යෙදුමෙන් කියවන්න

අප‍්පමාද සුත‍්තං

6. 1. 5. 11.

6. 1. 5. 11.

[අප‍්පමාද සුත‍්තං]

[අප්පමාද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

53. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

53. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහි එළවිය යුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:

අත්‍ථි නු ඛො භො ගොතම එකො ධම‍්මො භාවිතො බහුලීකතො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො ච අත්‍ථො සම‍්පරායිකොති.

භවත් ගෞතමයන් වහන්ස, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දෘෂ්ටධාර්මික අර්‍ත්‍ථය හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇද්දැ? යි.

අත්‍ථි ඛො බ්‍රාහ‍්මණ, එකො ධම‍්මො භාවිතො බහුලීකතො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො ච අත්‍ථො සම‍්පරායිකොති.

බ්‍රාහ්මණය, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දිටුදැම් අර්‍ත්‍ථ හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ ද යන උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇත.

කතමො පන භො ගොතම එකො ධම‍්මො භාවිතො බහුලීකතො යො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො ච අත්‍ථො සම‍්පරායිකොති.

භවත් ගෞතමයන් වහන්ස, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටු දැමි අර්‍ත්‍ථ හා පරලෙව්හි අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය කවරේ දැ?යි.

අප‍්පමාදො ඛො බ්‍රාහ‍්මණ, එකො ධම‍්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො ච අත්‍ථො සම‍්පරායිකො.

බ්‍රාහ්මණය, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය අප්‍රමාදය වෙයි.

(1) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, යානි කානිචි ජඞ‍්ගමානං පාණානං පදජාතානි, සබ‍්බානි තානි හත්‍ථිපදෙ සමොධානං ගච‍්ඡන‍්ති. හත්‍ථිපදං තෙසං අග‍්ගමක‍්ඛායති යදිදං මහත‍්තෙන. එවමෙව ඛො බ්‍රාහ‍්මණ අප‍්පමාදො එකො ධම‍්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො ච අත්‍ථො සම‍්පරායිකො.

(1) බ්‍රාහ්මණය, යම් කිසි ජඞ්ගම (භූමියෙහි හැසිරෙන) ප්‍රාණීන්ගේ පාදයෝ වෙත් නම්, එ හැම යම්සේ ඇත්පියෙහි සමවධානයට (ඇතුළත් වීමට) යෙත් ද, ඇත්පිය මහත්ත්‍වයෙන් එ පදයනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම අප්‍රමාද නම් වූ එක ම ධර්‍මය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැම් අරුත් හා යම් පරලොව්හි අරුතෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ.

(2) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො සබ‍්බා තා කූටඞ‍්ගමා කූටනින‍්නා කූටසමොසරණා, කූටං තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, [අප‍්පමාදො] -පෙ-

(2) බ්‍රාහ්මණය, යම් පරිදි කූටාගාරයක්හුගේ යම්කිසි ගොනැස්හු වෙත් නම්, එ හැම කූටය (මුදුන) ට ගියාහු කූටයට නැමුනාහු කූටය හා එක් වූවාහු වෙත් ද, කූටය ඔවුනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එසෙයින් ම (අප්‍රමාදය) ...

(3) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, බබ‍්බජලායකො බබ‍්බජං ලායිත්‍වා අග‍්ගෙ ගහෙත්‍වා ඔධුනාති, නිද‍්ධුනාති, නිච‍්ඡාදෙති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, [අප‍්පමාදො] -පෙ-

(3) බ්‍රාහ්මණය, යම් පරිදි බබුස්තණ නෙළනුයෙක් බබුස්තණ නෙළා අක්හි ගෙණ යටිහුරු කොට සලා නම් දෙපසින් සලා නම් අත්හි හෝ රුක්හි ගටා නම්, බ්‍රාහ්මණය, එ පරිදි (අප්‍රමාදය) ...

(4) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, අම‍්බපිණ‍්ඩියා වණ‍්ටච‍්ඡින‍්නාය යානි කානිචි අම‍්බානි වණ‍්ටුපනිබන්‍ධනානි, සබ‍්බානි තානි තදන්‍වයානි භවන‍්ති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ [අප‍්පමාදො] -පෙ-

(4) බ්‍රාහ්මණය, යම් පරිදි නටුයෙන් සිඳී ගිය අඹකැනෙහි යම් ම අඹ නටුව හා බැඳුනේ නම් එ හැම එ අනුව ගියේ වේ ද, බමුණ, එ පරිදි (අප්‍රමාදය) ...

(5) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, යෙ කෙචි කුඩ‍්ඩරාජානො සබ‍්බෙ තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයුත‍්තා භවන‍්ති, රාජා තෙසං චක‍්කවත‍්ති අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ [අප‍්පමාදො] -පෙ-

(5) බ්‍රාහ්මණය, යම් පරිදි යම්කිසි කුඩා රජහු වෙත් නම්, එ හැම දෙන සක්විති රජු අනුව යන්නාහු වෙත් ද, සක්විති රජ උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම (අප්‍රමාදය) ...

(6) සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, යා කාචි තාරකරූපානං පභා, සබ‍්බා තා චන්‍දප‍්පභාය කලං නාග‍්ඝන‍්ති සොළසිං, චන්‍දප‍්පභා තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, අප‍්පමාදො එකො ධම‍්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො චත්‍ථො සම‍්පරායිකො.

(6) බ්‍රාහ්මණය, යම් පරිදි තාරක රූපයන්ගේ යම් කිසි ප්‍රභායෙක් වේ නම්, එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස්වන අංශුවකුත් නො අගනේ ය. සඳපහන් උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එපරිදි ම අප්‍රමාදය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අරුත් හා යම් සම්පරායෙහි අරුතෙක් වේ නම් එ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ.

අයං ඛො බ්‍රාහ‍්මණ, එකො ධම‍්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං, යො චත්‍ථො සම‍්පරායිකොති.

බ්‍රාහ්මණය, යම් එක ම ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා යම් සම්පරායෙහි අර්‍ත්‍ථ වේ නම් ඒ උභයාර්‍ත්‍ථයන් ම මැනැවින් ගෙණ සිටුනේ වේ යයි.

අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්ව යි.