හත්ථිසාරිපුත්ත සුත්තං
6. 2. 1. 6.
6. 2. 1. 6.
[හත්ථිසාරිපුත්ත සුත්තං]
[හත්ථිසාරිපුත්ත සූත්‍රය]
6. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මණ්ඩලමාලෙ සන්නිසින්නා සන්නිපතිතා අභිධම්මකථං කථෙන්ති.
6. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් මිගදායෙහි වැඩවසන සේක. එ සමයෙහි බොහෝ තෙර මහණහු පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු මණ්ඩලමාළයෙහි රැස්ව හුන්නාහු අභිධර්මමිශ්ර කථා කෙරෙත්.
තත්රසුදං ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛෙ ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං එතදවොච: “මා ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙසි. කථාපරියොසානං ආයස්මා චිත්තො ආගමෙතූති.
එහි හස්තිශාරිපුත්‍ර ආයුෂ්මත් චිත්ත තෙරහු තෙර මහණුන් අභිධර්මකථා කරත් ම අතරින් අතරැ කථා හෙළත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇත්සැරියුත් ආයුෂ්මත් චිත්ත තෙරුන්ට තෙල කීහ: “ආයුෂ්මත් හත්ථිසාරිපුත්ර චිත්ත තෙරහු තෙරමහණුන් අභිධර්මකථා කරත් ම අතරින් අතරැ නහමක් කථා හෙළත්වා. ආයුෂ්මත් චිත්ත තෙරණුවෝ කථාපර්‍ය්‍යවසානය ඉවසත්වා”යි.
එවං වුත්තෙ ආයස්මතො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොචුං: “මා ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං අපසාදෙසි. පණ්ඩිතො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො. පහොති චායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙතුං”ති.
මෙසේ කී කල්හි ආයුෂ්මත් චිත්ත හත්ථිසාරිපුත්ත තෙරණුවන්ගේ සබඳ මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්හට තෙල කීහ: “ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් චිත්ත හත්ථිසාරිපුත්ර නහමක් ගටත්වා. ආයුෂ්මත් චිත්ත හත්ථිසාරිපුත්ර පණ්ඩිතයහ. ආයුෂ්මත් චිත්ත හත්ථිසාරිපුත්ර තෙරහු තෙරමහණුන්හට අභිධර්මකථා කියන්නට ද පොහොසත්හ”යි.
දුජ්ජානං ඛො එතං ආවුසො පරස්ස චෙතොපරියායං අජානන්තෙහි.
ඇවැත්නි, මෙරමාගේ චිත්තාචාරය නො දන්නවුන් විසින් තෙල නො දත හැක්ක.
(1) ඉධාවුසො එකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො හොති, නිවාතනිවාතො හොති, උපසන්තුපසන්තො හොති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානීයෙහි සබ්රහ්මචාරීහි. සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාපමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් කල් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය වූ සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ නම් එතෙක් කල් සුරතාකාර නිවාතාකර වෙයි. උපශාන්තාකාර වෙයි. යම් මැ කලෙක හේ ශාස්තෘහු කෙරෙන් බැහැර යේ නම්, හේ ගුරුස්ථානීය සබ්‍රහ්මචාරීන් කෙරෙන් බැහැර යේ නම්, හේ මහණුන් හා සමඟ මෙහෙණන් හා සමඟ උවසුවන් හා සමඟ උවැසියන් හා සමඟ රජුන් හා සමඟ රජමහ ඇමැතියන් හා සමඟ තීර්ත්ථකයන් හා සමග තීර්ත්ථක ශ්‍රාවකයන් හා සමග සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට ව ව්යපකෘෂ්ට ව ප්රාකෘතික ඉන්ද්රියයන් ඇතිව භාෂ්යකථායෙහි නියැලී වසන ඔහුගේ සිත රාගය ධර්ෂ කෙරෙයි (සමාධියෙන් දුරලයි) හේ රාගයා විසින් ධර්ෂිත (මැඩුණු) සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන (ගිහි) භාවයට යෙයි.
සෙය්යථාපි ආවුසො ගොණො කිට්ඨාදො දාමෙන වා බද්ධො වජෙ වා ඔරුද්ධො, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානාය ගොණො කිට්ඨාදො පුනදෙව කිට්ඨං ඔතරිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාතී? නො හිදං ආවුසො, ඨානං හෙතං ආවුසො විජ්ජති යං සො ගොණො කිට්ඨාදො දාමං වා ඡෙත්වා වජං වා භින්දිත්වා පුනදෙව කිට්ඨං ඔතරෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො හොති නිවාතනිවාතො හොති උපසන්තුපසන්තො හොති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨනීයෙහි සබ්රහ්මචාරීහි. සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
ඇවැත්නි, යම් පරිදි වැඩෙන ශස්‍ය බුදින ගොණෙක් දමින් හෝ බඳනාලදුයේ, ගොවුදෙහි හෝ අවුරණලදුයේ වේ නම්, ඇවැත්නි, “සස් බුදින මෙ ගොන් යලිදු ශස්යයට නො බස්නේ ය”යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, ඒ කියනුයේ මැනවින් කියෙන්නේ දැයි. ඇවැත්නි, නැත් මැයි. ඇවැත්නි, යම් හෙයෙකින් සස් බුදින එ ගොන් දාමය හෝ සිදැ ගොවුද හෝ බිඳැ වැලිදු ශස්යයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ ද, ඒ තාක් සුරතයකු සෙයින් සුරත වෙයි,. නිවාතයකු සෙයින් නිවාත වෙයි. උපශාන්තයකු සෙයින් උපශාන්ත වෙයි. යම් කලෙක හේ ශාස්තෲන් වහන්සේ කෙරෙන් බැහැර යේ ද, ගුරුස්ථානීය වූ සබ්‍රම්සරුන් කෙරෙන් බැහැර යේ ද, හේ භික්ෂූන් හා භික්ෂූණීන් හා උවසුවන් හා උවැසියන් හා රජුන් හා රජමහඇමැතියන් හා තීර්ත්ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට වුහුටු කමටහන් ඇති ව ප්රාකෘතික ඉන්ද්රියයන් ඇති ව භාෂ්යකථායෙහි අනුයුක්ත ව වසන ඔහුගේ සිත රාගය ගෙණ සිටුනේ වෙයි. රාගයා විසින් ගත් සිතින් හෙ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට වැටෙයි.
(2) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභිම්හි පඨමස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
(2) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම (අකුසල ධර්මයන්ගෙන් වෙන් ව ම) ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්රථමධ්යානලාභියෙමි යි භික්ෂූන් හා ... සංසෘෂ්ට වූයේ වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
සෙය්යථාපි ආවුසො චාතුම්මහාපථෙ ඵුල්ලපූසිතකො දෙවො වස්සන්තො රජං අන්තරධාපෙය්‍ය, චික්ඛල්ලං පාතුකරෙය්ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානාමුස්මිං චාතුම්මහාපථෙ පුනදෙව රජො පාතු භවිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං අමුස්මිං චාතුම්මහාපථෙ මනුස්සා වා අතික්කමෙය්‍යුං, ගොපසු වා අතික්කමෙය්‍යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්ය. අථ පුනදෙව රජො පාතුභවෙය්‍යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි [විවිච්ච අකුසලෙහි ධම්මෙහි] -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි පඨමස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
ඇවැත්නි, යම්පරිදි සතරමංසන්ධියෙහි දළ පොද ඇති මේඝය වස්නේ රජස් අතුරුදන් කෙරේ ද, මඩ පාළ කෙරේ ද, ඇවැත්නි, “මෙ සතරමං සන්ධියෙහි යලිත් රජස් පාළ නො වන්නේ ය”යි යමෙක් මෙසේ කියා නම් ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ වේ දැ?යි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඇවැත්නි, යම් හෙයෙකින් අසෝ මහාපථයෙහි මනුෂ්‍යයෝ හෝ ඉක්මයෙති, ගවපසුහු හෝ ඉක්මයෙති, අව්සුළං හෝ තෙතමන සිඳ ගන්නේ ය. ඉක්බිති රජස් පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යාන ලාභීයෙමි’යි භික්ෂූන් හා හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට යෙයි.
(3) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි දුතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
සෙය්යථාපි ආවුසො ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං තළාකං, තත්ථ ඵුල්ලඵුසිතකො දෙවො වස්සන්තො සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි අන්තරධාපෙය්‍ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: නදානාමුස්මිං තළාකෙ පුනදෙව සිප්පිසම්බුකා වා සක්ඛරකඨලා වා පාතුභවිස්සන්තීති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං අමුස්මිං තළාකෙ මනුස්සා වා පිවෙය්‍යුං, ගොපසු වා පිවෙය්‍යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්ය, අථ පුනදෙව සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි පාතුභවෙය්යුන්ති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි දුතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
ඇවැත්නි, යම් පරිදි ගමකට වේවයි, නියම්ගමකට වේවයි, නුදුරෙහි මහදහතළායෙක් වේ නම්, එහි මහත් පොද ඇති මේඝය වස්නේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන් හා කැටකැබිලිති හා අතුරුදන් කරවයි. ඇවැත්නි, යමෙක් “දැන් මෙ දහතළායෙහි වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැටකැබිලිත් පාළ නො වේ ය”යි කියන්නේ නම්, ඇවැත්නි, හේ මොනොවට කියන්නේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ තළායෙහි මිනිස්සු හෝ පානය කරන්නාහ. ගවපසුහු හෝ පානය කරන්නාහ. අව්සුළං හෝ තෙත්ගතිය ගෙවාගන්නේ ය. වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැට කැබිලිති පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්ක විචාරව්යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
(4) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො ලාභීම්හි තතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහී -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙනුදු ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්යානලාභීයෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
සෙය්යථාපි ආවුසො පුරිසං පණීතභොජනං භුත්තාවිං ආභිදොසියං භොජනං නච්ඡාදෙය්ය, යො නු කො ආවුසො එවං වදෙය්ය “න දානාමුං පුරිසං පුනදෙව භොජනං ඡාදෙස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො, “ඨානං හෙතං ආවුසො විජ්ජති අමුං හාවුසො පුරිසං පණීතභොජනං භුත්තාවිං යාවස්ස සා ඔජා කායෙ ඨස්සති තාව න අඤ්ඤං භොජනං ඡාදෙස්සති. යතො ච ඛ්වස්ස සා ඔජා අන්තරධායිස්සති. අථ පුනදෙව තං භොජනං ඡාදෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි තතියස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
ඇවැත්නි, යම් පරිදි පිණිබොජුන් වළඳනා පුරුෂයකු හට ප්‍රකට දෝෂ ඇති, කුද්‍රෑසක භෝජනය නුරුස්නේ ද, “දැන් මෙ පුරිස්හට නැවත බොජුන් නො රුස්නේ ය”යි යමෙක් කියා නම්, ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. “ඇවැත්නි, පිණිබොජුන් වැළඳු තෙල පුරිස්හට යම්තාක් කයෙහි එ ඕජාව සිටුනේ ද, ඒතාක් අන් බොජුනක් නො ම රුස්නේ ය. යම් කලෙක ඔහුගේ ඒ ඕජාව අතුරුදන් වේ නම්, එකල නැවතත් ඒ බොජුන රුස්නේ ය” යන තෙල කරුණ විද්‍යාමාන වේ. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
(5) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායා වත්තති.
(5) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ චතුර්ත්ථධ්යානලාභියෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
සෙය්යථාපි ආවුසො පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො නිවාතො විගතඌමකො, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානමුස්මිං උදකරහදෙ පුනදෙව ඌමී පාතුභවිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යා පුරත්ථිමාය දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්ය, යා පච්ඡිමාය දිසාය ආගච්ඡෙය්ය -පෙ- යා උත්තරාය දිසාය ආගච්ඡෙය්ය -පෙ- යා දක්ඛිණාය දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො “ලාභීම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
ඇවැත්නි, යම් පරිදි කඳුනැම්මෙක වාපහස නො ලත් නො නැඟි රළ ඇති දියවිලෙක් වේ නම්, ඇවැත්නි, යමෙක් තෙල දියවිල්හි යලිදු රළ පාළ නො වන්නේ ය’යි මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මොනොවට කියන්නේ වේ දැයි. ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, පැදුම්දිගින් යම්බඳු මහවැසිසුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, පැලදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... උතුරුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... දකුණුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, තෙල කරුණ විද්‍යමාන මැ වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ (මම්) චතුර්ත්ථධ්යානලාභියෙමි’යි භික්ෂූන් හා ... හැනී වෙසෙයි … ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
(6) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
(6) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් (නිත්‍ය ආදි) හැම නිමිත්තයන් මෙනෙහි නො කිරීමෙන් (බලවත් විදර්ශනා සමාධි සඞ්ඛ්‍යාත) අනිමිත්ත චිත්තසමාධියට එළඹ වෙසෙයි. ‘හෙ අනිමිත්ත චිත්තසමාධි ලාභියෙමි’යි භික්ෂූන් හා භික්ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රාජමහාමාත්‍යයන් හා තීර්ත්ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමඟ හැනී වෙසෙයි. සංසෘෂ්ට ව වුහුටු වැර ඇති ව ප්රාකෘතික ඉන්ද්රියයන් ඇතිව භාෂ්යකථායෙහි නියැලී වාස කරණ ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. හේ රාගයෙන් ඝැටුනු සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
සෙය්යථාපි ආවුසො රාජා වා රාජමහාමත්තො වා චතුරඞ්ගිනියා සෙනාය අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ එකරත්තිවාසං උපගච්ඡෙය්ය, තත්ථ හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන පත්තිසද්දෙන භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දෙන චීරිලියසද්දො අන්තරධායෙය්ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානමුස්මිං වනසණ්ඩෙ පුනදෙව චීරිලියසද්දො පාතුභවිස්සතීති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං සො රාජා වා රාජමහාමත්තො වා තම්හා වනසණ්ඩා පක්කමෙය්ය, අථ පුනදෙව චීරිලියසද්දො පාතුභවෙය්‍යාති. එව මෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. සො “ලාභීම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති’ති.
ඇවැත්නි, යම් පරිදි රජෙක් වේවයි, රජමහඇමැතියෙක් වේවයි, සිවුරඟ සෙන් සමග අදන්මගට පිළිපන්නේ අන්‍යතර වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට එළඹේ නම් එහි හස්තිශබ්දයෙන් අශ්වශබ්දයෙන් රථශබ්දයෙන් පත්තිශබ්දයෙන් බෙර පණාබෙර සක් ගැටබෙර නිනාද හඬින් සීරුන්ගේ හඬ අතුරුදන් වන්නේ ද, ඇවැත්නි, මේ වන ලැහැබ්හි වැලිදු සීරුන්ගේ හඬ පාළ නො වන්නේ ය’යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් රජ වේවයි, රජමහඇමති වේවයි, එ වනලැහැබින් නික්ම යේ නම්, එකල්හි නැවතත් සීරුන්ගේ ශබ්දය පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චිත්තසමාධියට එළඹ වාස කෙරෙයි. හේ මම් ‘අනිමිත්තචේතෝසමාධිලාභියෙමි’යි භික්ෂූන් හා භික්ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රජමහඇමතින් හා තීර්ත්ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමග හැනී වෙසෙයි. සසට ව වුහුටු කමටහන් ඇති ව පියෙවි ඉඳුරන් ඇති ව භාෂ්යකථාහි නියුතු ව වසන ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. රාගයෙන් ඝැටුනු සිතින් යුත් හෙ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
අථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අපරෙන සමයෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්ති. අථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛු යෙනායස්මා කොට්ඨිතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොචුං: කින්නු ඛො ආයස්මතා මහාකොට්ඨිතෙන චිත්තො හත්ථිසාරිපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො ඉමාසං ච ඉමාසං ච විහාරසමාපත්තීනං චිත්තො හත්ථිසාරිපුත්තො ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති. උදාහු දෙවතා එතමත්ථං ආරොචෙසුං චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛා පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති.
ඉක්බිති ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත නම් චිත්ත තෙරණුවෝ පසු කල්හි ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට (ගිහි බවට) පෙරළා වැටුනාහ. එකල්හි හත්ථිසාරිපුත්ත චිත්ත තෙරණුවන්ගේ යහළු මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට තෙල සැළකළහ: “කිමෙක් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් විසින් චිත්ත හත්ථිසාරිපුත්ත තෙර ‘මේ මේ විහාරසමාපත්ති ලාභියෙක, වැලිදු ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දැනගන්නා ලදුයේ වේ දැ?යි, නො එසේ වුව වහන්ස, චිත්ත හත්ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි දේවතාවෝ එ පවත් සැළකළාහු දැ”යි.
චෙතසා චෙතො පරිච්ච විදිතො මෙ ආවුසො චිත්තො හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසුං “චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛංපච්චක්ඛාය හීනායාවත්තිස්සතී”ති.
ඇවැත්නි, “චිත්ත හත්ථිසාරිපුත්ත තෙමේ මෙ මෙ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ මා විසින් දන්නා ලදුයේ යැ. ඇවැත්නි, චිත්ත හත්ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමපත්තිලාභියෙක, එතෙකුදු වුව ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය යන තෙල පුවත දෙවියෝ ද මට සැළ කළහ”යි.
අථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එතමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං: චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො’ති.
එකල්හි චිත්තහත්ථිසාරිපුත්රයන්ගේ යහළු මහණහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි එළඹියාහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, චිත්තහත්ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, එසේ වුව ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටිනැ”යි.
න භික්ඛවෙ චිත්තො චිරං සරිස්සති නෙක්ඛම්මස්සා’ති.
මහණෙනි, චිත්ත තෙමේ නොබෝ කල්හි නෛෂ්ක්‍රම්‍ය ගුණ සිහිපත් කරන්නේ ය යි.
අථ ඛො චිත්තො හත්ථිසාරිපුත්තො න විහරස්සෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනාගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අරහතං අහොසී’ති.
ඉක්බිති චිත්තහත්ථිසාරිපුත්ත තෙමේ නො බෝ කලෙකින් ම කෙස් රවුළු බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වන. ඉක්බිති ආයුෂ්මත් චිත්තහත්ථිසාරිපුත්ත තෙර එකලා වූයේ ගණසඞ්ගණිකා යෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම ව වාස කරන්නේ නොබෝ කලෙකින් ම ආචාරකුලපුත්රයෝ මනාකොට ගෙන් නික්ම යම් අර්‍ත්‍ථයක් පිණිස ශාසනයට පැමිණේ නම්, එ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ විසී. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවනලද, මඟකටයුතු කරණලද, මෙ ක්ලේශක්ෂය පිණිස කටයුතු අනෙකක් නැතැයි මනා කොට දැනැගත්තේ ය. ආයුෂ්මත් චිත්ත හත්ථිසාරිපුත්ත තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.