යෙදුමෙන් කියවන්න

4. ආසවසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. ආසවසුත‍්තවණ‍්ණනා

4. ආසව සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සංවරා පහාතබ‍්බාති සංවරෙන පහාතබ‍්බා. සෙසෙසුපි එසෙව නයො. ඉධාති ඉමස‍්මිං සාසනෙ. පටිසඞ‍්ඛාති පටිසඤ‍්ජානිත්‍වා, පච‍්චවෙක‍්ඛිත්‍වාති අත්‍ථො. යොනිසොති උපායෙන පථෙන. එත්‍ථ ච අසංවරෙ ආදීනවපටිසඞ‍්ඛා යොනිසො පටිසඞ‍්ඛාති වෙදිතබ‍්බා. සා චායං “වරං, භික‍්ඛවෙ, තත‍්තාය අයොසලාකාය ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය චක‍්ඛුන්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, න ත්‍වෙව චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො”තිආදිනා ආදිත‍්තපරියායෙන (සං· නි· 4.235) වෙදිතබ‍්බා. චක‍්ඛුන්‍ද්‍රියසංවරසංවුතො විහරතීති එත්‍ථ චක‍්ඛුමෙව ඉන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියං, සංවරණතො සංවරො, පිදහනතො ථකනතොති වුත‍්තං හොති. සතියා එතං අධිවචනං. චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරො චක‍්ඛුන්‍ද්‍රියසංවරො. ජවනෙ උප‍්පජ‍්ජමානොපි හෙස තස‍්මිං ද‍්වාරෙ කිලෙසානං උප‍්පත‍්තිවාරණතො චක‍්ඛුන්‍ද්‍රියසංවරොති වුච‍්චති. සංවුතොති තෙන සංවරෙන උපෙතො. තථා හි “පාතිමොක‍්ඛසංවරසංවුතො”ති ඉමස‍්ස විභඞ‍්ගෙ “ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති…පෙ… සමන‍්නාගතො”ති වුත‍්තං. අථ වා සංවරීති සංවුතො, ථකෙසි පිදහීති වුත‍්තං හොති. චක‍්ඛුන්‍ද්‍රියසංවරසංවුතොති චක‍්ඛුන්‍ද්‍රියසංවරසඞ‍්ඛාතං සතිකවාටං චක‍්ඛුද‍්වාරෙ ඝරද‍්වාරෙ කවාටං විය සංවරි ථකෙසි පිදහීති වුත‍්තං හොති. අයමෙවෙත්‍ථ අත්‍ථො සුන්‍දරතරො. තථා හි “චක‍්ඛුන්‍ද්‍රියසංවරං අසංවුතස‍්ස විහරතො, සංවුතස‍්ස විහරතො”ති එතෙසු පදෙසු අයමෙවත්‍ථො දිස‍්සතීති.

සිවුවැන්නෙහි සංවරා පහාතබ්බා යනු සංවරයෙන් දුරුකළ යුතු වූයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, ඉධ යනු මෙම සසුනෙහියි, පටිසංඛා යනු මනාව දැන, ප්‍රත්‍යවෙක්ෂා කොට යන අරුත්ය, යොනිසො යනු ක්‍රමයෙන්, මාර්‍ගයෙන්ය, මෙහි ද අසංවරයෙහි ආදීනව විමසා බැලීම නුවණින් (උපායෙන්) විමසා බලායි දතයුතුය, මේ එයද “වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්‍රියං සම්පලිමට්ඨං නත්තෙව චක්ඛුවිඤ්ඤෙය්‍යසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො” යනාදි වූ ආදිත්තපරියායයෙන් දතයුතුය. චක්ඛුන්ද්‍රියසංවර සංවුතො විහරති යන මෙහි චක්ෂුවම ඉන්ද්‍රිය වූයේනුයි චක්ඛුන්ද්‍රිය නමි, සංවරකිරීම් වශයෙන් සංවරයයි, වැසීමෙන් ඇහැරීමෙනැයි කියන ලද්දේ වෙයි, මෙය සිහියට නමෙකි, චක්ෂූර්ඉන්ද්‍රියෙහි සංවරය චක්ඛුන්ද්‍රිය සංවරය නමි, ජවනයෙහි උපදිනු ලබන්නා වූ ද මෙය ඒ දොරටුවෙහි කෙලෙසුන්ගේ ඉපදීම වළහන බැවින් චක්ඛුන්ද්‍රිය සංවරයයි කියනු ලැබේ, සංවුතො යනු සංවරයෙන් යුක්ත වූයේයි, එසේ පාතිමොක්ඛසංවර සංවුතොති ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො”යි කියන ලදි, නැතහොත් සංවරි යනු සංවරවූයේය, වැළකීය, වැසීයයි කියන ලද්දේ වෙයි, චක්ඛුන්ද්‍රියසංවරසංවුතො යනු චක්ඛු ඉන්ද්‍රිය සංවර සංඛ්‍යාත වූ චක්ඛුද්වාරයෙහි සිහිය නමැති කවුළුව ගෙදොර කවුළුව මෙන් සංවර කළේය, වැසීය, වැළකී යයි කියන ලද්දේ වෙයි, මෙහි මේ අර්‍ත්‍ථයම වඩාත් සොඳුරුය, එහෙයින් “චක්ඛුන්ද්‍රිය සංවරං අසංවුතස්ස විහරතො සංවුතස්ස විහරතො” යන මේ පදයන්හි මේ අර්‍ත්‍ථයම දක්නා ලැබේ,

යං හිස‍්සාතිආදිම‍්හි යං චක‍්ඛුන්‍ද්‍රියසංවරං අස‍්ස භික‍්ඛුනො අසංවුතස‍්ස අථකෙත්‍වා අපිදහිත්‍වා විහරන‍්තස‍්සාති අත්‍ථො. යෙකාරස‍්ස වා එස යන‍්ති ආදෙසො, යෙ අස‍්සාති අත්‍ථො. ආසවා විඝාතපරිළාහාති චත‍්තාරො ආසවා ච අඤ‍්ඤෙ ච විඝාතකරා කිලෙසපරිළාහා විපාකපරිළාහා වා. චක‍්ඛුද‍්වාරස‍්මිඤ‍්හි ඉට‍්ඨාරම‍්මණං ආපාථගතං කාමස‍්සාදවසෙන අස‍්සාදයතො අභිනන්‍දතො කාමාසවො උප‍්පජ‍්ජති, “ඊදිසං අඤ‍්ඤස‍්මිම‍්පි සුගතිභවෙ ලභිස‍්සාමී”ති භවපත්‍ථනාය අස‍්සාදයතො භවාසවො උප‍්පජ‍්ජති, සත‍්තොති වා සත‍්තස‍්සාති වා ගණ‍්හතො දිට‍්ඨාසවො උප‍්පජ‍්ජති, සබ‍්බෙහෙව සහජාතං අඤ‍්ඤාණං අවිජ‍්ජාසවොති චත‍්තාරො ආසවා උප‍්පජ‍්ජන‍්ති. එතෙහි සම‍්පයුත‍්තා අපරෙ කිලෙසා විඝාතපරිළාහා ආයතිං වා තෙසං විපාකා තෙහිපි අසංවුතස‍්සෙව විහරතො උප‍්පජ‍්ජෙය්‍යුන‍්ති වුච‍්චන‍්ති. එවංස තෙති එවං අස‍්ස තෙ, එතෙනුපායෙන න හොන‍්ති, නො අඤ‍්ඤථාති වුත‍්තං හොති. පටිසඞ‍්ඛා යොනිසො සොතින්‍ද්‍රියසංවරසංවුතොතිආදීසුපි එසෙව නයො. ඉමෙ වුච‍්චන‍්ති ආසවා සංවරා පහාතබ‍්බාති ඉමෙසු ඡසු ද‍්වාරෙසු චත‍්තාරො චත‍්තාරො කත්‍වා චතුවීසති ආසවා සංවරෙන පහාතබ‍්බාති වුච‍්චන‍්ති.

යං හිස්ස යනාදියෙහි යම් චක්ඛුන්ද්‍රිය සංවරයක් වේද එය නොවසනාලද වසා වළක්වා හුන්නා වූ මේ භික්ෂුවගේ යන අර්‍ත්‍ථයයි, “ය” යන්නට මේ “සං” යන ආදේශයයි, යමෙක් මොහුගේ යන අරුත්ය. ආසවා විඝාකපරිළාහා යනු සතර ආශ්‍රවයෝ ද අන්‍යවූ දුක් ඇතිකරවනසුලු ක්ලෙශ පරිළාහයෝ හෝ විපාක පරිළාහයෝ හෝ යනුයි, චක්ඛුද්වාරයෙහි ආපාථයට පැමිණි ඉටු අරමුණ කාමාස්වාද වශයෙන් ආස්වාදය කරන්නාට, සතුටු වන්නාට කාමාසවය උපදියි, මෙබඳු වූවක් වෙනත් සුගති භවයක ද ලබන්නෙමැයි හවය පැතීම සඳහා සතුටු වන්නාට භවාසවය උපදියි. සත්ත්වයායි හෝ සත්ත්වයාගේයි ගන්නාට දිට්ඨාසවය උපදියි, සියල්ල සමඟ හටගත් නොදැනීම අවිජ්ජාසවය යනුවෙන් සිවු ආසවයෝ උපදිත්, ඔවුන් හා සමඟ යෙදුණු අනෙක් ක්ලෙශ සංඛ්‍යාත දුක් උපදවන පරිළාහයෝ හෝ අනාගතයෙහි විපාකයෝ ද යන මේවා ද අසංවරව වෙසෙන්නාට උපදින්නාහුයයි කියනු ලැබෙත්, එවංස තෙ යනු මෙසේ ඔහුට වෙයි. මේ උපායයෙන් නොවෙත්, වෙනත් අයුරකින් නොවෙත් යැයි කියන ලද්දේ වෙයි, පටිසංඛායොනිසො සොතින්ද්‍රියසංවරසංවුතො යනාදියෙහි ද මේ ක්‍රමයමයි, ඉමෙ වුච්චන්ති ආසවා සංවරා පහාතබ්බා යනු මේ දොරටු සයෙහි සතර සතර කොට සූවිසි ආසවයෝ සංවරයෙන් දුරු කළ යුත්තාහුයයි කියත්,

පටිසඞ‍්ඛා යොනිසො චීවරන‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.18) සීලකථාය වුත‍්තමෙව. යං හිස‍්සාති යඤ‍්හි චීවරං පිණ‍්ඩපාතාදීසු වා අඤ‍්ඤතරං අස‍්ස. අප‍්පටිසෙවතොති එවං යොනිසො අප‍්පටිසෙවන‍්තස‍්ස. ඉමස‍්මිං වාරෙ අලද‍්ධං චීවරාදිං පත්‍ථයතො ලද‍්ධං වා අස‍්සාදයතො කාමාසවස‍්ස උප‍්පත‍්ති වෙදිතබ‍්බා, ඊදිසං අඤ‍්ඤස‍්මිම‍්පි සුගතිභවෙ ලභිස‍්සාමීති භවපත්‍ථනාය අස‍්සාදයතො භවාසවස‍්ස, අහං ලභාමි න ලභාමීති වා මය‍්හං වා ඉදන‍්ති අත‍්තසඤ‍්ඤං අධිට‍්ඨහතො දිට‍්ඨාසවස‍්ස, සබ‍්බෙහෙව පන සහජාතො අවිජ‍්ජාසවොති එවං චතුන‍්නං ආසවානං උප‍්පත‍්ති විඝාතපරිළාහාව නවවෙදනුප‍්පාදනතොපි වෙදිතබ‍්බා. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, ආසවා පටිසෙවනා පහාතබ‍්බාති ඉමෙ එකමෙකස‍්මිං පච‍්චයෙ චත‍්තාරො චත‍්තාරො කත්‍වා සොළස ආසවා ඉමිනා ඤාණසංවරසඞ‍්ඛාතෙන පච‍්චවෙක‍්ඛණපටිසෙවනෙන පහාතබ‍්බාති වුච‍්චන‍්ති.

පටිසංඛායොනිසො චීවරං යනාදියෙහි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි සීලකථාවෙහි දී කියන ලද්දේය. යං හිස්ස යනු යම් සිවුරක් පිණ්ඩපාතාදියෙන් අන්‍යතරවූවක් වේද යනුයි, අපටිසෙවතො යනු මෙසේ නුවණින් නොසෙවුනා ලද්දහුටයි, මෙවර නොලද සිවුරු පතන්නහුට හෝ ලද සිවුර ආස්වාදය කරන්නාට කාමාසවයාගේ උපත දතයුතුය, වෙනත් සුගති භවයෙක්හි ද මෙබඳු වූවක් ලබන්නෙමැයි භවය පැතීම ආස්වාද කරන්නාට භවාසවය ද මම ලබමි, නොලබමියි හෝ මෙය මගේ යයි හෝ ආත්මසංඥාව ඉටන්නාට දිට්ඨාසවය ද මේ සියල්ල සමග එකට උපන් අවිජ්ජාසවයදැයි මේ සිවු ආසවයන්ගේ උපත විඝාතපරිළාහයමය (ඒ බව) නව වැදෑරුම් වෙදනාවන්ගේ හටගැනීමෙන් දතයුතුය. ඉමෙ වුච්චන්ති භික්ඛවේ ආසවා පටිසෙවනා පහාතබ්බා යනු එක් එක් ප්‍රත්‍යයෙහි සතර සතර (බැගින්) කොට ඇතිවන මේ සොළොස් ආසවයෝ මේ ඤාණසංවර සංඛ්‍යාත වූ ප්‍රත්‍යවෙක්ෂණය ඇසුරු කිරීමෙන් දුරු කළ යුත්තෝයි කියති.

පටිසඞ‍්ඛා යොනිසො ඛමො හොති සීතස‍්සාති උපායෙන පථෙන පච‍්චවෙක‍්ඛිත්‍වා ඛන‍්තා හොති සීතස‍්ස, සීතං ඛමති සහති, න අවීරපුරිසො විය අප‍්පමත‍්තකෙනපි සීතෙන චලති කම‍්පති කම‍්මට‍්ඨානං විජහති. උණ‍්හාදීසුපි එසෙව නයො. එත්‍ථ ච වචනමෙව වචනපථොති වෙදිතබ‍්බො. දුක‍්ඛානන‍්තිආදීසු දුක‍්ඛමනට‍්ඨෙන දුක‍්ඛා, බහලට‍්ඨෙන තිබ‍්බා, ඵරුසට‍්ඨෙන ඛරා, තිඛිණට‍්ඨෙන කටුකා, අස‍්සාදවිරහතො අසාතා, මනං අවඩ‍්ඪනතො අමනාපා, පාණහරණසමත්‍ථතාය පාණහරාති වෙදිතබ‍්බා. යං හිස‍්සාති සීතාදීසු යංකිඤ‍්චි එකධම‍්මම‍්පි අස‍්ස. අනධිවාසතොති අනධිවාසෙන‍්තස‍්ස අක‍්ඛමන‍්තස‍්ස. ආසවුප‍්පත‍්ති පනෙත්‍ථ එවං වෙදිතබ‍්බා – සීතෙන ඵුට‍්ඨස‍්ස උණ‍්හං පත්‍ථයතො කාමාසවො උප‍්පජ‍්ජති, එවං සබ‍්බත්‍ථ. “නත්‍ථි සුගතිභවෙ සීතං වා උණ‍්හං වා”ති භවං පත්‍ථෙන‍්තස‍්ස භවාසවො, මය‍්හං සීතං උණ‍්හන‍්ති ගාහො දිට‍්ඨාසවො, සබ‍්බෙහෙව සම‍්පයුත‍්තො අවිජ‍්ජාසවොති. ඉමෙ වුච‍්චන‍්තීති ඉමෙ සීතාදීසු එකමෙකස‍්ස වසෙන චත‍්තාරො චත‍්තාරො කත්‍වා අනෙකෙ ආසවා ඉමාය ඛන‍්තිසංවරසඞ‍්ඛාතාය අධිවාසනාය පහාතබ‍්බාති වුච‍්චන‍්තීති අත්‍ථො.

පටිසංඛායොනිසො ඛමො හොති සීතස්ස යනු උපායෙන් මාර්‍ගයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට ශීත ඉවසන්නේ වෙයි, ශීත උසුලයි ඉවසයි, වීර්යය ඇති පුරුෂයකු මෙන් සුළුවූ ද ශීතෙන් සැලෙයි කම්පාවෙයි, කමටහන අතහරියි. උෂ්ණාදියෙහිද මේ ක්‍රමයමයි, දුක්ඛානං යනාදියෙහි ඉවසීමට දුෂ්කරය යන අර්‍ත්‍ථයෙන් දුක්ය, ඝන යන අර්‍ත්‍ථයෙන් ලිස්සා (තීව්‍ර) නමි, ඵරුෂාර්ථයෙන් රළු (ඛරා) නමි, තීක්ෂණ යන අර්‍ත්‍ථයෙන් කටුක නමි, ආස්වාදවිරහිත බැවින් අඝාතාමන නමි, නොවැඩීමෙන් අමනාපා නමි, පණ ගැනීමට සමත් බැවින් පාණහරායි දතයුතුය. යං හිස්ස යන සීතාදිය අතුරින් යම්කිසි එක්දෙයකුදු වන්නේයි, අනධිවාසයතො යනු නොඉවසන්නාගේයි, නොඋසුලන්නාගේයි, මෙහි ආසවයන්ගේ උපත මෙසේ දතයුතුයි, සීතලෙන් පැහැසුණු උෂ්ණය පතන තැනැත්තාට කාමාසවය උපදියි, සියලු තැන්හි මෙසේය, සුගති භවයෙහි සීතලක් හෝ ඌෂ්ණයක් නැතැයි භවය පතන්නහුට භවාසවයයි, මගේ ශීතල මගේ උෂ්ණයයි ගැනීම දිට්ඨාසවයයි, සියල්ලෙන්ම යුක්තවූයේ අවිජ්ජාසවයයි. ඉමෙ වුච්චන්ති යනු ශීතාදියෙහි එක එක වශයෙන් සතර සතර බැගින් කොට නොයෙක් ආසවයෝ මේ ක්ෂාන්ති සංවර සංඛ්‍යාත වූ අධිවාසනාවෙන් (ඉවසීමෙන්) දුරුකළ යුත්තේයයි කියනු ලැබෙතියි අර්‍ත්‍ථයි,

පටිසඞ‍්ඛා යොනිසො චණ‍්ඩං හත්‍ථිං පරිවජ‍්ජෙතීති අහං සමණොති න චණ‍්ඩස‍්ස හත්‍ථිස‍්ස ආසන‍්නෙ ඨාතබ‍්බං. තතොනිදානඤ‍්හි මරණම‍්පි මරණමත‍්තම‍්පි දුක‍්ඛං භවෙය්‍යාති එවං උපායෙන පථෙන පච‍්චවෙක‍්ඛිත්‍වා චණ‍්ඩං හත්‍ථිං පරිවජ‍්ජෙති පටික‍්කමති. එස නයො සබ‍්බත්‍ථ. චණ‍්ඩන‍්ති දුට‍්ඨං වාළං. ඛාණුන‍්ති ඛදිරඛාණුකාදිං. කණ‍්ටකට‍්ඨානන‍්ති යත්‍ථ කණ‍්ටකා විජ‍්ඣන‍්ති, තං ඔකාසං. සොබ‍්භන‍්ති සබ‍්බතො ඡින‍්නතටං. පපාතන‍්ති එකතො ඡින‍්නතටං. චන්‍දනිකන‍්ති උච‍්ඡිට‍්ඨොදකගබ‍්භමලාදීනං ඡඩ‍්ඩනට‍්ඨානං. ඔළිගල‍්ලන‍්ති තෙසංයෙව කද‍්දමාදීනං සන්‍දනොකාසං. තං ජණ‍්ණුමත‍්තම‍්පි අසුචිභරිතං හොති. ද‍්වෙපි චෙතානි ඨානානි අමනුස‍්සුස‍්සදට‍්ඨානානි හොන‍්ති, තස‍්මා වජ‍්ජෙතබ‍්බානි. අනාසනෙති එත්‍ථ අයුත‍්තං ආසනං අනාසනං, තං අත්‍ථතො අනියතවත්‍ථුභූතං රහොපටිච‍්ඡන‍්නාසනන‍්ති වෙදිතබ‍්බං. අගොචරෙති එත්‍ථපි අයුත‍්තො ගොචරො අගොචරො. සො වෙසියාදිභෙදතො පඤ‍්චවිධො. පාපකෙ මිත‍්තෙති ලාමකෙ දුස‍්සීලෙ මිත‍්තපතිරූපකෙ අමිත‍්තෙ. පාපකෙසූති ලාමකෙසු. ඔකප‍්පෙය්‍යුන‍්ති සද‍්දහෙය්‍යුං අධිමුච‍්චෙය්‍යුං “අද‍්ධා අයමායස‍්මා අකාසි වා කරිස‍්සති වා”ති. යං හිස‍්සාති හත්‍ථිආදීසු යංකිඤ‍්චි එකම‍්පි අස‍්ස. ආසවුප‍්පත‍්ති පනෙත්‍ථ එවං වෙදිතබ‍්බා – හත්‍ථිආදිනිදානෙන දුක‍්ඛෙන ඵුට‍්ඨස‍්ස සුඛං පත්‍ථයතො කාමාසවො උප‍්පජ‍්ජති, “නත්‍ථි සුගතිභවෙ ඊදිසං දුක‍්ඛ”න‍්ති භවං පත්‍ථෙන‍්තස‍්ස භවාසවො, මං හත්‍ථී මද‍්දති මං අස‍්සොති ගාහො දිට‍්ඨාසවො, සබ‍්බෙහෙව සම‍්පයුත‍්තො අවිජ‍්ජාසවොති. ඉමෙ වුච‍්චන‍්තීති ඉමෙ හත්‍ථිආදීසු එකෙකස‍්ස වසෙන චත‍්තාරො චත‍්තාරො කත්‍වා අනෙකෙ ආසවා ඉමිනා සීලසංවරසඞ‍්ඛාතෙන පරිවජ‍්ජනෙන පහාතබ‍්බාති වුච‍්චන‍්ති.

පටිසඞ්ඛායොනිසො චණ්ඩං හත්‍ථිං පරිචජ්ජෙති යනු මම මහණෙක් වෙමැයි සැඬ ඇතෙකුගේ සමීපයෙහි නොසිටිය යුතුය, එය හේතුකොට ගෙන මරණය ද මරණය පමණ වූ දුක ද වන්නේය. මෙසේ උපායයෙන් මාර්‍ගයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට සැඬ ඇතු අතහැර සිටියි ඉවත්වයයි, සියලු තැන්හි මේ ක්‍රමයයි, චණ්ඩං යනු දුෂ්ටවූයි දරුණු වූයි, ඛාණුං යනු කිහිරිකණු ආදියයි: කණ්ඨ කාධානං යනු යම්තැනක කටු ඇනෙත් ද එතැනයි, සොබ්හං යනු සර්‍වප්‍රකාරයෙන් සිඳුණු ඉවුරයි, පපාතං යනු එක්පසකින් සිඳුණු ඉවුරයි. චන්දනිකං යනු ඉඳුල්දිය, ගැබ්මල ආදිය ඉවතලන තැනයි, ඔළිගල්ලං යනු ඒවායේම මඩ ආදිය වැගිරෙන තැනයි, එය දණක් පමණ වූ අසූචියෙන් පිරුණේ වෙයි, මේ තැන් දෙකක් අමනුෂ්‍යයන් බහුලව ගැවසෙන තැන් වෙත්, එහෙයින් දුරුකළයුතුය. අනාසනෙ යනු නොසුදුසු අසුන අනාසන නමි, එය අර්‍ත්‍ථ වශයෙන් අනිශ්චිත වස්තුවක් වූ රහසෙහි සැඟවී ඇති අසුනකැයි දතයුතුය. අගොචරො යනු මෙහි ද නොසුදුසු ගොදුරු බිම අගොචර නමි. එය වෛශ්‍යා ආදී භේදයන් පස්වැදෑරුම්ය. පාපකෙ මිත්තෙ යනු ලාමක වූ දුසිල් වූ මිත්‍ර ප්‍රතිරූපක වූ නොමිතුරන්ය, පාපකෙසු යනු ලාමකවූවන් කෙරෙහියි, ඔකප්පෙය්‍යුං යනු ඒකාන්තයෙන්ම මේ ආයුෂ්මත් තෙමේ කළේය හෝ කරයි හෝ යනුවෙන් අදහන්නාහුය, නිශ්චය කරන්නාහුය, යංහිස්ස යනු ඇත් ආදීන් අතුරෙහි කිසියම් එකක්වත් වන්නේය, මෙහි ආසවයන්ගේ හටගැනීම මෙසේ දතයුතුය, ඇත් ආදීන් හේතුකොටගෙන දුකින් පැහැරුණු තැනැත්තේ සුවය පතන්නේ කාමාසවය උපදියි, සුගති භවයෙහි මෙබඳු දුකක් නැතැයි භවය පතන්නාට භවාසවය වෙයි, ඇතා මා මඬියි අශ්වයා මා මඬියි යනුවෙන් ග්‍රහණය කරන්නාට දිට්ඨාසවයයි. සියල්ලෙන් යෙදුනේ අවිජ්ජාසවයයි. ඉමෙ වුච්චන්ති යනු මේ ඇත් ආදීන් කෙරෙහි එකිනෙකාගේ වශයෙන් සතර සතර (බැගින්) කොට නොයෙක් ආශ්‍රවයෝ මේ සංවර සංඛ්‍යාත වූ දුරලීමෙන් ඉවත්කළ යුතුයයි කියනු ලැබෙත්.

පටිසඞ‍්ඛා යොනිසො උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතීති “ඉතිපායං විතක‍්කො අකුසලො, ඉතිපි සාවජ‍්ජො, ඉතිපි දුක‍්ඛවිපාකො, සො ච ඛො අත‍්තබ්‍යාබාධාය සංවත‍්තතී”තිආදිනා (ම· නි· 1.207-208) නයෙන යොනිසො කාමවිතක‍්කෙ ආදීනවං පච‍්චවෙක‍්ඛිත්‍වා තස‍්මිං තස‍්මිං ආරම‍්මණෙ උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති, චිත‍්තං ආරොපෙත්‍වා න වාසෙති, අබ‍්භන‍්තරෙ වා න වාසෙතීති අත්‍ථො. අනධිවාසෙන‍්තො කිං කරොතීති? පජහති. කිං කචවරං විය පිටකෙනාති? න හි, අපි ච ඛො නං විනොදෙති තුදති විජ‍්ඣති නීහරති. කිං බලිබද‍්දං විය පතොදෙනාති? න හි, අථ ඛො නං බ්‍යන‍්තීකරොති විගතන‍්තං කරොති, යථාස‍්ස අන‍්තොපි නාවසිස‍්සති අන‍්තමසො භඞ‍්ගමත‍්තම‍්පි, තථා නං කරොති. කථං පන නං තථා කරොතීති? අනභාවං ගමෙති අනු අනු අභාවං ගමෙති, වික‍්ඛම‍්භනප‍්පහානෙන යථා සුවික‍්ඛම‍්භිතො හොති, තථා කරොති. සෙසවිතක‍්කද‍්වයෙපි එසෙව නයො. උප‍්පන‍්නුප‍්පන‍්නෙති උප‍්පන‍්නෙ උප‍්පන‍්නෙ, උප‍්පන‍්නමත‍්තෙයෙවාති වුත‍්තං හොති. සකිං වා උප‍්පන‍්නෙ විනොදෙත්‍වා දුතියෙ වාරෙ අජ‍්ඣුපෙක‍්ඛිතා න හොති, සතක‍්ඛත‍්තුම‍්පි උප‍්පන‍්නෙ උප‍්පන‍්නෙ විනොදෙතියෙව. පාපකෙ අකුසලෙ ධම‍්මෙති තෙයෙව කාමවිතක‍්කාදයො, සබ‍්බෙපි වා නව මහාවිතක‍්කෙ. තත්‍ථ තයො වුත‍්තා, අවසෙසා “ඤාතිවිතක‍්කො, ජනපදවිතක‍්කො, අමරාවිතක‍්කො, පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො, ලාභසක‍්කාරසිලොකප‍්පටිසංයුත‍්තො විතක‍්කො, අනවඤ‍්ඤත‍්තිප‍්පටිසංයුත‍්තො විතක‍්කො”ති (මහානි· 207) ඉමෙ ඡ. යං හිස‍්සාති එතෙසු විතක‍්කෙසු යංකිඤ‍්චි අස‍්ස. කාමවිතක‍්කො පනෙත්‍ථ කාමාසවො එව, තබ‍්බිසෙසො භවාසවො, තංසම‍්පයුත‍්තො දිට‍්ඨාසවො, සබ‍්බවිතක‍්කෙසු අවිජ‍්ජා අවිජ‍්ජාසවොති එවං ආසවුප‍්පත‍්ති වෙදිතබ‍්බා. ඉමෙ වුච‍්චන‍්තීති ඉමෙ කාමවිතක‍්කාදිවසෙන වුත‍්තප‍්පකාරා ආසවා ඉමිනා තස‍්මිං තස‍්මිං විතක‍්කෙ ආදීනවපච‍්චවෙක‍්ඛණසහිතෙන වීරියසංවරසඞ‍්ඛාතෙන විනොදනෙන පහාතබ‍්බාති වුච‍්චන‍්ති.

පටිසඞ්ඛායොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති යනු මෙසේ ද මේ විතර්‍කය අකුශලයකි, මෙසේ ද වරදකි, මෙසේ ද දුක්විපාක ඇත්තකි, එය තමාට ව්‍යසනය සඳහා පවතියි යනාදි ක්‍රමයෙන් නුවණින් කාමවිතර්‍කයෙහි ප්‍රත්‍යවෙක්ෂා කොට ඒ ඒ අරමුණෙහි උපන් කාමවිතර්‍කය නොයිවසයි, සිත නංවා තහවරු නොකරයි, අභ්‍යන්තරයෙහි හෝ තහවුරුව නොපවත්වයි, යන අරුත්ය. නොඉවසන්නේ කුමක් කරයිද? පජහති යනු දුරුකරයි, කිම කූඩයකින් කසල මෙන්ද? නැත. එතකුදුවුවත් එය විනොදෙති පීඩාකරයි, විදියි, බැහැර කරයි, කිම කෙවිටෙන් ගොනකු මෙන්ද? නැත. එහෙත් එය ව්‍යන්තී කරොති නැති කරයි. දුරුකරයි. යම්සේ ඔහුගේ ඇතුළත ද ඉතිරි නොවේද? යටත් පිරිසෙයින් හවංග මාත්‍රයක්වත් නොපවතී ද එසේ කරයි, කෙසේ නම් එයට එසේ කරයිද? අනභාවං ගමෙති විෂ්කම්හන ප්‍රහානයෙන් නැති බවට පමුණුවයි, යම්සේ මනාව යටපත් කරන ලද්දේ ද එසේ කරයි, සෙසු විතර්‍ක දෙකෙහි ද මේ ක්‍රමයමයි, උප්පනනුප්පනෙන යනු උපනුපන් යනුයි, උපන් පමණෙහිමයයි කියන ලද්දේ වෙයි, එක්වරක් උපන් දේ බැහැරකොට දෙවැනි වාරයෙහි මැදහත් වූයේ නොවෙයි, සියවරක් වුවද උපනුපන් දෙය දුරුකරන්නේමය, පාපකෙ අකුසල ධම්මෙ යනු ඒ කාමවිතර්‍කාදීහුමයි, සියලු නව මහා විතර්‍කයෝ හෝ වෙත්. එහි විතර්‍ක තුනක් කියන ලදි, සෙසු විතර්‍කයන් අතුරෙහි ඤාති විතක්ක ජනපදවිතක්ක අමරවිතක්ක පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක ලාභසක්කාරසිලොකපටිසංයුත්ත විතක්ක අනවඤ්ඤත්තිපටිසංයුත්ත විතක්ක යනු මේ විතර්‍ක සයයි. යංහිස්ස යනු මේ විතර්‍කයන් අතුරින් යම්කිසිවක් වන්නේයි, කාම විතර්‍කය වනාහි මෙහි කාමාසවයමයි, එයින් විශේෂ වූ භවාසවය ඒ සමග යෙදුණු දිට්ඨාසවය සියලු විතර්‍කයන්හි අවිද්‍යාව අවිජ්ජාසවය යැයි මෙසේ ආසව උත්පත්තිය දතයුතුය, ඉමෙ වුච්චන්ති යනු මේ කාම විතර්‍කාදී වශයෙන් කියන ලද ආකාර ඇති ආසවයෝ ඒ ඒ විතර්‍කයෙහි ආදීනවයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම් සහිත වූ මේ වීර්‍ය්‍යය සංඛ්‍යාත දුරුකිරීමෙන් ඉවත්කළ යුතුයයි කියනු ලැබෙත්,

පටිසඞ‍්ඛා යොනිසො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතීති අභාවනාය ආදීනවං භාවනාය ච ආනිසංසං උපායෙන පථෙන පච‍්චවෙක‍්ඛිත්‍වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති. එසෙව නයො සබ‍්බත්‍ථ. බොජ‍්ඣඞ‍්ගානං භාවනා හෙට‍්ඨා විත්‍ථාරිතාව. යං හිස‍්සාති එතෙසු බොජ‍්ඣඞ‍්ගෙසු යංකිඤ‍්චි අස‍්ස. ආසවුප‍්පත‍්තියං පනෙත්‍ථ ඉමෙසං අරියමග‍්ගසම‍්පයුත‍්තානං බොජ‍්ඣඞ‍්ගානං අභාවිතත‍්තා යෙ උප‍්පජ‍්ජෙය්‍යුං කාමාසවාදයො ආසවා, භාවයතො එවංස තෙ න හොන‍්තීති අයං නයො වෙදිතබ‍්බො. ඉමෙ වුච‍්චන‍්තීති ඉමෙ කාමාසවාදයො ආසවා ඉමාය ලොකුත‍්තරාය බොජ‍්ඣඞ‍්ගභාවනාය පහාතබ‍්බාති වුච‍්චන‍්ති. ඉමෙහි ඡහාකාරෙහි පහීනාසවං භික‍්ඛුං ථොමෙන‍්තො යතො ඛො, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ යතොති සාමිවචනෙ තො-කාරො, යස‍්සාති වුත‍්තං හොති. පොරාණා පන යම‍්හි කාලෙති වණ‍්ණයන‍්ති. යෙ ආසවා සංවරා පහාතබ‍්බා, තෙ සංවරා පහීනා හොන‍්තීති යෙ ආසවා සංවරෙන පහාතබ‍්බා, තෙ සංවරෙනෙව පහීනා හොන‍්ති, න අප‍්පහීනෙසුයෙව පහීනසඤ‍්ඤී හොතීති.

පටිසංඛායොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති යනු භාවනා නොකිරීමෙහි ආදීනවය ද භාවනා කිරීමෙහි ආනිසංශය ද උපායයෙන් මාර්‍ගයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට සතිසම්බොධ්‍යංගය වඩයි, සියලු තන්හි මේ ක්‍රමයයි, මේ බොධ්‍යඞ්ග භාවනාව යට විස්තර කරන ලද්දේමය, යං හිස්ස යනු බෝධ්‍යඞ්ගයන්හි යම් කිසිවක් වන්නේයි, මෙහි ආසව උත්පත්තියෙහි මේ ආර්‍ය්‍ය මාර්‍ය්‍යගයෙන් යුක්ත වූ බොධ්‍යංගයන් නොවඩන ලද බැවින් යම් කාමාසවාදීහු උපදිත්ද ඒ බෝධ්‍යංගයන් වඩන්නාට ඒ ආශ්‍රවයෝ නොවෙත් යන මේ ක්‍රමය දතයුතුය. ඉමෙ වුච්චන්ති යනු බොධ්‍යංග භාවනාවෙන් දුරුකළ යුතුයයි කියනු ලැබෙත්, මේ සය ආකාරයෙන් ප්‍රහීන කරනලද ආශ්‍රව ඇති භික්ෂුව පසසමින් “යතො ඛො භික්ඛවෙ” යනාදිය කී සේක. එහි යතො යන්නෙහි තොකාරය සම්බන්‍ධර්‍ත්‍ථයෙහිය, යමෙකුගේයි කියන ලද්දේ වෙයි. පොරාණයො වනාහි යම් කලෙකයි අර්‍ත්‍ථ කියත්. යෙ ආසවා සංවරා පහාතබ්බා තෙ සංවරා පහීනා හොන්ති යනු යම් ආශ්‍රවයෝ සංවරයෙන් පහකළ යුත්තාහුද ඔවුහු සංවරයෙන්ම ප්‍රහීනවෙත්, ප්‍රහීන නොවූ කල්හි ප්‍රහීනයයි සංඥා ඇත්තේ නොවෙයි.