යෙදුමෙන් කියවන්න

විවාදමූල සුත‍්තං

6. 1. 4. 6.

6. 1. 4. 6.

[විවාදමූල සුත‍්තං]

[විවාදමූල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

36. ඡයිමානි භික‍්ඛවෙ විවාදමූලානි. කතමානි ඡ:

36. මහණෙනි, මෙ විවාදමූල සයෙකි. කවර සයෙක යත්:

(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කොධනො හොති උපනාහී. යො සො භික‍්ඛවෙ භික‍්ඛු කොධනො හොති උපනාහී, සො සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සො, සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙ අගාරවො විහරති අප‍්පතිස‍්සො, සඞ‍්ඝෙ අගාරවො විහරති අප‍්පතිස‍්සො, සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි. මහණෙනි, යම් මැ මහණෙක් ක්‍රෝධන උපනාහී වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ධර්‍මයෙහිදු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි දු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ශික්‍ෂාහිදු පරිපූරකාරි නො වෙසෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශය (ගුරු පිහිට) නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, ධර්‍මයෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, සඟුන් කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ ගෞරව නැතියේ වෙසේ නම්, ශික්‍ෂාහි පරිපූරකාරි නො වේ නම්, හෙ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ නම්, සඟුන් අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පර්‍ෂද්හි වේවයි බාහිර පර්‍ෂද්හි වේවයි දක්නහු නම්, එ ලමු වාදයාගේ ප්‍රහාණය පිණිස ම ව්‍යායාම කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලමු විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලමු විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලමු විවාදමූලයාගේ අනුත්පාද වෙයි.

(2) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු මක‍්ඛී හොති පලාසී -පෙ- (3) ඉස‍්සුකී හොති මච‍්ඡරී -පෙ- (4) සඨො හොති මායාවී -පෙ- (5) පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨී -පෙ- (6) සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී. යො සො භික‍්ඛවෙ භික‍්ඛූ සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී, සො සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සො, සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සො, ධම‍්මෙ අගාරවො විහරති අප‍්පතිස‍්සො, සඞ‍්ඝෙ අගාරවො විහරති අප‍්පතිස‍්සො, සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාද මූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

(2) තවද මහණෙනි, මහණ මෙරමා ගුණ මකන සැහැවි ඇතියේ යුග ග්‍රාහ (දෙදෙන සමව ගැණීම්) ලක්‍ෂණ ප්‍රදාස ඇතියේ වෙයි … (3) ඊර්‍ෂ්‍යා ඇතියේ මාත්සර්‍ය්‍ය ඇතියේ වෙයි … (4) ශඨ වූයේ මායා ඇතියේ වෙයි … (5) ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු (නාස්තික වාද, අහේතුක වාද, අක්‍රිය වාද) ඇතියේ වෙයි ... (6) ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත නොහළ හැකියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ස්වදෘෂ්ටිය පරාමර්‍ෂණ කරණ සුලුවූයේ දෘඪග්‍රාහීවූයේ ගත්මත නොහළ හැකියේ වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. හේ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස අහිත පිණිස දෙව් මිනිස්නට දුක් පිණිස වේ නම්, සඞ්ඝයා අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, දක්නහු නම්, මහණෙනි, එකරුණෙහි ලා එ මැ ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි හෝ බාහිර පර්‍ෂද්හි හෝ නොදක්නාහු නම්, මහණෙනි, එකරුණෙහි ලා තෙපි එ මැ ලාමක විවාද මූලයාගේ මතුයෙහි අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලාමක විවාද මූලයාගේ අනුත්පාදය වෙයි.

ඉමානි ඛො භික‍්ඛවෙ ඡ විවාදමූලානී’ති.

මහණෙනි, මෙ විවාද මූල සය යි.