ආනන්ද සුත්තං
6. 1. 5. 9.
6. 1. 5. 9.
[ආනන්ද සුත්තං]
[ආනන්ද සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
51. අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
51. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
කිත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසා සම්ඵුට්ඨපුබ්බා, තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?යි.
ආයස්මා ඛො ආනන්දො බහුස්සුතො, පටිභාතු ආයස්මන්තඤ්ඤෙව ආනන්දන්ති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බහ්‍රශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට ම තෙල කරුණ වැටහේවයි.
තෙනහාවුසො සාරිපුත්ත සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවමාවුසොති ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, එ හෙයින් ම අසනු මැනැවැ. මොනොවට මෙනෙහි කළ මැනැවැ. කියමි යි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කීහ:
ඉධාවුසො සාරිපුත්ත භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. යස්මිං ආවාසෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං? ඉමස්ස ක්වත්ථො’ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්මධර වූ විනයධර වූ මාතිකා (ප්රාතිමෝක්ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක ද දුරු කෙරෙත්.
එත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති. සුතා චස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති. යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසා සම්ඵුට්ඨපුබ්බා තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්මයෝ ද මනෝද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.
අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාව සුභාසිතමිදං ආයස්මතා ආනන්දෙන. ඉමෙහි ච මයං ඡහි ධම්මෙහි සමන්නාගතං ආයස්මන්තං ආනන්දං ධාරෙම. (1) ආයස්මා හි ආනන්දො ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. (2) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. (3) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙති. (4) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. (5) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. (6) ආයස්මා ආනන්දො යස්මිං ආවාසෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ ආයස්මා ආනන්දො, කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති. පරිපඤ්හති “ඉදං භන්තෙ කථං, ඉමස්ස ක්වත්ථො”ති. තෙ ආයස්මතො ආනන්දස්ස අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්තී’ති.
ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය ය, ඇවැත්නි, අද්භූත ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින් මෙය සුභාෂිත මැ යි. ඇවැත්නි, අපි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් මේ සදහමින් සමන්වාගතයකු කොට දරම්හ. (1) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්මය, වෙදල්ල ය යන ධර්ම පිරිවහත්. (2) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි විස්තර විසින් ධර්මය පරනට දෙසත්. (3) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විස්තර විසින් මෙරමා කියවත්. (4) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විස්තර විසින් සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙත්, අනුවිචාරණ කෙරෙත්, මනසින් සිතා විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රුත ආගතාගම ඇති ධර්මධර විනයධර මාතිකාධර තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කලින් කල ඔවුන් කරා එළඹ පරිපෘච්ඡා කෙරෙත්, පරිප්‍රශ්න කෙරෙත්: “වහන්ස, මෙ කිසේ ය? මෙ භාෂිතයාගේ අර්ත්ථය කවරේ දැ?”යි. එ ආයුෂ්මත්හු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට අවිවෘතය ද විවෘත කරත්, නො පාළ වූ දැය ද පාළ කෙරෙත්, සැකයට කරුණු වූ නන් වැදෑරුම් දහම්හි සැක ද දුරු කෙරෙත් ය යි.