4. දෙවතා වග්ගො අට්ඨකථා
4. දෙවතා වර්ගය
1. සෙඛ සුත්තවණ්ණනා
1. සෙඛ සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ සෙඛස්සාති සත්තවිධස්ස සෙඛස්ස. පුථුජ්ජනෙ පන වත්තබ්බමෙව නත්ථි. පරිහානායාති උපරූපරිගුණපරිහානාය.
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සෙක්ඛස්ස යනු සත්වැදෑරුම් ශෛක්ෂයාගේයි, පෘථග්ජනයා ගැන කිවයුත්තක්ම නැත. පරිහානාය යනු මතු මත්තෙහි වූ ගුණයන්ගෙන් පිරවීම සඳහාය,
2-3. පඨම අපරිහාන සුත්තාදිවණ්ණනා
2-3. ප්‍රථම අපරිහාන ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ සත්ථුගාරවතාති සත්ථරි ගරුභාවො. ධම්මගාරවතාති නවවිධෙ ලොකුත්තරධම්මෙ ගරුභාවො. සඞ්ඝගාරවතාති සඞ්ඝෙ ගරුභාවො. සික්ඛාගාරවතාති තීසු සික්ඛාසු ගරුභාවො. අප්පමාදගාරවතාති අප්පමාදෙ ගරුභාවො. පටිසන්ථාරගාරවතාති ධම්මාමිසවසෙන දුවිධෙ පටිසන්ථාරෙ ගරුභාවො. සත්ථා ගරු අස්සාති සත්ථුගරු. ධම්මො ගරු අස්සාති ධම්මගරු. තිබ්බගාරවොති බහලගාරවො. පටිසන්ථාරෙ ගාරවො අස්සාති පටිසන්ථාරගාරවො. තතියෙ සප්පතිස්සොති සජෙට්ඨකො සගාරවො. හිරොත්තප්පං පනෙත්ථ මිස්සකං කථිතං.
දෙවැන්නෙහි සත්ථුගාරවතා යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමයි, ධම්මගාරවතා යනු නවලොවුතුරු දහම්හි ගෞරවයයි, සඞ්ඝගාරවතා යනු සඝයා කෙරෙහි ගෞරවයයි, සික්ඛාගාරවතා යනු ත්‍රිවිධ ශික්ෂාවෙහි ගරුකිරීමයි, අප්පමාදගාරවතා යනු අප්රමායෙහි ගරුකිරීමයි, පටිසන්ථාරගාරවතා යනු ධර්ම ආමිෂ වශයෙන් දෙවැදෑරුම් වු පිළිසඳරෙහි ගෞරවයයි, ගාථාවෙහි ශාස්තෲන් වහන්සේ මොහුට ගරුවන්නේනුයි සත්ථුගරු නමි, ධර්මය මොහුට ගරු වන්නේනුයි ධම්මගරු නමි, තිබ්බගාරවො යනු බහුල ගෞරවයයි, පිළිසඳරෙහි ගෞරවය ඇත්තේ මොහුටනුයි පටිසන්ථාරගාරවො නමි, තෙවැන්නෙහි සප්පතිස්සො යනු ජ්‍යෙෂ්ඨයෙක් සහිතවූයේ, ගෞරවය සහිතවූයේයි:
4. මොග්ගල්ලාන සුත්තවණ්ණනා
4. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ තිස්සො නාම භික්ඛූති ථෙරස්සෙව සද්ධිවිහාරිකො. මහිද්ධිකො මහානුභාවොති ඉජ්ඣනට්ඨෙන මහතී ඉද්ධි අස්සාති මහිද්ධිකො. අනුඵරණට්ඨෙන මහා ආනුභාවො අස්සාති මහානුභාවො. චිරස්සං ඛො, මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසීති එවරූපං ලොකෙ පකතියා පියසමුදාහාරවචනං හොති. ලොකියා හි චිරස්සං ආගතම්පි අනාගතපුබ්බම්පි මනාපජාතියං ආගතං දිස්වා “කුතො භවං ආගතො, චිරස්සං භවං ආගතො, කථං තෙ ඉධාගමනමග්ගො ඤාතො, කිං මග්ගමූළ්හොසී”තිආදීනි වදන්ති. අයං පන ආගතපුබ්බත්තායෙව එවමාහ. ථෙරො හි කාලෙන කාලං බ්රහ්මලොකං ගච්ඡතියෙව. තත්ථ පරියායමකාසීති වාරං අකාසි. යදිදං ඉධාගමනායාති යො අයං ඉධාගමනාය වාරො, තං චිරස්සං අකාසීති වුත්තං හොති. ඉදමාසනං පඤ්ඤත්තන්ති මහාරහං බ්රහ්මපල්ලඞ්කං පඤ්ඤාපෙත්වා එවමාහ. අවෙච්චප්පසාදෙනාති අධිගතෙන අචලෙන මග්ගප්පසාදෙන. ඉමස්මිං සුත්තෙ සොතාපත්තිමග්ගඤාණං කථිතං.
සිවුවැන්නෙහි තිස්සො නාම භික්ඛු යනු තෙරුන්ගේම සද්ධිවිහාරිකයෙකි, මහිද්ධිකො මහානුභාවො යනු සමෘද්ධවීමේ අර්ත්ථයෙන් මහත් සෘද්ධිය ඇත්තේ මොහුටනුයි මහිද්ධිකො නමි, පැතිරීමේ අරුතින් මහත් ආනුභාවය ඇත්තේ මොහුටනුයි මහානුභාවො නමි. චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන ඉමං පරියායමකාසි යනු ලෝකයෙහි ප්‍රකෘතියෙන්ම මෙබඳු වූ ප්‍රිය ගෙන දෙන වචනයක් වෙයි, ලෝවැසියෝ “බොහෝ කලකින් ආවාවූද, නොආවිරූවූද පැමිණි හිතවතකු දැක පින්වත, කොහි සිට ආවෙහිද? පින්වත් බොහෝ කලකින් ආවෙහිය, කෙසේ ඔබට මෙහි එන මග වැටහුනේද? කිම මංමුළාවූයෙහිද” ආදිය කියත්. මෙතෙම වනාහි පැමිණිවිරූ බැවින් මෙසේ කීවේය. තෙරණුවෝ කලින් කලට බ්‍රහ්මලෝකයට යත්මය, එහි පරියායමකාසි යනු වාරයක්, අවස්ථාවක් කළේය, යදිදං ඉධාගමනා යනු මෙහි පැමිණීම සඳහා මේ යම් වාරයක් වේද එය බොහෝ කලකින් කළේයයි කියන ලද්දේ වෙයි, ඉදමාසනං පඤ්ඤත්තං යනු මහත් වටිනා බ්රහ්මපර්ය්යඞ්කය පනවා මෙසේ කීවේය. අවෙච්චප්පසාදෙන යනු අවබෝධ කළ නොසැලෙන මාර්ගප්රසාදයෙනි, මේ සූත්‍රයෙහි සෝවාන් මග නුවණ කියන ලදි.
5. විජ්ජාභාගිය සුත්තවණ්ණනා
5. විජ්ජාභාගිය සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ විජ්ජාභාගියාති විජ්ජාකොට්ඨාසිකා. අනිච්චසඤ්ඤාති අනිච්චානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා. අනිච්චෙ දුක්ඛසඤ්ඤාති දුක්ඛානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා. දුක්ඛෙ අනත්තසඤ්ඤාති අනත්තානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා. පහානසඤ්ඤාති පහානානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා. විරාගසඤ්ඤාති විරාගානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා. නිරොධසඤ්ඤාති නිරොධානුපස්සනාඤාණෙ උප්පන්නසඤ්ඤා.
පස්වැන්නෙහි, විජ්ජාභාගියා යනු විද්‍යාවට අයත් කොටස්ය, අනිච්චසඤ්ඤා යනු අනිත්යානුපස්සනාඥානයෙහි උපන් සංඥාවයි. අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු දුක්ඛානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු අනත්තානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. පහානසඤ්ඤා යනු පහානානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, විරාගසඤ්ඤා යනු විරාගානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. නිරොධසඤ්ඤා යනු නිරොධානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි.
6. විවාදමූල සුත්තවණ්ණනා
6. විවාදමූල සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ විවාදමූලානීති විවාදස්ස මූලානි. කොධනොති කුජ්ඣනලක්ඛණෙන කොධෙන සමන්නාගතො. උපනාහීති වෙරඅප්පටිනිස්සග්ගලක්ඛණෙන උපනාහෙන සමන්නාගතො. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති ද්වින්නං භික්ඛූනං විවාදො කථං දෙවමනුස්සානං අහිතාය දුක්ඛාය සංවත්තති? කොසම්බකක්ඛන්ධකෙ විය ද්වීසු භික්ඛූසු විවාදං ආපන්නෙසු තස්මිං විහාරෙ තෙසං අන්තෙවාසිකා විවදන්ති, තෙසං ඔවාදං ගණ්හන්තො භික්ඛුනිසඞ්ඝො විවදති. තතො තෙසං උපට්ඨාකා විවදන්ති, අථ මනුස්සානං ආරක්ඛදෙවතා ද්වෙ කොට්ඨාසා හොන්ති. තථා ධම්මවාදීනං ආරක්ඛදෙවතා ධම්මවාදිනියො හොන්ති, අධම්මවාදීනං අධම්මවාදිනියො. තතො ආරක්ඛදෙවතානං මිත්තා භුම්මදෙවතා භිජ්ජන්ති. එවං පරම්පරාය යාව බ්රහ්මලොකා ඨපෙත්වා අරියසාවකෙ සබ්බෙ දෙවමනුස්සා ද්වෙ කොට්ඨාසා හොන්ති. ධම්මවාදීහි පන අධම්මවාදිනොව බහුතරා හොන්ති. තතො යං බහුකෙහි ගහිතං, තං ගච්ඡන්ති. ධම්මං විස්සජ්ජෙත්වා බහුතරාව අධම්මං ගණ්හන්ති. තෙ අධම්මං පුරක්ඛත්වා විහරන්තා අපායෙ නිබ්බත්තන්ති. එවං ද්වින්නං භික්ඛූනං විවාදො දෙවමනුස්සානං අහිතාය දුක්ඛාය හොති. අජ්ඣත්තං වාති තුම්හාකං අබ්භන්තරපරිසාය. බහිද්ධාති පරෙසං පරිසාය.
සවැන්නෙහි විවාදමූලානි යනු විවාදයට මුල් වූ කරුණුයි. කොධනො යනු කිපෙන ලක්ෂණ ඇති ක්‍රොධයෙන් යුක්තවූයේයි, උපනාහී යනු වෛරය අත්නොහරින ලක්ෂණය ඇති උපනාහයෙන් යුක්තවූයේයි. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං යනු භික්ෂූන් දෙදෙනකුගේ විවාදය කෙසේ දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියේද? කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂුන් දෙදෙනකු විවාදයට එළැඹුණු විට ඔවුන්ගේ ඇතැවැස්සෝ විවාද කරති, ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්ෂුණී සංඝයා විවාද කරයි, ඉක්බිති ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරත්, ඉක්බිති මිනිසුන්ගේ ආරක්ෂක දෙවිවරු දෙකොටසක් වෙති, එහි ධර්මවාදීන්ගේ ආරක්ෂක දෙවියෝ ධර්මවාදීහු වෙත්, අධර්මවාදීන්ගේ ආරක්ෂක දෙවිවරු අධර්මවාදීහු වෙත්. එයින් ආරක්ෂක දෙවිවරුන්ගේ මිත්‍ර වූ බුමාටු දෙවියෝ බිඳත්, මෙසේ පිළිවෙලින් බඹ ලොව දක්වා ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර සියලු දෙවිමිනිස්සු දෙකොටසක් වෙති, ධර්මවාදීන්ගෙන් අධර්මවාදීහුම බොහෝ වෙත්. ඉක්බිති බොහෝ දෙනකු විසින් යමක් ගන්නා ලද්දේ වෙයිද එතැනට යති, ධර්මය අතහැර බොහෝ දෙනෙක් අධර්මය ගනිති, ඔවුහු අධර්මය පෙරදැරි කොට වසන්නාහු අපායෙහි උපදිති, මෙසේ භික්ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියි, අජ්ඣත්තං වා යනු නුඹලාගේ ඇතුළත පිරිසේයි, බහිද්ධා යනු අනුන්ගේ පිරිසේයි,
මක්ඛීති පරෙසං ගුණමක්ඛනලක්ඛණෙන මක්ඛෙන සමන්නාගතො. පළාසීති යුගග්ගාහලක්ඛණෙන පළාසෙන සමන්නාගතො. ඉස්සුකීති පරස්ස සක්කාරාදීනි ඉස්සායනලක්ඛණාය ඉස්සාය සමන්නාගතො. මච්ඡරීති ආවාසමච්ඡරියාදීහි සමන්නාගතො. සඨොති කෙරාටිකො. මායාවීති කතපටිච්ඡාදකො. පාපිච්ඡොති අසන්තසම්භාවනිච්ඡකො දුස්සීලො. මිච්ඡාදිට්ඨීති නත්ථිකවාදී, අහෙතුවාදී, අකිරියවාදී. සන්දිට්ඨිපරාමාසීති සයං දිට්ඨමෙව පරාමසති. ආධානග්ගාහීති දළ්හග්ගාහී. දුප්පටිනිස්සග්ගීති න සක්කා හොති ගහිතං විස්සජ්ජාපෙතුං. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථිතං.
මක්ඛී යනු අනුන්ගේ ගුණ මකන ලක්ෂණය ඇති මකුබවින් යුක්තවූයේයි, පළාසී යනු වියගහ ගැනීම (බර කරට ගැනීම) ලක්ෂණය කොට ඇති පළාසයෙන් (කුඩුකේඩුකමින්) යුක්ත වූයේයි, ඉස්සූකී යනු අනුනට කෙරෙන සත්කාර ආදියෙහි නොඉවසීම ලක්ෂණ කොට ඇති ඊර්ෂ්‍යාවෙන් යුක්තවූයේයි, මච්ඡරී යනු ආවාස මසුරුකම් ආදියෙන් යුක්තවූයේයි, සඨො යනු කෛරාටිකයායි, මායාවි යනු කළගුණ වසන්නායි, පාපිච්ඡො යනු නොමැති සම්භාවනයක් (ගරු කිරීමක්) කැමතිවන්නේයි, දුසිල්වත් වූයේයි, මිච්ඡාදිට්ඨි යනු නාස්තිකවාද දරන්නේ අහේතුවාද දරන්නේ අකිරියවාද දරන්නේයි, සන්දිට්ඨිපරාමාසි යනු තමා දිටු දෙයම අල්වාගන්නේයි, ආධානගාහී යනු දැඩිසේ අල්වා ගැනීම් ඇත්තේයි, දුප්පටිනිස්සග්ගී යනු අල්වාගත් දෙය අතහැරීමට නොහැක්කේ වෙයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
7. ජළඞ්ගදාන සුත්තවණ්ණනා
7. ඡළඞ්ගදාන සූත්‍ර වර්ණනාව
සත්තමෙ වෙළුකණ්ඩකීති වෙළුකණ්ඩකනගරවාසිනී. ඡළඞ්ගසමන්නාගතන්ති ඡහි ගුණඞ්ගෙහි සමන්නාගතං. දක්ඛිණං පතිට්ඨාපෙතීති දානං දෙති. පුබ්බෙව දානා සුමනොති දානං දස්සාමීති මාසඩ්ඪමාසතො පට්ඨාය සොමනස්සප්පත්තො හොති. එත්ථ හි පුබ්බෙචෙතනා දස්සාමීති චිත්තුප්පාදකාලතො පට්ඨාය “ඉතො උට්ඨිතෙන දානං දස්සාමී”ති ඛෙත්තග්ගහණං ආදිං කත්වා චින්තෙන්තස්ස ලබ්භති. දදං චිත්තං පසාදෙතීති එවං වුත්තා මුඤ්චචෙතනා පන දානකාලෙයෙව ලබ්භති. දත්වා අත්තමනො හොතීති අයං පන අපරචෙතනා අපරාපරං අනුස්සරන්තස්ස ලබ්භති. වීතරාගාති විගතරාගා ඛීණාසවා. රාගවිනයාය වා පටිපන්නාති රාගවිනයපටිපදං පටිපන්නා. උක්කට්ඨදෙසනා චෙසා, න කෙවලං පන ඛීණාසවානං, අනාගාමි-සකදාගාමි-සොතාපන්නානම්පි අන්තමසො තදහුපබ්බජිතස්ස භණ්ඩගාහකසාමණෙරස්සාපි දින්නා දක්ඛිණා ඡළඞ්ගසමන්නාගතාව හොති. සොපි හි සොතාපත්තිමග්ගත්ථමෙව පබ්බජිතො.
සත්වැන්නෙහි වෙළුකණ්ඩකී යනු වෙළුකණ්ඩක නම් නුවර වැසියෙකි, ජළඞ්ගසමන්නාගතං යනු ගුණාංග සයකින් යුක්තවූයි, දක්ඛිණං පතිට්ඨාපෙති යනු දානයක් දෙයි, පුබ්බෙව දානා සුමනො යනු දානයක් දෙමැයි මසක අඩමසක පටන් සොම්නසට පත්වූයේ වෙයි, මෙහි මුල්ම චෙතනාව දෙමැයි සිත පහළවන කාලයේ සිට මෙයින් හටගත් දෙයින් දානය දෙමැයි කුඹුර ගැන සිතීම ආදි කොට සිතන්නාට ලැබෙයි, දදං චිත්තං පසාදෙති යනු මෙසේ කියන ලද මුඤ්චන චෙතනාව දන්දෙන අවස්ථාවෙහිම ලැබෙයි, දත්වා අත්තමනො හොති යනු මේ අපර චේතනාව මතුමත්තෙහි සිහිකරන්නට ලැබෙයි, වීතරාගා යනු පහවූ රාග ඇත්තාහු, පහවූ ආශ්‍රව ඇත්තාහුයි, රාගවිනයාය වා පටිපන්නා යනු රාගය දුරු කරන පිළිවෙතට පිළිපන්නාවූයි, මේ වනාහි උත්කෘෂ්ට දේශනාවයි, හුදෙක් ක්ෂීණාශ්රවයන්ට පමණක් නොව අනාගාමි සකෘදාගාමි සෝවාන් බවට පත්වූවන්ට ද යටත් පිරිසෙයින් එදවස පැවිදි වූ භාණ්ඩ පිළිගන්නා හෙරණකුට වුව ද දුන් දානය ගුණාංග සයෙන් යුක්තවූයේ වෙයි, හෙතෙමේ ද සෝවාන් මාර්ගය සඳහාම පැවිදිවූයේයි,
යඤ්ඤස්ස සම්පදාති දානස්ස පරිපුණ්ණතා. සඤ්ඤතාති සීලසඤ්ඤමෙන සඤ්ඤතා. සයං ආචමයිත්වානාති අත්තනාව හත්ථපාදෙ ධොවිත්වා මුඛං වික්ඛාලෙත්වා. සකෙහි පාණිභීති අත්තනො හත්ථෙහි. සයෙහීතිපි පාඨො. සද්ධොති රතනත්තයගුණෙ සද්දහන්තො. මුත්තෙන චෙතසාති ලාභමච්ඡරියාදීහි විමුත්තෙන චිත්තෙන. අබ්යාපජ්ඣං සුඛං ලොකන්ති නිද්දුක්ඛං උළාරසුඛසොමනස්සං දෙවලොකං.
යඤ්ඤස්ස සම්පදා යනු දානය පිරිපුන් බවයි. සඤ්ඤතා යනු සීල සංවරයෙන් සන්සුන් වීමයි, සයං ආචමයිත්වාන යනු තමාම අත්පා දොවා මුව (කට) සෝදායි, සෙහි පාණීහි යනු තම අත්වලිනි, සකෙහි යනු ද පාඨයි, සද්ධො යනු තෙරුවන ගුණය අදහන්නේයි, මුත්තෙන චෙතසා යනු ලාභයෙහි මසුරුබව ආදියෙන් මිදුනු සිතෙනි, අව්යාපජ්ඣං සුඛං ලොකං යනු නිදුක් වූ මහත් සුව සොම්නස ඇති දෙව්ලොවයි,
8. අත්තකාර සුත්තවණ්ණනා
8. අත්තකාර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අද්දසං වා අස්සොසිං වාති අක්ඛීනි උම්මීලෙත්වා මා අද්දසං, අසුකස්මිං නාම ඨානෙ වසතීති මා අස්සොසිං, කථෙන්තස්ස වා වචනං මා අස්සොසිං. කථඤ්හි නාමාති කෙන නාම කාරණෙන. ආරම්භධාතූති ආරභනවසෙන පවත්තවීරියං. නික්කමධාතූති කොසජ්ජතො නික්ඛමනසභාවං වීරියං. පරක්කමධාතූති පරක්කමසභාවො. ථාමධාතූති ථාමසභාවො. ඨිතිධාතූති ඨිතිසභාවො. උපක්කමධාතූති උපක්කමසභාවො. සබ්බං චෙතං තෙන තෙනාකාරෙන පවත්තස්ස වීරියස්සෙව නාමං.
අටවැන්නෙහි අද්දසං වා අස්සොසිං වා යනු ඇස්හැර නොදුටුවෙමි, අසුවල් නම් තැන වෙසේයයි නොඇසීමි, කියන්නාගේ හෝ වචනය නොඇසීමි, කථං හි නාම යනු කවර නම් කරුණෙන්ද යනුයි, ආරම්භධාතු යනු පටන් ගැනීම් වශයෙන් පැවති වීර්යයයි, නික්ඛමධාතු යනු කුසීත බවින් නික්මෙන ස්වභාවය ඇති වීර්යයි, පරක්කමධාතු යනු පරාක්‍රම ස්වභාවයයි, ථාමධාතු යනු සවිමත් ස්වභාවයයි, ඨිතිධාතු යනු ස්ථිරව සිටීමේ (පවත්වා ගැනීමේ) ස්වභාවයයි, උපක්කමධාතු යනු උපක්‍රම ස්වභාවයයි, මේ සියල්ලම ඒ ඒ ආකාරයෙන් පැවති වීර්යයේ නම්ය.
9. කම්මනිදානසුත්තවණ්ණනා
9. කම්මනිදාන සූත්‍ර වර්ණනාව
නවමෙ කම්මානන්ති වට්ටගාමිකම්මානං. සමුදයායාති පිණ්ඩකරණත්ථාය. නිදානන්ති පච්චයො. ලොභජෙනාති ලොභතො ජාතෙන. න පඤ්ඤායන්තීති “එවරූපෙන කම්මෙන නිබ්බත්තා”ති න දිස්සන්ති. සුක්කපක්ඛෙ කම්මානන්ති විවට්ටගාමිකම්මානං. ඉති ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
නවවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්මයන්ගේයි, සමුදයාය යනු පිඬුකිරීම සඳහායි, නිදානං යනු ප්‍රත්‍යයයි, ලොභජෙන යනු ලොබින් හට ගැනීමෙනි, න පඤ්ඤායන්ති යනු මෙබඳු වූ කර්මයෙන් උපන්නෝයි නොදක්නා ලැබෙත්, යහපත් පැත්තෙහි කම්මානං යනු නිර්වාණගාමී කර්මයන්ගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
10. කිම්බිල සුත්තවණ්ණනා
10. කිම්බිල සූත්‍ර වර්ණනාව
දසමෙ නිචුලවනෙති මහාමුචලින්දවනෙ. සද්ධම්මොති සාසනසද්ධම්මො.
දසවැන්නෙහි නිචුලවනෙ යනු මහා මුචලින්ද වනයෙහියි, සද්ධම්මො යනු ශාසනික සද්ධර්මයයි.
11. දාරුක්ඛන්ධ සුත්තවණ්ණනා
11. දාරුක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එකාදසමෙ චෙතොවසිප්පත්තොති චිත්තවසිභාවං පත්තො. පථවීත්වෙව අධිමුච්චෙය්යාති ථද්ධාකාරං පථවීධාතූති සල්ලක්ඛෙය්ය. යං නිස්සායාති යං විජ්ජමානං ථද්ධාකාරං පථවීධාතුං නිස්සාය අමුං දාරුක්ඛන්ධං පථවීත්වෙව අධිමුච්චෙය්ය, සා එත්ථ පථවීධාතු අත්ථීති. ඉමිනා නයෙන සෙසපදානිපි වෙදිතබ්බානි. යථෙව හි තස්මිං ථද්ධාකාරා පථවීධාතු අත්ථි, එවං යූසාකාරා ආපොධාතු, උණ්හාකාරා තෙජොධාතු, විත්ථම්භනාකාරා වායොධාතු, රත්තවණ්ණම්හි සාරෙ පදුමපුප්ඵවණ්ණා සුභධාතු, පූතිභූතෙ චුණ්ණෙ චෙව ඵෙග්ගුපපටිකාසු ච අමනුඤ්ඤවණ්ණා අසුභධාතු, තං නිස්සාය අමුං දාරුක්ඛන්ධං අසුභන්ත්වෙව අධිමුච්චෙය්ය සල්ලක්ඛෙය්යාති. ඉමස්මිං සුත්තෙ මිස්සකවිහාරො නාම කථිතො.
එකළොස් වැන්නෙහි චෙතොචසිප්පත්තො යනු සිතේ වශීබවට පත් වූයේයි, පඨවීතෙව අධිමුච්චෙය්ය යනු තදබව පඨවිධාතුව යැයි සලකන්නේය, යං නිස්සාය යනු පවත්නා දැඩි බව ඇති යම් පඨවිධාතුවක් නිසා මේ දැවගොඩ පඨවිධාතුවමැයි සලකන්නේය, ඒ පෘථිවිධාතුව මෙහි ඇතැයි මේ ආකාරයෙන් සෙසු පදයෝ ද දතයුත්තාහ. යම්සේ එහි දැඩිබව ඇති පෘථිවිධාතුව ඇත්ද එසේ යුෂ (ද්‍රව) ආකාරය ඇති ආපොධාතුව උෂ්ණාකාර වූ තෙජොධාතුව, පැතිරීම් ආකාර ඇති වායොධාතුව රතු පැහැති සාරයෙහි නෙළුම් මලක් පැහැය ඇති සුභධාතුව ද කුණු වූ සුණෙහි මෙන්ම ඵළයෙහි හා වියලි පොතුවල ද අසුභ ධාතුව එය ඇසුරු කොටම මේ දැව ගොඩ අසුභ යයි සලකන්නේය, මේ සූත්‍රයෙහි මිශ්‍රක විහාරය නම්වූ දෙය කියන ලදි.
12. නාගිත සුත්තවණ්ණනා
12. නාගිත සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ ගාමන්තවිහාරින්ති ගාමන්තසෙනාසනවාසිං. සමාහිතං නිසින්නන්ති තස්මිං ගාමන්තසෙනාසනෙ සමාධිං අප්පෙත්වා නිසින්නං. ඉදානිමන්ති ඉදානි ඉමං. සමාධිම්හා චාවෙස්සතීති සමාධිතො උට්ඨාපෙස්සති. න අත්තමනො හොමීති න සකමනො හොමි. පචලායමානන්ති නිද්දායමානං. එකත්තන්ති එකසභාවං, එකග්ගතාභූතං අරඤ්ඤසඤ්ඤංයෙව චිත්තෙ කරිස්සතීති අත්ථො. අනුරක්ඛිස්සතීති අනුග්ගණ්හිස්සති. අවිමුත්තං වා චිත්තං විමොචෙස්සතීති අඤ්ඤස්මිං කාලෙ අවිමුත්තං චිත්තං ඉදානි පඤ්චහි විමුත්තීහි විමොචයිස්සති. රිඤ්චතීති වජ්ජෙති විස්සජ්ජෙති. පටිපණාමෙත්වාති පනුදිත්වා විස්සජ්ජෙත්වා. උච්චාරපස්සාවකම්මායාති උච්චාරපස්සාවකරණත්ථාය. ඉමිනා එත්තකෙන ඨානෙන සත්ථාරා අරඤ්ඤසෙනාසනස්ස වණ්ණො කථිතො. සුත්තස්ස පන පඨමකොට්ඨාසෙ යං වත්තබ්බං, තං හෙට්ඨා වුත්තමෙවාති.
දොළොස්වැන්නෙහි, ගාමන්තවිහාරිං යනු ග්‍රාමාන්ත සෙනසුන් වැසිවූයි, සමාහිතං නිසින්නං යනු ඒ ග්‍රාමාන්ත සෙනසුනෙහි සමාධිය නංවා හුන්නාවූයි, ඉදානිමං යනු දැන් මෙයයි, සමාධිම්භා චාචෙස්සති යනු සමාධියෙන් නැඟී සිටින්නේය, න අත්තමනො හොමි යනු ස්වකීය මනස ඇත්තේ නොවෙමි, පචලායමානං යනු නිදන්නාවූයි, එකත්තං යනු එකස්වභාවයයි, එකඟ බවට පත්වූයි, අරණ්‍ය සංඥාවම සිතෙහි කරන්නේ යයි අරුත්ය, අනුරඛිස්සති යනු අනුග්‍රහ කරන්නේය, අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති යනු අන්කල්හි නොමිදුනු සිත දැන් පස් විමුක්තීන්ගෙන් මුදන්නේය, රිඤ්චති යනු අත්හරියි දුරු කරයි, පටිපණාමෙත්වා යනු ඉවත්කොට දුරුකොටයි, උච්චාරපස්සාවකම්මාය යනු මළමූ පහකිරීම සඳහාය, මෙයින් මෙපමණ තැනකින් ශාස්තෲන් වහන්සේ විසින් අරණ්‍ය සේනාසනයේ ගුණය කියන ලදි, සුත්‍රයේ පළමු කොටසෙහි යමක් කිවයුතුද එය යට කියන ලද්දේමය.
දෙවතාවග්ගො චතුත්ථො.
සිවුවැනි වර්ගයයි.