි. ස්මෘතිමත් ව ම ශය්‍යා කෙරෙයි. ස්මෘතිමත් ව ම කර්මාන්ත ඉටයි.
ඉදං ආනන්ද අනුස්සතිට්ඨානං එවංභාවිතං එවං බහුලීකතං සතිසම්පජඤ්ඤාය සංවත්තතීති.
ආනන්දයෙනි, මෙසේ වඩනලද, මෙසේ බහුල කරණලද මෙ අනුස්මෘතිස්ථානය ස්මෘතිසම්ප්‍රජන්‍යය සඳහා වැටේ යයි.