යෙදුමෙන් කියවන්න

ඡළාභිජාති සුත‍්තං

6. 2. 1. 3.

6. 2. 1. 3.

[ඡළාභිජාති සුත‍්තං]

[ඡළාභිජාති සූත්‍රය]

3. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

3. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:

පූරණෙන භන‍්තෙ කස‍්සපෙන ඡළාභිජාතියො පඤ‍්ඤත‍්තා: කණ‍්හාභිජාති පඤ‍්ඤත‍්තා, නීලාභිජාති පඤ‍්ඤත‍්තා, ලොහිතාභිජාති පඤ‍්ඤත‍්තා, හලිද‍්දාහිජාති පඤ‍්ඤත‍්තා, සුක‍්කාභිජාති පඤ‍්ඤත‍්තා, පරමසුක‍්කාභිජාති පඤ‍්ඤත‍්තා.

වහන්ස, පූරණකාශ්‍යප විසින් අභිජාති (ජාතිවිශේෂ) සයෙක් පණවන ලද: කෘෂ්ණාභිජාති පණවනලදු. නීලාභිජාති පණවනලදු. ලෝහිතාභිජාති පණවනලදු. හරිද්‍රාභිජාති පණවනලදු. ශුක්ලාභිජාති පණවනලදු. පරමශුක්ලාභිජාති පණවනලදු.

(1) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන කණ‍්හාභිජාති පඤ‍්ඤත‍්තා: ඔරභිකා සූකරිකා සාකුණිකා මාගවිකා ලුද‍්දා මච‍්ඡඝාතකා චොරා චොරඝාතකා බන්‍ධනාගාරිකා, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි කුරූරකම‍්මන‍්තා.

(1) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් රුදුරු එළුවැදිහ, හූරුවැදිහ, ලිහිණිවැදිහ, මුවවැදිහ, මත්ස්‍යඝාතකයහ, සොරහ, චෝරඝාතකයහ, බන්‍ධනාගාරිකයහ, අනිකුදු කුරිරුකම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද කණ්හාභිජාති කොට පණවන ලදහ.

(2) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන නීලාභිජාති පඤ‍්ඤත‍්තා: භික‍්ඛූ කණ‍්ටකවුත‍්තිකා, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි චම‍්මවාදා කිරියවාදා.

(2) වහන්ස, එහිලා පූරණකාශ්‍යප විසින් කණ්ටකවුත්තික භික්‍ෂුහු ද, අන්‍ය වූත් කර්‍මවාදී ක්‍රියාවාදීහු නීලාභිජාතිකහයි පණවන ලදහ.

(3) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන ලොහිතාභිජාති පඤ‍්ඤත‍්තා: නිගණ‍්ඨා එකසාටකා.

(3) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් ඒකසාටක නිගණ්ඨයෝ ලෝහිතාභිජාතිකයහ යි පණවන ලදහ.

(4) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන හළිද‍්දාභිජාති පඤ‍්ඤත‍්තා: ගිහී ඔදාතවසනා අචෙලකසාවකා.

(4) වහන්ස, පූරණකාශ්‍යප විසින් ගිහි සුදුවත් හඳනා අචෙලකශ්‍රාවකයෝ හරිද්‍රාභිජාතිකයහ යි පණවන ලදහ.

(5) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන සූක‍්කාභිජාති පඤ‍්ඤත‍්තා: ආජීවකා ආජිවිකිනියො.

(5) වහන්ස, පූරණකාශ්‍යප විසින් ආජීවකයෝ ද, ආජීවිකාවෝ ද ශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.

(6) තත්‍රිදං භන‍්තෙ පූරණෙන කස‍්සපෙන පරමසුක‍්කාභිජාති පඤ‍්ඤත‍්තා: නන්‍දො වච‍්ඡො කිසො සඞ‍්කිච‍්චො මක‍්ඛලිගොසාලො.

(6) වහන්ස, එහි ලා නන්‍ද ය, වච්ඡ ය, කිස ය, සඞ්කිච්ච ය, මක්ඛලිගෝසාල ය යන මොහු පූරණකාශ්‍යප විසින් පරමශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.

පූරණෙන භන‍්තෙ කස‍්සපෙන ඉමා ඡළාභිජාතියො පඤ‍්ඤත‍්තාති.

වහන්ස, පූරණකාශ්‍යප විසින් මෙ ෂඩ්අභිජාතීහු පණවන ලදහ’යි.

කිම‍්පන ආනන්‍ද පූරණස‍්ස කස‍්සපස‍්ස සබ‍්බො ලොකො එතදබ‍්භනුජානාති ඉමා ඡළාභිජාතියො පඤ‍්ඤාපෙතුන‍්තී?

කිමෙක ආනන්‍දයෙනි, හැම ලෝවැස්සෝ පූරණකාශ්‍යපයාගේ තෙල පැණවීම - මෙ ඡළාභිජාතීන් පැණවීම අනුදන්නාහු දැ’යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යි.

සෙය්‍යථාපි ආනන්‍ද පුරිසො දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො, තස‍්ස අකාමකස‍්ස බිලං ඔලග‍්ගෙය්‍යුං “ඉදං තෙ අම‍්භො පුරිස මංසං ච ඛාදිතබ‍්බං මූලඤ‍්ච අනුප‍්පදාතබ‍්බන‍්ති”.

ආනන්‍දයෙනි, යම්සේ දිළිඳු නිර්ධන ආඪ්‍ය නො වූ පුරුෂයෙක් වේ නම්, නො කැමැත්තා වූ ම ඔහුගේ අත්හි “එම්බා පුරුෂය, මෙ මස් තා විසින් කෑයුතු ය. මිල ද දියයුතු ය”යි මළ ගොණකුගේ මස් කොටසක් බලාත්කාරයෙන් අත තබත් නම්,

එවමෙව ඛො ආනන්‍ද පූරණෙන කස‍්සපෙන අප‍්පටිඤ‍්ඤාය එතෙසං සමණබ්‍රාහ‍්මණානං ඉමා ඡළාභිජාතියො පඤ‍්ඤත‍්තා යථා තං බාලෙන අව්‍යත‍්තෙන අඛෙත‍්තඤ‍්ඤූනා අකුසලෙන.

ආනන්‍දයෙනි, එ සෙයින් ම පූරණකාශ්‍යප විසින් තෙල මහණ බමුණන්ගේ අප්‍රතිඥායෙන් ම අව්‍යක්ත වූ ක්‍ෂේත්‍රඥ නො වූ (අභිජාති ප්‍රඥප්තිවිෂය නො දන්නා වූ) අදක්‍ෂ වූ බාලයකු විසින් කරණු ලබන්නක් සේ ම ෂඩභිජාතිහු පණවනලදහ.

අහං ඛො පනානන්‍ද ඡළාභිජාතියො පඤ‍්ඤාපෙමි. තං සුණාහි සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති.

ආනන්‍දයෙනි, මම මේ අභිජාතීන් සදෙනකු පණවමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.

‘එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පච‍්චස‍්සොසි’. භගවා එතදවොච:

වහන්ස, එසේ යයි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

කතමා චානන්‍ද ඡළාභිජාතියො:

ආනන්‍දයෙනි, ෂඩභිජාතීහු කවරහ:

ඉධානන්‍ද එකච‍්චො කණ‍්හාභිජාතියො සමානො කණ‍්හං ධම‍්මා අභිජායති. ඉධ පනානන්‍ද එකච‍්චො කණ‍්හාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති. ඉධ පනානන්‍ද එකච‍්චො කණ‍්හාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති. ඉධ පනානන්‍ද එකච‍්චො සුක‍්කාභිජාතියො සාමානො කණ‍්හං ධම‍්මං අභිජායති. ඉධ පනානන්‍ද එකච‍්චො සුක‍්කාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති. ඉධ පනානන්‍ද එකච‍්චො සුක‍්කාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති.

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව ම උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇති ව ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි. (ආර්‍ය්‍යභූමි සඞ්ඛ්‍යාත නිර්‍වාණ ජාතියෙහි උපදනේ ය.) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි.

(1) කථං චානන්‍ද කණ‍්හාභිජාතියො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති: ඉධ පනානන්‍ද එකච‍්චො නීචෙ කුලෙ පච‍්චාජාතො හොති චණ‍්ඩාල කුලෙ වා නෙසාදකුලෙ වා වෙණකුලෙ වා රථකාරකුලෙ වා පුක‍්කුස කුලෙ වා, දළිද‍්දෙ අප‍්පන‍්නපානභොජනෙ කසිරවුත‍්තිකෙ යත්‍ථ කසිරෙන ඝාසච‍්ඡාදො ලබ‍්භති. සො ච හොති දුබ‍්බණ‍්ණො දුද‍්දසිකො ඔකොටිමකො, බව‍්හාබාධො කාණො වා කුණී වා ඛඤ‍්ජො වා පක‍්ඛහතො වා, න ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස යානස‍්ස මාලාගන්‍ධවිලෙපනස‍්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස‍්ස. සො කායෙන දුච‍්චරිතං චරති. වාචාය දුච‍්චරිතං චරති. මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. එවං ඛො ආනන්‍ද කණ‍්හාභිජාතියො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති.

(1) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණාභිජාතියෙහි උපදනේ ය: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල්කුලයෙහි වේවයි, වැදිකුලයෙහි වේවයි, කුලුපොතු කුලයෙහි වේවයි, සොම්මර කුලයෙහි වේවයි, පුප්සඬුකුලයෙහි වේවයි දිළිඳු අල්ප පාන භෝජන ඇති, දුකසේ දිවිවැටුම් ඇති, යම් කුලයෙක දුකසේ ආහාර පාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීචකුලයෙක උපදනේ ය. හෙ දුර්වර්‍ණ ඇතියේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ බොහෝ ආබාධ ඇතියේ කණෙක් වේවයි කොරෙක් වේවයි පිළෙක් වේවයි පක්‍ෂහතයෙක් වේවයි අහර පැන් වස්ත්‍ර යානමල්ගඳවිලෙවුන්ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ නො ලබනසුලුයේ වෙයි. හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය.

(2) කථං චානන්‍ද කණ‍්හාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති. ඉධානන්‍ද එකච‍්චො නීචෙ කුලෙ පච‍්චාජාතො හොති -පෙ- සො ච හොති දුබ‍්බණ‍්ණො (-පෙ-) න ලාභී (-පෙ-) සෙය්‍යාවසථ පදීපෙය්‍යස‍්ස. සො කායෙන සුචරිතං චරති වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. එවං ඛො ආනන්‍ද කණ‍්හාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති.

(2) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් හීන කුලයෙක උපදනේ ය ... හෙ ද දුර්වර්‍ණ ඇතියේ ශය්‍යාවසථප්‍රදීපෝපකරණ නො ලබනසුල්ලේ වෙයි. හෙ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හෙ කයින් සුසිරිත් පුරා, වචනයෙන් සුසිරිත් පුරා, මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය.

(3) කථං චානන්‍ද කණ‍්හාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති. ඉධානන්‍ද එකච‍්චො නීචෙ කුලෙ පච‍්චාජාතො හොති චණ‍්ඩාලකුලෙ වා -පෙ- දුබ‍්බණ‍්ණො දුද‍්දසිකො ඔකොටිමකො -පෙ- සො කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජති. සො එවං පබ‍්බජිතො සමානො පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, චතුසු සතිපට‍්ඨානෙසු සුප‍්පතිට‍්ඨිතචිත‍්තො සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති. එවං ඛො ආනන්‍ද කණ‍්හාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති.

(3) ආනන්‍දයෙනි, කිසෙයින් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල් කුලෙහි වේවයි ... දුර්වර්‍ණ වූයේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ ... නීචකුලයෙහි උපදනේ වෙයි. හෙ කෙස් රවුළු බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ ය. හෙ මෙසේ පැවිදි වූයේ ම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්ච නීවරණයන් දුරු කොට සිවුසීවටන්හි සුපිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් තත් වූ පරිදි වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි.

(4) කථඤ‍්චානන්‍ද සුක‍්කාභිජාතියො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති: ඉධානන්‍ද එකච‍්චො උච‍්චෙ කුලෙ පච‍්චාජාතො හොති: ඛත‍්තියමහා සාරකුලෙ වා බ්‍රාහ‍්මණමහාසාරකුලෙ වා ගහපතිමහාසාරකුලෙ වා අඩ‍්ඪෙ මහද‍්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත‍්තූපකරණෙ පහුතධනධඤ‍්ඤෙ. සො ච හොති අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො, ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස යානස‍්ස මාලාගන්‍ධවිලෙපනස‍්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස‍්ස. සො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. එවං ඛො ආනන්‍ද සුක‍්කාභිජාතියො සමානො කණ‍්හං ධම‍්මං අභිජායති.

(4) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති ප්‍රචුර වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාදගුණ ඇතියේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති ඇති විනිපාත වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය.

(5) කථඤ‍්චානන්‍ද සුක‍්කාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති: ඉධානන්‍ද එකච‍්චො පුග‍්ගලො උච‍්චෙ කුලෙ පච‍්චාජාතො හොති. ඛත‍්තියමහාසාරකුලෙ වා -පෙ- ලාභී [-පෙ-] ය්‍යොවසථපදීපෙය්‍යස‍්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. එවං ඛො ආනන්‍ද සුක‍්කාභිජාතියො සමානො සුක‍්කං ධම‍්මං අභිජායති.

(5) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි ... උපන්නේ වෙයි ... ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබන්නේ වෙයි. හේ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හේ කයින් සුසිරිත් පුරා වචනයෙන් සුසිරිත් පුරා මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාව ඇති ව උපදනේ ය.

(6) කථං චානන්‍ද සුක‍්කාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති: ඉධානන්‍ද එකච‍්චො පුග‍්ගලො උච‍්චෙ කුලෙ පච‍්චාජාතො හොති: ඛත‍්තිය මහාසාරකුලෙ වා බ්‍රාහ‍්මණමහාසාර කුලෙ වා ගහපතිමහාසාරකුලෙ වා අඩ‍්ඪෙ මහද‍්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත‍්තූපකරණෙ පහූතධනධඤ‍්ඤෙ. සො ච හොති අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො, ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස යානස‍්ස මාලාගන්‍ධවිලෙපනස‍්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස‍්ස. සො කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා ආගාරස‍්මා අනගාරියං පබ‍්බජති. සො එවං පබ‍්බජිතො සමානො පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, චතුසු සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තො සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති. එවං ඛො ආනන්‍ද සුක‍්කාභිජාතියො සමානො අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානං අභිජායති.

(6) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන්රිදී ඇති ප්‍රචුරවස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වේ. හේ ද මනා රූ ඇතියේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාරපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කෙස්රවුළු බහා කාෂායවස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ ම චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට සතර සතිපට්ඨානයෙහි මොනොවට පිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් යාථාවයෙන් වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිවණයට පැමිණෙයි.

ඉමා ඛො ආනන්‍ද ඡළාභිජාතියොති.

ආනන්‍දයෙනි, මොහු අභිජාතීහු සදෙන වෙති යි.