යෙදුමෙන් කියවන්න

අත‍්තකාර සුත‍්තං

6. 1. 4. 8.

6. 1. 4. 8.

[අත‍්තකාර සුත‍්තං]

[අත්තකාර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

38. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

38. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේ ය:

“අහං හි භො ගොතම එවංවාදී එවංදිට‍්ඨී: “නත්‍ථි අත‍්තකාරො, නත්‍ථි පරකාරොති.”

භවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මකාරයෙක් (තමන් කරණ ක්‍රියා) නැත. පරකාරයෙක් (අනුන් කරණ ක්‍රියා) නැත යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි”යි.

මාහං බ්‍රාහ‍්මණ, එවංවාදිං එවංදිට‍්ඨිං අද‍්දසං වා අස‍්සොසිං වා. කථං හි නාම සයං අභික‍්කමන‍්තො සයං පටික‍්කමන‍්තො එවං වක‍්ඛති: “නත්‍ථි අත‍්තකාරො, නත්‍ථි පරකාරො”ති.

බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වා, (අසුවල් තැන වෙසෙතැයි) නහමක් අසම් ව යි. කිසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි කියන්නේ ද?

තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, අත්‍ථි ආරම‍්භධාතූති?

බ්‍රාහ්මණය, ‘ආරම්භධාතුයෙක් (ක්‍රියා කිරීමෙහි පළමු උපදනා වීර්‍ය්‍යය) ඇත’ යන එය කිම හඟිහිදැ?යි.

එවම‍්භො

පින්වතුන් වහන්ස, එසේ ඇති යයි.

ආරම‍්භධාතුයා සති ආරම‍්භවන‍්තො සත‍්තා පඤ‍්ඤායන‍්තී?ති.

ආරම්භධාතු ඇතිවත්ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් සත්ත්‍වයෝ පැණෙත් ද?

එවං භො.

‘එසේ ය’ පින්වතුන් වහන්සැයි.

යං ඛො බ්‍රාහ‍්මණ ආරම‍්භධාතුයා සති ආරම‍්භවන‍්තො සත‍්තා පඤ‍්ඤායන‍්තී’ති අයං සත‍්තානං අත‍්තකාරො, අයං පරකාරොති.

බ්‍රාහ්මණය, ‘ප්‍රථමාරම්භවීර්‍ය්‍යය ඇතිවත් ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් (ප්‍රථමාරම්භවීර්‍ය්‍යයෙන් ක්‍රියා කරණ) සත්ත්‍වයෝ පැණෙති’ යන යමෙක් වේ නම්, මේ සත්ත්‍වයන්ගේ ආත්මකාර යි, මේ සත්ත්‍වයන්ගේ පරකාර යි.

තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ අත්‍ථි නික‍්ඛමධාතු -පෙ- අත්‍ථි පරක‍්කමධාතු -පෙ- අත්‍ථි ථාමධාතු -පෙ- අත්‍ථි ඨිතිධාතු -පෙ- අත්‍ථි උපක‍්කමධාතූ?ති.

බ්‍රාහ්මණය, (කුසීතභාවයෙන් නික්මෙන සැහැවි ඇති) නික්ඛමධාතුයෙක් = වීර්‍ය්‍යයෙක් ඇත … (පැරැකුම් සැහැවි ඇති) පරක්කමධාතුයෙක් ඇත … ස්ථාමධාතුයෙක් (බලවත් වීර්‍ය්‍යයෙක්) ඇත ... ස්ථිතිධාතුයෙක් (පිහිටි වීර්‍ය්‍යයෙක්) ඇත … උපක්‍රමධාතුයෙක් (උපක්‍රම ශක්තියෙක්) ඇත යන එය කිම හඟිහි දැ?යි.

එවම‍්භො.

පින්වතුන් වහන්ස, එසේ යැයි.

උපක‍්කමධාතුයා සති උපක‍්කමවන‍්තො සත‍්තා පඤ‍්ඤායන‍්තී?ති.

උපක්‍රමධාතුව (උපක්‍රම ස්වභාවය) ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැණෙත් දැ?යි.

එවං භො.

පින්වතුන් වහන්ස, එසේ යැයි.

යං ඛො බ්‍රාහ‍්මණ, උපක‍්කමධාතුයා සති උපක‍්කමවන‍්තො සත‍්තා පඤ‍්ඤායන‍්තී’ති අයං සත‍්තානං අත‍්තකාරො, අයං පරකාරො’ති.

බ්‍රාහ්මණය, උපක්‍රමධාතුව ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැනෙති යන යමෙක් වේ නම්, මෙය සත්ත්‍වයන්ගේ ආත්මකාරයි, මෙය පරකාර යි.

මාහං බ්‍රාහ‍්මණ, එවංවාදිං එවංදිට‍්ඨිං අද‍්දසං වා අස‍්සොසිං වා. කථං හි නාම සයං අභික‍්කමන‍්තො පටික‍්කමන‍්තො එවං වක‍්ඛති: “නත්‍ථි අත‍්තකාරො, නත්‍ථි පරකාරො”ති.

බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වයි, අසම්වයි. කෙසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි මෙසේ කියන්නේ දැ?

(බමුණු තෙම අත්තකාර පරකාර යථාවයෙන් දැන බුදුරදුන් සරණ ගොස් මෙසේ කීය:)

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය … මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගියකු කොට ධරණ සේක් වයි.