සෙඛ සුත‍්තං
6. 5. 4. 1.
6. 1. 4. 1.
[සෙඛ සුත‍්තං]
[සේඛ සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
31. ඡයිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති:
31. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙති.
කතමෙ ඡ: කම‍්මාරාමතා, භස‍්සාරාමතා, නිද‍්දාරාමතා, සඞ‍්ගණිකාරාමතා, ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා, භොජනෙ අමත‍්තඤ‍්ඤුතා. ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.
කවර සදෙනෙක යත්: කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියෙහි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤුතා යි. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙත්.
ඡයිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.
මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙත්.
කතමෙ ඡ: න කම‍්මාරාමතා, න භස‍්සාරාමතා න නිද‍්දාරාමතා, න සඞ‍්ගණිකාරාමතා, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා. ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.
කවර සයෙක යත්: කම්මාරාමතා නො වනු ය, භස්සාරාමතා නො වනු ය, නිද්දාරාමතා නො වනු ය, සඞ්ගණිකාරාමතා නො වනු ය, ඉන්‍ද්‍රියයෙහි ගුත්තද්වාරතා ය, භෝජනයෙහි මත්තඤ්ඤුතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙති යි.