යෙදුමෙන් කියවන්න

ඉන්‍ද්‍රියසංවරසුත‍්තං

6. 1. 5. 8.

6. 1. 5. 8.

[ඉන්‍ද්‍රියසංවරසුත‍්තං]

[ඉන්‍ද්‍රියසංවර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. ඉන්‍ද්‍රියසංවරෙ භික‍්ඛවෙ අසති ඉන්‍ද්‍රියසංවරවිපන‍්නස‍්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි අසති සම‍්මාසමාධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ අසති යථාභූතඤාණදස‍්සනවිපන‍්නස‍්ස හතූපනිසො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ අසති නිබ‍්බිදාවිරාගවිපන‍්නස‍්ස හතූපනිසං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

50. මහණෙනි, ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසවිපන‍්නො, තස‍්ස පපටිකාපි න පාරිපූරිං ගච‍්ඡති, තචොපි න පාරිපූරිං ගච‍්ඡති, ඵෙග‍්ගුපි න පාරිපූරිං ගච‍්ඡති, සාරොපි න පාරිපූරිං ගච‍්ඡති, එවමෙව ඛො භික‍්ඛවෙ ඉන්‍ද්‍රිය සංවරෙ අසති ඉන්‍ද්‍රියසංවරවිපන‍්නස‍්ස හතූපනිසං හොති සීලං -පෙ- (හතූපනිසං හොති) විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්‍ණත්‍වයට නො යෙයි. සිවි දූ පරිපූර්‍ණත්‍වයට නො යෙයි. බොරු දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

ඉන්‍ද්‍රියසංවරෙ භික‍්ඛවෙ සති ඉන්‍ද්‍රියසංවරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති සීලං. සීලෙ සති සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල - ප්‍රත්‍යවේක්‍ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසසම‍්පන‍්නො, තස‍්ස පපටිකාපි පාරිපූරිං ගච‍්ඡති, තචොපි පාරිපූරිං ගච‍්ඡති, ඵෙග‍්ගුපි පාරිපූරිං ගච‍්ඡති, සාරොපි පාරිපූරිං ගච‍්ඡති, එවමෙව ඛො භික‍්ඛවෙ ඉන්‍ද්‍රියසංවරෙ සති ඉන්‍ද්‍රියසංවරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති සීලං -පෙ- (උපනිසසම‍්පන‍්නං හොති) විමුත‍්තිඤාණදස‍්සනන‍්ති.

මහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්‍වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.