ආසවසුත්තං
6. 2. 1. 4.
6. 2. 1. 4.
[ආසවසුත්තං]
[ආසව සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
4. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි?
4. මහණෙනි, දහම් සයෙකින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛුනො යෙ ආසවා සංවරා පහාතබ්බා, තෙ ආසවා සංවරෙන පහීනා හොන්ති. යෙ ආසවා පටිසෙවනා පහාතබ්බා, තෙ ආසවා පටිසෙවනාය පහීනා හොන්ති. යෙ ආසවා අධිවාසනා පහාතබ්බා, තෙ ආසවා අධිවාසනාය පහීනා හොන්ති. යෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා, තෙ ආසවා පරිවජ්ජනාය පහීනා හොන්ති. යෙ ආසවා විනොදනා පහාතබ්බා, තෙ ආසවා විනොදනාය පහීනා හොන්ති. යෙ ආසවා භාවනා පහාතබ්බා, තෙ ආසවා භාවනාය පහීනා හොන්ති.
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහාතව්‍ය වෙත් නම් එ ආස්‍රවයෝ සංවරයෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහීණ වෙත්, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, ඒ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහීණ වෙත්.
(1) කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යෙ සංවරෙන පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්රියසංවර සංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රිය -පෙ- ඝානින්‍ද්‍රිය -පෙ- ජිව්හින්ද්රිය -පෙ- කායින්ද්රිය -පෙ- මනින්ද්රය සංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ මනින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවෙ සංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, සංවරං සංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යෙ සංවරෙන පහීනා හොන්ති.
(1) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, එ සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ කවරහ: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වාස කරයි. මහණෙනි, යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වාස කරණ ඔහට දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘතව වාස කරණ ඔහට එ විඝාතපරිදාහකර (දුක් - දැවිලි කරණ) ආස්‍රවයෝ නො මැ වෙත්. නුවණින් ප්රත්යවේක්ෂා කොට ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ... ඝ්රාණේන්ද්රිය ... ජිහ්වේන්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත වූයේ වාස කෙරෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වසන ඔහුට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වසන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයෙන් අසංවෘත ව වසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, සංවරයෙන් සංවෘතව වාස කරන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රව යි කියනු ලැබෙත්.
(2) කතමෙ ච භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යෙ පටිසෙවනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්ථං.
(2) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට යම්තාක් ශීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්පයන්ගේ පහස නැස්ම පිණිස ම ලජ්ජාස්ථාන පිළිසන් කරණු පිණිස ම සිවුරු සෙව්නේ ය.
පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා, බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්‍රාව මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති.
නුවණින් ප්රත්යවේක්ෂා කොට පිඬුවා සෙවුනේ ය: නො ම දව පිණිස ය, නො ම මද පිණිස ය, නො ම උනුතැන් පුරනු පිණිස ය, නො ම සැරසුම් පිණිස ය, මෙ සිරුරෙහි පැවැත්ම සඳහා ම ය, යැපීම සඳහා ම ය, සාදුක් නසනු සඳහා ම ය, බ්රහ්මචර්ය්යානුග්රහ සඳහා ම ය. මෙ සෙයින් (මෙ පිඬු බොජුනෙන්) පැරණි සාදුක් වේදනාත් නස්මි. නව වේදනාත් නො ම උපදවන්නෙමි. (මෙයින්) මාගේ ජීවනයාත්රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ ය යි.
පටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්ථං.
නුවණින් ප්රත්යවේක්ෂා කොට සීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්පයන්ගේ පහස් නැස්ම පිණිස ම ඍතුපීඩා විනෝදනය (පහකිරීම) පිණිස ම පිළිසලනෙහි ඇල්ම පිණිස ම සෙනසුන් සෙව්නේ ය.
පටිසඞ්ඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති: යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය, අබ්යාපජ්ඣපරමතායාති.
නුවණින් ප්රත්යවේක්ෂා කොට උපන් ව්යාබාධකර වේදනාවන් නස්නා සඳහා ම අව්යාබාධපරමතාව (නිරෝග බව) සඳහා ම බෙහෙත් පිරිකර සෙව්නේ ය.
යං හිස්ස භික්ඛවෙ අප්පටිසෙවතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාත පරිළාහා, පටිසෙවතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, යම් හෙයෙකින් ප්‍රතිසේවනා නො කරණුවහට දුඃඛපරිදාහකර ආස්‍රවයෝ උපදිත් නම්, ප්‍රතිසේවනා කරණුවහට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්.
ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යෙ පටිසෙවනාය පහීනා හොන්ති.
මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ ය යි කියනු ලැබෙත්.
(3) කතමෙච භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා යෙ අධිවාසනා පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං, පාණහරානං අධිවාසකජාතිකො හොති. යං හිස්ස භික්ඛවෙ අනධිවාසයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අධීවාසයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා යෙ අධිවාසනාය පහීනා හොන්තී.
(3) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් ද, අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය ඒ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට ශීතය උෂ්ණය ක්ෂුධාව පිපාසාව මැසි මදුරුවාතාතප සරීසාපසංස්පර්ශය සහනය කෙරෙයි. නපුරු කොට කියනලද නපුරු කොට (තමන් වෙත) පැමිණි වාක්පථ සහනය කෙරෙයි. උපන් දුක් වූ තීව්ර වූ ක්‍රෑර වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. යම් හෙයෙකින් නො ඉවසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, ඉවසන ඔහට මෙසේ එ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
(4) කතමෙ ච භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා යෙ පරිවජ්ජනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති. චණ්ඩං අස්සං පරිවජ්ජෙති. චණ්ඩං ගොණං පරිවජ්ජෙති. චණ්ඩං කුක්කුරං පරිවජ්ජෙති අහිං ඛාණුං කණ්ටකාධානං සොබ්භං පපාතං චන්දනිකං ඔලිගල්ලං. යථාරූපෙ අනාසනෙ නිසින්නං, යථාරූපෙ අගොචරෙ චරන්තං, යථාරූපෙ පාපකෙ මිත්තෙ භජන්තං, විඤ්ඤූ සබ්රහ්මචාරී පාපකෙසු ඨානෙසු ඔකප්පෙය්යුං, සො තං චෙව අනාසනං තං ච අගොචරං තෙ ච පාපකෙ මිත්තෙ පටිසඞ්ඛා යොනිසො පරිවජ්ජෙති. යං හිස්ස භික්ඛවෙ අපරිවජ්ජයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, පරිවජ්ජයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බ, යෙ පරිවජ්ජනාය පහීනා හොන්ති.
(4) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් (වැළහීමෙන්) ප්‍රහීණ වෙත් නම්, පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට සැඬ ඇත් වළහයි. සැඬ අස් වළහයි. සැඬ ගොන් වළහයි. සැඩ කුකුරු වළහයි. අහි ය, කණු ය, කටුලැහැබ් ය, කුඩා සැඬදිය හෙබ් ය, ප්‍රපාත ය, ස්යන්දනිකා ය, ගවරවළ ය යන මෙ හැම වළහයි. යම්බඳු නො මනා අස්නෙක හුන්නහු යම්බඳු ආගෝචරයෙක්හි සරන්නාහු, යම්බඳු ලමු මිතුරන් සෙවුනහු, විඥ සබ්‍රහ්මචාරීහු ලමු තන්හි ලා අවමන් කොට කල්පනා තෙරෙත් නම්, හේ එ බඳු නොමනා සෙනසුන් ද, එ අගෝචරස්ථාන ද, එ ලමු මිතුරන් ද නුවණින් ප්රත්යවේක්ෂා කොට වළහයි. මහණෙනි, යම් හෙයෙකින් පරිවර්ජනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, පරිවර්ජනා කරණ ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහීණවෙත් නම්, මෙ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
(5) කතමෙ ච භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා යෙ විනොදනාය පහීණා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං, නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. පටිසඞ්ඛා යොනිසො උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවික්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. යං හිස්ස භික්ඛවෙ අවිනොදයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා විනොදයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා යෙ විනොදනාය පහීනා හොන්ති.
(5) මහණෙනි, යමෙක් විනෝදනායෙන් (හැරලීමෙන්) ප්‍රහීණ වෙත් නම්, විනෝදනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට උපන් කාමවිතර්ක සිත්හි නො රඳවන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත (අවසන්) කරන්නේ ය, ක්‍රමයෙන් අභාවයට යවන්නේ ය. නුවණින් ප්රත්යවේක්ෂා කොට උපන් ව්‍යාපාද විතර්ක ... උපන් විහිංසා විතර්ක ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත කරන්නේ ය, අනභාවයට යවන්නේ ය. මහණෙනි, යම් හෙයෙකින් විනෝදනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, විනෝදනා කරණ ඔහට විඝාතපරිදාහකර ඒ ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්රහාතව්යහයි කියනු ලැබෙත්.
(6) කතමෙ ච භික්ඛවෙ ආසවා භාවනාය පහාතබ්බා යෙ භාවනාය පහීණා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසඞ්ඛා යොනිසො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවෙ අභාවයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා භාවයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා යෙ භාවනාය පහීනා හොන්ති.
(6) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, භාවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්රත්යවේක්ෂා කොට විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ව්යවසර්ගයට (නිවනට) නැමෙන සුලු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. නුවණින් ප්රත්යවේක්ෂා කොට ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත ව්යවසර්ගයට නැමෙනසුලු උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නො වඩනා ඔහට යම් හෙයකින් විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, වඩනා ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ භාවනායෙන් ප්රහාතව්යයහයි කියනු ලැබෙත්.
ඉමෙහි පඛා භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මෙ දහම් සයින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වේ ය යි.