යෙදුමෙන් කියවන්න

ධම‍්මික සුත‍්තං

6. 1. 5. 12.

6. 1. 5. 12.

[ධම‍්මික සුත‍්තං]

[ධම්මික සූත්‍රය]

54. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ධම‍්මිකො ජාතිභූමියං ආවාසිකො හොති සබ‍්බසො ජාතිභූමියං සත‍්තසු ආවාසෙසු.

54. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි වූ ජාතිභූමිගත හැම සප්ත ආවාසයෙහි ම ආවාසික වෙති.

තත්‍ර සුදං ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති රිඤ‍්චන‍්ති ආවාසං.

එකල්හි ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්හට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, වෙහෙසති, මුවසැතින් විදිති, බසින් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු, නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: මයං ඛො භික‍්ඛු සඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන. අථ ච පන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං. කොනු ඛො හෙතු, කො පච‍්චයො යෙන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසන‍්ති?

ඉක්බිති ජාතිභූමියෙහි වැසි උවසුවනට තෙල සිත් වී: “අපි බික්සඟුන් සිවුරු පිඬුවාසෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පස්වටම්හ. එසේ වුව ද ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටිති, ආවාසය පියායෙත්. යම් හේතුයෙකින් ආගන්කුක භික්‍ෂුහු නික්ම යෙත් නම්, නො සිටුනාහු නම්, ආවාසය පියායෙත් නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ?”යි.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: “අයං ඛො ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං. යන‍්නූන මයං ආයස‍්මන‍්තං ධම‍්මිකං පබ‍්බාජෙය්‍යාමා”ති.

ඉක්බිති ජාතිභූමක උපාසකයනට තෙල සිත් වී “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙත්. පරිභව බෙණෙත්. වෙහෙසත්. මුවසැතින් විදිත්. වචනයෙන් ගටා බෙණෙත්. ඒ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු වචනයෙන් ඝටනු ලබන්නාහු නික්ම යන්නාහ. නො සිටුනාහ. ආවාසය පියායන්නාහ. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරන්නමෝ (බැහැර කරන්නමෝ) නම් මැනැවැයි.

අථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස‍්මා ධම‍්මිකො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ධම‍්මිකං එතදවොචුං: “පක‍්කමතු භන‍්තෙ ආයස‍්මා ධම‍්මිකො ඉමම‍්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති.

ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියාහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මෙ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමෙන් කම් නැතැ”යි.

අථ ඛො ආයස‍්මා ධම‍්මිකො තම‍්හා ආවාසා අඤ‍්ඤං අවාසං අගමාසි. තත්‍රපි සුදං ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති. වෙහෙසති. මුවසැතින් විදුති. වචනයෙන් ගටා බෙණෙති. එ භික්‍ෂුහු ද ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි. “මයං ඛො භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, අථ ච පන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං, කො නු ඛො හෙතු, කො පච‍්චයො යෙන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසන‍්ති.”

එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: අපි චීවරපිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් උවටැන් කරම්හ. එසේ වුව ද, ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටුනාහ. ආවාසය සිස් කරන්නාහ. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම්, නො සිටිත් නම්, ආවාසය පියත් නම්, එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැයි.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: අයං ඛො ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ව ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා, පරිභාසියමානා, විහෙසියමානා, විතුදියමානා, රොසියමානා වාචාය, පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං. යන‍්නූන මයං ආයස‍්මන‍්තං ධම‍්මිකං පබ‍්බාජෙය්‍යාමාති.

එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: මේ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති. පරිභව කෙරෙති. හිංසා කෙරෙති. විතුදනය කෙරෙති. වචනයෙන් ඝටති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු, වචනයෙන් කෝප දනවනු ලබන්නාහු, නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරමෝ නම් මැනැවැයි.

අථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස‍්මා ධම‍්මිකො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ධම‍්මිකං එතදවොචුං: “පක‍්කමතු භන‍්තෙ ආයස‍්මා ධම‍්මිකො ඉමම‍්හාපි ආවාසා, අලන‍්තෙ ඉධ වාසෙනාති.”

ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්හට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමින් කම් නැතැ”යි.

අථ ඛො ආයස‍්මා ධම‍්මිකො තම‍්හාපි ආවාසා අඤ‍්ඤං ආවාසං අගමාසි. තත්‍රපි සුදං ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති -පෙ- රොසෙති වාචාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක‍්කමන‍්ති, න සණ‍්ඨහන‍්ති, රිඤ‍්චන‍්ති ආවාසං.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු එ ආවාසයෙනුදු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, හිංසා කෙරෙති, විතුදනය කෙරෙති, වචනයෙන් කෝප දනවති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනුලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටනු ලබන්නාහු, බැහැර යෙති, නො සිටිති, ආවාසය පියත්.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: මයං ඛො භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතා චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන. අථ ඛො පන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති න සණ‍්ඨහන‍්ති රිඤ‍්චන‍්ති ආවාසං. කො නු ඛො හෙතු, කො පච‍්චයො යෙන ආගන‍්තුකා භික‍්ඛූ පක‍්කමන‍්ති න සණ‍්ඨහන‍්ති රිඤ‍්චන‍්ති ආවාසන‍්ති?

එ කල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වීය: “අපි චීවර පිණ්ඩපාත ශයනාසනග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් බික්සඟුන් පස්වටම්හ. එසේ වුව ද, ආගන්තුක මහණහු නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම් නො සිටිත් නම් ආවාසය පියත් නම් එයට හේතු කවරැ ප්‍රත්‍යය කවරැ”යි.

අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: “අයං ඛො ආයස‍්මා ධම‍්මිකො ආගන‍්තුකෙ භික‍්ඛූ අක‍්කොසති -පෙ- රොසෙති වාචාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ ආයස‍්මතා ධම‍්මිකෙන අක‍්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක‍්කමන‍්ති න සණ‍්ඨහන‍්ති රිඤ‍්චන‍්ති ආවාසං. යන‍්නූන මයං ආයස‍්මන‍්තං ධම‍්මිකං පබ‍්බාජෙය්‍යාම සබ‍්බසො ජාතිභූමියං සත‍්තහි ආවාසෙහී”ති.

ඉක්බිති ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුනට ආක්‍රෝශ කෙරෙති ... වචනයෙන් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂූහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටා බණිනු ලබන්නාහු, නික්මයෙත්, නො සිටිති, ආවාසය පියා යෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නෙරණමෝ නම් මැනැවැ”යි.

අථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස‍්මා ධම‍්මිකො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ධම‍්මිකං එතදවොචුං: ‘පක‍්කමතු භන‍්තෙ ආයස‍්මා ධම‍්මිකො සබ‍්බසො ජාතිභූමියං සත‍්තහි ආවාසෙහී”ති.

ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නික්ම යෙත්ව”යි.

අථ ඛො ආයස‍්මතො ධම‍්මිකස‍්ස එතදහොසි: “පබ‍්බාජිතො ඛොම‍්හි. ජාතිභූමකෙහි උපාසකෙහි සබ‍්බසො ජාතිභූමියං සත‍්තහි ආවාසෙහි, කහන‍්නුඛොදානි ගච‍්ඡාමීතී.” අථ ඛො ආයස‍්මතො ධම‍්මිකස‍්ස එතදහොසි: යන‍්නූනාහං යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් ජාතිභූමක උවසුවන් විසින් නෙරණලදයෙම් වෙමි. දැන් කොහි නම් යෙම් දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, යෙහෙකැ”යි.

අථ ඛො ආයස‍්මා ධම‍්මිකො පත‍්තචීවරමාදාය යෙන රාජගහං තෙන පක‍්කාමි. අනුපුබ‍්බෙන යෙන රාජගහං යෙන ගිජ‍්ඣකූටො පබ‍්බතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ධම‍්මිකං භගවා එතදවොච: “හන්‍ද කුතො නු ත්‍වං බ්‍රාහ‍්මණ ධම‍්මික, ආගච‍්ඡසීති. පබ‍්බාජිතො අහං භන‍්තෙ ජාතිභූමකෙහි උපාසකෙහි සබ‍්බසො ජාතිභූමියං සත‍්තහි ආවාසෙහීති.” අලං බ්‍රාහ‍්මණ ධම‍්මික, කිං තෙ ඉමිනා, යං ත්‍වං තතො තතො පබ‍්බාජෙන‍්ති, සො ත්‍වං තතො තතො පබ‍්බාජිතො මමෙව සන‍්තිකං ආගච‍්ඡසි:

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ පාසිවුරු ගෙණ රජගහ නුවර බලා නික්මගියහ. පිළිවෙළින් රජගහ නුවර ගිජුකුළු පව්යෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තෙපි දැන් කොහි සිට එවු දැ”යි. වහන්ස, ජාතිභූමක උවසුවන් විසින් මම ජාතිභූමියෙහි සත් වෙහෙරින් නෙරණාලදුයෙමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම් තට මෙ (ජාතිභූමියෙහි) වාසයෙන් කවර ඵලයෙක? එ බඳු තෙපි එ එ වෙහෙරින් නෙරණා ලදුව මා වෙත එන්නහු යන තෙල කරුණ නිසි ය.

භූතපුබ‍්බං, බ්‍රාහ‍්මණ ධම‍්මික, සාමුද‍්දිකා වාණිජා තීරදස‍්සිං සකුණං ගහෙත්‍වා නාවාය සමුද‍්දං අජ‍්ඣොගාහන‍්ති. තෙ අතීරදක‍්ඛිණියා නාවාය තීරදස‍්සිං සකුණං මුඤ‍්චන‍්ති. සො ගච‍්ඡතෙව පුරත්‍ථිමං දිසං, ගච‍්ඡති පච‍්ඡිමං දිසං, ගච‍්ඡති උත‍්තරං දිසං, ගච‍්ඡති දක‍්ඛිණං දිසං, ගච‍්ඡති උද‍්ධං ගච‍්ඡති අනුදිසං. සචෙ සො සමන‍්තා තීරං පස‍්සති, තථා ගතකොව හොති. සචෙ පන සො සමන‍්තා තීරං න පස‍්සති, තමෙව නාවං පච‍්චාගච‍්ඡති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, යං ත්‍වං තතො තතො පබ‍්බාජෙන‍්ති, සො ත්‍වං තතො තතො පබ‍්බාජිතො මමෙව සන‍්තිකං ආගච‍්ඡසි.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, පෙර වූ දැයක් කියමි. සාමුද්‍රික වෙණෙදෝ දිශාකාකයකු (තෙරදක්නා කවුඩකු) ගෙණ නැවෙන් සමුදුර වන්හ. ඔහු නැව මුහුදුතෙර නො දකුත් ම තීරදර්ශීලිහිණි මුදත්. එ ලිහිණි පෙරදිගට යේ මැ යි. පැදුම් දිගට යේ මැ යි. උතුරුදිගට යේ මැ යි. දකුණුදිගට යේ මැ යි. උඩු දෙසට යේ මැ යි. අනුදිගට යේ මැ යි. හෙ ඉදින් නුදුරැ මුහුදුතෙර දක්නේ නම් එ සෙයින් ම ගියේ ම වෙයි. ඉදින් හෙ අවට මුහුදු තොට නො දක්නේ නම් එ නැව කරා වටාලා එයි. බ්‍රාහ්මණ ධම්මිකය, එ පරිදි ම යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම්, එබඳු තෝ එ එ වෙහෙරින් නෙරණ ලදුව මා කරා ම එන්නෙහි.

භූතපුබ‍්බං, බ්‍රාහ‍්මණ ධම‍්මික, රඤ‍්ඤො කොරබ්‍යස‍්ස සුප‍්පතිට‍්ඨො නාම නිග්‍රොධරාජා අහොසි පඤ‍්චසාඛො සීතච‍්ඡායො මනොරමො. සුප‍්පතිට‍්ඨො ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, නිග්‍රොධරාජස‍්ස ද‍්වාදසයොජනානි අභිනිවෙසො අහොසි, පඤ‍්චයොජනානි මුලකසන‍්තානකානං. සුප‍්පතිට‍්ඨස‍්ස ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, නිගොධරාජස‍්ස තාව මහන‍්තානි ඵලානි අහෙසුං සෙය්‍යථාපි නාම ආළ‍්හකථාලිකා, එවමස‍්ස සාදූනි ඵලානි අහෙසුං සෙය්‍යථාපි නාම ඛුද‍්දමධුං අනෙලකං. සුප‍්පතිට‍්ඨස‍්ස ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, නිග්‍රොධරාජස‍්ස එකං ඛන්‍ධං රාජා පරිභුඤ‍්ජති සද‍්ධිං ඉත්‍ථාගාරෙන. එකං ඛන්‍ධං බලකායො පරිභුඤ‍්ජති. එකං ඛන්‍ධං නෙගමජානපදා පරිභුඤ‍්ජන‍්ති. එකං ඛන්‍ධං සමණබ්‍රාහ‍්මණා පරිභුඤ‍්ජන‍්ති. එකං ඛන්‍ධං මිගපක‍්ඛිනො පරිභුඤ‍්ජන‍්ති. සුප‍්පතිට‍්ඨස‍්ස ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික නිග්‍රොධරාජස‍්ස න කොචි ඵලානි රක‍්ඛති. න ච සුදං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඵලානි හිංසන‍්ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරි දැයෙකි. කෝරව්‍ය රජුට සුප්පතිට්ඨ නම් අතුපසක් ඇති සිහිල් සෙවණැති මනරම් නුගරුකෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් නිග්‍රෝධරාජයාගේ ශාඛාභිනිවේශය (අතුපතර) දොළොස් යොදුන් විය. මුල් අරළුන්ගේ අභිනිවේශය පස් යොදුන් විය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ සහල් නැළියක බත පිසනා තලි බඳු මහත්ඵල වී. නිදොස් දඬුඑල්බෑ මිහි බඳු රසවත් ඵල එ රුක්හි වි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ එක් කඳක් ඇතොවුරන් සමඟ රජ වළඳ කෙරෙයි. බලකායය එක් කඳක් වළඳ කෙරෙයි. නියම්ගම්දනව් වැස්සෝ එක් කඳක් වළඳ කෙරෙති. මහණ බමුණෝ එක් කඳක් වළඳ කෙරෙති. මෘගපක්‍ෂීහු එක් කඳක් වළඳ කෙරෙති. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් න්‍යග්‍රෝධරාජයාගේ ඵල කිසිවෙක් නො රක්නේ ය. උනුන්ගේ කොටසෙහි ඵලයෝ උනුන්ට හිංසා නො කෙරෙති.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, අඤ‍්ඤතරො පුරිසො සුප‍්පතිට‍්ඨස‍්ස නිග්‍රොධරාජස‍්ස යාවදත්‍ථං ඵලානි භක‍්ඛිත්‍වා සාඛං භඤ‍්ජිත්‍වා පක‍්කාමි. අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සුප‍්පතිට‍්ඨෙ නිග්‍රොධරාජෙ අධිවත්‍ථාය දෙවතාය එතදහොසි: “අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, යාව පාපො මනුස‍්සො යත්‍ර හි නාම සුප‍්පතිට‍්ඨස‍්ස නිග්‍රොධරාජස‍්ස යාවදත්‍ථං ඵලානි භක‍්ඛිත්‍වා සාඛං භඤ‍්ජිත්‍වා පක‍්කමිස‍්සති, යන‍්නූන සුප‍්පතිට‍්ඨො නිග්‍රොධරාජා ආයතිං ඵලං න දදෙය්‍යා”ති. අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සුප‍්පතිට‍්ඨො නිග්‍රොධරාජා ආයතිං ඵලං නාදාසි.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති අන්‍යතර පුරුෂයෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති තාක් භක්‍ෂණය කොට අත්තක් බිඳ දමා නික්ම ගියේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ නුගරුක අරක් ගෙණ විසූ දෙවිහට මෙ බඳු සිතෙක් වී: “යමෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති සේ භක්‍ෂණය කොට අතු බිඳ දමා නික්ම ගියේ වේ ද, මෙ මිනිස් අත්‍යර්‍ත්‍ථයෙන් පවිටු ය. භවත්නි, එ කැතියෙන් ආශ්චර්‍ය්‍ය යි, භවත්නි, එකැතියෙන් අද්භුතයි. සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි ඵල නො දේ නම් මැනැවි”යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි පල නො දින.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, රාජා කොරබ්‍යො යෙන සක‍්කො ද‍්වොනමින්‍දො තෙනුපසඞ‍්කමි. උපසකමිත්‍වා සක‍්කං දෙවානමින්‍දං එතදවොච: “යග‍්ඝෙ මාරිස, ජානෙය්‍යාසි, සුප‍්පතිට‍්ඨො නිග්‍රොධරාජා ඵලං න දෙතී”ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති කෝරව්‍ය රජ සක්දෙවිඳු කරා එළඹියෙ. එළඹ සක්දෙවිඳු හට තෙල කී: නිදුකානෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධවෘක්‍ෂය ඵල නො දෙන්නේ ය යන්න දන්නෙහි දැ?යි.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සක‍්කො දෙවානමින්‍දො තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි යථාභුසා වාතවුට‍්ඨි ආගන‍්ත්‍වා සුප‍්පතිට‍්ඨං නිග්‍රොධරාජං පවත‍්තෙසි උම‍්මූලමකාසි.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු යම් පරිද්දෙකින් මහ වැසිසුළඟෙක් අවුත් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා පෙරළිය හේ නම්, මුලිනුදුරා ලිය හේ නම්, එබඳු ඍද්ධිප්‍රයෝගයක් කෙළේ ය.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සුප‍්පතිට‍්ඨෙ නිග්‍රොධරාජෙ අධිවත්‍ථා දෙවතා දුක‍්ඛී දුම‍්මනා අස‍්සුමුඛී රුදමානා එකමන‍්තං අට‍්ඨාසි.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා දුකට පත් වූයේ, දොම්නස් වූයේ, කඳුළු වැකි මුහුණු ඇතියේ, හඬමින් එකත් පසෙක සිටියේ ය.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සක‍්කො දෙවානමින්‍දො යෙන සුප‍්පතිට‍්ඨෙ නිග්‍රොධරාජෙ අධිවත්‍ථා දෙවතා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සුප‍්පතිට‍්ඨෙ නිග්‍රොධරාජෙ අධිවත්‍ථං දෙවතං එතදවොච: “කින‍්නු ත්‍වං දෙවතෙ දුක‍්ඛී දුම‍්මනා අස‍්සුමුඛී රුදමානා එකමන‍්තං ඨිතා”ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා වෙත එළඹියේ ය. එළඹ සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි වුසූ දෙවියහට තෙල කී: “දේවතායෙනි, කවර හෙයින් තෙපි දුකට පැමිණියහු දොම්නස් ඇතියහු කඳුළු වැකි මුහුණු ඇතියහු හඬමින් එකත් පසෙක සිටියහු දැ”යි.

තථා හි පන මෙ මාරිස, භුසා වාතවුට‍්ඨි ආගන‍්ත්‍වා භවනං පවත‍්තෙසි උම‍්මූලමකාසීති.

“එසේ ම ය, නිදුකානෙනි, මහ වාසුළඟෙක් අවුත් මාගේ භවන ඇද හෙළී ය. උපුළ මුල් ඇති කෙළේ ය”යි.

අපි නු ත්‍වං දෙවතෙ, රුක‍්ඛධම‍්මෙ ඨිතාය භුසා වාතවුට‍්ඨි ආගන‍්ත්‍වා භවනං පවත‍්තෙසි උම‍්මූලමකාසීති. කථං පන මාරිස රුක‍්ඛො රුක‍්ඛධම‍්මෙ ඨිතො හොතීති.

දේවතායෙනි, තොප වෘක්‍ෂධර්‍මයෙහි සිටුත් ම, මහවාසුළඟෙක් අවුත් භවන හෙළී ද, උන්මූල කෙළේ දැ?යි. නිදුකානෙනි, රුකෙක් රුක්දම්හි කෙසේ නම් සිටියේ වේ දැ?යි.

ඉධ දෙවතෙ, රුක‍්ඛස‍්ස මූලං මූලත්‍ථිකා හරන‍්ති, තචං තචත්‍ථිකා හරන‍්ති, පත‍්තං පත‍්තත්‍ථිකා හරන‍්ති, පුප‍්ඵං පුප‍්ඵත්‍ථිකා හරන‍්ති, ඵලං ඵලත්‍ථිකා හරන‍්ති. න ච තෙන දෙවතාය අනත‍්තමනතා වා අනභිරද‍්ධි වා කරණීයා. එවං ඛො දෙවතෙ රුක‍්ඛො රුක‍්ඛධම‍්මෙ ඨිතො හොතීති.

දේවතායෙනි, මෙ ලොව්හි වෘක්‍ෂයාගේ මුල් කැමතියහු මුල් ගෙණ යත්. සිවි කැමැතියහු සිවි ගෙණ යත්. පත් කැමැතියහු පත් ගෙණ යත්. මල් කැමැතියහු මල් ගෙණ යත්. ඵල කැමැතියහු ඵල ගෙණ යත්. එහෙයින් දේවතාවා විසින් නොසතුටු බවෙක් වේ ව යි, අනභිරද්ධියෙක් (කෝපයක්) වේ ව යි නො කළ යුතු ය. දේවතායෙනි, මෙසේ වනාහි රුක රුක් දහම්හි සිටියේ වෙයි.

අට‍්ඨිතායෙව ඛො මෙ මාරිස රුක‍්ඛධම‍්මෙ භුසා වාතවුට‍්ඨි ආගන‍්ත්‍වා භවනං පවත‍්තෙසි උම‍්මූලමකාසීති. සචෙ ඛො ත්‍වං දෙවතෙ රුක‍්ඛධම‍්මෙ තිට‍්ඨෙය්‍යාසි, සියා තෙ භවනං යථාපුරෙති. ඨස‍්සාමහං මාරිස රුක‍්ඛධම‍්මෙ, හොතු මෙ භවනං යථාපුරෙති.

නිදුකානෙනි, මා වෘක්‍ෂධර්‍මයෙහි නො සිටුත් ම, මහ වැසිසුළඟෙක් අවුත් භවනය හෙළී ය. උන්මූල කෙළේ ය යි. දේවතායෙනි, ඉදින් තෝ වෘක්‍ෂධර්‍මයෙහි සිටුහු නම්, තාගේ භවනය පෙර පරිද්දෙන් සිටිනේ වේ යි. නිදුකානෙනි, මම වෘක්‍ෂධර්‍මයෙහි පිහිටන්නෙමි. මාගේ භවනය පෙර පරිද්දෙන් වේව’යි.

අථ ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සක‍්කො දෙවානමින්‍දො තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි, යථා භුසා වාතවුට‍්ඨි ආගන‍්ත්‍වා සුප‍්පතිට‍්ඨං නිග්‍රොධරාජං උස‍්සාපෙසි. සච‍්ඡවීනි මූලානි අහෙසුං.

එකල්හි බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සක්දෙවිඳු යම් පරිදි මහ වැසි සුළඟෙක් අවුත් සුප්පතිට්ඨනිග්‍රෝධ වෘක්‍ෂය ඔසොවා ලී නම්, මුල් සිවි සහිත වී නම්, එ පරිදි ඍද්ධ්‍යභිසංස්කාරයක් කෙළේ ය.

එවමෙව ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, අපි නු තං සමණධම‍්මෙ ඨිතං ජාතභූමකා උපාසකා පබ‍්බාජෙසුං සබ‍්බසො ජාතභූමියං සත‍්තහි ආවාසෙහීති. කථං පන භන‍්තෙ සමණො සමණධම‍්මෙ ඨිතො හොතීති. ඉධ බ්‍රාහ‍්මණ ධම‍්මික, සමණො අක‍්කොසන‍්තං න පච‍්චක‍්කොසති. රොසෙන‍්තං න පටිරොසෙති. භණ‍්ඩන‍්තං න පටිභණ‍්ඩති. එවං ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, සමණො සමණධම‍්මෙ ඨිතො හොතීති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජාතිභූමක උපාසකයෝ එ පරිද්දෙන් ම ශ්‍රමණධර්‍මයෙහි සිටියා වූ ම තා ජාතිභූමියෙහි හැම සත් වෙහෙරින් නෙරලූහු දැයි. වහන්ස, කිසෙයින් මහණෙක් මහණදම්හි සිටියේ වේ දැ?යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙ සස්නෙහි මහණ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කෙරෙයි. ක්‍රෝධ දනවන්නහුට පෙරළා ක්‍රෝධ නො දනවයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙසෙයින් ම මහණ මහණදම්හි සිටියේ වේ යයි.

අට‍්ඨිතඤඤෙව ඛො මං භන‍්තෙ සමණධම‍්මෙ ජාතිභූමකා උපාසකා පබ‍්බාජෙසුං සබ‍්බසො ජාතිභූමියං සත‍්තහි ආවාසෙහීති.

වහන්ස, ශ්‍රමණධර්‍මයෙහි නො පිහිටියා වූ ම මා ජාතිභූමක උපාසකයෝ ජාතිභූමියෙහි ඇති හැම සත්වෙහෙරින් නෙරූහ යි.

(1) භූතපුබ‍්බං බ්‍රාහ‍්මණ ධම‍්මික, සුනෙත‍්තො නාම සත්‍ථා අහොසි තිත්‍ථකරො කාමෙසු වීතරාගො. සුනෙත‍්තස‍්ස ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, සත්‍ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත‍්තො සත්‍ථා සාවකානං බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙති. යෙ ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, සුනෙත‍්තස‍්ස සත්‍ථුනො බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස චිත‍්තානි න පසාදෙසුං, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිංසු. යෙ ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, සුනෙත‍්තස‍්ස සත්‍ථුනො බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස චිත‍්තානි පසාදෙසුං, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිංසු.

(1) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, භූතපූර්‍වයක් කියමි. කාමයෙහි විෂ්කම්භණ වශයෙන් වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ සූනේත්‍ර නම් ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුනෙත්‍ර ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘ තෙමේ සවුවනට බ්‍රහ්මලෝකසහවාසයට දහම් දෙසයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් නොපැහැදූහු නම්, උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹියහ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහභාවය පිණිස දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.

(2) භූතපුබ‍්බං බ්‍රාහ‍්මණ ධම‍්මික, මූගපක‍්ඛො නාම සත්‍ථා අහොසි -පෙ- (3) අරණෙමි නාම සත්‍ථා අහොසි -පෙ- (4) කුද‍්දාලකො නාම සත්‍ථා අහොසි -පෙ- (5) හත්‍ථිපාලො නාම සත්‍ථා අහොසි -පෙ- (6) ජොතිපාලො නාම සත්‍ථා අහොසි තිත්‍ථකරො කාමෙසු වීතරාගො. ජොතිපාලස‍්ස ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, සත්‍ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. ජොතිපාලො සත්‍ථා සාවකානං බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙති. යෙ ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, ජොතිපාලස‍්ස සත්‍ථුනො බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස චිත‍්තානි න පසාදෙසුං, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිංසු. යෙ ඛො පන බ්‍රාහ‍්මණ ධම‍්මික, ජොතිපාලස‍්ස සත්‍ථුනො බ්‍රහ‍්මලොකසහව්‍යතාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස චිත‍්තානි පසාදෙසුං, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිංසු.

(2) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරීදැයෙකි. මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් වී ... (3) අරණෙමි නම් ශාස්තෘවරයෙක් වී ... (4) කුද්දාලක නම් ශාස්තෘවරයෙක් වී ... (5) හත්‍ථිපාල නම් ශාස්තෘවරයෙක් වී ... (6) ජෝතිපාල නම් කාමයන්හි වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජෝතිපාල ශාස්තෘහුගේ අනේකශත ශ්‍රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපන්හ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් උහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.

තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ ධම‍්මික, යො ඉමෙ පි සත්‍ථාරෙ තිත්‍ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ‍්ඝෙ පදුට‍්ඨචිත‍්තො අක‍්කාසෙය්‍ය, පරිභාසෙය්‍ය, බහුං සො අපුඤ‍්ඤං පසවෙය්‍යාති. එවං භන‍්තෙ, යො ඛො බ්‍රාහ‍්මණ ධම‍්මික, ඉමෙ ඡ සත්‍ථාරෙ තිත්‍ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ‍්ඝෙ දුට‍්ඨචිත‍්තො අක‍්කොසෙය්‍ය, පරිභාසෙය්‍ය, බහුං සො අපුඤ‍්ඤං පසවෙය්‍ය, යො එකං දිට‍්ඨිසම‍්පන‍්න පුග‍්ගලං පදුට‍්ඨචිත‍්තො අක‍්කොසති පරිභාසති, අයං තතො බහුතරං අපුඤ‍්ඤං පසවති. තං කිස‍්ස හෙතු?

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ කිමැයි හඟිහි ද? යමෙක් කාමයෙහි වීතරාග වූ අනේකශතපරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කර වූ මේ ෂට්ශාස්තෲනට දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කෙරේ දැ?යි. වහන්ස, එසේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, කාමයෙහි වීතරාග වූ අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කරවූ මේ ෂට්ශාස්තෲනට යමෙක් දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කරන්නේ ද, යමෙක් දෘෂ්ටිසම්පන්න වූ (සෝවන් වූ) එකද පුද්ගලයකුට ප්‍රදුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙමේ එයට අධිකතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින යත්:

නාහං බ්‍රාහ‍්මණ ධම‍්මික, ඉතො බහිද‍්ධා එවරූපිං ඛන‍්තිං වදාමි යථා මං සබ්‍රහ‍්මචාරීසු. තස‍්මාතිහ බ්‍රාහ‍්මණ ධම‍්මික, එවං සික‍්ඛිතබ‍්බං “න නො ආමසබ්‍රහ‍්මචාරිසු චිත‍්තානි පදුට‍්ඨානි භවිස‍්සන‍්තීති. එවං හි තෙ බ්‍රාහ‍්මණ ධම‍්මික, සික‍්ඛිතබ‍්බන‍්ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි යම් බඳු මේ ගුණ කැණීමෙක් වේ නම් එබඳු ගුණ කැණීමෙක් මෙ සස්නෙහි බැහැර ඇතැයි මම නො කියමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ හෙයින් ම මෙ කරුණෙහිලා මෙසේ හික්මිය යුතු: ස්වකීය සබ්‍රම්සරුන් කෙරෙහි ප්‍රදුෂ්ට සිත් අපට නො වේවයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තා විසින් මෙසේ ම හික්මිය යුතු යයි.

50. සුනෙත‍්තො මූගපක‍්ඛො ච අරණෙමී ච බ්‍රාහ‍්මණො කුද‍්දාලකො අහු සත්‍ථා හත්‍ථිපාලො ච මාණවො.

50-51. සුනෙත්ත හා මූගපක්ඛ හා අරණෙමි බ්‍රාහ්මණ හා කුද්දාලක හා හත්‍ථිපාල ශාස්තෘ හා, සත්රජුනට පුරෝහිත වූ මහාගෝවින්‍ද තැන්පත් ජෝතිපාල මාණව දැයි අතීත කාලයෙහි අහිංසක වූ යශස්වී වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහ.

51. ජොතිපාලො ච ගොවින්‍දො අහු සත‍්ත පුරොහිතො අහිංසෙතෙ අතීතංසෙ ඡ සත්‍ථාරො යසස‍්සිනො,

52. නිරාමගන්‍ධා කරුණෙ විමුත‍්තා කාමසඤ‍්ඤොජනාතිගා කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගා අහු.

52. ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධ නැති, කරුණධ්‍යානයෙහි මිදුනු (කරුණායෙහි ද කරුණාපූර්‍වභාගයෙහි ද සිටි) කාමසංයෝජන මැඩ ගිය එ ශාස්තෘහු කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකොපග වූහ. (බඹලොව උපන්හ.)

53. අහෙසුං සාවකා තෙසං අනෙකානි සතානිපි නිරාමගන්‍ධා කරුණෙ විමුත‍්තා කාමසඤ‍්ඤොජනාතිගා කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගා අහු.

53. ඔවුනට (කෝධ සඞ්ඛ්‍යාත) ආමගන්‍ධරහිත වූ කරුණධ්‍යානයෙහි විමුක්ත වූ කාම සංයෝජන ඉක්මගියා වූ අනේක ශත ශ්‍රාවකයෝ වූහ. ඔහු ද කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකෝපග වූහ.

54. යෙ තෙ ඉසී බාහිරකෙ වීතරාගෙ සමාහිතෙ පදුට‍්ඨමනසඞ‍්කප‍්පො යො නරො පරිභාසති,

54. ප්‍රදුෂ්ට චිත්තසංකල්ප ඇති යම් පුරුෂයෙක් බාහිර ශාසනයට අයත් වීතරාග වූ සමාහිත වූ තෙල ඍෂිනට පරිභව කෙරේ ද?

55. බහුඤ‍්ච සො පසවති අපුඤ‍්ඤං තාදිසො නරො. යො චෙකං දිට‍්ඨිසම‍්පන‍්නං භික‍්ඛුං බුද‍්ධස‍්ස සාවකං,

55. එබඳු එ පුරිස් බොහෝ පව් රැස් කෙරෙයි. යමෙක් බුද්ධශ්‍රාවක වූ දෘෂ්ටිසම්පන්න වූ එක ද භික්‍ෂුනමකට -

56. පදුට‍්ඨමනසඞ‍්කප‍්පො යො නරො පරිභාසති, අයං තතො බහුතරං අපුඤ‍්ඤං පසවෙ නරො.

56. ප්‍රදුෂ්ට චිත්තසඞ්කල්ප ඇතියේ පරිභව කෙරේ නම්, මෙ පුරිස් ඔහට අධිකතර පව් රැස් කෙරෙයි.

57. න සාධුරූපං ආසීදෙ දිට‍්ඨිට‍්ඨානප‍්පහායිනං සත‍්තමො පුග‍්ගලො එසො අරියසඞ‍්ඝස‍්ස වුච‍්චති.

57. ද්වාෂට්ඨිදෘෂ්ටිප්‍රහාණය කරණ සුලු ශ්‍රාවකයකු (පරිභව විසින්) නො ගටන්නේ ය. තෙල පුඟුල් (ස්‍රෝතාපත්ති ඵලස්ථයා) අරීසඟනට (රහතුන් පටන්) සප්තම පුඟුලැයි කියනු ලැබේ.

58. අවීතරාගො කාමෙසු යස‍්ස පඤ‍්චින්‍ද්‍රියා මුදු සද‍්ධා සතී ච විරියං සමථො ච විපස‍්සනා.

58. කාමයන්හි යම් පුඟුලෙක් අවීතරාග වේ ද, යම් පුඟුලක්හුගේ ශ්‍රද්ධා ය, ස්මෘතිය, වීර්‍ය්‍ය ය, ශමථ සඞ්ඛ්‍යාත සමාධිය, සංස්කාරපරිග්‍රහණඥානය දැයි පඤ්ච විදර්‍ශනෙන්‍ද්‍රියයෝ මෘදු වෙත් නම්,

59. තාදිසං භික‍්ඛුමාසජ‍්ජ පුබ‍්බෙව උපහඤ‍්ඤති අත‍්තානං උපහන‍්ත්‍වාන පච‍්ඡා අඤ‍්ඤං විහිංසති.

59. එබඳු මහණකු ගටා කැලැ මැ හැනෙයි. (පළමු ම) තමන් (ගුණ) නසා පැසුලු අනෙකා වෙහෙසන්නේ ය.

60. යො ච රක‍්ඛති අත‍්තානං රක‍්ඛිතො තස‍්ස බාහිරො තස‍්මා රක‍්ඛෙය්‍ය අත‍්තානං අක‍්ඛතො පණ‍්ඩිතො සදාති.

60. යමෙකුත් තමා (අධ්‍යාත්මය) රක්නේ ද, බැහැරි පුඟුල් උහු විසින් රක්නාලද වෙයි. එහෙයින් ගුණ විසින් නො පිරිහුනු පණ්ඩිත තෙමේ හැම කල් තමා රක්නේ යි.

ධම‍්මිකවග‍්ගො පඤ‍්චමො.

ධම්මික වර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

නාග මිගසාලා ඉණං චුන්‍දං ද‍්වෙව සන්‍දිට‍්ඨිකං ඛෙම ඉන්‍ද්‍රියා ආනන්‍ද ඛත‍්තියා අප‍්පමාදෙන ධම‍්මිකොති.

නාග සූත්‍රය, මිගාසාලා සූත්‍රය, ඉණ සූත්‍රය, චුන්‍ද සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, ඛේම සූත්‍රය, ඉන්‍ද්‍රිය සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, ඛත්තිය සූත්‍රය, අප්‍රමාද සූත්‍රය, ධම්මික සූත්‍රය යි දොළොසෙකි.

පඨමො පණ‍්ණාසකො.

ප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.