දුතියසමය සුත්තං
6. 1. 3. 8.
6. 1. 3. 8.
[දුතියසමය සුත්තං]
[දුතිය සමය සූත්‍රය]
28. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො තෙසං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිපතිතානං සන්නිසින්නානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති”
28. එක් කලෙක්හි බොහෝ මහලු වහන්දෑ බරණැස් නුවර සමීපයෙහි වූ ඉසිපතන නම් මිගදායෙහි වසන්නාහ. ඉක්බිති පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණ, මණ්ඩල මාලයෙහි (මඬුලු සටහනින් කළ භෝජන ශාලායෙහි) රැස්ව හුන් මහලු වහන්දෑ අතුරෙහි මෙ අතුරු කථාව පහළ විය: “ඇවැත්නි, මනෝභාවනීය (භාවනාවෙන් මනවඩන) මහණකු දැකීමට එළඹෙනුවට නිසිකල් කවරේදැ?”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තෙ භික්ඛු එතදවොච: යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
මෙ සෙයින් කී කල්හි අන්‍යතර භික්ෂුනමක් එ භික්ෂුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ (අසරමිණිය ගොතා) කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට (කමටහන්හි) එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය මහණහු දැක්ම සඳහා එළැඹෙන්නට එ සමය වේය”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, චාරිත්තකිලමථොපිස්ස තස්මිං සමයෙ අප්පටිප්පස්සද්ධො හොති, භත්තකිලමථොපිස්ස තස්මිං සමයෙ අප්පටිප්පස්සද්ධො හොති. තස්මා න ඛො සො අසමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො විහාරපච්ඡායායං නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
මෙසේ කියත් ම, අන්‍යතර මහණෙක් එ භික්ෂුහට තෙල කී: “ඇවැත්නි, යම් කලෙක මනෝභාවනීය භික්ෂු පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ නම්, ඇවැත්නි, මනෝභාවනීය භික්ෂුහු දක්නා සඳහා එළැඹෙන්නට එ කල් නො වේ. එ සමයෙහි ඔහුගේ පිණ්ඩපාත චර්ය්යයෙන් උපන් ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසමයෙහි ඔහුගේ භක්ත ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසෙයින් මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට එ නොකල. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් කල්හි පිළිසලණින් නැගියේ, වෙහෙරැ පසුපසැ සෙවණෙක්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය කමටහන් අභිමුඛ කොට එළවා හුන්නේ ද, මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට එ කලැ”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො විහාරපච්ඡායායං නිසින්නො හොති පල්ලඞ්කං අභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, යදෙවස්ස දිවා සමාධි නිමිත්තං මනසිකතං හොති, තදෙවස්ස තස්මිං සමයෙ සමුදාචරති. තස්මා න ඛො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් එ භික්ෂුහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් වරුයෙහි පිළිසලණින් නැඟීසිටියේ වෙහෙර පසුපස සෙවණෙක්හි පලක් බැඳ කය ඉදු කොට තබා කමටහන් අභිමුඛ කොට සිහි එළවා හුන්නේ වේ නම්, එ මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට නොකල් වෙයි. ඔහු විසින් දහවල් යම් මැ සමාධි නිමිත්තයෙක් මෙනෙහි කරණ ලද වේ නම්, එසමයෙහි එය ම ඔහුගේ මනෝද්වාරයෙහි ආපාථ වශයෙන් හැසිරෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුහු දක්නට එළැඹෙන්නට එ නොකල් වෙයි. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්ෂු රෑ පැසුළුයම්හි නැඟී පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය භික්ෂූහු දක්නට එළැඹෙන්නට එ කලැ”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, ඔජට්ඨායිස්ස තස්මිං සමයෙ කායෙං හොති. ඵාසුස්ස හොති බුද්ධානං සාසනං මනසිකාතුං. තස්මා සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
එසෙයින් කී කල්හි අන්‍යතර මහණෙක් එ මහණහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්ෂු රෑ පැසුළුයමැ නැගිට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය ඉදිරියෙහි එළවා හුන්නේ වේ ද, එසමයෙහි ඔහුගේ කය ඕජට්ඨායී (ඕජස් වැඩී සිටියේ) වෙයි. ඔහුට බුදුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු වෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුහු දක්නට එළඹෙන්නට එ කල් වේ ය” යි.
එවං වුත්තෙ ආයස්මා මහාකච්චානො ථෙරෙ භික්ඛූ එතදවොච: “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං-”
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මහලු වහන්දෑට තෙල කීය: ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් තෙල කරුණ හමුයෙහි අසනලදි. හමුයෙහි පිළිගන්නාලදි:-
”ඡයිමෙ භික්ඛූ, සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. කතමෙ ඡ:
“මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙනුවට මෙකල් සයෙක. කවර සයෙක යත්:
(1) ඉධ භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: අහං ඛො ආවුසො කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරාමි කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙතූති. තස්ස මනොභාවනීයො භික්ඛු කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු, පඨමො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
(1) මහණ, මෙසස්නෙහි මහණ යම් කලෙක කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වාස කෙරේ නම්, උපන් කාමරාගයාගේත් නිඃසරණයත් යථාභූතයෙන් නො දන්නේ නම්, එසමයෙහි මනෝභාවනීය මහණ වෙත එළැඹ මෙ සෙයින් කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වසමි. උපන් කාමරාගයාගේ නිඃසරණයත් යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් කාමරාගයාගේ ප්රහාණය සඳහා මට දහම් දෙසා නම්, ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්රහාණය සඳහා (සුදුසු) දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනුවට මෙ ප්‍රථම සමය යි.
(2) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (3) ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (4) උද්ධච්චකුක්කුච්ච පරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (5) විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (6) යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාති, න පස්සති. තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: අහං ඛො ආවුසො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාමි, න පස්සාමි. සාධු වත මෙ ආයස්මා ආසවානං ඛයාය ධම්මං දෙසෙතූති. තස්ස මනොභාවනීයො භික්ඛු ආසවානං ඛයාය ධම්මං දෙසෙති. අයං භික්ඛු ඡට්ඨො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාදයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ව්‍යාපාදයා විසින් මැඩුණු සිතින් වෙසෙයි ... (3) ථිනමිද්ධයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ථීනමිද්ධයෙන් මැඩුණු චිත්තයෙන් වෙසෙයි ... (4) උද්ධච්චකුක්කුච්චයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුණු සිතින් වෙසෙයි ... (5) විචිකිච්ඡායෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ විචිකිච්ඡා විසින් මැඩුණු සිතින් වාස කරයි ... (6) යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ම ආස්රවක්ෂය වේ නම්, එ නිමිත්ත නො දන්නේ නො දක්නේ නම්, එ සමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි යම් මැ නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ආස්රවක්ෂය වේ නම්, එ නිමිත්ත නො දන්මි, නො දක්මි. ආයුෂ්මත් මට දහම් දෙසා නම් ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ආස්රවක්ෂය සඳහා දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට මෙ සවන කලැ”යි.
සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං: ඉමෙ ඛො භික්ඛු, ඡ සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
ඇවැත්නි, “මහණ, මනෝභාවනීය භික්ෂූහු දක්නට වෙත එළැඹෙන්නට මෙ සය කල්ය”යි මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි.