යෙදුමෙන් කියවන්න

දාරුක‍්ඛන්‍ධ සුත‍්තං

6. 1. 4. 11.

6. 1. 4. 11.

[දාරුක‍්ඛන්‍ධ සුත‍්තං]

[දාරුක්ඛන්‍ධ සූත්‍රය]

41. එවම‍්මෙසුතං එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ.

41. මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ රාජගහ සමීපයෙහි ගිජ්ඣකූට පර්‍වතයෙහි වාස කරත්.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දස අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ මහන‍්තං දාරුක‍්ඛන්‍ධං. දිස‍්වා භික‍්ඛූ ආමන‍්තෙසි: “පස‍්සථ නො තුම‍්හෙ ආවුසො අමුං මහන‍්තං දාරුක‍්ඛන්‍ධන‍්ති”

එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ බොහෝ වහන්දෑ හා සමග ගිජුකුළුපව්යෙන් බස්නාහු අන්‍යතරප්‍රදේශයෙක්හි මහ දැවකඳක් දුටහ. දැක භික්‍ෂූන් ඇමැතූහ. “ඇවැත්නි, තෙපි තෙල මහදැවකඳ දක්නහු දැ?”යි.

එව මාවුසොති.

“එසේ ය ඇවැත්නි”යි.

ආකඞ‍්ඛමානො ආවුසො භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අමුං දාරුක‍්ඛන්‍ධං පඨවීත්‍වෙව අධිමුච‍්චෙය්‍ය. තං කිස‍්ස හෙතු: අත්‍ථි ආවුසො අමුම‍්හි දාරුක‍්ඛන්‍ධෙ පඨවීධාතු, යං නිස‍්සාය භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අමුං දාරුක‍්ඛන්‍ධං පඨවීත්‍වෙව අධිමුච‍්චෙය්‍ය.

ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමැතියේ නම්, අසු දැවකඳ පෘථිවිධාතු ම ය යි සළකන්නේ ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, යම් පෘථිවිධාතුවක් නිසා චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් “අසු දැව කඳ පෘථිවිධාතු ම ය”යි සලකා නම්, තෙල දැවකඳෙහි (එබඳු) පෘථිවිධාතුයෙක් ඇත.

ආකඞ‍්ඛමානො ආවුසො භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අමුං දාරුක‍්ඛන්‍ධං ආපොත්‍වෙව අධිමුච‍්චෙය්‍ය -පෙ- තෙජොත්‍වෙව අධිමුච‍්චෙය්‍ය -පෙ- වායොත්‍වෙව අධිමුච‍්චෙය්‍ය -පෙ- සුභන‍්ත්‍වෙව අධිමුච‍්චෙය්‍ය -පෙ- අසුභන‍්ත්‍වෙව අධිමුච‍්චෙය්‍ය. තං කිස‍්ස හෙතු. අත්‍ථි ආවුසො අමුම‍්හි දාරුක‍්ඛන්‍ධෙ අසුභධාතු, යං නිස‍්සාය භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අමුං දාරුක‍්ඛන්‍ධං අසුභන‍්ත්‍වෙව අධිමුච‍්චෙය්‍යාති.

ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමතියේ නම් අසු දැවකඳ අබ්ධාතු ම ය යි සළකන්නේ ය … තේජෝධාතු ම ය යි සළකන්නේ ය … වායෝධාතු ම ය යි සළකන්නේ ය … ශුභධාතු ම ය යි සළකන්නේ ය … අශුභධාතු ම ය යි සළකන්නේ ය. එ කවර හෙයින යත්: ඇවැත්නි, යම් අශුභධාතුවක් නිසා චිත්ත වශීභාවයට පත් ඍද්ධිමත් මහණ තෙල දැව කඳ අශුභධාතු ම ය යි සළකන්නේ නම්, අසු දැව කඳෙහි (එ) අශුභධාතුව ඇතැයි.