යෙදුමෙන් කියවන්න

5. දාරුකම‍්මික සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. දාරුකම‍්මික සුත‍්තවණ‍්ණනා

5. දාරුකම්මික සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ දාරුකම‍්මිකොති දාරුවික‍්කයෙන පවත‍්තිතාජීවො එකො උපාසකො. කාසිකචන්‍දනන‍්ති සණ‍්හචන්‍දනං. අඞ‍්ගෙනාති අගුණඞ‍්ගෙන, සුක‍්කපක‍්ඛෙ ගුණඞ‍්ගෙන. නෙමන‍්තනිකොති නිමන‍්තනං ගණ‍්හනකො. සඞ‍්ඝෙ දානං දස‍්සාමීති භික‍්ඛුසඞ‍්ඝස‍්ස දස‍්සාමි. සො එවං වත්‍වා සත්‍ථාරං අභිවාදෙත්‍වා පක‍්කාමි. අථස‍්ස අපරභාගෙ පඤ‍්චසතා කුලූපකා භික‍්ඛූ ගිහිභාවං පාපුණිංසු. සො “කුලූපකභික‍්ඛූ තෙ විබ‍්භන‍්තා”ති වුත‍්තෙ “කිං එත්‍ථ මය‍්හ”න‍්ති වත්‍වා චිත‍්තුප‍්පාදවෙමත‍්තමත‍්තම‍්පි න අකාසි. ඉදං සන්‍ධාය සත්‍ථා සඞ‍්ඝෙ තෙ දානං දදතො චිත‍්තං පසීදිස‍්සතීති ආහ.

පස්වැන්නෙහි දාරුකම්මිකො යනු දැව විකිණීමෙන් පවත්වන ලද ජීවිකාව ඇති එක් උවසුවෙකි, කාසිකචන්දනං යනු සියුම් සඳුනයි, අඞ්ගෙන යනු අගුණ අංගයෙනි, යහපත් අංශයෙහි ගුණාංගයෙනි, නෙමන්තණිකො යනු නිමන්ත්‍රණය ගන්නායි, සඞ්ඝෙ දානානි දස්සාමි යනු භික්ෂු සංඝයාට දෙන්නෙමියි, හෙතෙම එසේ කියා ශාස්තෲන් වහන්සේ වැඳ පිටත්ව ගියේය. ඉක්බිති පසුකලෙක පන්සියයක් කුලුපග භික්ෂූහු ගිහි බවට පත්වූවාහුය, හෙතෙම “ඔබගේ කුලූපග භික්ෂූහු උපැවිදි වූහ”යි කී කල්හි එහි මට කවර වැඩක්දැයි කියා සිතෙහි විමති මාත්‍රයකුදු නොකළේය, මේ සඳහා ශාස්තෲන් වහන්සේ “සංඝෙ තෙ දානං දදතො චිත්තං පසීදිස්සති”යි වදාළ සේක.

6. හත්‍ථිසාරිපුත‍්ත සුත‍්තවණ‍්ණනා

6. හත්ථිසාරිපුත්ත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අභිධම‍්මකථන‍්ති අභිධම‍්මමිස‍්සකං කථං. කථං ඔපාතෙතීති තෙසං කථං විච‍්ඡින්‍දිත්‍වා අත‍්තනො කථං කථෙති. ථෙරානං භික‍්ඛූනන‍්ති කරණත්‍ථෙ සාමිවචනං, ථෙරෙහි භික‍්ඛූහි සද‍්ධින‍්ති අත්‍ථො. යා ච ථෙරානං අභිධම‍්මකථා, තං අයම‍්පි කථෙතුං සක‍්කොතීති අත්‍ථො. චෙතොපරියායන‍්ති චිත‍්තවාරං. ඉධාති ඉමස‍්මිං ලොකෙ. සොරතසොරතොති සූරතො විය සූරතො, සොරච‍්චසමන‍්නාගතො වියාති අත්‍ථො. නිවාතනිවාතොති නිවාතො විය නිවාතො, නිවාතවුත‍්ති වියාති අත්‍ථො. උපසන‍්තුපසන‍්තොති උපසන‍්තො විය උපසන‍්තො. වපකස‍්සතෙව සත්‍ථාරාති සත්‍ථු සන‍්තිකා අපගච‍්ඡති. සංසට‍්ඨස‍්සාති පඤ‍්චහි සංසග‍්ගෙහි සංසට‍්ඨස‍්ස. විස‍්සට‍්ඨස‍්සාති විස‍්සජ‍්ජිතස‍්ස. පාකතස‍්සාති පාකතින්‍ද්‍රියස‍්ස.

සවැන්නෙහි අභිධම්මකථං යනු අභිධර්‍මය මුසුවූ කථාවයි, කථං ඔපාතෙති යනු ඔවුන්ගේ කථාව සිඳ තමන්ගේ කතාව කියයි, ථෙරානං භික්ඛූනං යනු කරණාර්‍ත්‍ථයෙහි සම්බන්ධ විභක්තියි, ස්ථවිර භික්ෂුන් සමඟ යන අරුත්ය, ස්ථවිර භික්ෂූන්ගේ යම් අභිධර්‍ම කථාවක් වේද මෙතෙමේත් එය කීමට හැක්කේයයි අර්‍ත්‍ථයයි, චෙතොපරියායං යනු සිතේ හැසිරීමයි, ඉධ යනු මෙලොවෙහියි, සුරතසුරතො යනු සුරතයෙකු මෙන් සුරතවූයේයි, සුරතභාවයෙන් යුක්තවූවකු මෙනැයි අරුත්ය, නිවාතනිවාතො යනු හික්මුණකු මෙන් නික්මුණේයි හික්මුණු පැවැත්ම ඇත්තකු මෙනැයි අරුත්ය, උපසන්තුපසන්තො යනු උපශාන්තවූවකු මෙන් උපශාන්ත වූයේයි, වපකස්සතෙව සත්‍ථාරා යනු, ශාස්තෲන් වහන්සේගේ සමීපයෙන් ඉවත්ව යයි, සංසට්ඨස්ස යනු සංසර්‍ග පසින් ඇසුරු කරන ලද්දහුගේයි, විස්සට්ඨස්ස යනු අත්හරනා ලද්දහුගේයි, පාකතස්ස යනු අසංවර ඉන්ද්‍රිය ඇත්තහුගේයි.

කිට‍්ඨාදොති කිට‍්ඨඛාදකො. අන‍්තරධාපෙය්‍යාති නාසෙය්‍ය. ගොපසූති ගාවො ච අජිකා ච. සිප‍්පිසම‍්බුකන‍්ති සිප‍්පියො ච සම‍්බුකා ච. සක‍්ඛරකඨලන‍්ති සක‍්ඛරා ච කඨලානි ච. ආභිදොසිකන‍්ති අභිඤ‍්ඤාතදොසං කුද්‍රූසකභොජනං. නච‍්ඡාදෙය්‍යාති න රුච‍්චෙය්‍ය. තත්‍ථ යදෙතං පුරිසං භුත‍්තාවින‍්ති උපයොගවචනං, තං සාමිඅත්‍ථෙ දට‍්ඨබ‍්බං. අමුං හාවුසො, පුරිසන‍්ති, ආවුසො, අමුං පුරිසං.

කිට්ඨාදො යනු ධාන්‍ය කන්නායි, අන්තරධාපෙය්‍ය යනු නසන්නේය, ගොපසු යනු ගවයා ද එළුවා ද වේ, සිප්පිසම්බුකං යනු සිප්පිකටු හා හක්ගෙඩියි, සක්ඛරකඨලං යනු ගල්කැට කැබලිතියි, ආභිදොසියං යනු දන්නා ලද දොස් ඇතියි, කුරක්කන් භොජනයයි, නච්ඡාදෙය්‍ය යනු කැමති නොවන්නේය, එහි යම්මේ පුරිසං භූත්තාවිං යනු උපයොග වචනයයි. එය සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි දැක්විය යුතුයි, අමුං හාවුසො පුරිසං යනු ඇවැත්නි, මේ පුරුෂයායි,

සබ‍්බනිමිත‍්තානන‍්ති සබ‍්බෙසං නිච‍්චනිමිත‍්තාදීනං නිමිත‍්තානං. අනිමිත‍්තං චෙතොසමාධින‍්ති බලවවිපස‍්සනාසමාධිං. චීරිකසද‍්දොති ඣල‍්ලිකසද‍්දො. සරිස‍්සති නෙක‍්ඛම‍්මස‍්සාති පබ‍්බජ‍්ජාය ගුණං සරිස‍්සති. අරහතං අහොසීති භගවතො සාවකානං අරහන‍්තානං අන‍්තරෙ එකො අරහා අහොසි. අයඤ‍්හි ථෙරො සත‍්ත වාරෙ ගිහී හුත්‍වා සත‍්ත වාරෙ පබ‍්බජි. කිං කාරණා? කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ කිරෙස එකස‍්ස භික‍්ඛුනො ගිහිභාවෙ වණ‍්ණං කථෙසි. සො තෙනෙව කම‍්මෙන අරහත‍්තස‍්ස උපනිස‍්සයෙ විජ‍්ජමානෙයෙව සත‍්ත වාරෙ ගිහිභාවෙ ච පබ‍්බජ‍්ජාය ච සඤ‍්චරන‍්තො සත‍්තමෙ වාරෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණීති.

සබ්බනිමිත්තානං යනු සියලු නිත්‍ය නිමිත්තාදී වූ නිමිතිවලයි, අනිමිත්තං චෙතොසමාධිං යනු බලවත් විදර්‍ශනා සමාධියයි, චිළිරියසද්දො යනු රැහැයි හඬයි, සරිස්සති නෙක්ඛම්මස්ස යනු පැවිද්දෙහි ගුණ සිහි කරන්නේය, අරහතං අහොසි යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතුන් අතුරෙහි එක් රහත් කෙනෙක් වූහ. මේ තෙරුන් වහන්සේ සත්වරක් ගිහිවී සත්වරෙක පැවිදි වූයේය, කවර කරුණකින්ද? කාශ්‍යප සම්බුදුන් වහන්සේගේ කාලයෙහි එක් භික්ෂුවකට ගිහි බවෙහි ගුණ කීහ. හෙතෙම ඒ කර්‍මයෙන් රහත්බවට හේතුසම්පත් ඇති කල්හි ද සත්වරක් ගිහිබවෙහි ද පැවිදිබවෙහි ද හැසිරෙන්නේ සත්වැනිවර පැවිදිව රහත්බවට පැමිණියේය.

7. මජ‍්ඣෙසුත‍්තවණ‍්ණනා

7. මජ්ඣෙ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පාරායනෙ මෙත‍්තෙය්‍යපඤ‍්හෙති පාරායනසමාගමම‍්හි මෙත‍්තෙය්‍යමාණවස‍්ස පඤ‍්හෙ. උභොන‍්තෙ විදිත්‍වානාති ද‍්වෙ අන‍්තෙ ද‍්වෙ කොට‍්ඨාසෙ ජානිත්‍වා. මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පතීති මන‍්තා වුච‍්චති පඤ‍්ඤා, තාය උභො අන‍්තෙ විදිත්‍වා මජ‍්ඣෙ න ලිප‍්පති, වෙමජ‍්ඣෙට‍්ඨානෙ න ලිප‍්පති. සිබ‍්බනිමච‍්චගාති සිබ‍්බනිසඞ‍්ඛාතං තණ‍්හං අතීතො. ඵස‍්සොති ඵස‍්සවසෙන නිබ‍්බත‍්තත‍්තා අයං අත‍්තභාවො. එකො අන‍්තොති අයමෙකො කොට‍්ඨාසො. ඵස‍්සසමුදයොති ඵස‍්සො සමුදයො අස‍්සාති ඵස‍්සසමුදයො, ඉමස‍්මිං අත‍්තභාවෙ කතකම‍්මඵස‍්සපච‍්චයා නිබ‍්බත‍්තො අනාගතත‍්තභාවො. දුතියො අන‍්තොති දුතියො කොට‍්ඨාසො. ඵස‍්සනිරොධොති නිබ‍්බානං. මජ‍්ඣෙති සිබ‍්බිනිතණ‍්හං ඡෙත්‍වා ද‍්විධාකරණට‍්ඨෙන නිබ‍්බානං මජ‍්ඣෙ නාම හොති. තණ‍්හා හි නං සිබ‍්බතීති තණ‍්හා නං අත‍්තභාවද‍්වයසඞ‍්ඛාතං ඵස‍්සඤ‍්ච ඵස‍්සසමුදයඤ‍්ච සිබ‍්බති ඝට‍්ටෙති. කිං කාරණා? තස‍්ස තස‍්සෙව භවස‍්ස අභිනිබ‍්බත‍්තියා. යදි හි තණ‍්හා න සිබ‍්බෙය්‍ය, තස‍්ස තස‍්ස භවස‍්ස නිබ‍්බත‍්ති න භවෙය්‍ය. ඉමස‍්මිං ඨානෙ කොටිමජ‍්ඣිකූපමං ගණ‍්හන‍්ති. ද‍්වින‍්නඤ‍්හි කණ‍්ඩානං එකතො කත්‍වා මජ‍්ඣෙ සුත‍්තෙන සංසිබ‍්බිතානං කොටි මජ‍්ඣන‍්ති වුච‍්චති. සුත‍්තෙ ඡින‍්නෙ උභො කණ‍්ඩානි උභතො පතන‍්ති. එවමෙත්‍ථ කණ‍්ඩද‍්වයං විය වුත‍්තප‍්පකාරා ද‍්වෙ අන‍්තා, සිබ‍්බිත්‍වා ඨිතසුත‍්තං විය තණ‍්හා, සුත‍්තෙ ඡින‍්නෙ කණ‍්ඩද‍්වයස‍්ස උභතොපතනං විය තණ‍්හාය නිරුද‍්ධාය අන‍්තද‍්වයං නිරුද‍්ධමෙව හොති. එත‍්තාවතාති එත‍්තකෙන ඉමිනා උභො අන‍්තෙ විදිත්‍වා තණ‍්හාය මජ‍්ඣෙ අනුපලිත‍්තභාවෙන අභිඤ‍්ඤෙය්‍යං චතුසච‍්චධම‍්මං අභිජානාති නාම, තීරණපරිඤ‍්ඤාය ච පහානපරිඤ‍්ඤාය ච පරිජානිතබ‍්බං ලොකියසච‍්චද‍්වයං පරිජානාති නාම. දිට‍්ඨෙව ධම‍්මෙති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. දුක‍්ඛස‍්සන‍්තකරො හොතීති වට‍්ටදුක‍්ඛස‍්ස කොටිකරො පරිච‍්ඡෙදපරිවටුමකරො හොති නාම.

සත්වැන්නෙහි පාරායනෙ මෙත්තෙය්‍යපඤ්හෙ යනු පාරායන සමාගමෙහි මෙත්තෙය්‍ය මානවකයාගේ ප්‍රශ්නයෙහියි, උභන්තෙ විදිත්වාන යනු දෙකෙළවර, දෙකොටසක් දැනයි, මජ්ඣෙ මන්තා න ලිප්පති යනු මන්ත යැයි කියනුයේ ප්‍රඥාවයි, එම ප්‍රඥාවෙන් දෙකෙළවර දැන මැද නොතැවරෙයි, මැදි තන්හි නොතැවරෙයි, සිබ්බනිමච්චගා යනු සිබ්බනි (මැසීම්, ගැටලීම්) සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්මවූයේයි, ඵස්සො යනු ස්පර්‍ශ වශයෙන් උපන් බැවින් මේ ආත්මභාවයයි, එකො අන්තො යනු මේ එක් කොටසයි, ඵස්සසමුදයො යනු ස්පර්‍ශය නමැති හටගැනීම මොහුගේනුයි “ඵස්සසමුදයො” නමි, මේ අත්බැව්හි කළ කර්‍මස්පර්‍ශය හේතුකොට ගෙන හටගත් අනාගත ආත්මභාවයයි, දුතියො අන්තො යනු මේ දෙවැනි කොටසයි, ඵස්සනිරොධො යනු නිවනයි, මජ්ඣෙ යනු සිබ්බනිසංඛ්‍යාත තෘෂ්ණාව බිඳ දෙකඩකිරීම් අරුතින් නිවන මජ්ඣෙ නම් වෙයි, තණ්හා හී නං සිබ්බති යනු තෘෂ්ණාව ඒ ආත්මභාව දෙක නමැති ස්පර්‍ශයත් ස්පර්‍ශසමුදයත් මසයි, ගැටලයි, කවර කරුණින්ද යත්? තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා යනු ඉදින් තෘෂ්ණාව එකට ගැටනොලයිද ඒ ඒ භවයාගේ උපතක් සිඳුනොවන්නේය, මෙතැන්හි කොටිමජ්ඣික උපමාව ගනිත්, හීදඬු දෙකක් එක්කොට මැද නුලෙන් මසන ලද්ද “කොටිමජ්ඣං”යි කියනු ලැබේ, නුල කැඩුණු විට හීදඬු දෙක දෙපසින් වැටෙයි, මෙසේම හීදඬු දෙක මෙන් කියන ලද ආකාර ඇති අන්ත දෙක මසා සිටි නුල මෙන් තෘෂ්ණාවයි, නූල සිඳුණුවිට හීදඬු දෙක දෙපසින් වැටීම මෙන් තෘෂ්ණාව නැති වූ විට දෙකෙළවර නැතිවූයේම වෙයි, එත්තාවතා යනු මෙපමණකින් මෙයින් දෙකෙළවර දැන තෘෂ්ණාවෙන් මැද නොතැවරීමෙන් දතයුතු සිවුසස් දහම් මනාව දනියි, තීරණ පරිඤ්ඤාවෙන් ද පහාන පරිඤ්ඤාවෙන් ද දතයුතු ලෞකික සත්‍ය දෙක දනියි නමි. දිට්ඨෙව ධම්මෙ යනු මේ අත්බැව්හිමයි, දුක්ඛස්සන්තකරො හොති යනු සසර දුක කෙළවර කරන්නේ සිඳ සුන්කරන්නේ වෙයි නමි,

දුතියවාරෙ තිණ‍්ණං කණ‍්ඩානං වසෙන උපමා වෙදිතබ‍්බා. තිණ‍්ණඤ‍්හි කණ‍්ඩානං සුත‍්තෙන සංසිබ‍්බිතානං සුත‍්තෙ ඡින‍්නෙ තීණි කණ‍්ඩානි තීසු ඨානෙසු පතන‍්ති, එවමෙත්‍ථ කණ‍්ඩත‍්තයං විය අතීතානාගතපච‍්චුප‍්පන‍්නා ඛන්‍ධා, සුත‍්තං විය තණ‍්හා. සා හි අතීතං පච‍්චුප‍්පන‍්නෙන, පච‍්චුප‍්පන‍්නඤ‍්ච අනාගතෙන සද‍්ධිං සංසිබ‍්බති. සුත‍්තෙ ඡින‍්නෙ කණ‍්ඩත‍්තයස‍්ස තීසු ඨානෙසු පතනං විය තණ‍්හාය නිරුද‍්ධාය අතීතානාගතපච‍්චුප‍්පන‍්නා ඛන්‍ධා නිරුද‍්ධාව හොන‍්ති.

දෙවැනි වාරයෙහි හීදඬු තුනක් වශයෙන් උපමාව දතයුතුය, හූයෙන් ගැටලන ලද හීදඬු තුනේ හුය කැඩුණු විට හීදඬු තුන තුන් තැනක වැටෙයි, මෙසේ මෙහි හීදඬු තුන මෙන් අතීත අනාගත වර්‍තමාන ස්කන්ධයෝ [missing trans] නිරුද්ධ වූවාහුම වෙති,

තතියවාරෙ අදුක‍්ඛමසුඛා මජ‍්ඣෙති ද‍්වින‍්නං වෙදනානං අන‍්තරට‍්ඨකභාවෙන මජ‍්ඣෙ. සුඛඤ‍්හි දුක‍්ඛස‍්ස, දුක‍්ඛං වා සුඛස‍්ස අන‍්තරං නාම නත්‍ථි. තණ‍්හා සිබ‍්බිනීති වෙදනාසු නන්‍දිරාගො වෙදනානං උපච‍්ඡෙදං නිවාරෙතීති තා සිබ‍්බති නාම.

තෙවැනි වාරයෙහි අදුක්ඛමසුඛා මජ්ඣෙ යනු වේදනා දෙකෙහි අතර පිහිටි බැවින් මැදයි, සුවය දුකටත් දුක සුවයටත් අතරක් නම් නැත, තණ්හා සිබ්බති යනු වේදනාවන්හි ඇලීමේ රාගය වේදනාවන්ගේ සිඳීම වළවන්නේනුයි ඒ තෘෂ්ණාව මසයි නමි,

චතුත්‍ථවාරෙ විඤ‍්ඤාණං මජ‍්ඣෙති පටිසන්‍ධිවිඤ‍්ඤාණම‍්පි සෙසවිඤ‍්ඤාණම‍්පි නාමරූපපච‍්චයසමුදාගතත‍්තා නාමරූපානං මජ‍්ඣෙ නාම.

සිවුවැනිවර, විඤ්ඤාණං මජ්ඣෙ යනු ප්‍රතිසන්ධි විඥානය නාමරූප ප්‍රත්‍යයෙන් හටගත් බැවින් නාමරූපයන්ගේ මැද නමි,

පඤ‍්චමවාරෙ විඤ‍්ඤාණං මජ‍්ඣෙති කම‍්මවිඤ‍්ඤාණං මජ‍්ඣෙ, අජ‍්ඣත‍්තිකායතනෙසු වා මනායතනෙන කම‍්මස‍්ස ගහිතත‍්තා ඉධ යංකිඤ‍්චි විඤ‍්ඤාණං මජ‍්ඣෙ නාම, මනොද‍්වාරෙ වා ආවජ‍්ජනස‍්ස අජ‍්ඣත‍්තිකායතනනිස‍්සිතත‍්තා ජවනවිඤ‍්ඤාණං මජ‍්ඣෙ නාම.

පස්වැනි වරෙහි විඤ්ඤාණං මජ්ඣෙ යනු කර්‍මඥානය මැදයි, ආධ්‍යාත්මික ආයතනයන්හි හෝ මනායතනයෙන් කර්‍මය ගත් බැවින් මෙහි යම්කිසි විඥානයක මැද නමි මනෝද්වාරයෙහි හෝ ආවර්ජනය කරන්නාට ආධ්‍යාත්මික ආයතන ඇසුරුකොට ඇති බැවින් ජවන විඤ්ඤාණය මැද නමි,

ඡට‍්ඨවාරෙ සක‍්කායොති තෙභූමකවට‍්ටං. සක‍්කායසමුදයොති සමුදයසච‍්චං. සක‍්කායනිරොධොති නිරොධසච‍්චං. පරියායෙනාති තෙන තෙන කාරණෙනෙව. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

සයවැනි වාරයෙහි, සක්කායො යනු ත්‍රෛභූමික සංසාරයයි, සක්කායසමුදයො යනු සමුදය සත්‍යයයි, සක්කායනිරොධො යනු නිරොධ සත්‍යයයි, පරියායෙන යනු ඒ ඒ කරුණෙනි, සෙස්ස සියලු තන්හි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.

8. පුරිසින්‍ද්‍රියඤාණ සුත‍්තවණ‍්ණනා

8. පුරිසින්ද්‍රියඤාණ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අඤ‍්ඤතරොති දෙවදත‍්තපක‍්ඛිකො එකො. සමන‍්නාහරිත්‍වාති ආවජ‍්ජිත්‍වා. ඉදං සො “කිං නු ඛො භගවතා ජානිත්‍වා කථිතං, උදාහු අජානිත්‍වා, එකංසිකං වා කථිතං උදාහු විභජ‍්ජකථිත”න‍්ති අධිප‍්පායෙන පුච‍්ඡති. ආපායිකොති අපායෙ නිබ‍්බත‍්තනකො. නෙරයිකොති නිරයගාමී. කප‍්පට‍්ඨොති කප‍්පට‍්ඨියකම‍්මස‍්ස කතත‍්තා කප‍්පං ඨස‍්සති. අතෙකිච‍්ඡොති න සක‍්කා තිකිච‍්ඡිතුං. ද‍්වෙජ‍්ඣන‍්ති ද‍්විධාභාවං. වාලග‍්ගකොටිනිත‍්තුදනමත‍්තන‍්ති වාලස‍්ස අග‍්ගකොටියා දස‍්සෙතබ‍්බමත‍්තකං, වාලග‍්ගකොටිනිපාතමත‍්තකං වා. පුරිසින්‍ද්‍රියඤාණානීති පුරිසපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණානි, ඉන්‍ද්‍රියානං තික‍්ඛමුදුභාවජානනඤාණානීති අත්‍ථො.

අටවැන්නෙහි අඤ්ඤතරො යනු දෙවදත්ත (තෙරුන්ගේ) පක්ෂයට අයත්වූවෙකි, සමන්නාහරිත්වා යනු ආවර්ජනය කොටයි, කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දැන මෙය කියන ලද්දේ ද නැතහොත් නොදැන ඒකාංශිකව හෝ කියන ලද්දේ ද එසේත් නැතහොත් විශ්ලේෂණය කොට කියන ලද්දේ ද යන අදහසින් හෙතෙම අසයි, ආපායිකො යනු අපායෙහි උපදින්නෙකි, නෙරයිකො යනු නිරයට යන්නෙකි, කප්පට්ඨො යනු කල්පයක් පවත්නා කර්‍මයක් කළබැවින් කපක් සිටියි, අතෙකිච්ඡො යනු පිළියම් කිරීමට නොහැක්කකි, ද්වෙජ්ඣං යනු දෙයාකාර බවයි, වාලග්ගකොටිනිනතුද්දනමත්තං යනු වල්ගයෙහි අග කෙළවරින් දැක්විය යුතු පමණක්වූයි හෝ වල්ගයේ අග කෙළවරින් වැටෙන පමණක්වූයි, පුරිසින්ද්‍රිය ඤාණානි යනු පුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරොපරියත්ත ඥානයෝයි, ඉඳුරන්ගේ තියුණු මුදු බව දන්නා නුවණ යන අරුත්ය,

විජ‍්ජමානා කුසලාපි ධම‍්මා අකුසලාපි ධම‍්මාති එත‍්තකා කුසලා ධම‍්මා විජ‍්ජන‍්ති, එත‍්තකා අකුසලා ධම‍්මාති ජානාමි. අන‍්තරහිතාති අදස‍්සනං ගතා. සම‍්මුඛීභූතාති සමුදාචාරවසෙන පාකටා ජාතා. කුසලමූලන‍්ති කුසලජ‍්ඣාසයො. කුසලා කුසලන‍්ති තම‍්හා කුසලජ‍්ඣාසයා අඤ‍්ඤම‍්පි කුසලං නිබ‍්බත‍්තිස‍්සති. සාරදානීති සාරාදානි ගහිතසාරානි, සරදමාසෙ වා නිබ‍්බත‍්තානි. සුඛසයිතානීති සුඛසන‍්නිචිතානි. සුඛෙත‍්තෙති මණ‍්ඩඛෙත‍්තෙ. නික‍්ඛිත‍්තානීති වුත‍්තානි. සප‍්පටිභාගාති සරික‍්ඛකා. අභිදො අද‍්ධරත‍්තන‍්ති අභිඅද‍්ධරත‍්තං අද‍්ධරත‍්තෙ අභිමුඛීභූතෙ. භත‍්තකාලසමයෙති රාජකුලානං භත‍්තකාලසඞ‍්ඛාතෙ සමයෙ. පරිහානධම‍්මොති කො එවං භගවතා ඤාතොති? අජාතසත‍්තුරාජා. සො හි පාපමිත‍්තං නිස‍්සාය මග‍්ගඵලෙහි පරිහීනො. අපරෙපි සුප‍්පබුද‍්ධසුනක‍්ඛත‍්තාදයො භගවතා ඤාතාව. අපරිහානධම‍්මොති එවං භගවතා කො ඤාතො? සුසීමො පරිබ‍්බාජකො අඤ‍්ඤෙ ච එවරූපා. පරිනිබ‍්බායිස‍්සතීති එවං කො ඤාතො භගවතාති? සන‍්තතිමහාමත‍්තො අඤ‍්ඤෙ ච එවරූපා.

විජ්ජමානා කුසලාපි ධම්මො අකුසලාපි ධම්මො යනු මෙපමණ වූ කුශල ධර්‍මයෝ පවතිත් මෙපමණ වූ අකුශලධර්‍මයෝ පවතිතැයි දනිමියි, අන්තරහිතා යනු නොපෙනීමට ගියාවූයි, සම්මුබිභූතා යනු හැසිරීම් වශයෙන් ප්‍රකට වූවාහුයි, කුසලමූලං යනු කුසල් අදහස්ය, කුසලමූලා කුසලං යනු ඒ කුසල අදහසින් වෙනත් කුසලයක් උපදින්නේයි, සාරාදානි යනු ගන්නා ලද සාරය අත්තෝ හෝ සරත් මාසයෙහි උපන්නාවූයි, සුඛසයිතානි යනු සුවසේ රැස්කරන ලද්දාවූයි, සුඛෙත්තෙ යනු ඉතා පැහැදිලි කුඹුරෙහිය, නික්ඛිත්තානි යනු වපුලාවූයි, සප්පටිභාගා යනු සමානවූවෝයි, අභිදො අඩ්ඪරත්තං යනු බලවත් අඩරැයයි, අඩරැය අභිමුඛව සිටි කල්හියි, භත්තකාලසමයෙ යනු රජකුලවල භත්තකාල සංඛ්‍යාත වූ කාලයෙහියි, පරිහානධම්මො යනු කවරෙක් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දේද යත්? අජාසත් රජතෙමේයි, හෙතෙමේත් පවිටු මිතුරන් නිසා මාර්‍ග ඵලයන්ගෙන් පිරිහුණේය, අන්‍ය වූ සුප්‍රබුද්ධ සුනක්ඛත ආදීහු භාග්‍යවතුන් වහන්සේ විසින් දන්නා ලද්දෝමය, අපරිහානධම්මො යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නා ලද්දේ ද යත්? සුසීම පරිවැජියා හා අන්‍යවූද මෙබන්දෝයි, පරිනිබ්බායිස්සති යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කවරෙක් දන්නාලද්දේ ද යත් සන්තිත මහාමාත්‍යයා හා අන්‍ය වූ ද එබන්දෝයි.

9. නිබ‍්බෙධික සුත‍්තවණ‍්ණනා

9. නිබ්බෙධික සූත්‍ර වර්ණනාව

නවමෙ අනිබ‍්බිද‍්ධපුබ‍්බෙ අප‍්පදාලිතපුබ‍්බෙ ලොභක‍්ඛන්‍ධාදයො නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපරියායො, නිබ‍්බිජ‍්ඣනකාරණන‍්ති අත්‍ථො. නිදානසම‍්භවොති කාමෙ නිදෙති උප‍්පාදනසමත්‍ථතාය නිය්‍යාදෙතීති නිදානං. සම‍්භවති තතොති සම‍්භවො, නිදානමෙව සම‍්භවො නිදානසම‍්භවො. වෙමත‍්තතාති නානාකරණං.

නවවැන්නෙහි විනාශ නොකළවිරූ නොපැලූවිරූ ලොභස්කන්ධ ආදීන් වනසයි පළාලයි යන්නෙන් නිබ්බෙධිකපරියායො නමි, වනසන කරුණ යන අරුත්ය. නිදාන සම්භවො යනු කාමයන් යොමුකරයි ඉපදීමේ සමත්බවින් පවරයිනුයි නිදානං නමි, එයින් හටගනීනුයි සම්භවො නමි. නිදානයම සම්භවයෙනුයි නිදාන සම්භවොයි, වෙමත්තා යනු වෙන්වෙන් කිරීමයි,

කාමගුණාති කාමයිතබ‍්බට‍්ඨෙන කාමා, බන්‍ධනට‍්ඨෙන ගුණා “අන‍්තගුණ”න‍්තිආදීසු විය. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යාති චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සිතබ‍්බා. ඉට‍්ඨාති පරියිට‍්ඨා වා හොන‍්තු මා වා, ඉට‍්ඨාරම‍්මණභූතාති අත්‍ථො. කන‍්තාති කමනීයා. මනාපාති මනවඩ‍්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසඤ‍්හිතාති ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජමානෙන කාමෙන උපසඤ‍්හිතා. රජනීයාති රාගුප‍්පත‍්තිකාරණභූතා. නෙතෙ කාමාති න එතෙ කමනට‍්ඨෙන කාමා නාම හොන‍්ති. සඞ‍්කප‍්පරාගොති සඞ‍්කප‍්පවසෙන උප‍්පන‍්නරාගො. කාමොති අයං කාමප‍්පහානාය පටිපන‍්නෙහි පහාතබ‍්බො. කමනට‍්ඨෙන කාමා නාම. චිත්‍රානීති චිත්‍රවිචිත්‍රාරම‍්මණානි.

කාමගුණා යනු කැමති වියයුතු යන අරුතින් කාමයෝයි බැඳීම් අරුතින් ගුණයෝයි, අන්තගුණං යනාදියෙහි මෙනි, චක්ඛුවිඤ්ඤෙය්‍යා යනු චක්ෂුර්විඥානයෙන් දැකිය යුතු යි, ඉට්ඨා යනු බලාපොරොත්තු දේ වේවා හෝ නොවේවා ඉටු අරමුණු බවට පත්වූ යන අරුත්ය. කන්තා යනු කමනීයවූයි, මනාපා යනු සිත්වඩනාවූයි, පියරූපා යනු ප්‍රියස්වභාවය ඇතිවූයි, කාමුපසංහිතා යනු අරමුණ කොට උපදිනු ලබන කැමැත්තෙන් එළවන ලද්දාවූයි, රජනීයා යනු රාගය ඉපදීමට හේතුවූයි, නෙතෙ කාමා යනු මොවුහු කැමතිවීම් අර්‍ත්‍ථයෙන් කාමයෝ නම් නොවෙත්, සංකප්පරාගො යනු සංකල්ප වශයෙන් උපන් රාගයයි, කාමො යනු මෙය කාමය දුරුකිරීම සඳහා පිළිපන් දේවලින් දුරුකළ යුතුය, කැමතිවීමේ අරුතින් කාම නමි, චිත්‍රානි යනු විසිතුරු විසිතුරු වූ අරමුණුයි,

ඵස‍්සොති සහජාතඵස‍්සො. කාමයමානොති කාමං කාමයමානො. තජ‍්ජං තජ‍්ජන‍්ති තජ‍්ජාතිකං තජ‍්ජාතිකං. පුඤ‍්ඤභාගියන‍්ති දිබ‍්බෙ කාමෙ පත්‍ථෙත්‍වා සුචරිතපාරිපූරියා දෙවලොකෙ නිබ‍්බත‍්තස‍්ස අත‍්තභාවො පුඤ‍්ඤභාගියො නාම, දුච‍්චරිතපාරිපූරියා අපායෙ නිබ‍්බත‍්තස‍්ස අත‍්තභාවො අපුඤ‍්ඤභාගියො නාම. අයං වුච‍්චති, භික‍්ඛවෙ, කාමානං විපාකොති අයං දුවිධොපි කාමපත්‍ථනං නිස‍්සාය උප‍්පන‍්නත‍්තා කාමානං විපාකොති වුච‍්චති. සො ඉමං නිබ‍්බෙධිකන‍්ති සො භික‍්ඛු ඉමං ඡත‍්තිංසට‍්ඨානෙසු නිබ‍්බිජ‍්ඣනකං සෙට‍්ඨචරියං ජානාති. කාමනිරොධන‍්ති කාමානං නිරොධනෙ එවං ලද‍්ධනාමං. ඉමස‍්මිඤ‍්හි ඨානෙ බ්‍රහ‍්මචරියසඞ‍්ඛාතො මග‍්ගොව කාමනිරොධොති වුත‍්තො.

ඵස්සො යනු එක්ව උපන් ස්පර්‍ශයයි, කාමයමානො යනු කාමය කැමැති වන්නේයි, තජ්ජං තජ්ජං යනු ඒ ඒ ජාතියට අයත්වූයි, පුඤ්ඤාභාගියං යනු දිව්‍යකාමයන් පතා සුචරිතය පිරීමෙන් දෙව්ලොව උපන්නාගේ ආත්මභාවය පුඤ්ඤභාගිය (පුන්‍ය පක්ෂයෙහිවූ) නමි, දුසිරිත් පිරීමෙන් අපායෙහි උපන්නාහුගේ (ආත්මභාවය) අපුඤ්ඤභාගිය නමි, අයං වුච්චති භික්ඛවෙ කාමානං විපාකා යනු මෙය දෙවැදෑරුම් කාම ප්‍රාර්ථනාව නිසා උපන් බැවින් කාමයන්ගේ විපාකයයි කියනු ලැබෙයි, සො ඉමං නිබ්බෙධිකං යනු ඒ භික්ෂුව සතිස් තැන්හි විනිවිද යන මේ උතුම් පැවැත්ම දනියි, කාමනිරොධං යනු කාමයන්ගේ නැතිවීමෙන් මෙසේ ලද නම් ඇත්තේයි, මෙතැන්හිදී බ්‍රහ්මචර්ය සංඛ්‍යාත වූ මාර්‍ගයම කාමනිරොධ යයි කියනලදි,

සාමිසාති කිලෙසාමිසසම‍්පයුත‍්තා. ඉමිනා නයෙන සබ‍්බඨානෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අපිචෙත්‍ථ වොහාරවෙපක‍්කන‍්ති වොහාරවිපාකං. කථාසඞ‍්ඛාතො හි වොහාරො සඤ‍්ඤාය විපාකො නාම. යථා යථා නන‍්ති එත්‍ථ නං-ඉති නිපාතමත‍්තමෙව. ඉති යස‍්මා යථා යථා සඤ‍්ජානාති, තථා තථා එවංසඤ‍්ඤී අහොසින‍්ති කථෙති, තස‍්මා වොහාරවෙපක‍්කාති අත්‍ථො.

සාමිසා යනු කෙලෙස් ආමිසයෙන් යුක්ත වූවෝයි, මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුයි, තවද මෙහි වොහාරවෙපක්කං යනු ව්‍යවහාර විපාකයයි, කථා සංඛ්‍යාතවූයේ ව්‍යවහාරයයි, සංඥාවෙන් (හැඟීමෙන්) විපාකය නමි, යථා යථා නං යනු මෙහි නං යනු නිපාත මාත්‍රයකි, මෙසේ යම්හෙයකින් යම් යම් ලෙස දනීද එසේ එසේ එබඳු සංඥා ඇත්තේ වෙමැයි කියයි, එහෙයින් ව්‍යවහාර විපාක ඇත්තේයි අරුත්ය.

අවිජ‍්ජාති අට‍්ඨසු ඨානෙසු අඤ‍්ඤාණභූතා බහලඅවිජ‍්ජා. නිරයං ගමෙන‍්තීති නිරයගමනීයා, නිරයෙ නිබ‍්බත‍්තිපච‍්චයාති අත්‍ථො. සෙසෙසුපි එසෙව නයො. චෙතනාහන‍්ති චෙතනං අහං. ඉධ සබ‍්බසඞ‍්ගාහිකා සංවිදහනචෙතනා ගහිතා. චෙතයිත්‍වාති ද‍්වාරප‍්පවත‍්තචෙතනා. මනසාති චෙතනාසම‍්පයුත‍්තචිත‍්තෙන. නිරයවෙදනීයන‍්ති නිරයෙ විපාකදායකං. සෙසෙසුපි එසෙව නයො. අධිමත‍්තන‍්ති බලවදුක‍්ඛං. දන්‍ධවිරාගීති ගරුකං න ඛිප‍්පං සණිකං විගච‍්ඡනකදුක‍්ඛං. උරත‍්තාළිං කන්‍දතීති උරං තාළෙත්‍වා රොදති. පරියෙට‍්ඨින‍්ති පරියෙසනං. එකපදං ද‍්විපදන‍්ති එකපදමන‍්තං වා ද‍්විපදමන‍්තං වා, කො මන‍්තං ජානාතීති අත්‍ථො. සම‍්මොහවෙපක‍්කන‍්ති සම‍්මොහවිපාකං. දුක‍්ඛස‍්ස හි සම‍්මොහො නිස‍්සන්‍දවිපාකො නාම. දුතියපදෙපි එසෙව නයො. පරියෙසනාපි හි තස‍්ස නිස‍්සන්‍දවිපාකොති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං.

අවිජ්ජා යනු අට තැනෙක්හි නොදැනීම වූ බලවත් අවිද්‍යාවයි, නිරයට යවන්නේනුයි නිරයගාමිනියා නමි, නිරයෙහි උපදවන ප්‍රත්‍යයෝයි අරුත්ය, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, චෙතනාහං යනු චෙතනං අහං යන පද දෙකයි, මෙහි සියල්ල ඇතුඑවන්නා වූ පිළියෙල කරන චේතනාව ගන්නා ලදි, චෙතයිත්වා යනු දොරටුවට පැමිණි චේතනාවයි, මනසා යනු චෙතනාව හා යෙදුණු සිතෙනි, නිරයවෛදනියං යනු නරකයෙහි විපාක දෙන්නාවූයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, අධිමත්තං යනු බලවත් දුකයි, දන්ධවිරාගං යනු බරවූ ඉක්මණින් වහා දුරු නොවන දුකයි, උරත්තාළිං කන්දති යනු උරයට ගසමින් හඬයි, පරියෙට්ඨිං යනු සොයාබැලීමයි (පර්‍ය්‍යෙෂණයයි). එකපදං දීපදං යනු පද එකක් ඇති මන්ත්‍රයක් හෝ පද දෙකක් ඇති මන්ත්‍රයක් හෝයි, කවරෙක් මන්ත්‍රය දනිත්දැයි අරුත්ය, සම්මොහවෙපක්කං යනු සම්මොහ විපාකයයි, දුකේ සම්මොහය යනු ප්‍රවෘත්ති විපාකය නමි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමැයි, පර්යේෂණය ද එහි නිෂ්‍යන්ද (ප්‍රවෘත්ති) විපාකය නමි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.

10. සීහනාද සුත‍්තවණ‍්ණනා

10. සීහනාද සූත්‍ර වර්ණනාව

දසමෙ ආසභං ඨානන‍්ති සෙට‍්ඨං නිච‍්චලට‍්ඨානං. සීහනාදන‍්ති අභීතනාදං පමුඛනාදං. බ්‍රහ‍්මචක‍්කන‍්ති සෙට‍්ඨඤාණචක‍්කං පටිවෙධඤාණඤ‍්චෙව දෙසනාඤාණඤ‍්ච. ඨානඤ‍්ච ඨානතොති කාරණඤ‍්ච කාරණතො. යම‍්පීති යෙන ඤාණෙන. ඉදම‍්පි තථාගතස‍්සාති ඉදම‍්පි ඨානාට‍්ඨානඤාණං තථාගතස‍්ස තථාගතබලං නාම හොති. එවං සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. කම‍්මසමාදානානන‍්ති සමාදියිත්‍වා කතානං කුසලාකුසලකම‍්මානං, කම‍්මමෙව වා කම‍්මසමාදානං. ඨානසො හෙතුසොති පච‍්චයතො චෙව හෙතුතො ච. තත්‍ථ ගතිඋපධිකාලපයොගා විපාකස‍්ස ඨානං, කම‍්මං හෙතු. ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනන‍්ති චතුන‍්නං ඣානානං අට‍්ඨන‍්නං විමොක‍්ඛානං තිණ‍්ණං සමාධීනං නවන‍්නං අනුපුබ‍්බසමාපත‍්තීනඤ‍්ච. සංකිලෙසන‍්ති හානභාගියං ධම‍්මං. වොදානන‍්ති විසෙසභාගියං ධම‍්මං. වුට‍්ඨානන‍්ති “වොදානම‍්පි වුට‍්ඨානං, තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති (විභ· 828) එවං වුත‍්තං පගුණජ‍්ඣානඤ‍්චෙව භවඞ‍්ගනඵලසමාපත‍්තියො ච. හෙට‍්ඨිමං හෙට‍්ඨිමඤ‍්හි පගුණජ‍්ඣානං උපරිමස‍්ස උපරිමස‍්ස පදට‍්ඨානං හොති, තස‍්මා “වොදානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. භවඞ‍්ගෙන පන සබ‍්බජ‍්ඣානෙහි වුට‍්ඨානං හොති, ඵලසමාපත‍්තියා නිරොධසමාපත‍්තිතො වුට‍්ඨානං හොති. තං සන්‍ධාය “තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. අනෙකවිහිතන‍්තිආදීනි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.402) වණ‍්ණිතානි. ආසවක‍්ඛයඤාණං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. පුරිමස‍්සාපි ඤාණත‍්තයස‍්ස විත්‍ථාරකථං ඉච‍්ඡන‍්තෙන මජ‍්ඣිමට‍්ඨකථාය මහාසීහනාදවණ‍්ණනා (ම· නි· අට‍්ඨ· 1.146 ආදයො) ඔලොකෙතබ‍්බා. සමාහිතස‍්සාති එකග‍්ගචිත‍්තස‍්ස. සමාධි මග‍්ගොති සමාධි එතෙසං ඤාණානං අධිගමාය උපායො. අසමාධීති අනෙකග‍්ගභාවො. කුම‍්මග‍්ගොති මිච‍්ඡාමග‍්ගො. ඉමස‍්මිං සුත‍්තෙ තථාගතස‍්ස ඤාණබලං කථිතන‍්ති.

දසවැන්නෙහි ආසභං ඨානං යනු ශ්‍රේෂ්ඨ වූ නිසල තැනයි, සීහනාදං යනු අභීත නාදයයි. ප්‍රධාන නාදයයි, බ්‍රහ්මචක්කං යනු පටිවෙධඤාණය හා දෙසනා ඤාණය නම් වූ ශ්‍රේෂ්ඨ ඥානචක්‍රයයි, ඨානඤ්ච ඨානතො යනු කාරණයෙන් කාරණය යනුයි, යම්පි යනු යම් කරුණකිනි. ඉදම්පි තථාගතස්ස යනු ඨානාඨාන ඤානයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයත් නම් වෙයි, මෙසේ සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය. කම්මසමාදානානං යනු පිළිගෙන (සමාදන් වී) කළ කුශලාකුශලකර්‍මයන්ගේයි, කර්‍මයම හෝ කම්මසමාදාන නමි, ඨානසො හෙතුසො යනු ප්‍රත්‍යයන්ගෙන් මෙන්ම හේතූන්ගෙන් ද යනුයි, එහි ගති, උපධි, කාල, ප්‍රයොග යන මේවා විපාකයට ප්‍රත්‍යයයි, කර්‍මය හේතුවයි, ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං යන සතර ධ්‍යානයන්ගේ විමොක්ෂ අටේ සමාධි තුනේ අනුපුර්‍වසමාපත්ති නවයේයි, සංකිලෙසං යනු පිරිහීම් පක්ෂයෙහි වූ ධර්‍මයයි, වොදානං විශේෂ පක්ෂයෙහි වූ ධර්‍මයයි, වුට්ඨානං යනු “වොදානම්පි වුට්ඨානං තම්හා සමාධිමහා වුට්ඨානම්පි වුට්ඨානං”යි මෙසේ කියන ලද ප්‍රගුණ ධ්‍යානය මෙන්ම භවඞ්ගඵලසමාපත්තීහු ද යනුයි, යට යටවූ ප්‍රගුණ ධ්‍යානය මත්තෙහි මත්තෙහි වූ ධ්‍යානයට පදට්ඨානය වෙයි, එහෙයින් වොදානම්පි වුට්ඨානංයි කියන ලදි. භවාඞ්ගයෙන් සියලු ධ්‍යානයන්ගෙන් නැගීසිටීම වෙයි, පලසමවතින් නිරොධසමාපත්තියෙන් නැගීසිටීම වෙයි. එය සඳහා තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානංයි කියන ලදි, අනෙකවිහිතං යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදී, ආසවක්ඛය ඤාණය යට කියනලද අර්‍ත්‍ථය ඇත්තේම වේ. මුල් ඥාන තුනේ විස්තර කථාව කැමත්තහු විසින් මජ්ඣිමට්ඨකථාවෙහි මහාසීහනාද වර්‍ණනාව බැලිය යුතුය, සමාහිතස්ස යනු එකඟ වූ සිතේයි, සමාධිමග්ගො යනු සමාධිය මේ ඥානයෙන් ලබාගැනීම සඳහා උපායයි, අසමාධි යනු එකඟ නැති බවයි, කුම්මග්ගො යනු වැරදි මගයි, මේ සූත්‍රයෙහි තථාගතයන් වහන්සේගේ ඥානබලය කියන ලදි.

මහාවග‍්ගො ඡට‍්ඨො.

සයවැනි වර්‍ගයයි.