ඵග්ගුණසුත්තං
6. 2. 1. 2.
6. 2. 1. 2.
[ඵග්ගුණසුත්තං]
[ඵග්ගුණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. තෙන ඛො පන සමයෙන ආයස්මා ඵග්ගුණො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
2. එ සමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“ආයස්මා භන්තෙ ඵග්ගුණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සාධු භන්තෙ භගවා යෙනායස්මා ඵග්ගුණො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
“වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු උපන් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා අනුකම්පා කොට වඩනාසේක් නම් මැනැවැ”යි. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසාවදාළ සේක.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ඵග්ගුණො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා ඵග්ගුණො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමඤ්චොසි අථ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං එතදවොච: අලං ඵග්ගුණ, මා ත්වං මඤ්චකෙ සමඤ්චොසි. සන්තිමානි ආසනානි පුරෙ පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා වැඩියහ. ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක හැඳෙහි නැගීසිටුනා අයුරක් දැක් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට තෙල වදාළහ: “ඵග්ගුණයෙනි, කම් නැත, තො හැඳෙන් නො නැඟෙව. පළමු පනවනලද මෙ අසුන් ඇත. එහි මම හිඳිනෙමි”යි. භාග්‍යවතුන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්හට තෙල වදාළහ:
“කච්චි තෙ ඵග්ගුණ ඛමනීයං, කච්චි යාපනීයං කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති.
“ඵග්ගුණයෙනි, කිම, සැහිය හේ ද, කිම, යැපිය හේ ද, කිම, දුක් වේදනා සන්හිඳුමට යේ ද, වැඩුමට නො යේ ද, සන්හිඳුමෙක් පැණේ ද, වැඩුමෙක් නො පැණේ දැ?”යි.
න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්තී, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
වහන්ස, මා විසින් නො සැහිය හෙයි. නො යැපිය හෙයි. මාගේ දුඃඛවේදනාවෝ වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණේ, සන්හිඳුමෙක් නො පැණේ ය යි.
සෙය්යථාපි භන්තෙ, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධානං අභිමන්ථෙය්ය එවමෙව ඛො මෙ භන්තෙ අධිමත්තා වාතා මුද්ධානං හනන්ති. න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයක් තියුණු කඩුසිළින් මුදුන මඩනේ ද, වහන්ස, එ පරිදි ම අධිමාත්රවාතයෝ මා මුදුන පෙළත්. වහන්ස, මා විසින් ඉවැසිය නො හෙයි. යැපිය නො හෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි වූවාහු වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණෙයි, සන්හිඳුමෙක් නො පැණේය යි.
සෙය්යථාපි භන්තෙ බලවා පුරිසො දළ්හෙන වරත්තබන්ධෙන සීසෙ සීසවෙඨනං දදෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ, අධිමත්තා සීසෙ සීසවෙදනා, න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
වහන්ස, බලවත් පුරුෂයෙක් දැඩි වරරැහැනින් හිස්හි හිස්වෙළුම් දෙන්නේ යම්සේ වේ ද, වහන්ස, එ පරිදි ම මාගේ හිසෙහි ශීර්‍ෂවේදනාවෝ වෙති. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟී එති. බැස නො යෙති. නැඟ ඊම් අවසන පෙණෙයි. බැසීම් අවසන නො පෙණෙයි.
සෙය්යථාපි භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
වහන්ස, දක්ෂ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතකාන්තේවාසිකයෙක් වේවයි තිහිණි ගෙරිකපන සැතින් කුස සිඳින්නේ යම්සේ වේ ද, වහන්ස, එපරිදි ම අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟ එත්, බැස නො යෙත්, නැඟ ඊම් අවසන පෙණෙයි, බැසීම් අවසන නො පෙණෙයි.
සෙය්යථාපි භන්තෙ, බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානා බාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං පරිතාපෙය්යුං එවමෙව ඛො මෙ භන්තෙ අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුඹුල් පුරුෂයකු අත්හි වෙන වෙන ගෙණ අඟුරුවළක ලා දවන්නාහු වෙසෙසින් දවන්නාහු නම්, වහන්ස, එ පරිදි ම මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. වහන්ස, මා විසින් ඉවසිය නො හේ. යැපිය නො හේ. මාගේ ගාඪවේදනාවෝ නැඟ එති. බැස නො යෙත්. නැඟ ඊම් පැණෙයි, බැස යාමෙක් නො පැණෙයි.
අථ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේක.
අථ ඛො ආයස්මා ඵග්ගුණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. තම්හි චස්ස සමයෙ මරණකාලෙ ඉන්ද්රියානි විප්පසීදිංසු.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම කලුරිය කළහ. මැරෙණ කල්හි උන්වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන් වූහ.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ආයස්මා භන්තෙ ඵග්ගුණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. තම්හි චස්ස සමයෙ මරණකාලෙ ඉන්ද්රියානි විප්පසීදිංසූති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නො බෝකල් ඇතිවත් ම, කලුරිය කළහ. ඔහුගේ ඒ මැරෙණ මොහොතෙහි ඉන්ද්රියයෝ වෙසෙසින් පහන්වූහ” යි.
කිං හානන්ද ඵග්ගුණස්ස භික්ඛුනො ඉන්ද්රියානි නප්පසීදිස්සන්ති, ඵග්ගුණස්ස ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං අහොසි. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං විමුත්තං.
ආනන්දයෙනි, කවර හෙයින් ඵග්ගුණ භික්ෂුහුගේ ඉන්ද්රියයෝ පහන් නො වෙත් ද? ආනන්දයෙනි, ඵග්ගුණ භික්ෂුහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත විය. එ දහම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත විය.
ඡයිමෙ ආනන්ද ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන අත්ථූපපරික්ඛාය. කතමෙ ඡ:
ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි, නිසි කල්හි අර්ත්ථොපපරීක්ෂායෙහි මෙ අනුසස් සයෙක. කවර සයෙක යත්:
(1) ඉධානන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ ලභති තථාගතං දස්සනාය. තස්ස තථාගතො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤාජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද පඨමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
(1) ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණසමයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පරියොසානකල්‍යාණ කොට අර්ත්ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවලපරිපූර්‍ණ කොට පිරිසිදු කොට දහම් දෙසති, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරති. එ දහම් දෙසුම් අසා පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි. ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි මෙ පළමු අනුසසි.
(2) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, අපි ච ඛො තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගතසාවකො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද දුතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
(2) ආනන්දයෙනි, වැලිත් මහණහුගේ චිත්තය පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබනුයේ වෙයි. යලිදු තථාගතශ්‍රාවකයකු දක්නට ලබනුයේ වෙයි. ඔහට තථාගතශ්‍රාවක ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්ත්ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දම් දෙසයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. ඒ දම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්දයෙනි, සුදුසු කල්හි ධර්මශ්රවණයෙහි මෙ දෙවැනි අනුසසි.
(3) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො මනසානුපෙක්ඛතො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද තතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛාය.
(3) තවද ආනන්දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. තථාගත ශ්‍රාවකයකු ද දක්නට නො ම ලබන්නේ ය. වැලිදු ඇසූ පරිදි පර්‍ය්‍යාප්ත පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි. අනුවිචාර කෙරෙයි. සිතින් විමසා බලයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය සිතින් අනුවිතර්කණය කරණ අනුවිචාර කරණ සිතින් විමසා බලන ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්දයෙනි, නිසි කල්හි දහම් ඇසුම්හි නිසි කල්හි අර්ත්ථොපපරික්ෂායෙහි මෙ තෙවැනි අනුසසි.
(4) ඉධානන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුත්තං හොති, අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ ලභති තථාගතං දස්සනාය, තස්ස තථාගතො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා අනුත්තරෙ ඛො උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද චතුත්ථො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
(4) ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර නිර්වාණයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ ඒ මරණ කාලයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට ... දහම් දෙසත්, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත්. ඔහුගේ සිත එ දම් දෙසුම අසා උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත අනුත්තර නිර්වාණය නිමිති කොටගෙන මිදෙයි. ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි මෙ සිවුවැනි අනුසසි.
(5) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුත්තං හොති. අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, අපි ච ඛො තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගත සාවකො ධම්මං දෙසෙති: ආදිකල්යාණං -පෙ- පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති තස්ස තං ධම්මදෙසනං සුත්වා අනුත්තරෙ උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද පඤ්චමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
(5) තවද ආනන්දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ එ මරණ සමයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. වැලිත් තථාගත ශ්‍රාවකයකු දක්නා ලබන්නේ ය. ඔහට තථාගත ශ්‍රාවක ආදිකල්‍යාණ කොට ... පිරිසිදු කොට ධර්මදේශනා කෙරෙයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. එ දම් දෙසුම් අසා ඔහුගේ සිත අනුත්තර නිර්වාණයෙහි මිදෙයි. ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි මෙ පස්වන අනුසසි.
(6) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සයොජනෙහි චිත්තං විමුත්තං හොති. අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො මනසානුපෙක්ඛතො අනුත්තරෙ උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද ඡට්ඨො ආනිසංසො කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛාය.
(6) තවද ආනන්දයෙනි, භික්ෂුහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදුනේ වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි සිත අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නා නො ලබන්නේ ම ය. තථාගතශ්‍රාවකයකු දු දක්නා නො ලබන්නේ ය. වැලිදු යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්කණය කරණ, අනුවිචාර කරණ, සිතින් විමසාබලන ඔහුගේ සිත අනුත්තර උපධිසඞ්ඛයෙහි මිදෙයි. ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි නිසි කල්හි අර්ත්ථොපපරීක්ෂායෙහි මෙ සවන අනුසැසි.
ඉමෙ ඛො ආනන්ද ඡ ආනිසංසා කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛායාති.
ආනන්දයෙනි, නිසි කල්හි ධර්මශ්රවණයෙහි නිසි කල්හි අර්ත්ථොපපරීක්ෂායෙහි මේ ආනිසංස සය යි.