ඛත්තියසුත්තං
6. 1. 5. 10.
6. 1. 5. 10.
[ඛත්තියසුත්තං]
[ඛත්තිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
52. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
52. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
(1) ඛත්තියා භො ගොතම කිමධිප්පායා, කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිං පරියොසානාති?
(1) භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්රියයෝ කවර අධිප්‍රාය (අදහස්) ඇත්තාහු ද? කවර උපවිචාර (ආසා - සෙවීම්) ඇතියාහු ද? කවර අධිෂ්ඨාන (ප්‍රාර්‍ත්‍ථනා) ඇතියාහු ද? කවර අභිනිවේශ (කුමක් සඳහා නැමුනු සිත්) ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන (අවසන් අපේක්ෂා) ඇතියාහු දැ යි.
ඛත්තියා ඛො බ්‍රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, බලාධිට්ඨානා, පඨවීභිනිවෙසා, ඉස්සරියපරියොසානාති.
බමුණ, ක්ෂත්රියයෝ භෝගාධිප්‍රායයහ. පැණවත් වම්හ යන උපවිචාර ඇතියහ. බලකාය අධිෂ්ඨාන කොට ඇතියහ. පොළෝ (අධිපති බව) පිණිස අභිනිවේශ ඇතියහ. ඓශ්චර්‍ය්‍ය - රාජ්‍යාභිෂේකය පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(2) බ්රාහ්මණා පන භො ගොතම කිමධිප්පායා, කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිං පරියොසානාති?
(2) භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
බ්රාහ්මණා ඛො බ්‍රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, මන්තාධිට්ඨානා, යඤ්ඤාභිනිවෙසා, බ්රහ්මලොකපරියොසානාති.
බ්‍රාහ්මණය, බමුණෝ භෝගාධිප්‍රාය ඇතියහ. ප්‍රඥොපවිචාර ඇතියහ. මන්ත්‍රාධිෂ්ඨාන ඇතියහ. යඥාභිනිවේශ (යාග කිරීමෙහි නැමුනු සිත්) ඇතියහ. බ්‍රහ්මලෝක පර්‍ය්‍යවසාන ඇතියහ.
(3) ගහපතිකා පන භො ගොතම කිමධිප්පායා කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිංපරියොසානාති?
(3) භවත් ගෞතමයන් වහන්ස, ගැහැවිහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
ගහපතිකා ඛො බ්‍රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, සිප්පාධිට්ඨානා, කම්මන්තාභිනිවෙසා, නිට්ඨිතකම්මන්තපරියොසානාති.
ගැහැවියෝ භෝගාධිප්‍රාය ඇතියහ, ප්‍රඥොපචිචාර ඇතියහ, ශිල්පාධිෂ්ඨාන ඇතියහ, කර්‍මාන්තාභිනිවේශ ඇතියහ, නිෂ්ඨිත කර්මාන්ත (කර්මාන්තය නිමවීම) පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(4) ඉත්ථි පන භො ගොතම කිමධිප්පායා කිං උපවිචාරා, කිං අධිට්ඨානා කිං අභිනිවෙසා, කිංපරියොසානාති.
(4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
ඉත්ථි ඛො බ්‍රාහ්මණ පුරිසාධිප්පායා, අලඞ්කාරූපවිචාරා, පුත්තාධිට්ඨානා, අසපත්තීභිනිවෙසා, ඉස්සරියපරියොසානාති.
බ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂාධිප්‍රාය ඇතියහ. අලඞ්කාරෝපවිචාර ඇතියහ. පුත්‍රාධිෂ්ඨාන ඇතියහ. අසපත්තී (ගෘහයෙහි දෙවැන්නියක් නැති තමන් පමණක් අධිපති භාවයෙහි) අභිනිවේශ ඇතියහ, ඓශ්චර්‍ය්‍ය (සම්පත්) පර්‍ය්‍යවසාන ඇතියහ යි.
(5) චොරා පන භො ගොතම කිමධිප්පායා කිං උපවිචාරා, කිං අධිට්ඨානා කිං අභිනිවෙසා කිං පරියොසානාති?
(5) භවත් ගෞතමයන් වහන්ස, සොරු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
චොරා ඛො බ්‍රාහ්මණ ආදානාධිප්පායා, ගහනූපවිචාරා, සඨාධිට්ඨානා අන්ධකාරාභිනිවෙසා, අදස්සනපරියොසානාති.
බ්‍රාහ්මණය, සොරු ආදානය අධිප්‍රාය කොට ඇතියහ, ගහනෝපවිචාර (මුවහතැන් පිළිබඳ උපවිචාර) ඇතියහ, ශඨාධිෂ්ඨාන (සටබැව් අධිෂ්ඨාන කොට) ඇතියහ. අන්‍ධකාරාභිනිවේශ ඇතියහ. අදර්ශනය පර්‍ය්‍යවසාන කොටඇතියහ යි.
(6) සමණා පන හො ගොතම කිමධිප්පායා, කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා කිං පරියොසානාති.
(6) භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
සමණා ඛො බ්‍රාහ්මණ ඛන්තිසොරච්චාධිප්පායා, පඤ්ඤූපවිචාරා, සීලාධිට්ඨානා, ආකිඤ්චඤ්ඤාභිනිවෙසා, නිබ්බානපරියොසානාති.
බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ ක්ෂාන්තිය හා සුරතභාවය අධිප්‍රාය කොට ඇතියාහ, ප්‍රඥොපවිචාර ඇතියාහ. ශීලාධිෂ්ඨාන ඇතියාහ, අකිඤ්චනභාවාභිනිවේශ (ග්‍රහණ නැති බව අභිනිවේශ කොට) ඇතියාහ, නිර්‍වාණපර්‍ය්‍යාවසාන ඇතියාහ යි.
අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම. ඛත්තියානම්පි භවං ගොතමො ජානාති අධිප්පායඤ්ච, උපවිචාරඤ්ච, අධිට්ඨානඤ්ච, අභිනිවෙසඤ්ච, පරියොසානඤ්ච. බ්රාහ්මණානම්පි භවං ගොතමො ජානාති -පෙ- ගහපතිකානම්පි භවං ගොතමො ජානාති -පෙ- ඉත්ථීනම්පි භවං ගොතමො ජානාති -පෙ- චොරානම්පි භවං ගොතමො ජානාති -පෙ- සමණානම්පි භවං ගොතමො ජානාති අධිප්පායඤ්ච, උපවිචාරඤ්ච, අධිට්ඨානඤ්ච, අභිනිවෙසඤ්ච, පරියොසානඤ්ච.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍ය යි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි. භවත් ගෞතමයන් වහන්සේ ක්ෂත්රියයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ගැහැවියන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ස්ත්රීන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ සොරුන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ.
අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවි හිමියෙන් මා තෙරුවන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්ව යි.