නාග සුත්තං
6. 1. 5. 1.
6. 1. 5. 1.
[නාග සුත්තං]
[නාග සූත්‍රය]
43. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
43. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවර පිඬු පිණිස වන්සේක. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූසේක:
“ආයාමානන්ද, යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා”ති.
ආනන්දයෙනි, දිවාවිහාර සඳහා යම්හ, පුබ්බාරාම නම් වූ මුවරමාපහය කරා එළැඹෙන්නමෝවයි.
“එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
“එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ.
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා සමග පුබ්බාරාම නම් වූ මිගාරමාතුපාසාදය කරා එළැඹි සේක.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගිසේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූහ:
“ආයාමානන්ද, යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතුං”ති.
“ආනන්දයෙනි, සිරිරු සිලිලින් සනහන්නට පූර්වකෝෂ්ඨය (පුබ්බකොට්ඨක නම් නහනතොට) කරා යම්හ”යි.
“එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි”.
“එසේය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු ඇස්සූහ.
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තතානි පුබ්බාපයමානො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා (පන්සියක් භික්ෂූන්) සමග පූර්වකෝෂ්ඨකය කරා ගාත්රපරිෂේකයට (නහන පිණිස) වැඩිසේක. පූර්වකොෂ්ඨකයෙහි සිරිරු නහවා ගොඩවී ඒකචීවර වූ සේක් (හඳනය පමණක් හැඳ) සිරිරු දියසිඳුවමින් සිටිසේක.
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස ‘සෙතො’ නාම නාගො මහාතුරියතාලිතවාදිතෙන පුබ්බකොට්ඨකා පච්චුත්තරති. අපිස්සු තං ජනො දිස්වා එවමාහ:
එසමයෙහි පසේනදි කොසොල් මහරජුගේ ‘සෙත’ නම් ඇත්රජ මහාතූර්ය්යතාලම්-වාදයෙන් පූර්වකෝෂ්ඨයෙන් ගොඩ එන්නේ ය. එසේ වත් ම, ජනයා ඔහු දැක මෙසේ කියයි:
“අභිරූපො වත භො රඤ්ඤො නාගො, දස්සනීයො වත භො රඤ්ඤො නාගො, පාසාදිකො වත භො රඤ්ඤො නාගො, කායූපපන්නො වත භො රඤ්ඤො නාගො”ති.
භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ මහානාගයා (ඇත්රජ) අභිරූප වෙයි. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ දර්ශනීයය. භවත්නි, මහරජුගේ මෙ ඇත්රජ ප්‍රාසාදික ය. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ තුනුසපුයෙන් යුතු (පිරිපුන් අඟපසඟ ඇතියේ) ය යි.
එවං වුත්තෙ ආයස්මා උදායි භගවන්තං එතදවොච: “හත්ථිමෙව නු ඛො භන්තෙ මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ: නාගො වත භො නාගොති: උදාහු අඤ්ඤම්පි කඤ්චි මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ: නාගො වත භො නාගොති?”
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: වහන්ස, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇතක්හු ම දැක, ‘පින්වත්නි, ඒකාන්තයෙන් මහ නාගයෙකැයි කියා ද? නැතහොත්, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟින් යුක්ත වූ අන්කිසිවකුදු දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් මහානාගයෙකැයි කියා දැ?” යි.
හත්ථිම්පි ඛො උදායි, මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ:” නාගො වත භො නාගො”ති. අස්සම්පි ඛො උදායි -පෙ- ගොණම්පි ඛො උදායි -පෙ- උරගම්පි ඛො උදායි -පෙ- රුක්ඛම්පි ඛො උදායි, -පෙ- මනුස්සම්පි ඛො උදායි, මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ: “නාගො වත භො නාගො”ති. අපි ච උදායි යො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය “ආගුං න කරොති කායෙන වාචාය මනසා, තමහං නාගො”ති බ්රූමීති.
උදායියෙනි, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇත්රජකුදු දැක “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. උදායියෙනි, අශ්වයකුදු ... උදායියෙනි, ගොනකුදු ... උදායියෙනි, උරගයකුදු ... උදායියෙනි, වෘක්ෂයකුදු ... උදායියෙනි, ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති මනුෂ්යයකුදු දැක ජනයා “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. වැලිත් උදායියෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි යමෙක් ආගු සඞ්ඛ්‍යාත ලමු අකුසල්දම් කයින් වචසින් මනසින් නො කෙරේ නම්, මම ඔහු ‘නාග’ යයි කියමියි.
අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං භන්තෙ, භගවතා “අපි ච උදායි, යො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, ආගුං න කරොති කායෙන වාචාය මනසා, තමහං නාගොති බ්රූමී”ති.
වහන්ස, අසිරි ය! වහන්ස අද්භූත ය!! වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිත ම ය: “වැලිත් උදායියෙනි දෙවිබඹුන් සියෝ මරුන් සියෝ ලෝකයෙහි, මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ ප්‍රජායෙහි යමෙක කාවිසිමුනි තුන්දොරින් පව් නො කෙරේ ද, මම උහු නාගයහයි කියමි”යි වදාළසේක.
ඉදඤ්ච පනාහං භන්තෙ, භගවතො සුභාසිතං ඉමාහි ගාථාහි අනුමොදාමි:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ සුභාෂිතය මේ ගාථායෙන් අනුමෝදන් වෙමි:
18. මනුස්සභූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං ඉරීයමානං බ්රහ්මපථෙ චිත්තස්සුපසමෙ රතං.
18. මනුෂ්‍ය වූ මැ තමා විසින් දැමුනු (ද්විවිධ සමාධියෙන්) සමාහිත වූ නිර්වාණමාර්ගයෙහි වසන (ධ්‍යානයෙන්) චිත්තව්යුපශමයෙහි නියැලුනු,
19. යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මාන පාරගුං, දෙවාපි නං නමස්සන්ති ඉති මෙ අරහතො සුතං.
19. ස්කන්ධාදි සර්වධර්මඥානයෙහි පාරප්රාප්ත වූ යම් බුද්ධනාගයකු මනුෂ්‍යයෝ නමදිත් නම්, ඒ බුදුන් දෙවියෝ ද නමදිත් ය යනු අර්හත් වන මුබ වෙත මා විසින් අසනලදී.
20. සබ්බසඤ්ඤොජනාතීතං වනා නිබ්බානමාගතං කාමෙහි නෙක්ඛම්මරතං මුත්තං සෙලාව කඤ්චනං.
20. සර්වසංයෝජනයන් ඉක්මගිය (කෙලෙස්) වනයෙන් නිවනට පැමිණි, (ආර්ය්යමාර්ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙහි අභිරත වූ ශෛලපර්වතයෙන් ගුළු රනක් සෙයින් කාමයෙන් මුක්ත වූ උන්වහන්සේ දෙවියෝ නමදිත්.
21. සබ්බෙ අච්චරුචී නාගො හිමවා චඤ්ඤෙ සිලුච්චයෙ සබ්බෙසං නාගනාමානං සච්චනාමො අනුත්තරො.
21. අන්‍ය පර්වතයන් ඉක්මවා දිලෙන හිමවත් පර්වතය සෙයින් බුද්ධනාග තෙම හැම නාගයන් මැඩැගෙණ වොරඳනා රුචි (බැබැළුම්) ඇතියේ ය. හැම නාගනාම ඇතියන් අතුරෙහි (පව් නො කරන හෙයින්) සත්‍ය වූ නාග නාම ඇති බුදුතෙම අනුත්තර වෙයි.
22. නාගං වො කිත්තයිස්සාමි නහි ආගුං කරොති සො සොරච්චං අවිහිංසා ච පාදා නාගස්ස තෙ දුවෙ.
22. තොපට නාගයා කීර්තනය කරමි: හෙ (අකුශලධර්මසඞ්ඛ්යාත) ආගු නො කෙරෙයි. (ශුචිශීලසඞ්ඛ්යාත) සුරතභාවය ද, (කරුණා හා කරුණාපූර්වභාගසඞ්ඛ්යාත) අවිහිංසාව ද බුද්ධනාග වූ ඔබගේ (පෙර) දෙපා වෙයි.
23. තපො ච බ්රහ්මචරියං චරණා නාගස්ස ත්යාපරෙ සද්ධාහත්ථො මහානාගො උපෙක්ඛාසෙතදන්තවා.
23. (ධුතසමාදාන සඞ්ඛ්‍යාත) තපස ද, (ආර්ය්යමාර්ගශීල සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය ද නාග වූ ඔබගේ අපර වූ චරණ (පසුබා) දෙක යි. මහාබුද්ධනාග තෙම ශ්‍රද්ධා නැමැති සොඬ ඇතියේ ෂඩඞ්ගෝපේක්ෂා සඞ්ඛ්‍යාත ශ්වේතදන්ත ඇතියේ ය.
24. සති ගීවා සිරො පඤ්ඤා වීමංසා ධම්මචිත්තනා ධම්මකූච්ඡිසමාවාපො විවෙකො තස්ස වාලධි.
24. එ බුද්ධනාගයාගේ ග්‍රීවාව ස්මෘති ය යි. ශීර්ෂය (සර්වඥතා නැමැති) ප්‍රඥා යි. ධර්මචින්තාව (ධර්ම කොටස් පිරිසිඳ දන්නා ඥානය) මීමාංසා (සොඬ අග) යි. (චතුර්ත්ථධ්යාන සඞ්ඛ්‍යාත) ධර්මය ම (ඍද්ධිවිධාදි අභිඥාබලරාශිභූතස්ථාන හෙයින්) කුක්ෂිසමාවාප නම් (උදරය) වෙයි. ත්‍රිවිධ විවේකය උහුගේ වාලධි ය යි.
25. සො ඣායී අස්සාසරතො අජ්ඣත්තං සුසමාහිතො ගච්ඡං සමාහිතො නාගො ඨිතො නාගො සමාහිතො.
25. ධ්‍යාන කරණසුලු එ බුද්ධනාග ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත ආශ්වාසයෙහි (ප්‍රාණයෙහි) නියැලියේ අද්ධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත ය. බුද්ධනාග යන්නේ ද සමාහිත ම වෙයි. බුද්ධනාග සිටියේ ද සමාහිත ම වෙයි.
26. සෙය්යං සමාහිතො නාගො නිසින්නොපි සමාහිතො සබ්බත්ථ සංවුතො නාගො එසා නාගස්ස සම්පදා
26. නාග තෙම හෝනේ ද සමාහිත ම වෙයි. හිඳුනේ ද සමාහිතම වෙයි. හැම ද්වාරයෙහි ම නාග තෙමේ සංවෘත ය. තෙල නාගයාගේ පරිපූර්ණත්වය යි.
27. භුඤ්ජති අනවජ්ජානි සාවජ්ජානි න භුඤ්ජති ඝාසං අච්ඡාදනං ලද්ධා සන්නිධිං පරිවජ්ජයෙ.
27. (හේ සම්‍යගාජීවයෙන් ලත්) අනවද්‍ය ප්‍රත්‍යයන් වළඳ කරයි. (මිථ්‍යාජීවයෙන් ලත්) සාවද්‍ය ප්‍රත්‍යයන් නො වළඳන්නේ ය. ආහාර වස්ත්‍ර ලැබ සන්නිධි කරණය (රැස්කොට තැබීම) දුරලන්නේ ය.
28. සඤ්ඤොජනං අණුං ථූලං සබ්බං ඡෙත්වාන බන්ධනං යෙන යෙනෙව ගච්ඡති අනපෙක්ඛො’ව ගච්ඡති.
28. කුදු මහත් බන්ධන වූ හැම සංයෝජනයන් සිඳලා යම් මැ දිගෙකැ යේ නම් අපේක්ෂා නැතියේ ම යෙයි.
29. යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඪති නූපලිප්පති තොයෙන සුචිගන්ධං මනොරමං.
29. දියෙහි උපන් හෙළ පියුම යම් සෙයින් වැඩේ ද, පිවිතුරු සුවඳැතියේ සිත්කලු වූයේ යම්සේ දියෙන් නො තැවරේ ද,
30. තථෙව ලොකෙ සුජාතො බුද්ධො ලොකෙ විරජ්ජති නූපලිප්පති ලොකෙන තොයෙන පදුමං යථා.
30. එසෙයින් ලොව්හි මොනොවට උපන් බුදුරජ ලොව්හි නො මැ ඇලෙයි. දියෙන් තවර නො ගන්නා පියුම සෙයින් ලෝකයෙන් නො මැ තැවැරෙයි.
31. මහග්ගිනී පජ්ජලිතො අනාහාරූපසම්මති සඞ්ඛාරෙසූපසන්තෙසු නිබ්බුතොති පවුච්චති.
31. දැල්වුනු මහගින්න අනාහාරයෙන් සන්හිඳෙයි. (එසෙයින්) සංස්කාරයන් සන්හුන් කල්හි (පුද්ගලයා) නිර්වෘත ය යි කියනු ලැබේ.
32. අත්ථස්සායං විඤ්ඤාපනී උපමා විඤ්ඤූහි දෙසිතා විඤ්ඤස්සන්ති මහානාගා නාගං නාගෙන දෙසිතං.
32. අර්ත්ථය හඳුන්වන මෙ උපමාව (පිළිසිඹියාපත්) විඥයන් විසින් දෙසන ලදු. (උදායිත්ථේර) නාගයා විසින් දෙසනලද බුද්ධනාගයා සෙසු ක්ෂීණාස්රවනාගයෝ දන්නාහ.
33. වීතරාගො වීතදොසො වීතමොහො අනාසවො සරීරං විජහං නාගො පරිනිබ්බිස්සති අනාසවොති.
33. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ ආස්‍රව නැති නාග තෙම (පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත) සිරුර හැරලමින්, අනාස්‍රව වූයේ (අනුපාදිශේෂ පරිනිර්වාණයෙන්) පිරිනිවේ ය යි.