යෙදුමෙන් කියවන්න

පඨම අපරිහාන සුත‍්තං

6. 1. 4. 2.

6. 1. 4. 2.

[පඨම අපරිහාන සුත‍්තං]

[ප්‍රථම අපරිහාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං එතදවොච:

32. එකල්හි එක්තරා දෙවියෙක් මැදුම්යම්හි අතිකමනීය වර්‍ණ ඇතියේ මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස් ව සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

” ඡයිමෙ භන‍්තෙ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.

“වහන්ස, මේ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.

කතමෙ ඡ: සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, අප‍්පමාදගාරවතා, පටිසන්‍ථාරගාරවතා. ඉමෙ ඛො භන‍්තෙ ඡ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.”

කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස මේ දහම්හු සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.”

ඉදමවොච සා දෙවතා. සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අථ ඛො සා දෙවතා, සමනුඤ‍්ඤො මෙ සත්‍ථා’ති භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි.

ඒ දෙවි මෙය කීය. ශාස්තෘහු සමනුඥ (අනුමෝදන්) වූහ. එකල ඒ දෙවි “මට ශාස්තෘහු සමනුඥයහ”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: ඉමං භික‍්ඛවෙ රත‍්තිං අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්ත වණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භික‍්ඛවෙ සා දෙවතා මං එතදවොච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑහි රෑ පෙරයම ඉක්ම යත් ම විශිෂ්ටවර්‍ණ ඇති අන්‍යතර දේවපුත්‍රයෙක් මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:

”ඡයිමෙ භන‍්තෙ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.

“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්.

කතමෙ ඡ: සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, අප‍්පමාදගාරවතා, පටිසන්‍ථාරගාරවතා. ඉමෙ ඛො භන‍්තෙ ඡ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.”

කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යී”

ඉදමවොච භික‍්ඛවෙ සා දෙවතා, ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ ය.

12. සත්‍ථු ගරු ධම‍්මගරු සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවො, අප‍්පමාද ගරු භික‍්ඛු පටිසන්‍ථාරගාරවො, අභබ‍්බො පරිහානාය නිබ‍්බානස‍්සෙව සන‍්තිකෙති.

12. ශාස්තෘගුරුක, ධර්‍ම ගුරුක, සඞ්ඝයා කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, අප්‍රමාද ගුරුක, ධර්‍මාමිස වශයෙන් (මහණදම්හි අප්‍රමාද වෙහි ද, ප්‍රත්‍යය ලාභ සුලබ ද ආදීන්) පිළිසඳර කිරීමෙහි ගෞරව ඇති මහණ පරිහානියට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ වෙයි.