නාගිත සුත්තං
9. 1. 4. 12.
6. 1. 4. 12.
[නාගිත සුත්තං]
[නාගිත සූත්‍රය]
42. එවං මෙ සුතං එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්රාහ්මණගාමො, තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ.
42. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහබික්සඟුන් හා සමග සැරි සරණසේක්, කෝශලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වාස කරන්නාහ.
අස්සොසුං ඛො ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො” ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො -පෙ- බුද්ධො භගවා”ති. සො ඉමං ලොකං සදෙවකං -පෙ- [සාධු ඛො පන තථාරූපානං] අරහතං දස්සනං හොතී”ති.
ඉච්ඡානඞ්ගලික බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩිසේක් ම ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වසන්නාහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ ... බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිතුගොසෙක් උස් ව නැගියේ ය. උන්වහන්සේ දෙවියන් සහිත මෙ ලෝකය ... එබඳු රහතුන්ගේ දර්ශනය මනා වන්නේ ය”යි ඇසූහු ම ය.
අථ ඛො ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා තස්සා රත්තියා අච්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.
ඉක්බිති ඉච්ඡානඞ්ගල වැසි බමුණු ගැහැවියෝ එ රෑ ඇවෑමෙන් ප්‍රභූත ඛාද්‍යභෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගල වනෂණ්ඩය කරා එළඹියහ. එළැඹ බිහි දොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇති ව සිටියහ.
තෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං නාගිතං ආමන්තෙසි: කෙ පන තෙ නාගිත උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති.
එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමැතූසේක: නාගිතයෙනි, උස් හඬ ඇති, මහ හඬ ඇති ඔහු කවරහු දැ? මත්ස්යවිලෝපයෙහි (මාළු කඩයක) කෙවුළන් වැනියහ’යි.
එතෙ භන්තෙ ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද්වාරකොට්ඨකෙ ඨිතා භගවන්තංයෙව උද්දිස්ස භික්ඛුසඞ්ඝං චාති.
“වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලවැසි බමුණු ගැහැවිහු බොහෝ කෑයුතු බුදියයුතු දෑ ගෙණ භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සඞ්ඝයා උදෙසා මැ බිහිදොර කොටුයෙහි සිටියහ”යි.
මාහං නාගිත, යසෙන සමාගමං. මා ච මයා යසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්යාති.
නාගිතයෙනි, මම නහමක් පිරිවර හා එක් වෙම්වා, පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බොධ සුඛයක් මම කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් වනාහි මේ නෙක්ඛම්මසුඛය, පවිවේක සුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ නො වේ නම්, හේ, එ මීඪ (අසූචි) සුඛය, නිද්රාසුඛය, ලාභ සත්කාර වර්ණභණනය නිසා උපන් සුඛය ඉවසන්නේ ය.
අධිවාසෙතුදානි භන්තෙ භගවා, අධිවාසෙතු සුගතො. අධිවාසන කාලොදානි භන්තෙ භගවතො. යෙන යෙනෙවදානි භන්තෙ භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා, නෙගමා චෙ ව ජානපදා ච. සෙය්යථාපි භන්තෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ යථානින්නං උදකානි පවත්තන්ති, එව මෙව ඛො භන්තෙ යෙන යෙනෙවදානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. තං කිස්ස හෙතු: තථා හි භන්තෙ භගවතො සිලපඤ්ඤණන්ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක් වා. සුගතයන් වහන්සේ ඉවසන සේක් වා. භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලය වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම් ගම් වැසි වූ ද දනවුවැසි වූ ද බ්‍රාහ්මණ ගෘහපතිහු එදිගට නැමුනාහු මැ වන්නාහ. වහන්ස, යම්සේ මහපොද යුත් වැසි වසිත් ම නිම්න වූ පරිදි මැ (නැමුනු තැන් කරාම) දියගලා යේ ද, වහන්ස, එසෙයින් මැ භාග්‍යවතුන් වහන්සේ දැන් යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද බමුණු ගැහැවිහු එදිගට නැමුනාහු ම වන්නාහ. වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීල-ප්‍රඥා එබඳු මැ යි.
මාහං නාගිත, යසෙන සමාගමං. මා ච මයා සසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාර සිලොකසුඛං සාදියෙය්ය.
නාගිතයෙනි, මම පිරිවර හා නහමක් එක් වෙම්වා. පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබනසුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් මෙ නෙක්ඛම්මසුඛය, පවිවේකසුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබනසුලුයේ, නිදුකින් ලබන සුලුයේ, විපුල කොට ලබන සුලුයේ නොවේ නම්, හේ එ මීඪසුඛය නිද්රාසුඛය ලාභසත්කාරවර්ණභණන සුඛය ඉවසන්නේ ය.
(1) ඉදාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානිමං ආයස්මන්තං ආරාමිකො වා සමණුද්දෙසො වා සහධම්මිකො වා තම්හා සමාධිම්හා චාවෙස්සතී”ති තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
(1) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරී වු සමාහිත ව හුන මහණක්හු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් ආරාමිකයෙක් වේවයි, හෙරණෙක් වේවයි, සහදැමියෙක් වේවයි, මෙ ආයුෂ්මත්හු එ සමාධිනිමිත්තයෙන් ගළවන්නේ ය”යි. නාගිතයෙනි, මම එ මහණහුගේ එ ග්‍රාමාන්ත විහාරයෙන් තුටු සිතැතියෙම් නො වෙමි.
(2) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ පචලායමානං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානි අයමායස්මා ඉමං නිද්දාකිලමථං පටිවිනොදෙත්වා අරඤ්ඤසඤ්ඤං යෙව මනසි කරිස්සති එකත්තන්ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
(2) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි නිදමින් හිඳිනා ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් මෙ නිද්රාක්ලමථය දුරු කොට ඒකාග්රතාභූත අරණ්යසංඥාව ම මෙනෙහි කෙරේ”යි. නාගිතයෙනි, මම එ භික්ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
(3) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි අරඤ්ඤකං අරඤ්ඤෙ අසමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානි අයමායස්මා අසමාහිතං වා චිත්තං සමාදහිස්සති සමාහිතං වා චිත්තං අනුරක්ඛිස්සතී”ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
(3) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි අසමාහිත ව හුන් අරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිතකරන්නේය. සමාහිත වූ හෝ සිත රැකගන්නේ ය”යි. නාගිතයෙනි, එ භික්ෂුහුගේ එ අරණවාසයෙන් මම සතුටු සිතැතියෙම් වන්නෙමි.
(4) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: ඉදානි අයමායස්මා අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති, විමුත්තං වා චිත්තං අනුරක්ඛිස්සතී”ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
(4) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, එ මට මෙබඳු සිතෙක් වන්නේ ය: “දැන් මෙ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත කරන්නේ ය. විමුක්ත වූ හෝ සිත රක්නේ ය”යි. නාගිතයෙනි, මම එ භික්ෂුහුගේ එ ආරණ්‍යක වාසයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
(5) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං ලාභිං චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො තං ලාභසක්කාරසිලොකං නිකාමයමානො රිඤ්චති පටිසල්ලානං, රිඤ්චති අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි, ගාමිනිගමරාජධානිං ඔසරිත්වා වාසං කප්පෙති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
(5) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරි වූ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු මහණකු දක්මි. හෙ ඒ ලාභ සත්කාර ශ්ලෝකය පතමින් පිළිසලන හරණේ ය. අරණෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් හැර පියයි. ගම් නියම්ගම් රජදහනට වැද වාසකෙරෙයි. නාගිතයෙනි, මම ඒ භික්ෂුහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
(6) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො තං ලාභසක්කාර සිලොකං පටිපණාමෙත්වා න රිඤ්චති පටිසල්ලානං, න රිඤ්චති අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
(6) නාගිතයෙනි, මම මෙ සස්නෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු ආරණ්‍යක මහණකු දක්මි. හේ එ ලාභසත්කාරශ්ලෝකය දුරැ ලා පිළිසලන නො පියයි. අරණ වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් නො පියයි. නාගිතයෙනි, මම එ භික්ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
යස්මාහං නාගිත, සමයෙ අද්ධානමග්ගපටිපන්නො න කඤ්චි පස්සාමි පුරතො වා පච්ඡතො වා, ඵාසු මෙ නාගිත, තස්මිං සමයෙ හොති අන්තමසො උච්චාරපස්සාවකම්මායාති.
නාගිතයෙනි, යම් කලෙක්හි මම් අදන් මගට පිළිපන්නෙම් ඉදිරිපස්හි හෝ පසුපස්හි හෝ කිසිවකු නො දක්නෙම් ද, නාගිතයෙනි, එ සමයෙහි මට යටත් පිරිසෙයින් සුලුවටන් මහවටන් කරන්නට පවා පහසු වේ මැයි.
දෙවතා වග්ගො චතුත්ථො.
සිවුවැනි දේවතා වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සෙක්ඛා ද්වෙ අපරිහානි මොග්ගල්ලාන විජ්ජාභාගියා විවාද දානත්තකාරි නිදානං කිම්බිලදාරුක්ඛන්ධෙන නාගිතොති.
සේඛ සූත්‍රය, අපරිහානිය සූත්‍ර දෙකෙක, මොග්ගල්ලාන සූත්‍රය, විජ්ජාභාගිය සූත්‍රය, විවාදමූල සූත්‍රය, දාන සූත්‍රය, අත්තකාරි සූත්‍රය, නිදාන සූත්‍රය, කිම්බිල සූත්‍රය, දාරුක්ඛන්ධ සූත්‍රය, නාගිත සූත්‍රය යි ද්වාදශ සූත්‍ර කෙනෙකි.