කිම්බිල සුත්තං
6. 1. 4. 10.
6. 1. 4. 10.
[කිම්බිල සුත්තං]
[කිම්බිල සූත්‍රය]
40. එවම්මෙසුතං එකං සමයං භගවා කිම්බිලායං විහරති නිචුලවනෙ අථ ඛො ආයස්මා කිම්බිලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කිම්බිලො භගවන්තං එතදවොච:
40. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල් වනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
“කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතී”ති?
වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාසන සද්ධර්මය යම් හෙයෙකින් චිරස්ථායී නො වේ නම්, එ හේතු කවරේ ය? ඒ ප්‍රත්‍යය කවරේ ය? යි.
ඉධ කිම්බිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛු භික්ඛුණියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා. ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. සික්ඛාය ආගාරවා විහරන්ති අප්පතිස්සා. අප්පමාදෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. පටිසන්ථාරෙ අගාරවා විහරන්ති අප්පතිස්සා.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගයන් වහන්සේ පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ධර්මයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ශික්ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ.
අයං ඛො කිම්බිල හෙතු, අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායී නො වේ නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යය යි.
කො පන භන්තෙ හෙතු, කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති?
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසනසද්ධර්මය චිරස්ථායී වේ නම්, එ හේතු කවර, එ ප්‍රත්‍යය කවරැයි.
ඉධ කිම්බිල තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, අප්පමාදෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, පටිසන්ථාරෙ සගාරවා විහරන්ති සප්පතිස්සා.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගතයන් පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ධර්මය කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ශික්ෂායෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ.
අයං ඛො කිම්බිල, හෙතු අයං පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථායී වේ නම්, මෙ ඒ හේතු ය, මෙ ඒ ප්‍රත්‍යය යි.