යෙදුමෙන් කියවන්න

සොණ සුත‍්තං

6. 2. 1. 1.

6. 2. 1. 1.

[සොණ සුත‍්තං]

[සෝණ සූත්‍රය]

1. එවම‍්මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සොණො රාජගහෙ විහරති සීතවනස‍්මිං.

1. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රජගහනුවර සීතවනයෙහි වාස කෙරෙති.

අථ ඛො ආයස‍්මතො සොණස‍්ස රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද‍්ධවිරියා විහරන‍්ති, අහං තෙසං අඤ‍්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. සංවිජ‍්ජන‍්ති ඛො පන මෙ කුලෙ භොගා. සක‍්කා භොගෙ ච භුඤ‍්ජිතුං පුඤ‍්ඤානි ච කාතුං. යන‍්නූනාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා භොගෙ ච භුඤ‍්ජෙය්‍යං, පුඤ‍්ඤානි ච කරෙය්‍යන‍්ති.

එකල්හි රහෝගත ව පිළිසලනට ගිය ආයුෂ්මත් සෝණ තෙරණුවන්ට මෙ බඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “භගවත්හුගේ ඇරඹු වීර්‍ය්‍ය ඇති යම් කිසි ශ්‍රාවක කෙනෙක් වෙසෙත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි. වැලිදු මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝගයෝ ඇත් මැ යි. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකි වේ. මම් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන (උපසම්පදා පිළිකෙව්) කොට හුනු බවට (ගිහි බවට) පැමිණ භෝගයනුදු වළඳ කෙරෙම් නම් පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.

අථ ඛො භගවා ආයස‍්මතො සොණස‍්ස චෙතසා චෙතො පරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එව මෙවං ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ අන‍්තරහිතො සීතවනෙ ආයස‍්මතො සොණස‍්ස පමුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. ආයස‍්මාපි ඛො සොණො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සොණං භගවා එතදවොච:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේගේ) සිතින් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන වදාරා බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගුකරන්නේ යම් සේ නම්, දිගු කළ අතක් හෝ හකුළන්නේ යම් සේ නම්, එසෙයින් ම ගිජුකුළු පව්යෙහි අතුරුදන් වූ සේක් සීතවනයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවන්ගේ හමුයෙහි පැණී ගිය සේක. භාග්‍යවතුන් වහන්සේ පැන් වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් සෝණ තෙරහු ද භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

නනු තෙ සොණ, රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද‍්ධවිරියා විහරන‍්ති, අහං තෙසං අඤ‍්ඤතරො, අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. සංවිජ‍්ජන‍්ති ඛො පන මෙ කුලෙ භොගා. සක‍්කා භොගෙ ච භුඤ‍්ජිතුං පුඤ‍්ඤානි ච කාතුං. යන‍්නූනාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා භොගෙ ච භුඤ‍්ජෙය්‍යං, පුඤ‍්ඤානි ච කරෙය්‍යන‍්ති.”

සෝණයෙනි, රහෝගත ව එකලා ව හුන් තොපගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පහළ වූයේ නො වේ ද? “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් රුකුළු වැර ඇතියාහු වෙසෙත් නම්, මම ඔවුනතර අන්‍යතරයෙක්මි. වැලිත් මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝග ඇත් මැ ය. භෝග වළඳ කරන්නාට ද පින් කරන්නට ද හැකි වේ. මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට ගොස් භෝගයනු දු වළඳ කෙරෙම් නම්, පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.

එවං භන‍්තෙ.

වහන්ස, එසේ ය.

තං කිං මඤ‍්ඤසි සොණ කුසලො ත්‍වං පුබ‍්බෙ අගාරිකභූතො වීණාය තන‍්තිස‍්සරෙති.

සෝණයෙනි, එ කිමැයි හඟිහි. තෝ පෙර අගාරික වූයෙහි වීණාතන්ත්‍රිස්වරයෙහි (වෙණවැයීමෙහි) දක්‍ෂයෙහි?

එවං භන‍්තෙ.

වහන්ස, එසේ ය.

තං කිං මඤ‍්ඤෙසි සොණ යදා තෙ වීණාය තන‍්තියො අච‍්චායතා හොන‍්ති, අපි නු තෙ වීණා තස‍්මිං සමයෙ සරවතී වා හොති, කම‍්මඤ‍්ඤා වාති.

සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත (ඉතා තද) වෙත් නම්, තාගේ වීණාව එ සමයෙහි ස්වරවත් වේ දැයි, කර්‍මණ්‍යත් වේ දැ?යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යි.

තං කිං මඤ‍්ඤසි සොණ යදා තෙ වීණාය තන‍්තියො අතිසිථිලා හොන‍්ති, අපි නු තෙ වීණා තස‍්මිං සමයෙ සරවතී වා හොති කම‍්මඤ‍්ඤා වාති නො හෙතං භන‍්තෙ,

සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ ඉතා ලිහිල් වෙත් නම්, එ සමයෙහි තාගේ වීණාව ස්වරවත් වේ දැයි කර්‍මණ්‍ය හෝ වේ දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යි.

යදා පන තෙ සොණ වීණාය තන‍්තියො න අච‍්චායතා හොන‍්ති න අතිසිථිලා, සමෙ ගුණෙ පතිට‍්ඨිතා, අපි නු තෙ වීණා තස‍්මිං සමයෙ සරවතී වා හොති කම‍්මඤ‍්ඤා වාති.

සෝණයෙනි, යම් විටක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත නො වෙත් නම්, අතිසිථිල නො වෙත් නම්, සමගුණයෙහි පිහිටියාහු නම්, එවිට තාගේ වීණාව ස්වරවත් හෝ වේ ද, කර්‍මණ්‍යත් හෝ වේ දැ?යි.

එවම‍්භන‍්තෙ.

වහන්ස, එසේ ය.

එවමෙව ඛො සොණ අච‍්චාරද‍්ධං විරියං උද‍්ධච‍්චාය සංවත‍්තති. අතිලීනං විරියං කොසජ‍්ජාය සංවත‍්තති. තස‍්මාතිහ ත්‍වං සොණ, විරියසමතං අධිට‍්ඨහ, ඉන්‍ද්‍රියානං ච සමතං පටිවිජ‍්ඣ, තත්‍ථ ච නිමිත‍්තං ගණ‍්හාහීති.

සෝණයෙනි, එ පරිදි ම අත්‍යාරබ්ධ වීර්‍ය්‍යය උද්ධච්චය පිණිස වැටෙයි. අතිලීන වීර්‍ය්‍යය ය කුසීත භාවයට වැටෙයි. සෝණයෙනි, එ කරුණින් මෙහිලා තෝ වීර්‍ය්‍ය සමත්‍වය ඉටුව, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදුව, එහි නිමිති ගණුව යි. (ශමථවිදර්‍ශනා මාර්‍ගඵල නිමිති නිපදව යන අර්‍ත්‍ථයි.)

”එවම‍්භන‍්තෙති ඛො ආයස‍්මා සොණො භගවතො පච‍්චස‍්සොසි.

වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භගවත්හට පිළිවදන් ඇස්සූහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං සොණං ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය. පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව ඛො සීතවනෙ අන‍්තරහිතො ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ පාතුරහොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ ඔවායෙන් ඔවා දි බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරණුයේ යම් සේ නම්, දික්කළ අතක් හෝ හකුළනුයේ යම් සේ නම්, එ පරිද්දෙන් ම සීතවනයෙහි අතුරුදන් වූ සේක් ගිජුකුළුපව්යෙහි පැණී ගිය සේක.

අථ ඛො ආයස‍්මා සොණො අපරෙන සමයෙන විරියසමතං අධිට‍්ඨාසි ඉන්‍ද්‍රියානඤ‍්ච සමතං පටිවිජ‍්ඣි. තත්‍ථ ච නිමිත‍්තං අග‍්ගහෙසි. අථ ඛො ආයස‍්මා සොණො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා”ති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා සොණො අරහතං අහොසි.

ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරහු පසුකාලයෙහි වීර්‍ය්‍යසමත්‍වය ඉටූහ. ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදියහ. එහි නිමිති ද ගත්හ. ඉක්බිති එකලා වූ කයින් ගණයා කෙරෙන් වෙන් වූ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වූ ආයුෂ්මත් සෝණ තෙරහු නො බෝ දිනෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් එ බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන අනුත්තර අර්‍හත් ඵලය දිටුදැමියෙහි ම, තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වූසූහ. ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂීණ විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ද වැස නිමවන ලද, සිවුමග කරණී කරණලද, නැවත මෙ බව පිණිස (මේ සොළොස් වැදෑරුම් කෘත්‍යය හෝ ක්ලේශක්‍ෂය පිණිස) අනෙකක් (අනෙක් මාර්‍ගභාවනාකෘත්‍යයෙක්) නැතැයි මොනොවට දත්හ. ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර වූහ.

අථ ඛො ආයස‍්මතො සොණස‍්ස අරහත‍්තප‍්පත‍්තස‍්ස එතදහොසි: “යන‍්නූනාහං යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යං, උපසඞ‍්කමිත්‍වා භගවතො සන‍්තිකෙ අඤ‍්ඤං ව්‍යාකරෙය්‍යන‍්ති”. අථ ඛො ආයස‍්මා සොණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්ගමිත්‍වා භගවන‍්තං අභිවාදෙවා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සොණො භගවන‍්තං එතදවොච:

ඉක්බිති අර්‍හත්‍වයට පත් ආයුෂ්මත් සෝණ තෙරුන්හට තෙල සිත විය: “මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භගවත්හු හමියෙහි අර්‍හත්‍වය පාළ කෙරෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

යො සො භන‍්තෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, සො ඡ ඨානානි අධිමුත‍්තො හොති: නෙක‍්ඛම‍්මාධිමුත‍්තො හොති. පවිවෙකාධිමුත‍්තො හොති. අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තො හොති. තණ‍්හක‍්ඛයාධිමුත‍්තො හොති. උපාදානක‍්ඛයාධිමුත‍්තො හොති. අසම‍්මොහාධිමුත‍්තො හොති.

වහන්ස, යම් ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ කළ කරණී ඇති, බහා තැබූ කෙළෙස් බර ඇති, පැමිණි රහත් බව ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, මොනවට දැනැ විමුක්ත වූ භික්‍ෂුනමෙක් වේ නම්, හෙ කරුණු සයක් අධිමුක්ත (පිළිවිද සිටියේ) වෙයි. නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. ප්‍රවිවේකාධිමුක්ත වෙයි. අව්‍යාබාධාධිමුක්ත වෙයි. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. අසම්මෝහාධිමුක්ත වෙයි.

(1) සියා ඛො පන භන‍්තෙ, ඉධෙකච‍්චස‍්ස ආයස‍්මතො එවමස‍්ස: ‘කෙවලං සද‍්ධාමත‍්තකං නූන අයමායස‍්මා නිස‍්සාය නෙක‍්ඛම‍්මාධිමුත‍්තො’ති. න ඛො පනෙතං භන‍්තෙ එවං දට‍්ඨබ‍්බං. ඛීණාසවො භන‍්තෙ භික‍්ඛූ වුසිතවා. කතකරණීයො, කරණීයං අත‍්තනො අසමනුපස‍්සන‍්තො කතස‍්සවා පතිචයං, ඛයා රාගස‍්ස වීතරාගත‍්තා නෙක‍්ඛම‍්මාධිමුත‍්තො හොති. ඛයා දොසස‍්ස වීතදොසත‍්තා නෙක‍්ඛම‍්මාධිමුත‍්තො හොති, ඛයා මොහස‍්ස වීතමොහත‍්තා නෙක‍්ඛම‍්මාධිමුත‍්තො හොති.

(1) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක්හට මෙබඳු සිතෙක් වන්නේ ම ය: “හුදෙක් (ප්‍රතිවේදයෙන් තොර) ශ්‍රද්ධා මාත්‍රය ම නිසා මෙ ආයුෂ්මත් ඒකාන්තයෙන් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දැක්කයුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති, ක්‍ෂීණාස්‍රව මහණ තමහට කටයුතු දෙයක් හෝ කළදැය නැවත කිරීමෙන් වැඩීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් වීතරාගී බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත (නෛෂ්ක්‍රම්‍යසංඛ්‍යාත අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට ඵලසමවත්හි සිටියේ) වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහත මෝහ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි.

(2) සියා ඛො පන භන‍්තෙ, ඉධෙකච‍්චස‍්ස ආයස‍්මතො එවමස‍්ස: “ලාභසක‍්කාරසිලොකං නූන අයමායස‍්මා නිකාමයමානො පවිවෙකාධිමුත‍්තො”ති. න ඛො පනෙතං භන‍්තෙ. එවං දට‍්ඨබ‍්බං. ඛීණාසවො භන‍්තෙ, භික‍්ඛු වුසිතවා කතකරණීයො, කරණීයං අත‍්තනො අසමනුපස‍්සන‍්තො කතස‍්ස වා පතිචයං, ඛයා රාගස‍්ස වීතරාගත‍්තා පවිවෙකාධිමුත‍්තො හොති, ඛයා දොසස‍්ස වීතදොසත‍්තා පවිවෙකාධිමුත‍්තො හොති, ඛයා මොහස‍්ස වීතමොහත‍්තා පවිවෙකාධිමුත‍්තො හොති.

(2) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙබඳු සිතෙක් වන්නේ ය: “මේ ආයුෂ්මත් ඒකාන්තයෙන් ලාභසත්කාරයශස් පතනුයේ ප්‍රවිවේකාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දතයුතු වෙයි. වහන්ස, වැස නිම වූ, කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමහට කරණී හෝ කළ දැ පිළිබඳ පුනපුනා රැස් කිරීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් ප්‍රහතරාග බැවින් ද්වේෂක්‍ෂයෙන් ප්‍රහතද්වේෂ බැවින් මෝහක්‍ෂයෙන් ප්‍රහතමෝහ බැවින් ප්‍රවිවේකාධිමුක්ත වෙයි.

(3) සියා ඛො පන භන‍්තෙ, ඉධෙකච‍්චස‍්ස ආයස‍්මතො. එවමස‍්ස: සීලබ‍්බතපරාමාසං නූන අයමායස‍්මා සාරතො පච‍්චාගච‍්ඡන‍්තො අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තො හොති. න ඛො පනෙතං භන‍්තෙ, එවං දට‍්ඨබ‍්බං. ඛීණාසවො භන‍්තෙ, භික‍්ඛු වුසිතවා කතකරණීයො, කරණීයං අත‍්තනො අසමනුපස‍්සන‍්තො කතස‍්ස වා පතිචයං, ඛයා රාගස‍්ස වීතරාගත‍්තා අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තො හොති, ඛයා දොසස‍්ස වීතදොසත‍්තා, අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තො හොති. -පෙ-

(3) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙ බඳු සිතෙක් වන්නේ ම ය. “මෙ ආයුෂ්මත් සීලබ්බත පරාමාසය ම සාර විසින් ගන්නේ අව්‍යාබාධාධිමුක්ත වෙයි”, වහන්ස, තෙල කරුණ එසේ නො දැක්ක යුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමන්ගේ කරණී හෝ කෘතයාගේ පුන පුනා වෘද්ධියක් හෝ නො දක්නේ රාගක්‍ෂයෙන් විහතරාග බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි ...

(4) ඛයා රාගස‍්ස වීතරාගත‍්තා තණ‍්හක‍්ඛයාධිමුත‍්තො හොති, ඛයා දොසස‍්ස වීතදොසත‍්තා තණ‍්හක‍්ඛයාධිමුත‍්තො හොති, ඛයා මොහස‍්ස වීතමොහත‍්තා තණ‍්හක‍්ඛයාධිමුත‍්තො හොති. -පෙ-

(4) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි ...

(5) ඛයා රාගස‍්ස වීතරාගත‍්තා උපාදානක‍්ඛයාධිමුත‍්තො හොති, ඛයා දොසස‍්ස වීතදොසත‍්තා උපාදානක‍්ඛයාධිමුත‍්තො හොති, ඛයා මොහස‍්ස වීතමොහත‍්තා උපාදානක‍්ඛයාධිමුත‍්තො හොති. -පෙ-

(5) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ...

(6) ඛයා රාගස‍්ස වීතරාගත‍්තා අසම‍්මොහාධිමුත‍්තො හොති, ඛයා දොසස‍්ස වීතදොසත‍්තා අසම‍්මොහාධිමුත‍්තො හොති, ඛයා මොහස‍්ස වීතමොහත‍්තා අසම‍්මොහාධිමුත‍්තො හොති.

(6) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අසම්මෝහාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අසමෝහාහාධිමුක්ත වෙයි.

එවං සම‍්මාවිමුත‍්තචිත‍්තස‍්ස, භන‍්තෙ, භික‍්ඛුනො භුසා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, අමිස‍්සීකතමෙවස‍්ස චිත‍්තං හොති, ඨිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං. වයඤ‍්චස‍්සානුපස‍්සති. භුසා චෙපි සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා [සොතස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති] -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා [ඝානස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති] -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා [ජිව‍්හාය ආපාථමාගච‍්ඡන‍්ති] -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා [කායස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති] -පෙ- නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, අමිස‍්සීකතමෙවස‍්ස චිත‍්තං හොති, ඨිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං, වයඤ‍්චස‍්සානුපස‍්සති.

වහන්ස, මෙසේ මොනොවට විමුක්තචිත්ත ඇති භික්‍ෂූහුගේ චක්‍ෂුර්විඥේය වූ බොහෝ (දෙව්රූ වැනි) වූ ද රූපයෝ ඇස්හමුවට එත් ද, ඔහුගේ සිත නො ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වූයේ වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෝ ... ජිව්හාවිඥේය රසාලම්බනයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ … මනෝවිඥේය ධර්‍මාලම්බනයෝ ඔහුගේ මනස හමුවට එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය.

සෙය්‍යථාපි භන‍්තෙ සෙලො පබ‍්බතො අච‍්ඡිද‍්දො අසුසිරො එකඝනො. අථ පුරත්‍ථිමාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි නෙව තං සඞ‍්කම‍්පෙය්‍ය, න සම‍්පකම‍්පෙය්‍ය, න සම‍්පවෙධෙය්‍ය, අථ පච‍්ඡිමාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි -පෙ- අථ උත‍්තරාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි -පෙ- අථ දක‍්ඛිණාය චෙපි දිසාය ආගච‍්ඡෙය්‍ය භුසා වාතවුට‍්ඨි නෙව තං සඞ‍්කම‍්පෙය්‍ය, න සම‍්පකම‍්පෙය්‍ය, න සම‍්පවෙධෙය්‍ය.

වහන්ස, සිදුරු නැති බුහුරු නැති ඒකඝන වූ ශෛලපර්‍වතයෙක් යම් බඳු වේ ද, ඉක්බිති පැදුම් දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම් එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය. ඉක්බිති පැලදිගින් බලවත් වැසි සුළඟෙක් ඒ නම් ... උතුරු දිගින් බලවත් සුළඟෙක් ඒ නම් ...... ඉක්බිති දකුණු දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම්, එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො ම සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය.

එවමෙව ඛො භන‍්තෙ, එවං සම‍්මාවිමුත‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො භුසා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති. අමිස‍්සීකතමෙවස‍්ස චිත‍්තං හොති ඨිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං, වයං චස‍්සානුපස‍්සති. භුසා චෙපි සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝාන විඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනස‍්ස ආපාථමාගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, අමිස‍්සීකතමෙවස‍්ස චිත‍්තං හොති ඨිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං, වයං චස‍්සානුපස‍්සතී’ති.

වහන්ස, එ පරිදි ම මෙසේ විදර්‍ශනාප්‍රතිපත් - ඵලසමාපත් වශයෙන් මොනොවට විමුක්ත සිත් ඇති භික්‍ෂුහුගේ ආපාථයට බලවත් වූ ද චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෝ එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම (ක්ලේශාලම්බන හා මිශ්‍ර නො වූයේ ම) පිහිටියේ අචලප්‍රාප්ත වූයේ කම්පා නො වූයේ වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධාලම්බනයෝ ... ජිහ්වාවිඥේය වූ රසාලම්බනයෝ ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ ... මනෝවිඥෙය වූ ධර්‍මාලම්බනයෝ සිතට ආපාථගත වෙත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම අචලප්‍රාප්ත වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය යි.

61. නෙක‍්ඛම‍්මං අධිමුත‍්තස‍්ස පවිවෙකඤ‍්ච චෙතසො අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තස‍්ස උපාදානක‍්ඛයස‍්ස ච.

61. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ද, චිත්තප්‍රවිවේකය ද, පිළිවිද සිටි, අව්‍යාබාධාධිමුක්ත වූ උපාදානක්‍ෂය පිළිවිද සිටියා වූ,

62. තණ‍්හක‍්ඛයාධිමුත‍්තස‍්ස අසම‍්මොහඤ‍්ච චෙතසො දිස‍්වා ආයතනුප‍්පාදං සම‍්මාචිත‍්තං විමුච‍්චති.

62. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වූ චිත්තයාගේ අසම්මෝහය පිළිවිද සිටි රහත්හුගේ චිත්තය ආයතනයන්ගේ උත්පාදය දැක මනා කොට මිදේ.

63. තස‍්ස සම‍්මාවිමුත‍්තස‍්ස සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො කතස‍්ස පතිචයො නත්‍ථි කරණීයං න විජ‍්ජති.

63. මොනොවට මිදුනු ශාන්ත වූ සිත් ඇති එ භික්‍ෂුහට කළදැය පෙරළා වැඩුමෙක් නැත. කටයුතු ද නැත.

64. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං රූපා රසා සද‍්දා ගන්‍ධා ඵස‍්සා ච කෙවලා.

64-65. ඒකඝන ශෛලපර්‍වතයෙක් යම්සේ සුළඟින් නො සැලේ ද, එ සෙයින් රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ යන ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද හැම ධර්‍මයෝ තාදීහුගේ සිත නො සලත්. ඔහුගේ ස්ථිත වූ සිත විමුක්ත වේ. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ යි.

65. ඉට‍්ඨා ධම‍්මා අනිට‍්ඨා ච නප‍්පවෙධෙන‍්ති තාදිනො. ඨිතං චිත‍්තං විප‍්පමුත‍්තං වයංචස‍්සානුපස‍්සතී’ති.