ජළඞ්ගදාන සුත්තං
6. 1. 4. 7.
6. 1. 4. 7.
[ජළඞ්ගදාන සුත්තං]
[ඡළඞ්ගදාන සූත්‍රය]
37. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලාන පමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙති.
37. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වේළුකණ්ටක නුවරවැසි නන්දමාතා උපාසිකා ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ප්රමුඛ බික් සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා පිහිටුවයි.
අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන වෙළුකණ්ටකිං නන්දමාතරං උපාසිකං සාරිපුත්තමොග්ගල්ලානපමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙන්තිං. දිස්වා භික්ඛූ ආමන්තෙසි:
භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිව්‍ය චක්ෂුර්ඥානයෙන් සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි දන් පිහිටුවන වේළුකණ්ටකී නන්දමාතා උවැසිය දැක වදාළසේක්මැයි. දැකවදාරා මහණුන් ඇමැතූසේක:
”එසා භික්ඛවෙ වෙළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලානපමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙති.”
මහණෙනි, තෙල වේළුකණ්ට කී නන්දමාතා උපාසිකා සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා (දනක්) දෙයි.
කථඤ්ච භික්ඛවෙ ඡළඞ්ගසමන්නාගතා දක්ඛිණා හොති:
මහණෙනි, කී සෙයින් ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා වේය යත්:
ඉධ භික්ඛවෙ දායකස්ස තීණඞ්ගානි හොන්ති. පටිග්ගාහකානං තීණඞ්ගානි.
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකයාගේ අඞ්ග තුණෙක් වෙයි. පිළිගාවන්ගේ අඞ්ග තුණෙක් වෙයි.
කතමානි දායකස්ස තීණඞ්ගානි?
දායකයාගේ කවර අඞ්ග තුණෙක යත්:
ඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති, දදං චිත්තං පසාදෙති, දත්වා අත්තමනො හොති. ඉමානි දායකස්ස තීණඞ්ගානි.
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකතෙම දානයෙන් පූර්වයෙහි මැ සොම්නස් ඇති වෙයි. දන්දෙනුයේ සිත් පහන් කෙරෙයි. දන් දී සතුටු සිතැති වෙයි. මෙ දායකයාගේ අඞ්ග තුණ ය.
කතමානි පටිග්ගාහකානං තීණඞ්ගානි?
ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ කවරැ යත්:
ඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගා වා හොන්ති රාගවිනයාය වා පටිපන්නා. වීතදොසා වා හොන්ති දොසවිනයාය වා පටිපන්නා. වීතමොහා වා හොන්ති මොහවිනයාය වා පටිපන්නා. ඉමානි පටිග්ගාහකානං තීණඞ්ගානි.
මහණෙනි, මෙ කරුණෙහි ලා පිළිගාවෝ වීතරාග හෝ වෙත්, රාග විනයට පිළිපන්නාහු හෝ වෙත්. වීත ද්වේෂ හෝ වෙත්, ද්වේෂවිනයට පිළිපන්නාහු හෝ වෙත්. වීතමෝහ හෝ වෙත්, මෝහවිනයට පිළිපන්නාහු හෝ වෙත්. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ යි.
ඉති දායකස්ස තීණඞ්ගානි, පටිග්ගාකානං තීණඞ්ගානි. එවං ඛො භික්ඛවෙ ඡළඞ්ගසමන්නාගතා දක්ඛිණා හොති.
මෙලෙස දායකයාගේ අඞ්ග තුණෙක. ප්‍රතිග්‍රාහකයින්ගේ අඞ්ග තුණෙක. මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්ෂිණා වෙයි.
එවං ඡළඞ්ගසමන්නාගතාය භික්ඛවෙ දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං “එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහා පුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්ෂිණාමය පුණ්‍යයාගේ “මෙතරම් පුණ්යප්රවාහයෙක, කුශලප්රවාහයෙක, සුව ගෙණ දෙන්නෙක, ස්වග්රසුඛදායකය, සුඛවිපාක ඇත්තෙක, ස්වර්ගයට හිතව වැටෙන්නෙක. ඉෂ්ට කාන්ත මනාප හිත සුඛ සඳහා වැටෙන්නෙකැයි ප්‍රමාණය ගන්නට සුකර නො වෙයි. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්යස්කන්ධයෙකැ යන සඞ්ඛ්‍යාවට ම යෙයි.
සෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගහෙතුං. “එත්තකානි උදකාළ්හකානී’ති වා, එත්තකානි උදකාළ්හකසතානී’ති වා, එත්තකානි උදකාළ්හකසහස්සානී’ති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානී”ති වා. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, යම් පරිදි මහ සයුරෙහි, “මෙතෙක් දියනැලි යි හෝ මෙතෙක් දියනැලිසියෙක හෝ, මෙතෙක් දියනැලි දහසෙකැයි හෝ, මෙතෙක් දිය නැලිසියදහසෙකැයි හෝ ජල ප්‍රමාණය ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය වූ මහදියකඳෙකැයි ම සඞ්ඛ්‍යාවට යේ.
එවමෙව ඛො භික්ඛවෙ එවං ඡළඞ්ගසමන්නාගතාය දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං: “එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
මහණෙනි, එපරිදි ම මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්ෂිණායෙහි මෙපමණ පුණ්යෝපප්රාප්තියෙක, මෙපමණ කුශලොපප්රාප්තියෙක, සුවගෙණ දෙන්නෙක, ස්වග්රසුඛ දායකය, සුඛ විපාක ඇතියෙක, ස්වර්ගයට හිතව වැටෙන්නේය, ඉෂ්ට කාන්ත මනාප හිත සුව පිණිස වැටෙන්නේ යයි පුණ්‍යයාගේ ප්‍රමාණය ගණුවට සුකර නෙ වේ. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්යස්කන්ධයෙක ම යන සඞ්ඛ්‍යාවට යෙයි.
14. පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයෙ, දත්වා අත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා
14. දෙනුවට පළමු මැ සොම්නස් සහගියා වන්නේය. දෙමින් සිත් පහදන්නේ ය. දන් දී (ඉක්බිති) සතුටු සිතැති වන්නේ ය. තෙල දානයාගේ පරිපූර්ණතා යි.
15. වීතරාගා වීතදොසා වීතමොහා අනාසවා, ඛෙත්තං යඤ්ඤස්ස සම්පන්නං සඤ්ඤතා බ්රහ්මචාරිනො.
15. වීතරාග වූ වීත ද්වේෂ වූ වීතමෝහ වූ අනාස්‍රව වූ ශීල සංයමයෙන් (කායිකවාචසිකසංවරයෙන්) සංයත වූ බ්රම්සැරිහු යඥ සඞ්ඛ්‍යාත දානයට සම්පන්න ක්ෂේත්‍ර යි.
16. සයං ආචමයිත්වාන දත්වා සකෙහි පාණිහි, අත්තතො පරතො චෙසො යඤ්ඤො හොති මහප්ඵලො.
16. තමා ම අත්පා දෙවැ සියතින් දීමෙන් (දායක සඞ්ඛ්‍යාත) තමාගෙනුදු (ප්‍රතිග්‍රාහක සඞ්ඛ්‍යාත) පරාගෙනුදු තෙල යඥය මහත්ඵල වෙයි.
17. එවං යජිත්වා මෙධාවී සද්ධො මුත්තෙන චෙතසා’ අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතී’ති.
17. මෙසේ (රුවන් තියා කෙරෙහි) සැදැහැති ධාරණ ප්‍රඥා ඇති පණ්ඩිත තෙම (ලාභමාත්සර්ය්යාදින්) මුත් සිතින් දන්වැට පවත්වා නිදුක් සුව ඇති ස්වර්ගලෝකයට එළැඹෙන්නේ යි.