කම‍්මනිදානසුත‍්තං
6. 1. 4. 9.
6. 1. 4. 9.
[කම‍්මනිදානසුත‍්තං]
[කම්මනිදාන සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. තීණිමානි භික‍්ඛවෙ නිදානානි කම‍්මානං සමුදයාය.
39. මහණෙනි, (වර්‍තතගාමි) කර්‍මයන්ගේ සමුදයට (රැස්වීමට) මෙ නිදාන තුණෙක.
කතමානි තීණි:
කවර තුණෙක යත්:
ලොභො නිදානං කම‍්මානං සමුදයාය. දොසො නිදානං කම‍්මානං සමුදයාය. මොහො නිදානං කම‍්මානං සමුදයාය.
කර්‍මයන්ගේ සමුදයට ලෝභය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට මෝහය නිදානයෙකි.
න භික‍්ඛවෙ ලොභා අලොභො සමුදෙති. අථ ඛො භික‍්ඛවෙ ලොභා ලොභොව සමුදෙති. න භික‍්ඛවෙ දොසා අදොසො සමුදෙති. අථ ඛො භික‍්ඛවෙ දොසා දොසොව සමුදෙති. න භික‍්ඛවෙ මොහා අමොහො සමුදෙති. අථ ඛො භික‍්ඛවෙ මොහා මොහොව සමුදෙති.
මහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, ලෝභයෙන් ලෝභය මැ උපදනේ ය. මහණෙනි, ද්වේෂයෙන් අද්වේෂය නූපදනේ ය. වැලිත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදනේ ය. මහණෙනි, මෝහයෙන් අමෝහය නූපදනේ ය. මහණෙනි, වැලිත් මෝහයෙන් මෝහය ම උපදනේ ය.
න භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, න මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියො.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන්, ද්වේෂයෙන් උපන් කර්‍මයෙන්, මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැණෙත්. මනුෂ්‍යයෝ නො පැණෙත්. යම්බඳු අනෙකුදු සුගතිහු නො පැණෙත්.
අථ ඛො භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති, යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියො.
වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.
ඉමානි ඛො භික‍්ඛවෙ තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණ යි.
තීණිමානි භික‍්ඛවෙ නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි:
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණෙකි. කවර තුණෙක යත්:
අලොභො නිදානං කම‍්මානං සමුදයාය. අදොසො නිදානං කම‍්මානං සමුදයාය. අමොහො නිදානං කම‍්මානං සමුදයාය.
කර්‍මයන්ගේ සමුදය සඳහා අලෝභය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අද්වේෂය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අමෝහය නිදානයෙක.
න භික‍්ඛවෙ අලොභා ලොභො සමුදෙති, අථ ඛො භික‍්ඛවෙ අලොභා අලොභොව සමුදෙති. න භික‍්ඛවෙ අදොසා දොසො සමුදෙති, අථ ඛො භික‍්ඛවෙ අදොසා අදොසොව සමුදෙති. න භික‍්ඛවෙ අමොහා මොහො සමුදෙති, අථ ඛො භික‍්ඛවෙ අමොහා අමොහොව සමුදෙති.
මහණෙනි, අලෝභයෙන් ලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, අලෝභයෙන් අලෝභය ම උපදනේ ය. මහණෙනි, අද්වේෂයෙන් ද්වේෂය නූපදනේ ය. වැලිත් අද්වේෂයෙන් අද්වේෂයම උපදනේ ය. මහණෙනි, අමෝහයෙන් මෝහය නූපදනේ ය. වැලිත් මහණෙනි, අමෝහයෙන් අමෝහය ම උපදනේ ය.
න භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහ ජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති. තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති. පෙත‍්තිවිසයො පඤ‍්ඤායති යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියො. අථ ඛො භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියො.
මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජ කර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන්, නිරය නො පැණෙයි. තිරිසන්යොන් නො පැමිණෙයි. ප්‍රේත විෂය නො පැණෙයි. අනෙක් යම් කිසි දුගතිහුදු නො පැණෙති. වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.
ඉමානි ඛො භික‍්ඛවෙ තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදය සඳහා මෙ නිදාන තුණ යි.