යෙදුමෙන් කියවන්න

5. ධම‍්මික වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. ධම්මික වර්ගය

1. නාග සුත‍්තවණ‍්ණනා

1. නාග සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධින‍්ති ඉදං “ආයාමානන්‍දා”ති ථෙරං ආමන‍්තෙත්‍වා ගතත‍්තා වුත‍්තං, සත්‍ථා පන අනූනෙහි පඤ‍්චහි භික‍්ඛුසතෙහි පරිවුතො තත්‍ථ අගමාසීති වෙදිතබ‍්බො. තෙනුපසඞ‍්කමීති තෙහෙව පඤ‍්චහි භික‍්ඛුසතෙහි පරිවුතො උපසඞ‍්කමි. පරිසිඤ‍්චිත්‍වාති වොහාරවචනමෙතං, න‍්හායිත්‍වාති අත්‍ථො. පුබ‍්බාපයමානොති රත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා උත‍්තරාසඞ‍්ගචීවරං ද‍්වීහි හත්‍ථෙහි ගහෙත්‍වා පච‍්ඡිමලොකධාතුං පිට‍්ඨිතො කත්‍වා පුරත්‍ථිමලොකධාතුං අභිමුඛො වොදකභාවෙන ගත‍්තානි පුබ‍්බසදිසානි කුරුමානො අට‍්ඨාසීති අත්‍ථො. භික‍්ඛුසඞ‍්ඝොපි තෙන තෙන ඨානෙන ඔතරිත්‍වා න‍්හත්‍වා පච‍්චුත‍්තරිත්‍වා සත්‍ථාරංයෙව පරිවාරෙත්‍වා අට‍්ඨාසි. ඉති තස‍්මිං සමයෙ ආකාසතො පතමානං රත‍්තසුවණ‍්ණකුණ‍්ඩලං විය සූරියො පච‍්ඡිමලොකධාතුං පටිපජ‍්ජි, පරිසුද‍්ධරජතමණ‍්ඩලො විය පාචීනලොකධාතුතො චන්‍දො අබ‍්භුග‍්ගඤ‍්ඡි, මජ‍්ඣට‍්ඨානෙපි පඤ‍්චභික‍්ඛුසතපරිවාරො සම‍්මාසම‍්බුද‍්ධො ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙත්‍වා පුබ‍්බකොට‍්ඨකනදීතීරෙ ලොකං අලඞ‍්කුරුමානො අට‍්ඨාසි.

පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි ආයස්මතා ආනන්දෙන සද්ධිං යනු මෙය එන්න ආනන්ද යයි තෙරුන් අමතා ගිය බැවින් කියන ලදි, ශාස්තෲන් වහන්සේ නො අඩුවූ පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරණ ලද සේක් එහි වැඩිසේකැයි දතයුතුය, තෙනුපසඞ්කමි යනු ඒ භික්ෂූන් පන්සියය විසින් පිරිවරණ ලද්දේ එළඹියේය, පරිසිඤ්චිත්වා යනු මෙය ව්‍යවහාර වචනයකි, ස්නානය කොට යන අරුත්ය, පුබ්බාපයමානො යනු රත් දෙපට සිවුර හැඳ උත්තරාසංග සිවුර දෙඅතින් ගෙන පෑළඳිග ලොව පිටුපසින් කොට පෙරදිග ලෝකධාතුවට අභිමුඛ වූයේ දියනැති බැවින් අවයව තිබුණු ලෙසින්ම කරමින් සිටියේයයි අරුත්ය. භික්ෂු සංඝයා ද ඒ ඒ තැනින් බැස නහා යළි ගොඩනැඟී ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියේය. මෙසේ මෙකල්හි අහසින් වැටෙන රත්රන් කඩොලක් මෙන් හිරු පැළදිග ලෝක ධාතුවට පිළිපන්නේය. පිරිසුදු රිදී මඬුල්ලක් මෙන් පෙරදිග ලොවින් චන්ද්‍රයා මතුවූයේය, මැද පන්සියයක් භික්ෂූන් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවණක් බුදුරැස් විහිදුවමින් පුබ්බකොට්ඨක නදී තෙර ලොව අලංකාර කරමින් සිටිසේක.

තෙන ඛො පන සමයෙන…පෙ… සෙතො නාම නාගොති සෙතවණ‍්ණතාය එවං ලද‍්ධනාමො හත්‍ථිනාගො. මහාතූරියතාළිතවාදිතෙනාති මහන‍්තෙන තූරියතාළිතවාදිතෙන. තත්‍ථ පඨමං සඞ‍්ඝට‍්ටනං තාළිතං නාම හොති, තතො පරං වාදිතං. ජනොති හත්‍ථිදස‍්සනත්‍ථං සන‍්නිපතිතමහාජනො. දිස‍්වා එවමාහාති අඞ‍්ගපච‍්චඞ‍්ගානි ඝංසිත්‍වා න‍්හාපෙත්‍වා උත‍්තාරෙත්‍වා බහිතීරෙ ඨපෙත්‍වා ගත‍්තානි වොදකානි කත්‍වා හත්‍ථාලඞ‍්කාරෙන අලඞ‍්කතං තං මහානාගං දිස‍්වා ඉදං “අභිරූපො වත, භො”ති පසංසාවචනමාහ. කායුපපන‍්නොති සරීරසම‍්පත‍්තියා උපපන‍්නො, පරිපුණ‍්ණඞ‍්ගපච‍්චඞ‍්ගොති අත්‍ථො. ආයස‍්මා උදායීති පටිසම‍්භිදාප‍්පත‍්තො කාළුදායිත්‍ථෙරො. එතදවොචාති තං මහාජනං හත්‍ථිස‍්ස වණ‍්ණං භණන‍්තං දිස‍්වා “අයං ජනො අහෙතුකපටිසන්‍ධියං නිබ‍්බත‍්තහත්‍ථිනො වණ‍්ණං කථෙති, න බුද‍්ධහත්‍ථිස‍්ස. අහං දානි ඉමිනා හත්‍ථිනාගෙන උපමං කත්‍වා බුද‍්ධනාගස‍්ස වණ‍්ණං කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා එතං “හත්‍ථිමෙව නු ඛො, භන‍්තෙ”තිආදිවචනං අවොච. තත්‍ථ මහන‍්තන‍්ති ආරොහසම‍්පන‍්නං. බ්‍රහන‍්තන‍්ති පරිණාහසම‍්පන‍්නං. එවමාහාති එවං වදති. අථ භගවා යස‍්මා අයං නාගසද‍්දො හත්‍ථිම‍්හිචෙව අස‍්සගොණඋරගරුක‍්ඛමනුස‍්සෙසු චාපි පවත‍්තති, තස‍්මා හත්‍ථිම‍්පි ඛොතිආදිමාහ.

තෙන ඛො පන සමයෙන පෙ- සෙතො නාම නාගො යනු සුදු පැහැය නිසා එසේ ලබන ලද නම් ඇති ඇතෙකි, මහාතුරියතාළිතවාදිතෙන යන මහත් වූ තූර්‍ය්‍ය තාළිතවාදිතයෙනි, එහි පළමුව එකට ගැටීම තාලිත නම් වෙයි, එයින් මත්තෙහි වැයීමයි. ජනො යනු ඇතුන් දැකීම සඳහා රැස්වූ මහජනයායි. දිස්වා එවමාහ යනු අඟපසඟ ගසාදමා නහවා ගොඩට ගෙන පිටත කෙරෙහි සිටුවා දිය රහිත කොට ඇති අබරණින් අලංකාර කරනලද ඒ මහ ඇතු දැක මේ ඇතා ඒකාන්තයෙන්ම සිත්කලු වේ යයි ප්‍රශංසාත්මක වචන කීවේය. කායුප්පන්නො යනු ශරීර සම්පත්තියෙන් යුක්ත වූයේ, පිරිපුන් අඟපසඟ ඇත්තේයි අරුත්ය, ආයස්මා උදායි යනු පිළිසිඹියා පත් කාළුදායි තෙරණුවෝයි, එතදවොච යනු ඇතුගේ ගුණ කියන ඒ මහජනයා දැක මේ ජනතාව අහේතුක ප්‍රතිසන්ධියෙහි උපන් ඇතුගේ ගුණ කියයි, බුදුන් නැමැති හස්ති රාජයාගේ නොවේ, මම දැන් ඇත් රජු උපමාකොට බුද්ධ හස්තියාගේ ගුණය කියන්නෙමැයි සිතා මේ “හත්‍ථිමෙව නු ඛො හන්තෙ” ආදී වචනය කීවේය. එහි මහන්තං යනු ආරෝහයෙන් (උසින්) යුක්තවූයේයි, බ්‍රෑහන්තං යනු පරිනාහයෙන් (මහතින්) යුක්ත වූයි, එවමාහ යනු මෙසේ කියයි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මේ නාග ශබ්දය ඇතා කෙරෙහි මෙන්ම අශ්ව ගෝණ උරගවෘක්ෂ මනුෂ්‍ය යන මොවුන් කෙරෙහි ද පවතියිද එහෙයින් හත්‍ථිම්පි ඛො යනාදිය කීහ.

ආගුන‍්ති පාපකං ලාමකං අකුසලධම‍්මං. තමහං නාගොති බ්‍රූමීති තං අහං ඉමෙහි තීහි ද‍්වාරෙහි දසන‍්නං අකුසලකම‍්මපථානං ද‍්වාදසන‍්නඤ‍්ච අකුසලචිත‍්තානං අකරණතො නාගොති වදාමි. අයඤ‍්හි න ආගුං කරොතීති ඉමිනා අත්‍ථෙන නාගො. ඉමාහි ගාථාහි අනුමොදාමීති ඉමාහි චතුසට‍්ඨිපදාහි සොළසහි ගාථාහි අනුමොදාමි අභිනන්‍දාමි.

ආගුං යනු පවිටු වූ පහවූ අකුශලධර්‍මයයි, තමහං නාගොති බ්‍රෑමි යනු මම ඔහු තිදොරින් දශඅකුශල කර්‍මපථයන් ද දොළොස් අකුසල සිත් ද නොකරන බැවින් නාගයකැයි කියමි, මෙතෙම පවු නොකරයි යන මේ අර්‍ත්‍ථයෙන් නාගයෙකි, ඉමාහි ගාථාහි අනුමොදාමි යනු මේ සිවුසැට පදයක් ඇති සොළොස් ගාථාවන්ගෙන් අනුමෝදන් වෙමි, සතුටුවෙමි.

මනුස‍්සභූතන‍්ති දෙවාදිභාවං අනුපගන‍්ත්‍වා මනුස‍්සමෙව භූතං. අත‍්තදන‍්තන‍්ති අත‍්තනායෙව දන‍්තං, න අඤ‍්ඤෙහි දමථං උපනීතං. භගවා හි අත‍්තනා උප‍්පාදිතෙනෙව මග‍්ගදමථෙන චක‍්ඛුතොපි දන‍්තො, සොතතොපි, ඝානතොපි, ජිව‍්හාතොපි, කායතොපි, මනතොපීති ඉමෙසු ඡසු ඨානෙසු දන‍්තො සන‍්තො නිබ‍්බුතො පරිනිබ‍්බුතො. තෙනාහ – “අත‍්තදන‍්ත”න‍්ති. සමාහිතන‍්ති දුවිධෙනාපි සමාධිනා සමාහිතං. ඉරියමානන‍්ති විහරමානං. බ්‍රහ‍්මපථෙති සෙට‍්ඨපථෙ, අමතපථෙ, නිබ‍්බානපථෙ. චිත‍්තස‍්සූපසමෙ රතන‍්ති පඨමජ‍්ඣානෙන පඤ‍්ච නීවරණානි වූපසමෙත්‍වා, දුතියජ‍්ඣානෙන විතක‍්කවිචාරෙ, තතියජ‍්ඣානෙන පීතිං, චතුත්‍ථජ‍්ඣානෙන සුඛදුක‍්ඛං වූපසමෙත්‍වා තස‍්මිං චිත‍්තස‍්සූපසමෙ රතං අභිරතං.

මනුස්සභූතං යනු දෙව ආදී භාවයන්ට නොගොස් මනුෂ්‍යයකුම වූයේයි. අත්තදන්තං යනු තමා විසින්ම දමනය කරනලදයි අනුන් විසින් දමනයට නොපමුණුවන ලදයි, භාග්‍යවතුන් වහන්සේ වනාහි තමා විසින් උපදවනලද මාර්‍ගදමනයෙන් ඇසින් ද දමනය වූවාහු කණින් ද නැහැයෙන් ද දිවෙන් ද කයින් ද මනසින් දැයි මේ සය තැනෙහි දමනය වූවාහු ශාන්ත වූවාහු නිවුනාහු පිරිනිවුනාහුය, එහෙයින් අත්තදන්ත යයි කියන ලදි. සමාහිතං යනු දෙයාකාරව සමාධියෙන් සමාධියට පත්වූයි, ඉරීයමානං යනු වසන්නාවූයි, බ්‍රහ්මපථෙ යනු ශ්‍රේෂ්ඨ මාර්‍ගයෙහි අමෘතමාර්‍ගයෙහි, නිර්‍වාණමාර්‍ගයෙහියි, චිත්තස්සුපසමෙරතං යනු ප්‍රථම ධ්‍යානයෙන් පංච නීවරණයන් සංසිඳුවා ද්විතීය ධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් ද තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතිය ද චතුර්ථ ධ්‍යනයෙන් සුවදුක් ද සංසිඳුවා ඒ සිත සංසිඳවීමෙහි ඇළුනේ, සතුටුවූයේයි,

නමස‍්සන‍්තීති කායෙන නමස‍්සන‍්ති, වාචාය නමස‍්සන‍්ති, මනසා නමස‍්සන‍්ති, ධම‍්මානුධම‍්මපටිපත‍්තියා නමස‍්සන‍්ති, සක‍්කරොන‍්ති ගරුං කරොන‍්ති. සබ‍්බධම‍්මානපාරගුන‍්ති සබ‍්බෙසං ඛන්‍ධායතනධාතුධම‍්මානං අභිඤ‍්ඤාපාරගූ, පරිඤ‍්ඤාපාරගූ, පහානපාරගූ, භාවනාපාරගූ, සච‍්ඡිකිරියාපාරගූ, සමාපත‍්තිපාරගූති ඡබ‍්බිධෙන පාරගමනෙන පාරගතං පාරප‍්පත‍්තං මත්‍ථකප‍්පත‍්තං. දෙවාපි තං නමස‍්සන‍්තීති දුක‍්ඛප‍්පත‍්තා සුබ්‍රහ‍්මදෙවපුත‍්තාදයො සුඛප‍්පත‍්තා ච සබ‍්බෙව දසසහස‍්සචක‍්කවාළවාසිනො දෙවාපි තුම‍්හෙ නමස‍්සන‍්ති. ඉති මෙ අරහතො සුතන‍්ති ඉති මයා චතූහි කාරණෙහි අරහාති ලද‍්ධවොහාරානං තුම‍්හාකංයෙව සන‍්තිකෙ සුතන‍්ති දීපෙති.

නමස්සන්ති යනු කයින් නමදිත්, වචනයෙන් නමදිත්, මනසින් නමදිත්, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙන් නමදිත්, සත්කාර කරත්, ගරුකරත්. සබ්බධම්මානපාරගුං යනු සියලු ස්කන්ධ ආයතන ධර්‍මයන්ගේ අභිඥාවෙන් පරතෙරට ගියේ පරිඥාවෙන් පරතෙරට ගියේ දුරුකිරීමෙන් පරතෙරට ගියේ, භාවනාවෙන් (වැඩීමෙන්) පරතෙරට ගියේ, පසක් කිරීමෙන් පරස්පෙරට ගියේ, සමවැදීමෙන් පරතෙරට ගියේයැයි සවැදෑරුම් පරතෙරට යාමෙන් පරතෙරට ගියේ පරතෙරට පත්වූයේ මස්තක ප්‍රාප්ත වූයේයි, දෙවාපි තං නමස්සන්ති යනු දුකට පත් යහපත් බ්‍රහ්මදේව ප්‍රත්‍රාදීහු ද සැපතට පත් සියලු දසදහසක් සක්වළ වැසි දෙවියෝ ද නුඹවහන්සේට නමස්කාර කරති. ඉති ඉමෙ අරහතො සුතං යනු මෙසේ අප විසින් කරුණු සතරකින් අරහත්යැයි ලබන ලද ව්‍යවහාරය ඇති නුඹවහන්සේගේ සමීපයෙහි අසන ලදැයි දක්වයි,

සබ‍්බසංයොජනාතීතන‍්ති සබ‍්බානි දසවිධසංයොජනානි අතික‍්කන‍්තං. වනා නිබ‍්බනමාගතන‍්ති කිලෙසවනතො නිබ‍්බනං කිලෙසවනරහිතං නිබ‍්බානං ආගතං සම‍්පත‍්තං. කාමෙහි නෙක‍්ඛම‍්මරතන‍්ති දුවිධෙහි කාමෙහි නික‍්ඛන‍්තත‍්තා පබ‍්බජ‍්ජා අට‍්ඨ සමාපත‍්තියො චත‍්තාරො ච අරියමග‍්ගා කාමෙහි නෙක‍්ඛම‍්මං නාම, තත්‍ථ රතං අභිරතං. මුත‍්තං සෙලාව කඤ‍්චනන‍්ති සෙලධාතුතො මුත‍්තං කඤ‍්චනසදිසං.

සබ්බසංයොජනාතීතං යනු සියලු දස වැදෑරුම් සංයෝජනයන් ඉක්මවූයි, වනා නිබ්බනමාගතං යනු කෙලෙස් වනයෙන් වනයක් නොවූ දෙයට, කෙලෙස් වන රහිත වූ නිවනට පැමිණියේය. පත් වූයේය. කාමෙහි නෙක්ඛම්මරතං යනු දෙවැදෑරුම් කාමයෙන් නික්මුණු බැවින් පැවිද්ද, අෂ්ට සමාපත්තීහු ද සතර ආර්‍ය මාර්‍ගයේ ද කාමයෙන් නික්මීම නම් වෙත්, එහි ඇළුණේ සතුටුවූයේයි, මුත්තං සෙලාව කඤ්චනං යනු ශෛලධාතුවෙන් මිදුනු රන් සමාන වූයි,

සබ‍්බෙ අච‍්චරුචීති සබ‍්බසත‍්තෙ අතික‍්කමිත්‍වා පවත‍්තරුචි. අට‍්ඨමකඤ‍්හි අතික‍්කමිත්‍වා පවත‍්තරුචිතාය සොතාපන‍්නො අච‍්චරුචි නාම, සොතාපන‍්නං අතික‍්කමිත්‍වා පවත‍්තරුචිතාය සකදාගාමී…පෙ… ඛීණාසවං අතික‍්කමිත්‍වා පවත‍්තරුචිතාය පච‍්චෙකසම‍්බුද‍්ධො, පච‍්චෙකසම‍්බුද‍්ධං අතික‍්කමිත්‍වා පවත‍්තරුචිතාය සම‍්මාසම‍්බුද‍්ධො අච‍්චරුචි නාම. හිමවාවඤ‍්ඤෙ සිලුච‍්චයෙති යථා හිමවා පබ‍්බතරාජා අඤ‍්ඤෙ පබ‍්බතෙ අතිරොචති, එවං අතිරොචතීති අත්‍ථො. සච‍්චනාමොති තච‍්ඡනාමො භූතනාමො ආගුං අකරණෙනෙව නාගොති එවං අවිතථනාමො.

සබ්බෙ අච්චරුචී යනු සියලු සතුන් ඉක්මවා පැවති කැමැත්තයි, අටවැන්නා ඉක්මවා පැවති කැමැත්ත නිසා සෝවාන් තැනැත්තා අච්චරුචි නමි, සෝවාන් වූවහු ඉක්මවා පැවැති කැමැත්ත නිසා සකෘදාගාමි තැනැත්තා -පෙ- ක්ෂීණාශ්‍රවයා ඉක්මවා පැවති රුචිය නිසා පසේ බුදුන්වහන්සේ, පසේ බුදුන් ඉක්මවා පැවති රුචිය නිසා සම්මා සම්බුදුන් වහන්සේ අච්චරුචි නම් වෙති, හිමවා චඤ්ඤෙ සිලුච්චයෙයනු යම්සේ හිමාලය පර්‍වත රාජයා අන්‍ය පර්‍වතයන් ඉක්මවා බබළයිද මෙසේ අතිශයින් බබළයි යන අරුත්ය, සච්චනාමො යනු සැබෑනම් වූයේ, සිදුවූ නම්වූයේ පවු නොකිරීමෙන්ම නාග යනුයි මෙසේ නොවෙනස් නම් වූයේයි,

සොරච‍්චන‍්ති සුචිසීලං. අවිහිංසාති කරුණා ච කරුණාපුබ‍්බභාගො ච. පාදා නාගස‍්ස තෙ දුවෙති තෙ බුද‍්ධනාගස‍්ස දුවෙ පුරිමපාදා.

සොරච්චං යනු පිරිසුදු ශීලයයි, අවිහිංසා යනු කරුණාව හා කරුණාවෙන් පූර්‍වභාගයයි, පාදා නාගස්ස තෙ දුචෙ යනු ඒ බුද්ධහස්තියාගේ පෙරපා දෙකයි,

තපොති ධුතසමාදානං. බ්‍රහ‍්මචරියන‍්ති අරියමග‍්ගසීලං. චරණා නාගස‍්ස ත්‍යාපරෙති තෙ බුද‍්ධනාගස‍්ස අපරෙ ද‍්වෙ පච‍්ඡිමපාදා. සද‍්ධාහත්‍ථොති සද‍්ධාමයාය සොණ‍්ඩාය සමන‍්නාගතො. උපෙක‍්ඛාසෙතදන‍්තවාති ඡළඞ‍්ගුපෙක‍්ඛාමයෙහි සෙතදන‍්තෙහි සමන‍්නාගතො.

තපො යනු ධුතඞ්ග සමාදානයයි, බ්‍රහ්මචරියං යනු ආර්‍යමාර්‍ග ශීලයයි, චරණා නාගස්ස ත්‍යාපරෙ යනු බුද්ධ හස්තියාගේ අනෙක් පැසුළු පාදෙකයි, සද්ධාහත්‍ථො යනු ශ්‍රද්ධාමය වූ සොඬින් යුක්තවූයේයි, උපෙඛාසෙතදනත්වා යනු අංග සයකින් යුතු උපේක්ෂා නමැති සුදු දත්වලින් යුක්තවූයි,

සති ගීවාති යථා නාගස‍්ස අඞ‍්ගපච‍්චඞ‍්ගස‍්මිං සිරාජාලානං ගීවා පතිට‍්ඨා, එවං බුද‍්ධනාගස‍්ස සොරච‍්චාදීනං ධම‍්මානං සති. තෙන වුත‍්තං – “සති ගීවා”ති. සිරො පඤ‍්ඤාති යථා හත්‍ථිනාගස‍්ස සිරො උත‍්තමඞ‍්ගො, එවං බුද‍්ධනාගස‍්ස සබ‍්බඤ‍්ඤුතඤාණං. තෙන හි සො සබ‍්බධම‍්මෙ ජානාති. තෙන වුත‍්තං – “සිරො පඤ‍්ඤා”ති. වීමංසා ධම‍්මචින‍්තනාති යථා හත්‍ථිනාගස‍්ස අග‍්ගසොණ‍්ඩො වීමංසා නාම හොති. සො තාය ථද‍්ධමුදුකං ඛාදිතබ‍්බාඛාදිතබ‍්බඤ‍්ච වීමංසති, තතො පහාතබ‍්බං පජහති, ආදාතබ‍්බං ආදියති, එවමෙව බුද‍්ධනාගස‍්ස ධම‍්මකොට‍්ඨාසපරිච‍්ඡෙදකඤාණසඞ‍්ඛාතා ධම‍්මචින‍්තනා වීමංසා. තෙන හි ඤාණෙන සො භබ‍්බාභබ‍්බෙ ජානාති. තෙන වුත‍්තං – “වීමංසා ධම‍්මචින‍්තනා”ති. ධම‍්මකුච‍්ඡිසමාතපොති ධම‍්මො වුච‍්චති චතුත්‍ථජ‍්ඣානසමාධි, කුච‍්ඡියෙව සමාතපො කුච‍්ඡිසමාතපො. සමාතපො නාම සමාතපනට‍්ඨානං. ධම‍්මො කුච‍්ඡිසමාතපො අස‍්සාති ධම‍්මකුච‍්ඡිසමාතපො. චතුත්‍ථජ‍්ඣානසමාධිස‍්මිං ඨිතස‍්ස හි තෙ තෙ ඉද‍්ධිවිධාදිධම‍්මා ඉජ‍්ඣන‍්ති, තස‍්මා සො කුච‍්ඡිසමාතපොති වුත‍්තො. විවෙකොති කායචිත‍්තඋපධිවිවෙකො. යථා නාගස‍්ස වාලධි මක‍්ඛිකා වාරෙති, එවං තථාගතස‍්ස විවෙකො ගහට‍්ඨපබ‍්බජිතෙ වාරෙති. තස‍්මා සො වාලධීති වුත‍්තො.

සතිගීවා යනු යම්සේ ඇතාගේ අඟපසඟෙහි සිරාජාලයන්ට ගෙල ප්‍රතිෂ්ඨාව වේද එසේ බුද්ධහස්තියාගේ පිරිසුදු ශීලය ආදී ධර්‍මයන්ට සිහිය ප්‍රතිෂ්ඨාව වෙයි, එහෙයින් සතිගීවා යි කියන ලදි, සිරො පඤ්ඤා යනු යම්සේ හස්ති නාගයාගේ හිස උත්තමාංගය වේද එසේ බුද්ධහස්තියාගේ සර්‍වඥතාඥානය උත්තමාංගය වේ, එහෙයින් උන්වහන්සේ සියලු ධර්‍මයන් දනිති. එහෙයින් සිරොපඤ්ඤායි කියන ලදි. වීමංසා ධම්මචින්තනා යනු යම්සේ හස්තිනාගයාගේ සොඬ අග වීමංසා නම් වේද හෙතෙම එයින් තද මෙළෙක් දේ කෑයුතු නොකෑ යුතු දේ විමසයිද එයින් දුරුකළ යුත්ත දුරු කරයි ද ගතයුත්ත ගනි යි ද එසේම ධර්‍ම කොට්ඨාශයන් පිරිසිඳ දැනීම් සංඛ්‍යාත වූ ධර්‍ම චින්තනාව වීමංසාවයි, ඒ නුවණින් උන්වහන්සේ භව්‍ය අභව්‍ය පුද්ගලයන් දනිති, එහෙයින් වීමංසා ධම්මචිත්තනායි කියන ලදි, ධම්මකුච්ඡිසමාවාපො යනු චතුර්ථධ්‍යාන සමාධිය ධම්මයි කියනු ලැබේ. කුසම උදුන වූයේනුයි කුච්ඡිසමාවාපො නමි, සමාවාපය නම් දවන තැනයි, ධර්‍මය කුස නමැති උදුන වූයේ මොහුගේ නුයි ධම්මකුච්ඡිසමාවාපො නමි. චතුර්ථධ්‍යාන සමාධියෙහි සිටියහුට ඒ ඒ සෘද්ධිවිධාදී ධර්‍මයෝ සමෘද්ධ වෙත්. එහෙයින් හෙතෙම ධම්මකුච්ඡිසමාවාපයි කියන ලද්දේය. විවෙකො යනු කායචිත්තඋපධි විවේකයයි, යම්සේ ඇතුගේ වල්ගය මැස්සන් වළක්වයි ද එසේ තථාගතයන් වහන්සේගේ විවේකය ගිහි පැවිද්දන් වළක්වයි, එහෙයින් හෙතෙම වාලධීයි කියන ලදි.

ඣායීති දුවිධෙන ඣානෙන ඣායී. අස‍්සාසරතොති නාගස‍්ස හි අස‍්සාසපස‍්සාසා විය බුද‍්ධනාගස‍්ස ඵලසමාපත‍්ති, තත්‍ථ රතො, අස‍්සාසපස‍්සාසෙහි විය තාය විනා න වත‍්තතීති අත්‍ථො. සබ‍්බත්‍ථ සංවුතොති සබ‍්බද‍්වාරෙසු සංවුතො. අනවජ‍්ජානීති සම‍්මාආජීවෙන උප‍්පන‍්නභොජනානි. සාවජ‍්ජානීති පඤ‍්චවිධමිච‍්ඡාජීවවසෙන උප‍්පන‍්නභොජනානි.

ඣායී යනු දෙවැදෑරුම් ධ්‍යානයෙන් ධ්‍යාන ඇත්තාවූයි, අස්සාසරතො යනු ඇතාගේ ආශ්වාස ප්‍රශ්වාසය මෙන් බුද්ධහස්තියාගේ ඵලසමාපත්තියයි. එහි ඇළුනේයි, ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොරව මෙන් එයින් තොරව නොපවතීයයි අරුත්ය. සබ්බත්ථ සංවුතො යනු සියලු දොරටුවල සංවරවූයේයි, අනවජ්ජානි යනු සම්‍යක් ආජීවයෙන් උපන් බොජුන්ය, සාවජ්ජානි යනු පස්වැදෑරුම් මිථ්‍යාජීව වශයෙන් උපන්නාවූයි,

අණුංථූලන‍්ති ඛුද‍්දකඤ‍්ච මහන‍්තඤ‍්ච. සබ‍්බං ඡෙත්‍වාන බන්‍ධනන‍්ති සබ‍්බං දසවිධම‍්පි සංයොජනං ඡින්‍දිත්‍වාන. නුපලිප‍්පති ලොකෙනාති ලොකෙන සද‍්ධිං තණ‍්හාමානදිට‍්ඨිලෙපෙහි න ලිප‍්පති. මහාගිනීති මහාඅග‍්ගි. විඤ‍්ඤූහි දෙසිතාති ඉධ පටිසම‍්භිදාප‍්පත‍්තො කාළුදායිත්‍ථෙරොව විඤ‍්ඤූ පණ‍්ඩිතො, තෙන දෙසිතාති අත්‍ථො. විඤ‍්ඤස‍්සන‍්ති මහානාගා, නාගං නාගෙන දෙසිතන‍්ති උදායිත්‍ථෙරනාගෙන දෙසිතං බුද‍්ධනාගං ඉතරෙ ඛීණාසවා නාගා විජානිස‍්සන‍්ති.

අණුං ථූලං යනු සුළු හා මහත්වූදේයි, සබ්බං ඡෙත්වාන බන්ධනං යනු සියලු දසවැදෑරුම් සංයෝජන සිඳ දමායි, න උපලිප්පති ලොකෙන යනු ලෝකය සමඟ තෘෂ්ණාමාන දෘෂ්ටි ලේපයන්ගෙන් නොගැලෙයි, මහග්ගිනි යනු මහා ගින්නයි, විඤ්ඤුහි දෙසිතා යනු මෙහි පිළිසිඹියා පත් කාළුදායි තෙරණුවෝ දත් තැනැත්තේ, පණ්ඩිතයායි. ඔහු විසින් දෙසන ලදැයි අරුත්ය, විඤ්ඤස්සන්ති මහානාග නාගං නාගෙන දෙසිතං යනු උදායි තෙරුන් නමැති ඇතු විසින් දෙසන ලද බුද්ධ නමැති හස්තියා අන්‍ය ක්ෂීණාශ්‍රව නැමති හස්තීහු දැනගනිත්.

සරීරං විජහං නාගො, පරිනිබ‍්බිස‍්සතීති බොධිපල‍්ලඞ‍්කෙ කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො, යමකසාලන‍්තරෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායිස‍්සති. එවං පටිසම‍්භිදාප‍්පත‍්තො උදායිත්‍ථෙරො සොළසහි ගාථාහි චතුසට‍්ඨියා පදෙහි දසබලස‍්ස වණ‍්ණං කථෙන‍්තො දෙසනං නිට‍්ඨාපෙසි. භගවා අනුමොදි. දෙසනාවසානෙ චතුරාසීතිපාණසහස‍්සානි අමතපානං පිවිංසූති.

සරිරං විජහං පරිනිබ්බිස්සති යනු බෝපළඟෙහි කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවුනේ සල්ගස් දෙක අතරෙහි අනුපාදිසෙස නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේය, මෙසේ පිළිසිඹියා පත් උදායි තෙරණුවෝ සොළොස් ගාථාවකින් සිවුසැට පදයකින් දශබලයන් වහන්සේගේ ගුණ කියමින් දෙසුම නිම වූහ. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන් වූ සේක. දෙසුම අවසන්හි අසූසාරදහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය.

2. මිගසාලාසුත‍්තවණ‍්ණනා

2. මිගසාලා සූත්‍ර වර්ණනාව

දුතියෙ කථං කථං නාමාති කෙන කෙන කාරණෙන. අඤ‍්ඤෙය්‍යොති ආජානිතබ‍්බො. යත්‍ර හි නාමාති යස‍්මිං නාම ධම‍්මෙ. සමසමගතිකාති සමභාවෙනෙව සමගතිකා. භවිස‍්සන‍්තීති ජාතා. සකදාගාමිපත‍්තො තුසිතං කායං උපපන‍්නොති සකදාගාමිපුග‍්ගලො හුත්‍වා තුසිතභවනෙයෙව නිබ‍්බත‍්තො. කථං කථං නාමාති කෙන කෙන නු ඛො කාරණෙන, කිං නු ඛො ජානිත්‍වා දෙසිතො, උදාහු අජානිත්‍වාති. ථෙරො කාරණං අජානන‍්තො එවං ඛො පනෙතං භගිනි භගවතා බ්‍යාකතන‍්ති ආහ.

දෙවැන්නෙහි කථං කථං නාමා යනු කවර කවර නම් වූ කරුණින්ද යනුයි, අඤ්ඤෙය්‍යො යනු දතයුත්තේය, යත්‍ර හි නාම යනු යම් ධර්‍මයෙක්හියි, සමසමගතිකා යනු සම බවින් සමුගතික වූවාහුයි, භවිස්සන්ති යනු හටගත්තාහුයි, සකදාගාමි සත්තො තුසිතං කායං උප්පන්නො යනු සකෘදාගාමි පුද්ගලයෙක් වී තුසිත භවනයෙහිම උපන්නේයි, කථං කථං නාම යනු කවර කවර නම්වූ කරුණින්ද? යනුයි, කිම දැන දෙසන ලද්දේ නැතහොත් නොදැන දැයි තෙරණුවෝ කරුණ නොදන්නාහු “එවං ඛො පනෙතං භගිනි භගවතා ඛ්‍යාකතං”යි කීහ.

අම‍්මකා අම‍්මකපඤ‍්ඤාති ඉත්‍ථී හුත්‍වා ඉත්‍ථිසඤ‍්ඤාය එව සමන‍්නාගතා. කෙ ච පුරිසපුග‍්ගලපරොපරියඤාණෙති එත්‍ථ පුරිසපුග‍්ගලපරොපරියඤාණං වුච‍්චති පුරිසපුග‍්ගලානං තික‍්ඛමුදුවසෙන ඉන්‍ද්‍රියපරොපරියඤාණං. තස‍්මා කා ච බාලා මිගසාලා, කෙ ච පුරිසපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියඤාණෙ අප‍්පටිහතවිසයා සම‍්මාසම‍්බුද‍්ධා, උභයමෙතං දූරෙ සුවිදූරෙති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො.

අම්බකා අම්බකපඤ්ඤා යනු ස්ත්‍රියක වී ස්ත්‍රී ප්‍රඥාවෙන්ම යුක්තවූවායි, කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ යනු මෙහි පුද්ගලයන්ගේ තියුණු මෙළෙක් වශයෙන් ඉන්ද්‍රිය පරොපරියඤාණය පුරිසපුග්ගලපරොපරිය ඤාණයයි කියනු ලැබේ. එහෙයින් බාල වූ මිගසාලාව කවරීද? පුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරොපරිය ඤාණයෙහි නොගැටුණු විෂය ඇති සම්මා සම්බුදුන් වහන්සේලා කවරහුද? මේ දෙකම ඈතය ඉතා ඈතය යනු මෙහි කෙටි අදහසයි,

ඉදානි මිගසාලාය අත‍්තනො දූරභාවං දස‍්සෙන‍්තො ඡයිමෙ, ආනන්‍දාතිආදිමාහ. සොරතො හොතීති පාපතො සුට‍්ඨු ඔරතො විරතො හොති. සුරතොතිපි පාඨො. අභිනන්‍දන‍්ති සබ්‍රහ‍්මචාරී එකත‍්තවාසෙනාති තෙන සද‍්ධිං එකතොවාසෙන සබ්‍රහ‍්මචාරී අභිනන්‍දන‍්ති තුස‍්සන‍්ති. එකන‍්තවාසෙනාතිපි පාඨො, සතතවාසෙනාති අත්‍ථො. සවනෙනපි අකතං හොතීති සොතබ‍්බයුත‍්තකං අසුතං හොති. බාහුසච‍්චෙනපි අකතං හොතීති එත්‍ථ බාහුසච‍්චං වුච‍්චති වීරියං, වීරියෙන කත‍්තබ‍්බයුත‍්තකං අකතං හොතීති අත්‍ථො. දිට‍්ඨියාපි අප‍්පටිවිද‍්ධං හොතීති දිට‍්ඨියා පටිවිජ‍්ඣිතබ‍්බං අප‍්පටිවිද‍්ධං හොති. සාමායිකම‍්පි විමුත‍්තිං න ලභතීති කාලානුකාලං ධම‍්මස‍්සවනං නිස‍්සාය පීතිපාමොජ‍්ජං න ලභති. හානගාමීයෙව හොතීති පරිහානිමෙව ගච‍්ඡති.

දැන් මිගසාලාවට තමන් දුරුබව දක්වන්නේ “ඡඉමෙ ආනන්ද” යනාදිය කීවේය. සොරතො හොති යනු මනාව වෙන්වූයේ ඉවත් වූයේ වෙයි. සුරතො යනුද පාඨයි, අභිනන්දන්ති සබ්‍රහ්මචාරී එකත්තවාසෙන යනු ඔහු සමග එක්ව විසීමෙන් එකට බඹසර හැසිරෙන තැනැත්තෝ සතුටු වෙති, කැමැති වෙති, එකන්තවාසෙන යනු ද පාඨයි, ශාන්තවාසයෙන් යයි අරුත්ය, සචනෙනපි අකතං හොති යනු ඇසිය යුත්ත නොඇසුවේ වෙයි, බාහුසච්චෙනපි අකතං හොති යනු මෙහි බාහුසච්ච යයි කියනුයේ වීර්යයටයි, වීර්යයෙන් කළයුත්ත නොකළේ වේයයි අරුත්ය. දිට්ඨියාපි අප්පටිවිධං හොති යනු දෘෂ්ටියෙන් දතයුතුදෙය නොදත්තේ වෙයි, සාමායිකම්පි විමුත්තිං නලභති යනු කලින් කලට ධර්‍මශ්‍රවණය නිසා ප්‍රීති ප්‍රමෝදය නොලබයි, භානගාමිරෙව හොති යනු පිරිහීමටම යයි,

පමාණිකාති පුග‍්ගලෙසු පමාණග‍්ගාහකා. පමිනන‍්තීති පමෙතුං තුලෙතුං ආරභන‍්ති. එකො හීනොති එකො ගුණෙහි හීනො. එකො පණීතොති එකො ගුණෙහි පණීතො. තං හීති තං පමාණකරණං.

පමාණකා යනු පුද්ගලයන් අතුරෙහි පමණට ගන්නෝයි, පමිණන්ති යනු මිනීමට සමාන කිරීමට පටන්ගනිති, එකො හීනො යනු එකෙක් ගුණයෙන් හීනයෙකි, එකො පණිතො යනු එකෙක් ගුණයෙන් උසස් වූවෙකි, තං හි යනු ඒ ප්‍රමාණ කිරීමයි,

අභික‍්කන‍්තතරොති සුන්‍දරතරො. පණීතතරොති උත‍්තමතරො. ධම‍්මසොතො නිබ‍්බහතීති සූරං හුත්‍වා පවත‍්තමානවිපස‍්සනාඤාණං නිබ‍්බහති, අරියභූමිං සම‍්පාපෙති. තදන‍්තරං කො ජානෙය්‍යාති තං අන‍්තරං තං කාරණං අඤ‍්ඤත්‍ර තථාගතෙන කො ජානෙය්‍යාති අත්‍ථො.

අභික්කන්තතරො යනු සොඳුරුතර වූයේයි, පණීතතරො යනු ඉතා උතුම් වූයේයි, ධම්මසොතො නිබ්බහති යනු සූරයෙක් වී පවතිනු ලබන විදර්‍ශනා ඥානය වහනය වෙයි, ආර්‍ය්‍යභූමියට පමුණුවයි, තදන්තරං කො ජානෙය්‍ය යනු ඊට අනතුරු වූ ඒ කාරණය තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේදැයි අරුත්ය,

කොධමානොති කොධො ච මානො ච. ලොභධම‍්මාති ලොභොයෙව. වචීසඞ‍්ඛාරාති ආලාපසල‍්ලාපවසෙන වචනානෙව. යො වා පනස‍්ස මාදිසොති යො වා පන අඤ‍්ඤොපි මයා සදිසො සම‍්මාසම‍්බුද‍්ධොයෙව අස‍්ස, සො පුග‍්ගලෙසු පමාණං ගණ‍්හෙය්‍යාති අත්‍ථො. ඛඤ‍්ඤතීති ගුණඛණනං පාපුණාති. ඉමෙ ඛො, ආනන්‍ද, ඡ පුග‍්ගලාති ද‍්වෙ සොරතා, ද‍්වෙ අධිගතකොධමානලොභධම‍්මා, ද‍්වෙ අධිගතකොධමානවචීසඞ‍්ඛාරාති ඉමෙ ඡ පුග‍්ගලා. ගතින‍්ති ඤාණගතිං. එකඞ‍්ගහීනාති එකෙකෙන ගුණඞ‍්ගෙන හීනා. පූරණො සීලෙන විසෙසී අහොසි, ඉසිදත‍්තො පඤ‍්ඤාය. පූරණස‍්ස සීලං ඉසිදත‍්තස‍්ස පඤ‍්ඤාඨානෙ ඨිතං, ඉසිදත‍්තස‍්ස පඤ‍්ඤා පූරණස‍්ස සීලට‍්ඨානෙ ඨිතාති.

කොධමානා යනු ක්‍රෝධය හා මානයයි, ලොභධම්මා යනු ලෝභයමයි, වචීසංසාරා යනු අල්ලාප සල්ලාප වශයෙන් වචනයෝමයි, යො වා පනස්ස මාදිසො යනු මා සමාන අන් යමෙක් වේද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවශ්‍යයෙන් පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නාහුය යන අර්‍ත්‍ථයයි, ඛඤ්ඤති යනු ගුණ මකාදැමීමට පැමිණෙයි, ඉමෙ ඛො ආනන්ද ඡ පුග්ගලා යනු සොරත දෙදෙනාය, අධිගත කොධමානලොභ නම්වූ දෙදෙනාය, අධිගත කොධමානවචීසංසාර නම්වූ දෙදෙනාය යන මේ පුද්ගලයෝ සදෙනායි, ගතිං යනු ඥානගතියයි, එකඞ්ගහීනා යනු එක් ගුණාංගයකින් හීනවූවෝයි, පුරාණ නම් තැනැත්තේ ශීලයෙන් විශේෂී වූයේය, ඉසිදත්ත ප්‍රඥාවෙන් විශේෂී වූයේය, පුරාණගේ ශීලය ඉසිදත්තගේ ප්‍රඥාස්ථානයෙහි සිටියේය, ඉසිදත්තගේ ප්‍රඥාව පුරාණයේ ශීලස්ථානයෙහි සිටියේයි.

3. ඉණ සුත‍්තවණ‍්ණනා

3. ඉණ සූත්‍ර වර්ණනාව

තතියෙ දාලිද‍්දියන‍්ති දලිද‍්දභාවො. කාමභොගිනොති කාමෙ භුඤ‍්ජනකසත‍්තස‍්ස. අස‍්සකොති අත‍්තනො සන‍්තකෙන රහිතො. අනාළ‍්හිකොති න අඩ‍්ඪො. ඉණං ආදියතීති ජීවිතුං අසක‍්කොන‍්තො ඉණං ආදියති. වඩ‍්ඪිං පටිස‍්සුණාතීති දාතුං අසක‍්කොන‍්තො වඩ‍්ඪිං දස‍්සාමීති පටිජානාති. අනුචරන‍්තිපි නන‍්ති පරිසමජ‍්ඣගණමජ‍්ඣාදීසු ආතපඨපනපංසුඔකිරණාදීහි විප‍්පකාරං පාපෙන‍්තො පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධන‍්ති. සද‍්ධා නත්‍ථීති ඔකප‍්පනකසද‍්ධාමත‍්තකම‍්පි නත්‍ථි. හිරී නත්‍ථීති හිරීයනාකාරමත‍්තකම‍්පි නත්‍ථි. ඔත‍්තප‍්පං නත්‍ථීති භායනාකාරමත‍්තකම‍්පි නත්‍ථි. වීරියං නත්‍ථීති කායිකවීරියමත‍්තකම‍්පි නත්‍ථි. පඤ‍්ඤා නත්‍ථීති කම‍්මස‍්සකතපඤ‍්ඤාමත‍්තකම‍්පි නත්‍ථි. ඉණාදානස‍්මිං වදාමීති ඉණග‍්ගහණං වදාමි. මා මං ජඤ‍්ඤූති මා මං ජානාතු.

තෙවැන්නෙහි දාලිද්දියං යනු දිළිඳුබවයි, කාමභොගිනො යනු කාමයන් අනුභව කරන සත්ත්වයාගේයි, අස්සකො යනු තමන් සතු දෙයක් නැත්තායි, අනාළ්හියො යනු ආඪ්‍ය නොවූයේයි, ඉණං ආදියති යනු ජීවත්වීමට නොහැක්කේ ණය ගනියි, වඩ්ඪිං පටිසුණාති යනු දෙන්නට නොහැක්කේ පොළිය දෙමැයි පිළිණ කරයි, අනුචරන්තිපි නං යනු පිරිස් මැද සමූහයා මැද ආදි තන්හි අව්වෙහි තැබීම්, මඩ ඉසීම් ආදියෙන් විප්‍රකාරයට පමුණුවමින් පසුපසින් එහුබදිත්, සද්ධා නත්‍ථි යනු විශ්වාස කිරීමේ ඇදහීම් මාත්‍රයකුදු නැත, හිරි නත්‍ථි යනු ලජ්ජාවීම් මාත්‍රයකුදු නැත, ඔත්තප්පං නත්‍ථි යනු බියවීම් මාත්‍රයකුදු නැත, විරියං නත්‍ථි යනු කායික වීර්‍ය්‍ය මාත්‍රයකුදු නැත, පඤ්ඤා නත්‍ථි යනු කර්‍ම විපාක ඇදහීම් සංඛ්‍යාත ප්‍රඥා මාත්‍රයකුදු නැත, ඉණාදානස්මිං වදාමි යනු ණය ගැනීම (ගැන) කියමි, මා මං ජඤ්ඤා යනු මා නොදනීවා යනුයි,

දාලිද‍්දියං දුක‍්ඛන‍්ති ධනදලිද‍්දභාවො දුක‍්ඛං. කාමලාභාභිජප‍්පිනන‍්ති කාමලාභං පත්‍ථෙන‍්තානං. පාපකම‍්මවිනිබ‍්බයොති පාපකම‍්මවඩ‍්ඪකො. සංසප‍්පතීති පරිප‍්ඵන්‍දති. ජානන‍්ති ජානන‍්තො. යස‍්ස විප‍්පටිසාරජාති යෙ අස‍්ස විප‍්පටිසාරතො ජාතා. යොනිමඤ‍්ඤතරන‍්ති එකං තිරච‍්ඡානයොනිං. දදං චිත‍්තං පසාදයන‍්ති චිත‍්තං පසාදෙන‍්තො දදමානො.

දාලිද්දියං දුක්ඛං යනු ධන දරිද්‍රභාවය දුකෙකි, කාමලාභාභිජප්පිනං යනු කම්සැප ලැබීම කැමැතිවන්නාවූයි, පාපකම්මා විනිච්ඡයො යනු පව්කම් වඩන්නේයි, සංසප්පති යනු සැලෙයි, ජානං යනු දන්නේයි, යස්ස විප්පටිසාරජා යනු ඔහුට විපිළිසර වශයෙන් හටගත් යමකි, යොනිමඤ්ඤතරං යනු එක් තිරිසන් යෝනියකි, දදං චිත්තං පසාදයං යනු සිත පහදවමින් දෙන්නේයි,

කටග‍්ගාහොති ජයග‍්ගාහො, අනපරාධග‍්ගාහො හොති. ඝරමෙසිනොති ඝරාවාසං පරියෙසන‍්තස‍්ස වසමානස‍්ස වා. චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති චාගොති සඞ‍්ඛං ගතං පුඤ‍්ඤං වඩ‍්ඪති. චාගා පුඤ‍්ඤන‍්ති වා පාඨො. පතිට‍්ඨිතාති පතිට‍්ඨිතසද‍්ධා නාම සොතාපන‍්නස‍්ස සද‍්ධා. හිරිමනොති හිරිසම‍්පයුත‍්තචිත‍්තො. නිරාමිසං සුඛන‍්ති තීණි ඣානානි නිස‍්සාය උප‍්පජ‍්ජනකසුඛං. උපෙක‍්ඛන‍්ති චතුත්‍ථජ‍්ඣානුපෙක‍්ඛං. ආරද‍්ධවීරියොති පරිපුණ‍්ණපග‍්ගහිතවීරියො. ඣානානි උපසම‍්පජ‍්ජාති චත‍්තාරි ඣානානි පත්‍වා. එකොදි නිපකො සතොති එකග‍්ගචිත‍්තො කම‍්මස‍්සකතඤාණසතීහි ච සමන‍්නාගතො.

කටග්ගාහො යනු ජයගන්නා අපරාධ නොගන්නේ වෙයි, ඝරමෙසිනො යනු ගිහිවාසය සොයන්නාගේ හෝ වසන්නාගේයි, චාගො පුඤ්ඤං පවඩ්ඪති යනු ත්‍යාගය යන නම් ඇති දෙය පින වඩයි, චාගා පුඤ්ඤං යනු හෝ පාඨයි, පතිට්ඨිතා යනු පිහිටි ශ්‍රද්ධාව නම් සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාවයි, හිරිමනො යනු ලජ්ජාසහගත සිත් ඇත්තේයි, නිරාමිසං සුඛං යනු ධ්‍යාන තුන නිසා උපදින සුවයයි, උපෙඛං යනු චතුර්ථධ්‍යන උපෙක්ෂාවයි, ආරද්ධ විරියො යනු පිරිපුන් දැඩි වීර්යයයි. ඣානානි උපසම්පජ්ජ යනු ධ්‍යාන සතරට පැමිණයි, එකොදි නිපකො සතො යනු එකඟ සිතැත්තේ ඥානයෙන් හා සිහියෙන් ද යුක්තවූයේයි,

එවං ඤත්‍වා යථාභූතන‍්ති එවං එත‍්තකං කාරණං යථාසභාවං ජානිත්‍වා. සබ‍්බසංයොජනක‍්ඛයෙති නිබ‍්බානෙ. සබ‍්බසොති සබ‍්බාකාරෙන. අනුපාදායාති අග‍්ගහෙත්‍වා. සම‍්මා චිත‍්තං විමුච‍්චතීති ඉදං වුත‍්තං හොති – සබ‍්බසංයොජනක‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ සබ‍්බසො අනුපාදියිත්‍වා සම‍්මා හෙතුනා නයෙන මග‍්ගචිත‍්තං විමුච‍්චති. “එතං ඤත්‍වා යථාභූතං, සබ‍්බසංයොජනක‍්ඛය”න‍්තිපි පාළියං ලිඛිතං, තස‍්ස එතං සබ‍්බසංයොජනක‍්ඛයසඞ‍්ඛාතං නිබ‍්බානං යථාභූතං ඤත්‍වාති අත්‍ථො. පුරිමපච‍්ඡිමෙහි පන සද‍්ධිං න ඝටීයති.

එවං ඤත්වා යථාභූතං යනු මෙසේ මෙපමණ කරුණක් වූ යථාස්වභාවය දැනයි, සබ්බසඤ්ඤොජනක්ඛයෙ යනු නිවනෙහිය, සබ්බසො යනු සර්‍වාකාරයෙනි, අනුපාදාය යනු නොගෙනයි, සම්මා චිත්තං විමුච්චති යනු මෙය කියන ලද්දේ වෙයි: සියලු සංයෝජනක්ෂය සංඛ්‍යාත වූ නිවනෙහි සියලු ආකාරයෙන් නොගෙන මනා හේතුවෙන්, ක්‍රමයෙන් මාර්‍ග සිත මිදෙයි, එතං ඤත්වා යථාභූතං සබ්බසංයොජනක්ඛයං යනුවෙන් ද පෙළ ලියති, මේ සියලු සංයෝජනක්ෂය සංඛ්‍යාත වූ නිවන ඇති සැටියෙන් දැන යන අරුත්ය, මුල අග යන මේවා සමඟ නොගැලපෙයි,

තස‍්ස සම‍්මා විමුත‍්තස‍්සාති තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස ඛීණාසවස‍්ස. ඤාණං හොතීති පච‍්චවෙක‍්ඛණඤාණං හොති. තාදිනොති තංසණ‍්ඨිතස‍්ස. අකුප‍්පාති අකුප‍්පාරම‍්මණත‍්තා කුප‍්පකාරණානං කිලෙසානඤ‍්ච අභාවෙන අකුප‍්පා. විමුත‍්තීති මග‍්ගවිමුත‍්තිපි ඵලවිමුත‍්තිපි. භවසංයොජනක‍්ඛයෙති භවසංයොජනක‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ භවසංයොජනානඤ‍්ච ඛයන‍්තෙ උප‍්පන‍්නා. එතං ඛො පරමං ඤාණන‍්ති එතං මග‍්ගඵලඤාණං පරමඤාණං නාම. සුඛමනුත‍්තරන‍්ති එතදෙව මග‍්ගඵලසුඛං අනුත‍්තරං සුඛං නාම. ආණණ්‍යමුත‍්තමන‍්ති සබ‍්බෙසං අණණානං ඛීණාසවො උත‍්තමඅණණො, තස‍්මා අරහත‍්තඵලං ආණණ්‍යමුත‍්තමන‍්ති අරහත‍්තඵලෙන දෙසනාය කූටං ගණ‍්හි. ඉමස‍්මිඤ‍්ච සුත‍්තෙ වට‍්ටමෙව කථෙත්‍වා ගාථාසු වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

තස්ස සම්මා විමුත්තස්ස යනු ඒ මනා විමුක්තිය ඇති ක්ෂීණාශ්‍රවයාගේයි, ඤාණං වෙ හොති යනු ප්‍රත්‍යවෙක්ෂණ ඥානය වෙයි, තාදිනො යනු ස්ථිරව පිහිටියහුගේයි, අකුප්පා යනු නොසැලෙන අරමුණු ඇති බැවින් ද සැලීම් ඇතිකරන කෙලෙසුන් නැති බැවින් ද නොසැලෙන්නාවූයි, විමුත්ති යනු මාර්‍ගවිමුක්තිය හා ඵලවිමුක්තියයි, භවසංයොජනක්ඛයෙ යනු භවසංයෝජනක්ෂය සංඛ්‍යාත නිවනෙහියි, භව සංයෝජනයන්ගේ ක්ෂයවීම් කෙළවර උපන් බැවින්, එතං ඛො පරමං ඤාණං යනු මාර්‍ගඵලඥානය ශ්‍රේෂ්ඨතම ඥානය වෙයි, සුඛමනුත්තරං යනු මේ මාර්‍ගඵල සුවයම ශ්‍රේෂ්ඨතම වූ සුවය නමි, ආනණ්‍යමුත්තමං යනු සියලු ණය නැත්තවුන්ගෙන් ක්ෂීණාශ්‍රවයා උදම් ණය නැත්තේ වෙයි. එහෙයින් අරහත් ඵලය ආනණ්‍යමුත්තම යි අරහත් ඵලයෙන් දෙසුම කුළු ගැන්වීය, මේ සූත්‍රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.

4. මහාචුන්‍ද සුත‍්තවණ‍්ණනා

4. මහාචුන්ද සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ චෙතීසූති චෙතිරට‍්ඨෙ. සයංජාතියන‍්ති එවංනාමකෙ නිගමෙ. මහාචුන්‍දොති ධම‍්මසෙනාපතිස‍්ස කනිට‍්ඨභාතිකො. ධම‍්මෙ යොගො අනුයොගො එතෙසන‍්ති ධම‍්මයොගා. ධම‍්මකථිකානං එතං නාමං. ඣායන‍්තීති ඣායී. අපසාදෙන‍්තීති ඝට‍්ටෙන‍්ති හිංසන‍්ති. ඣායන‍්තීති චින‍්තෙන‍්ති. පජ‍්ඣායන‍්තීතිආදීනි උපසග‍්ගවසෙන වඩ‍්ඪිතානි. කිමිමෙ ඣායන‍්තීති කිං නාම ඉමෙ ඣායන‍්ති. කින‍්තිමෙ ඣායන‍්තීති කිමත්‍ථං ඉමෙ ඣායන‍්ති. කථං ඉමෙ ඣායන‍්තීති කෙන කාරණෙන ඉමෙ ඣායන‍්ති. අමතං ධාතුං කායෙන ඵුසිත්‍වා විහරන‍්තීති මරණවිරහිතං නිබ‍්බානධාතුං සන්‍ධාය කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විහරන‍්තා අනුක‍්කමෙන තං නාමකායෙන ඵුසිත්‍වා විහරන‍්ති. ගම‍්භීරං අත්‍ථපදන‍්ති ගුළ‍්හං පටිච‍්ඡන‍්නං ඛන්‍ධධාතුආයතනාදිඅත්‍ථං. පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සන‍්තීති සහවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය පටිවිජ‍්ඣිත්‍වා පස‍්සන‍්ති. ඉමස‍්මිං පනත්‍ථෙ සම‍්මසනපටිවෙධපඤ‍්ඤාපි උග‍්ගහපරිපුච‍්ඡාපඤ‍්ඤාපි වට‍්ටතියෙවාති.

සිවුවැන්නෙහි චෙතිසු යන චෙති නම් වූ රටෙහියි, සහජාතියං යනු එසේ නම් ඇති නියම් ගමෙහියි, මහාචුන්දො යනු දම්සෙනෙවි සැරියුත් හිමියන්ගේ කනිටු සොහොයුරායි. ධර්‍මයෙහි යෙදීම නිරතවීම මොවුන්ගේනුයි ධම්මයොගා නමි, ධර්‍මකථිකයන්ට මෙය නමෙකි, ධ්‍යාන වඩත්නුයි ඣායී නමි, අපසාදෙන්ති යනු ගැටෙත්, ඉවත්කරත්, ඣායන්ති යනු සිතත්, පජ්ඣායන්ති යනාදිය උපසර්‍ග වශයෙන් වැඩුණු ඒවායි, කිං හිමෙ ඣායන්ති යනු මොවුහු කුමක් නම් සිතත්ද? කින්ති මෙ ඣායන්ති යනු කුමක් සඳහා මොවුහු සිතත්ද? කථං හිමෙ ඣායන්ති යනු කුමන කරුණින් මොවුහු සිතත්ද? අමතං ධාතුං කායෙන ඵස්සිත්වා විහරන්ති යනාදිය මරණරහිත නිර්‍වාණ ධාතුව සඳහායි, කමටහන් ගෙන වසන්නාහු අනුක්‍රමයෙන් එය නාමකායයෙන් ස්පර්‍ශ කොට වසත්, ගම්භිරං අත්‍ථපදං යනු සැඟවුණු වැසුණු ස්කන්ධ ධාතු ආයතනාදී අර්‍ත්‍ථයයි: පඤ්ඤාය අතිචිජ්ඣ පස්සන්ති යනු විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද දකිත්, මෙම අර්‍ත්‍ථයෙහි සම්මර්‍ශත ප්‍රතිවෙධ ප්‍රඥාවත් උද්ග්‍රහ පරිපුච්ඡා ප්‍රඥාවත් වටීමය.

5. පඨමසන්‍දිට‍්ඨික සුත‍්තවණ‍්ණනා

5. පඨමසන්දිට්ඨික සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සන‍්තං වා අජ‍්ඣත‍්තන‍්ති නියකජ‍්ඣත‍්තෙ විජ‍්ජමානං. ලොභොතිආදීහි තීණි අකුසලමූලානි දස‍්සිතානි. ලොභධම‍්මාතිආදීහි තංසම‍්පයුත‍්තකා ධම‍්මා.

පස්වැන්නෙහි සන්තං වා අජ්ඣත්තං යනු ස්වකීය අධ්‍යාත්මයෙහි පවතින්නාවූයි, ලොභො යනාදියෙන් අකුසල් මුල් තුන දක්වන ලදි, ලොභධම්මා යනාදියෙන් ඒ සමඟ යෙදුනු ධර්‍මයෝ දක්වන ලදහ.

6. දුතියසන්‍දිට‍්ඨික සුත‍්තවණ‍්ණනා

6. දුතියසන්දිට්ඨික සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කායසන්‍දොසන‍්ති කායද‍්වාරස‍්ස දුස‍්සනාකාරං. සෙසද‍්වයෙපි එසෙව නයො. ඉමෙසු ද‍්වීසු සුත‍්තෙසු පච‍්චවෙක‍්ඛණාව කථිතා.

සවැන්නෙහි කායසන්දොසං යනු කායද්චාරය දූෂ්‍ය කරන කාරණයයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, මේ සූත්‍ර දෙකෙහි ප්‍රත්‍යවෙක්ෂාවම කියන ලදි.

7. ඛෙම සුත‍්තවණ‍්ණනා

7. ඛෙම සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ වුසිතවාති වුත්‍ථබ්‍රහ‍්මචරියවාසො. කතකරණීයොති චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බං කත්‍වා ඨිතො. ඔහිතභාරොති ඛන්‍ධභාරං කිලෙසභාරං අභිසඞ‍්ඛාරභාරඤ‍්ච ඔතාරෙත්‍වා ඨිතො. අනුප‍්පත‍්තසදත්‍ථොති සදත්‍ථො වුච‍්චති අරහත‍්තං, තං පත‍්තොති අත්‍ථො. පරික‍්ඛීණභවසංයොජනොති ඛීණභවබන්‍ධනො. සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති සම‍්මා හෙතුනා කාරණෙන ජානිත්‍වා විමුත‍්තො. තස‍්ස න එවං හොති අත්‍ථි මෙ සෙය්‍යොති වාතිආදීහි සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානාදයො තයො මානා පටික‍්ඛිත‍්තා. න හි ඛීණාසවස‍්ස “අත්‍ථි මය‍්හං සෙය්‍යො, අත්‍ථි සදිසො, අත්‍ථි හීනො”ති මානො හොති. නත්‍ථි මෙ සෙය්‍යොතිආදීහිපි තෙයෙව පටික‍්ඛිත‍්තා. න හි ඛීණාසවස‍්ස “අහමෙව සෙය්‍යො, අහං සදිසො, අහං හීනො, අඤ‍්ඤෙ සෙය්‍යාදයො නත්‍ථී”ති එවං මානො හොති.

සත්වැන්නෙහි වුසිතවා යනු විසූ බඹසර විසීම ඇත්තේයි. කතකරණියො යනු සිවු මගින් කළයුතු දෙය කොට සිටියේයි, ඔහිතභාරො යනු ස්කන්ධ බර ද කෙලෙස් බර ද අභිසංස්කාර භාරය ද බස්වා සිටියේයි, අනුප්පත්තසදෙත්‍ථා යනු අරහත්වය සදර්‍ත්‍ථයයි කියනු ලැබේ, ඊට පැමිණියේයි අරුත්ය, පරික්ඛීණභවසංයොජනො යනු ක්ෂය කළ භවබන්ධනය ඇත්තේයි, සම්මදඤ්ඤාවිමුත්තො යනු නිවැරදි හේතුවෙන් කරුණින් දැන මිදුණේයි, තස්ස න එවං හොති අත්ථි මෙ සෙය්‍යොති වා යනාදියෙන් ද ශ්‍රේෂ්ඨයාට මම ශ්‍රේෂ්ඨයා වෙමැයි මානාදීවූ මානතුන ප්‍රතික්‍ෂෙප කරන ලදි, ක්ෂීණාශ්‍රවයාට මට ශ්‍රේෂ්ඨයෙක් ඇත. මට සමාන වූවෙක් ඇත, මට පහත්වූවෙක් ඇත යන මානය නැත, නත්‍ථි මෙ සෙය්‍යා යනාදියෙන් ද ඒ මානයෝම ප්‍රතික්‍ෂෙප කරන ලදහ, ක්ෂීණාශ්‍රවයාට මමම ශ්‍රේෂ්ඨයායි, මම සමානයායි, මම හීනයායි අන්‍යවූ ශ්‍රේෂ්ඨාදීහු නැතැයි මෙබඳු මානයක් නොවෙයි,

අචිරපක‍්කන‍්තෙසූති අරහත‍්තං බ්‍යාකරිත්‍වා අචිරංයෙව පක‍්කන‍්තෙසු. අඤ‍්ඤං බ්‍යාකරොන‍්තීති අරහත‍්තං කථෙන‍්ති. හසමානකා මඤ‍්ඤෙ අඤ‍්ඤං බ්‍යාකරොන‍්තීති හසමානා විය කථෙන‍්ති. විඝාතං ආපජ‍්ජන‍්තීති දුක‍්ඛං ආපජ‍්ජන‍්ති.

අචිරපක්කන්තෙසු යනු රහත්බව ප්‍රකාශ කොට නොබෝ වේලාවකින්මයි. අඤ්ඤං ව්‍යාකරොන්ති යනු රහත්බව ප්‍රකාශකරති, හසමානකා මඤ්ඤෙ අඤ්ඤං ව්‍යාකරොන්ති යනු සිනහසෙන්නවුන් මෙන් කියත්, විඝාතං ආපජ්ජන්ති යනු දුකට පැමිණෙත්,

න උස‍්සෙසු න ඔමෙසු, සමත‍්තෙ නොපනීයරෙති එත්‍ථ උස‍්සාති උස‍්සිතතා සෙය්‍යපුග‍්ගලා. ඔමාති හීනා. සමත‍්තොති සදිසො. ඉති ඉමෙසු තීසුපි සෙය්‍යහීනසදිසෙසු ඛීණාසවා මානෙන න උපනීයරෙ, න උපනෙන‍්ති, න උපගච‍්ඡන‍්තීති අත්‍ථො. ඛීණා ජාතීති ඛීණා තෙසං ජාති. වුසිතං බ්‍රහ‍්මචරියන‍්ති වුත්‍ථං මග‍්ගබ්‍රහ‍්මචරියං. චරන‍්ති සංයොජනවිප‍්පමුත‍්තාති සබ‍්බසංයොජනෙහි විමුත‍්තා හුත්‍වා චරන‍්ති. සුත‍්තෙපි ගාථායම‍්පි ඛීණාසවො කථිතො.

න උස්සෙසු න ඔමෙසු සමත්තෙ නොපතීය්‍යරෙ යනු මෙහි උස්සා යනු උසස් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝයි, ඔමා යනු පහත් වූවෝයි, සමත්තො යනු සමාන වූයේයි, මෙසේ මේ තුන් සෙය්‍යහීන සදිසයන් කෙරෙහි මානයෙන් නොඑළඹෙති, නොපමුණවතියි අරුත්ය, ඛීනා සඤ්ජාති යනු ඔවුන්ගේ උපත ක්ෂයවිය, වුසිතං බ්‍රහ්මචරියං යනු මග බඹසර වසන ලදි, චරන්ති සංයොජන විප්පමුත්තං යනු සියලු සංයෝජනයන්ගෙන් මිදුනාහු වී හැසිරෙති, සූත්‍රයෙහි ද ගාථාවෙහි ද ක්ෂීණාශ්‍රවයාම කියන ලදි.

8. ඉන්‍ද්‍රියසංවරසුත‍්තවණ‍්ණනා

8. ඉන්ද්‍රියසංවර සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ හතූපනිසං හොතීති හතූපනිස‍්සයං හොති. සීලවිපන‍්නස‍්සාති විපන‍්නසීලස‍්ස. යථාභූතඤාණදස‍්සනන‍්ති තරුණවිපස‍්සනාඤාණං. නිබ‍්බිදාවිරාගොති එත්‍ථ නිබ‍්බිදා බලවවිපස‍්සනා, විරාගො අරියමග‍්ගො. විමුත‍්තිඤාණදස‍්සනන‍්ති එත්‍ථ විමුත‍්තීති අරහත‍්තඵලං, ඤාණදස‍්සනන‍්ති පච‍්චවෙක‍්ඛණඤාණං. උපනිස‍්සයසම‍්පන‍්නං හොතීති සම‍්පන‍්නඋපනිස‍්සයං හොති. ඉමස‍්මිං සුත‍්තෙ සීලානුරක‍්ඛණඉන්‍ද්‍රියසංවරො කථිතො.

අටවැන්නෙහි හතුපනිසං හොති යනු නසනලද හේතු ඇත්තේ වෙයි, සීලවිපන්නස්ස යනු විනාශ වූ සිල් ඇත්තහුගේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්‍ශනා ඥානයයි, නිබ්බිදා විරාගො යනු මෙහි නිර්වේදය බලවත් විදර්‍ශනාවයි, විරාගය යනු ආර්ය මාර්‍ගයයි, විමුත්තිඤාණදස්සනං යනු මෙහි විමුත්ති යනු අරහත් ඵලයයි, ඤාණදස්සන යනු ප්‍රත්‍යවෙක්ෂා ඥානයයි, උපනිස්සයසම්පන්නං හොති යනු සැපැමිණි හේතු ඇත්තේ වෙයි, මේ සූත්‍රයෙහි සීලානුරක්ඛණ ඉන්ද්‍රිය සංවරය කියන ලදි.

9. ආනන්‍ද සුත‍්තවණ‍්ණනා

9. ආනන්ද සූත්‍ර වර්ණනාව

නවමෙ කිත‍්තාවතාති කිත‍්තකෙන. අස‍්සුතඤ‍්චෙවාති අඤ‍්ඤස‍්මිං කාලෙ අස‍්සුතපුබ‍්බං. න සම‍්මොසං ගච‍්ඡන‍්තීති විනාසං න ගච‍්ඡන‍්ති. චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බාති චිත‍්තෙන ඵුසිතපුබ‍්බා. සමුදාචරන‍්තීති මනොද‍්වාරෙ චරන‍්ති. අවිඤ‍්ඤාතඤ‍්ච විජානාතීති අඤ‍්ඤස‍්මිං කාලෙ අවිඤ‍්ඤාතකාරණං ජානාති. පරියාපුණාතීති වළඤ‍්ජෙති කථෙති. දෙසෙතීති පකාසෙති. පරං වාචෙතීති පරං උග‍්ගණ‍්හාපෙති.

නවවැන්නෙහි කිත්තාවතා යනු කොපමණකින්දයි, අස්සුතඤ්චෙව යනු අන් කලෙක නොඇසූ විරූයි, න සම්මොසං ගච්ඡන්ති යනු විනාශයට නොයති, චෙතසා සම්පුට්ඨපුබ්බා යනු සිතෙන් ස්පර්‍ශ කළවිරූයි. සමුදාචරන්ති යනු මනොද්වාරයෙහි හැසිරෙති, අචිඤ්ඤාතඤ්ච විජානාති යනු අන් කලෙක නොදත් කරුණ දනියි, පරියාපුණාති යනු පවසයි කියයි, දෙසෙති යනු ප්‍රකාශ කරයි, පරං වාවෙති යනු අන්‍යයාට උගන්වයි,

ආගතාගමාති දීඝාදීසු යො කොචි ආගමො ආගතො එතෙසන‍්ති ආගතාගමා. ධම‍්මධරාති සුත‍්තන‍්තපිටකධරා. විනයධරාති විනයපිටකධරා. මාතිකාධරාති ද‍්වෙපාතිමොක‍්ඛධරා. පරිපුච‍්ඡතීති අනුසන්‍ධිපුබ‍්බාපරං පුච‍්ඡති. පරිපඤ‍්හතීති ඉදඤ‍්චිදඤ‍්ච පුච‍්ඡිස‍්සාමීති පරිතුලති පරිච‍්ඡින්‍දති. ඉදං, භන‍්තෙ, කථන‍්ති, භන‍්තෙ, ඉදං අනුසන්‍ධිපුබ‍්බාපරං කථං හොතීති පුච‍්ඡති. ඉමස‍්ස ක්‍වත්‍ථොති ඉමස‍්ස භාසිතස‍්ස කො අත්‍ථොති පුච‍්ඡති. අවිවටන‍්ති අවිවරිතං. විවරන‍්තීති පාකටං කරොන‍්ති. කඞ‍්ඛාඨානියෙසූති කඞ‍්ඛාය කාරණභූතෙසු. තත්‍ථ යස‍්මිං ධම‍්මෙ කඞ‍්ඛා උප‍්පජ‍්ජති, ස‍්වෙව කඞ‍්ඛාඨානියො නාමාති වෙදිතබ‍්බො.

ආගතාගමා යනු දීඝාදීන් අතුරෙහි යම්කිසි ආගම (නිකාය) ක් පැමිණියේ මොවුනටනුයි ආගතාගමා නමි. ධම්මධරා යනු සූත්‍ර පිටකය දරන්නෝයි, විනයධරා යනු විනය පිටකය දරන්නෝයි මාතිකාධාරා යනු පාමොක් දෙක දරන්නෝයි, පරිපුච්ඡති යනු පෙරපසු ගැලපීම විමසයි, පරිපඤ්හති යනු මෙය ද මෙය ද අසමියි සමාන කරයි පිරිසිඳියි, ඉදං භන්තෙ කථං යනු ස්වාමිනී, මේ ගැලපීම පෙරපසු කෙසේ වේදැයි අසයි, ඉමස්ස ක්වත්‍ථො යනු මේ කියන ලද්දෙහි අර්‍ත්‍ථය කුමක්දැයි අසයි, අවිවටං යනු විවරනොවූ දෙයයි, විවරන්ති යනු ප්‍රකට කරත්, කඞ්බාට්ඨානීයෙසු යනු සැකයට කරුණු වූ තැන්හියි. එහි යම් ධර්‍මයක සැක උපදියිද එයම කඞ්ඛාට්ඨානීය නමැයි දතයුතුය.

10. ඛත‍්තියසුත‍්තවණ‍්ණනා

10. ඛත්තිය සූත්‍ර වර්ණනාව

දසමෙ භොගාධිප‍්පායාති භොගසංහරණත්‍ථං ඨපිතාධිප‍්පායා පවත‍්තඅජ‍්ඣාසයා. පඤ‍්ඤූපවිචාරාති පඤ‍්ඤවන‍්තො භවෙය්‍යාමාති එවං පඤ‍්ඤත්‍ථාය පවත‍්තූපවිචාරා. අයමෙව නෙසං විචාරො චිත‍්තෙ උපවිචරති. බලාධිට‍්ඨානාති බලකායාධිට‍්ඨානා. බලකායඤ‍්හි ලද‍්ධා තෙ ලද‍්ධපතිට‍්ඨා නාම හොන‍්ති. පථවිභිනිවෙසාති පථවිසාමිනො භවිස‍්සාමාති එවං පථවිඅත්‍ථාය කතචිත‍්තාභිනිවෙසා. ඉස‍්සරියපරියොසානාති රජ‍්ජාභිසෙකපරියොසානා. අභිසෙකඤ‍්හි පත්‍වා තෙ පරියොසානප‍්පත‍්තා නාම හොන‍්ති. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

දසවැන්නෙහි භොගාධිප්පායා යනු භොග පවත්වා ගැනීම සඳහා තබනලද අදහසයි, පැවැති අදහස්ය, පඤ්ඤුපවිචාරා යන ප්‍රඥාවන්තයෝ වන්නෙමුයි මෙසේ පැනවීමට පැවති විමසා බැලීම්ය, මේ විචාරයම ඔවුන්ගේ සිතෙහි හැසිරෙයි, බලාධිට්ඨානා යනු බලකාය පිළිබඳ අධිෂ්ඨානයෝයි, බලකාය ලද ඔවුහු ලබනලද පිහිටා ඇත්තෝ නම් වෙති, පඨවිභිනිවෙසා යනු පොළොවට හිමිකරුවෝ වන්නෙමුයි මෙසේ පොළව සඳහා කරන ද සිත පිවිසවීම්ය, ඉස්සරිය පරියොසානා යනු රාජ්‍යාභිෂේකය අවසන්කොට ඇත්තෝය. අභිෂේකයට පැමිණ ඔවුහු අවසානයට පත්වූවාහු නම් වෙත්, මේ ක්‍රමයෙන් සියලු තැන්හි අර්‍ත්‍ථය දතයුතුය,

සෙසපදෙසු පනෙත්‍ථ අයමධිප‍්පායො – බ්‍රාහ‍්මණා තාව මන‍්තෙ ලභිත්‍වා ලද‍්ධපතිට‍්ඨා නාම හොන‍්ති, ගහපතිකා යංකිඤ‍්චි සිප‍්පං, ඉත්‍ථී කුලදායජ‍්ජසාමිකං පුත‍්තං, චොරා යංකිඤ‍්චි ආවුධසත්‍ථං, සමණා සීලපරිපුණ‍්ණා ලද‍්ධපතිට‍්ඨා නාම හොන‍්ති. තස‍්මා මන‍්තාධිට‍්ඨානාතිආදීනි වුත‍්තානි.

මෙහි සෙසු පදයන්හි මේ අදහසයි, බමුණෝ වනාහි මන්ත්‍රයන් ලබමින් ලබනලද පිහිට ඇත්තෝ නම් වෙති, ගෘහපතීහු කිසියම් ශිල්පයක්, ස්ත්‍රීහු කුලදායාදයට හිමි පුතකු, සොරු යම්කිසි ආයුධ ශාස්ත්‍රයක්, ශ්‍රමණයෝ ශීලයෙහි පිරිපුන් වූවාහු ලබනලද පිහිට ඇත්තෝ නම් වෙත්, එහෙයින් මන්තාධිට්ඨානා යනාදිය කියන ලදි.

බ්‍රාහ‍්මණානඤ‍්ච “යඤ‍්ඤං යජිස‍්සාමා”ති චිත‍්තං අභිනිවිසති, බ්‍රහ‍්මලොකෙ පත‍්තෙ පරියොසානප‍්පත‍්තා නාම හොන‍්ති. තස‍්මා තෙ යඤ‍්ඤාභිනිවෙසා බ්‍රහ‍්මලොකපරියොසානාති වුත‍්තා. කම‍්මන‍්තකරණත්‍ථාය මනො එතෙසං අභිනිවිසතීති කම‍්මන‍්තාභිනිවෙසා. කම‍්මෙ නිට‍්ඨිතෙ පරියොසානප‍්පත‍්තා නාම හොන‍්තීති නිට‍්ඨිතකම‍්මන‍්තපරියොසානා.

බමුණන්ගේ ද යාගය පුදන්නෙමුයි සිත යොමුවෙයි. බඹලොවට පැමිණි කල අවසානයට පත් වූවෝ නම් වෙත්, එහෙයින් ඔවුහු යඤ්ඤාභිනිවෙසා බ්‍රහ්මලොකපරියොසානා යි කියන ලද්දාහුය. කර්‍මාන්ත කිරීම සඳහා මනස මොවුනට පිවිසේනුයි කම්මන්තාභිනිවෙසා නමි, කටයුතු නිමි කල්හි අවසානයට පත්වූවෝ නම්වෙත්නුයි නිට්ඨිතකම්මන්තපරියොසානා නමි,

පුරිසාධිප‍්පායාති පුරිසෙසු පවත‍්තඅජ‍්ඣාසයා. අලඞ‍්කාරත්‍ථාය මනො උපවිචරති එතිස‍්සාති අලඞ‍්කාරූපවිචාරා. අසපත‍්තී හුත්‍වා එකිකාව ඝරෙ වසෙය්‍යන‍්ති එවමස‍්සා චිත‍්තං අභිනිවිසතීති අසපත‍්තීභිනිවෙසා. ඝරාවාසිස‍්සරියෙ ලද‍්ධෙ පරියොසානප‍්පත‍්තා නාම හොන‍්තීති ඉස‍්සරියපරියොසානා.

පුරිසාධිප්පායා යනු පුරුෂයන් කෙරෙහි පැවැති අදහස ඇත්තෝයි, අලංකාරය සඳහා සිත හැසිරෙන්නේ මොවුන්ගේනුයි අලංකාරූපවිචාරා නමි, අසපත්නියක (වෙනත් බිරියන් නොමැතියක) වී තනිවම ගෙදර වසන්නෙමැයි මෙසේ ඇයගේ සිත යොමුවේනුයි අසපත්තිවිනිවෙසා නමි, ගෙහි විසීමෙන් සම්පත් ලද විට අවසානයට පත්වූවාහු නම් වෙතැයි ඉස්සරියපරියොසානා නමි,

පරභණ‍්ඩස‍්ස ආදානෙ අධිප‍්පායො එතෙසන‍්ති ආදානාධිප‍්පායා. ගහනෙ නිලීයනට‍්ඨානෙ එතෙසං මනො උපවිචරතීති ගහනූපවිචාරා. අන්‍ධකාරත්‍ථාය එතෙසං චිත‍්තං අභිනිවිසතීති අන්‍ධකාරාභිනිවෙසා. අදස‍්සනප‍්පත‍්තා පරියොසානප‍්පත‍්තා හොන‍්තීති අදස‍්සනපරියොසානා.

අනුන්ගේ භාණ්ඩ ගැනීමේ අදහස මොවුන්ගේනුයි ආදානාධිප්පායා නමි. ගැවසීගත් තන්හි සැගවුණු තැන්හි මොවුන්ගේ සිත හැසිරේනුයි ගහනුපවිචාරා නමි, අඳුර සඳහා මොවුන්ගේ සිත පිවිසේනුයි අන්ධකාරවිනිවෙසා නමි. නොදැක්මට පැමිණියාහු අවසානයට පත්වෙත්නුයි අදස්සනපරියොසානා නමි.

අධිවාසනක‍්ඛන‍්තියඤ‍්ච සුචිභාවසීලෙ ච අධිප‍්පායො එතෙසන‍්ති ඛන‍්තිසොරච‍්චාධිප‍්පායා. අකිඤ‍්චනභාවෙ නිග‍්ගහණභාවෙ චිත‍්තං එතෙසං අභිනිවිසතීති ආකිඤ‍්චඤ‍්ඤාභිනිවෙසා. නිබ‍්බානප‍්පත‍්තා පරියොසානප‍්පත‍්තා හොන‍්තීති නිබ‍්බානපරියොසානා.

ඉවසීමේ ක්‍ෂාන්තියෙහි ද පිරිසුදු බව ඇති ශීලයෙහි ද අදහස මොවුන්ගේනුයි ඛන්තිසොරච්චාධිප්පායා නමි, කිසිවක් නැති බවෙහි අයිතියක් නැති බවෙහි මොවුන්ගේ සිත පිවිසේනුයි ආකිඤ්චඤ්ඤවිනිවෙස නමි, නිවනට පත් කල අවසානයට පත් වෙත්නුයි නිබ්බානපරියොසානා නමි.

11. අප‍්පමාද සුත‍්තවණ‍්ණනා

11. අප්පමාද සූත්‍ර වර්ණනාව

එකාදසමෙ සමධිග‍්ගය‍්හාති සුට‍්ඨු ගණ‍්හිත්‍වා. ජඞ‍්ගලානං පාණානන‍්ති පථවීතලචාරීනං සපාදකපාණානං. පදජාතානීති පදානි. සමොධානං ගච‍්ඡන‍්තීති ඔධානං උපනික‍්ඛෙපං ගච‍්ඡන‍්ති. අග‍්ගමක‍්ඛායතීති සෙට‍්ඨං අක‍්ඛායති. පබ‍්බජලායකොති පබ‍්බජතිණච‍්ඡෙදකො. ඔධුනාතීති හෙට‍්ඨා මුඛං ධුනාති. නිධුනාතීති උභොහි පස‍්සෙහි ධුනාති. නිච‍්ඡාදෙතීති බාහාය වා පහරති, රුක‍්ඛෙ වා පහරති. අම‍්බපිණ‍්ඩියාති අම‍්බඵලපිණ‍්ඩියා. වණ‍්ටූපනිබන්‍ධනානීති වණ‍්ටෙ උපනිබන්‍ධනානි, වණ‍්ටෙ වා පතිට‍්ඨිතානි. තදන්‍වයානි භවන‍්තීති වණ‍්ටානුවත‍්තකානි භවන‍්ති, අම‍්බපිණ‍්ඩිදණ‍්ඩකානුවත‍්තකානි භවන‍්තීතිපි අත්‍ථො. ඛුද‍්දරාජානොති ඛුද‍්දකරාජානො, පකතිරාජානො වා.

එකොළොස්වැන්නෙහි සමධිග්ගය්හ යනු මනාව ගෙනයි, ජඞ්ගමානං පාණානං යනු පොළොතලයෙහි හැසිරෙන පා සහිත ප්‍රාණින්ගේයි. පදජාතානි යනු පාදයෝයි: සමොධානං ගච්ඡන්ති යනු තැබීමට යොමු කිරීමට යති, අග්ගමක්ඛායති යනු ශ්‍රේෂ්ඨයයි සලකයි, බබ්බජලායකො යනු බබුස්තණ කපන්නායි, ඔධුනාති යනු යටිකුරුව සොලවයි, නිද්ධුනාති යනු දෙපසින් සොලවයි, නිච්ඡෙදෙති යනු උළුවස්සෙහි හෝ ගසෙහි හෝ පහරදෙයි, අම්බපිණ්ඩියා යනු අඹ පොකුරෙහියි, වණ්ටුපනිබන්ධනා යනු නටුවෙහි බඳනා ලද්දාවූයි, නටුවෙන් හෝ තබන ලද්දාහුයි, තදන්චයානි භවන්ති යනු නටුවට අනුව පවතින්නාහු වෙත්, අඹ පොකුරේ නටුවට අනුව පවත්නාහු වෙතැයි අරුත්ය. කුඩ්ඩරාජානො යනු කුඩා රජවරු හෝ ප්‍රකෘති රජවරුයි.

12. ධම‍්මික සුත‍්තවණ‍්ණනා

12. ධම්මික සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ සබ‍්බසොති සබ‍්බෙසු. සත‍්තසු විහාරෙසූති සත‍්තසු පරිවෙණෙසු. පරිභාසතීති පරිභවති භයං උපදංසෙති. විහිංසතීති විහෙඨෙති. විතුදතීති විජ‍්ඣති. රොසෙති වාචායාති වාචාය ඝට‍්ටෙති. පක‍්කමන‍්තීති දිසා පක‍්කමන‍්ති. න සණ‍්ඨහන‍්තීති නප‍්පතිට‍්ඨහන‍්ති. රිඤ‍්චන‍්තීති ඡඩ‍්ඩෙන‍්ති විස‍්සජ‍්ජෙන‍්ති. පබ‍්බාජෙය්‍යාමාති නීහරෙය්‍යාම. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. අලන‍්ති යුත‍්තමෙතං, යං තං පබ‍්බාජෙය්‍යුන‍්ති අත්‍ථො. කිං තෙ ඉමිනාති කිං තව ඉමිනා ජාතිභූමියං වාසෙන. තීරදස‍්සිං සකුණන‍්ති දිසාකාකං. මුඤ‍්චන‍්තීති දිසාදස‍්සනත්‍ථං විස‍්සජ‍්ජෙන‍්ති. සාමන‍්තාති අවිදූරෙ. සමන‍්තාතිපි පාඨො, සමන‍්තතොති අත්‍ථො. අභිනිවෙසොති පත්‍ථරිත්‍වා ඨිතසාඛානං නිවෙසො. මූලසන‍්තානකානන‍්ති මූලානං නිවෙසො.

දොළොස්වැන්නෙහි සබ්බසො යනු සියල්ලෙහියි, සත්තසු විහාරෙසු යනු පිරිවෙන් සතෙහියි, පරිභාසති යනු පරිභව කරයි, බිය පහළ කරයි, විහිංසති යනු වෙහෙසයි, චිතුදති යනු විදියි, රොසෙති වාචාය යනු වචනයෙන් ගටයි, පක්කමන්ති යනු දිශාවන්ට යති, න සණ්ඨහන්ති යනු නොපිහිටුවත්, රිඤ්චන්ති යනු ඉවතට දමන, අත්හැර දමත්, පබ්බාජෙය්‍යාම යනු පිටමං කරන්නෙමුයි, හන්ද යනු නිශ්චයාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, අලං යනු ඔහු පිටමං කරති යන යමක් වේ ද එය සුදුසුයි යනුයි, කින්තෙ ඉමිනා යනු මේ ජාති භූමියෙහි විසීමෙන් ඔබට කවර වැඩක්ද යනුයි, තීරදස්සිං සකුණං යනු දිශා දක්වන කවුඩකුයි, මුඤ්චන්ති යනු දිශා දැක්වීම සඳහා මුදාහරිති, සාමන්තා යනු නුදුරෙහිය, සමන්තා යනු ද පාඨයි, හාත්පසින් යන අරුත්ය, අභිනිවෙසො යනු පැතිරී සිටි අතුවල විසීමයි, මූලසන්තානකානං යනු මුල්වල වාසයයි,

ආළ‍්හකථාලිකාති තණ‍්ඩුලාළ‍්හකස‍්ස භත‍්තපචනථාලිකා. ඛුද‍්දං මධුන‍්ති ඛුද‍්දමක‍්ඛිකාහි කතං දණ‍්ඩකමධුං. අනෙලකන‍්ති නිද‍්දොසං. න ච සුදං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඵලානි හිංසන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤස‍්ස කොට‍්ඨාසෙ ඵලානි න හිංසන‍්ති. අත‍්තනො කොට‍්ඨාසෙහි මූලං වා තචං වා පත‍්තං වා ඡින්‍දන‍්තො නාම නත්‍ථි, අත‍්තනො අත‍්තනො සාඛාය හෙට‍්ඨා පතිතානෙව පරිභුඤ‍්ජන‍්ති. අඤ‍්ඤස‍්ස කොට‍්ඨාසතො අඤ‍්ඤස කොට‍්ඨාසං පරිවත‍්තිත්‍වා ගතම‍්පි “න අම‍්හාකං සාඛාය ඵල”න‍්ති ඤත්‍වා නො ඛාදන‍්ති. යාවදත්‍ථං භක‍්ඛිත්‍වාති කණ‍්ඨප‍්පමාණෙන ඛාදිත්‍වා. සාඛං භඤ‍්ජිත්‍වාති ඡත‍්තප‍්පමාණමත‍්තං ඡින්‍දිත්‍වා ඡායං කත්‍වා පක‍්කාමි. යත්‍ර හි නාමාති යො හි නාම. පක‍්කමිස‍්සතීති පක‍්කන‍්තො. නාදාසීති දෙවතාය ආනුභාවෙන ඵලමෙව න ගණ‍්හි. එවඤ‍්හි සා අධිට‍්ඨාසි.

ආළ්හකත්‍ථාලිකා යනු සහල් ආළ්හකයක බත් පිසින තලියයි, ඛුද්දං මධුං යනු කුඩා (මී) මැස්සන් විසින් කරනලද දඬුවැල්බෑ මීයයි, අනෙලකං යනු නිදොස් වුවයි, න ච සුදං අඤ්ඤමඤ්ඤස්ස ඵලානි හිංසන්ති යනු ඔවුනොවුන්ගේ කොටස්වලට අයත් ගෙඩිවලට හිංසා නොකරත්, තමන්ගේ කොටසෙහි මුල හෝ පොත්ත හෝ කොළ හෝ සිඳින්නෙක් නම් නැත. තම තමන්ගේ අතුවල යටට වැටුණු දේම පරිභොග කරති. අනෙකකුගේ කොටසින් වෙනත් කෙනකුගේ කොටසට පෙරලී ගිය දේ වුව ද අපගේ අත්තේ ගෙඩියක් නොවේයයි දැන නොකති, යාවදත්‍ථං භක්ඛිත්වා යනු උගුර පමණට කායි, සාඛං භඤ්ජිත්වා යනු ඡත්‍රයක් පමණ වූ තැනක් සිඳ සෙවනැල්ලක් කොට ගියේය, යත්‍ර හි නාම යනු යම්කිසිවෙක් නම් යනුයි. පක්කමිස්සති යනු යන්නේයි. නාදාසි යනු දෙවතාවාගේ ආනුභාවයෙන් පල නොගත්තේය, මෙසේ ඕතොමෝ අදිටන් කළාය,

තෙනුපසඞ‍්කමීති ජනපදවාසීහි ගන‍්ත්‍වා, “මහාරාජ, රුක‍්ඛො ඵලං න ගණ‍්හි, අම‍්හාකං නු ඛො දොසො තුම‍්හාක”න‍්ති වුත‍්තෙ “නෙව මය‍්හං දොසො අත්‍ථි, න ජානපදානං, අම‍්හාකං විජිතෙ අධම‍්මො නාම න වත‍්තති, කෙන නු ඛො කාරණෙන රුක‍්ඛො න ඵලිතො, සක‍්කං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා යෙන සක‍්කො දෙවානමින්‍දො තෙනුපසඞ‍්කමි. පවත‍්තෙසීති පරිවත‍්තෙසි. උම‍්මූලමකාසීති උද‍්ධංමූලං අකාසි. අපි නු ත්‍වන‍්ති අපි නු තව. අට‍්ඨිතායෙවාති අට‍්ඨිතාය එව. සච‍්ඡවීනීති සමානච‍්ඡවීනි පකතිට‍්ඨානෙ ඨිතානි. න පච‍්චක‍්කොසතීති නප‍්පටික‍්කොසති. රොසන‍්තන‍්ති ඝට‍්ටෙන‍්තං. භණ‍්ඩන‍්තන‍්ති පහරන‍්තං.

තෙනුපසංකමි යනු දනවු වැසියන් ගොස් මහරජ, ගස පල නොගත්තේය. දෝෂය අපගේ ද නුඹගේ දැයි ඇසූ විට මගේ දොසක් නැත, දනවුවැසියන්ගේ ද නැත. අපගේ විජිතයෙහි අදහමක් නම් නොපවතියි, කවර කරුණකින් ගස පල නොදැරුවේද ශක්‍රයා වෙත එළඹ විමසමැයි සිතා සක්දෙව් රජු යම් තැනකද එතැනට එළඹියේය, පවත්තෙසි යනු පෙරළීය. උම්මුලමකාසි යනු ඉදුරූමුල් ඇත්තක් කළේය, අපි නු ත්වං යනු නුඹගේ නොවේද? අට්ඨිතායෙව යනු පැවැත්මටමය, සච්ඡවිනි යනු සමානසිවි ඇතියි, ප්‍රකෘති ස්ථානයෙන් සිටියාවූයි, න පච්චක්කොසති යනු පෙරළා ආක්‍රොශ නොකරයි, රොසෙන්තං යනු ගටන්නාවූයි, භණ්ඩන්තං යනු පහර දෙන්නාවූයි,

සුනෙත‍්තොති නෙත‍්තා වුච‍්චන‍්ති අක‍්ඛීනි, තෙසං සුන්‍දරතාය සුනෙත‍්තො. තිත්‍ථකරොති සුගතිඔගාහනතිත්‍ථස‍්ස කාරකො. වීතරාගොති වික‍්ඛම‍්භනවසෙන විගතරාගො. පසවතීති පටිලභති. දිට‍්ඨිසම‍්පන‍්නන‍්ති දස‍්සනසම‍්පන‍්නං, සොතාපන‍්නන‍්ති අත්‍ථො. ඛන‍්තින‍්ති අත‍්තනො ගුණඛණනං. යථාමං සබ්‍රහ‍්මචාරීසූති යථා ඉමං සබ්‍රහ‍්මචාරීසු අක‍්කොසනපරිභාසනං, අඤ‍්ඤං එවරූපං ගුණඛන‍්තිං න වදාමීති අත්‍ථො. න නො සමසබ්‍රහ‍්මචාරීසූති එත්‍ථ සමජනො නාම සකජනො වුච‍්චති. තස‍්මා න නො සකෙසු සමානබ්‍රහ‍්මචාරීසු චිත‍්තානි පදුට‍්ඨානි භවිස‍්සන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො.

සුනෙත්තො යනු ඇස් නෙත්තායි කියනු ලැබෙයි, ඔවුන්ගේ සොඳුරු බව නිසා සුනෙත්තො නමි, තිත්‍ථකරො යනු සුගතියට බසින තොටක් කරන්නායි, වීතරාගො යනු යටපත් කිරීම් වශයෙන් පහවූ රාග ඇත්තේයි, පසවති යනු ලබයි. දිට්ඨසම්පන්නං යනු දර්‍ශනයෙන් යුක්තවූයේයි, සෝවාන් වූවහු යන අරුත්ය, ඛන්තිං යනු තමන්ගේ ගුණ මකාදැමීමයි, යථාමං සබ්‍රහ්මචාරීසු යනු යම්සේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි ආක්‍රොශපරිභවයක් වේද මෙබඳුවූ වෙනත් ගුණ මකාදැමීමක් නොකියමියි අරුත්ය, න නො ආම සබ්‍රහ්මචාරීසු යනු මෙහි ආමජනො නම් ස්වකීය ජනයායි කියනු ලැබේ. එහෙයින් අපගේ ස්වකීය සබ්‍රහ්මචාරින් අතුරෙහි සිත් ප්‍රදූෂ්‍ය නොවෙතැයි යන මෙය මෙහි අරුත්ය,

ජොතිපාලො ච ගොවින්‍දොති නාමෙන ජොතිපාලො ඨානෙන මහාගොවින්‍දො. සත‍්තපුරොහිතොති රෙණුආදීනං සත‍්තන‍්නං රාජූනං පුරොහිතො. අහිංසකා අතීතංසෙති එතෙ ඡ සත්‍ථාරො අතීතංසෙ අහිංසකා අහෙසුං. නිරාමගන්‍ධාති කොධාමගන්‍ධෙන නිරාමගන්‍ධා. කරුණෙවිමුත‍්තාති කරුණජ‍්ඣානෙ අධිමුත‍්තා, කරුණාය ච කරුණාපුබ‍්බභාගෙ ච ඨිතා. යෙතෙති එතෙ, අයමෙව වා පාඨො. න සාධුරූපං ආසීදෙති සාධුසභාවං න ඝට‍්ටෙය්‍ය. දිට‍්ඨිට‍්ඨානප‍්පහායිනන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතප‍්පහායිනං. සත‍්තමොති අරහත‍්තතො පට‍්ඨාය සත‍්තමො. අවීතරාගොති අවිගතරාගො. එතෙන අනාගාමිභාවං පටික‍්ඛිපති. පඤ‍්චින්‍ද්‍රියා මුදූති පඤ‍්ච විපස‍්සනින්‍ද්‍රියානි මුදූනි. තස‍්ස හි තානි සකදාගාමිං උපාදාය මුදූනි නාම හොන‍්ති. විපස‍්සනාති සඞ‍්ඛාරපරිග‍්ගහඤාණං. පුබ‍්බෙව උපහඤ‍්ඤතීති පඨමතරඤ‍්ඤෙව උපහඤ‍්ඤති. අක‍්ඛතොති ගුණඛණනෙන අක‍්ඛතො අනුපහතො හුත්‍වා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ජොතිපාලො ච ගොවින්දො යනු නමින් ජොතිපාලයි, තනතුරින් මහා ගොවින්දයි, සත්තපුරොහිතො යනු රේණු ආදී සත් රජුන්ගේ පුරෝහිතයායි, අහිංසෙකෙ අතීතංසෙ යනු මේ ශාස්තෲවරු සදෙන අතීතයෙහි අහිංසකයෝ වූහ. නිරාමගන්ධා යනු ක්‍රොධනමැති පිළිගඳින් (මස්ගඳින්) මඳ නැත්තෝ වූහ. කරුණෙ විමුත්තා යනු කරුණා ධ්‍යානයෙහි මිදුනාහුය, කරුණාවෙහි ද කරුණා පූර්‍ව භාගයෙහි ද පිහිටියාහුය, යෙ තෙ යනු මොවුහුයි. මෙයම හෝ පාඨයයි, න සාධුරූපං ආසිදෙති යනු යහපත් බව නොගටන්නේය, දිට්ඨට්ඨානප්පහායිනං යනු දෙසැට මිසදිටු අත්හරින්නාවූයි, සත්තමො යනු රහත් බවෙහි සිට සත්වැන්නායි, අවිතරාගො යනු දුරුනොකළ රාග ඇත්තේයි, මෙයින් අනාගාමීභාවය ප්‍රතික්ෂේප කරයි, පඤ්චින්ද්‍රියා මුදු යනු මෘදු වූ විදර්‍ශනා ඉන්ද්‍රිය පසයි, ඔහුගේ ඒ ඉන්ද්‍රියයෝ සකෘදාගාමි බව නිසා මෘදු වූවාහු නම් වෙති, විපස්සනා යනු සංස්කාර පරිග්‍රහ ඥානයයි, පුබ්බෙව උපහඤ්ඤති යනු පළමුවම විනාශ කරයි, අක්ඛතො යනු ගුණ මකාදැමීමෙන් මකා නොදැමුයේ නොනැසුවේ වීයි, සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.

ධම‍්මිකවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වර්‍ගයයි.

පඨමපණ‍්ණාසකං නිට‍්ඨිතං.

පළමුවැනි පණ්ණාසකයයි.